ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yb16 170 පි.-171 පි. 7 ¶
  • ආයෙත් එක් වුණු අක්කයි නංගියි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ආයෙත් එක් වුණු අක්කයි නංගියි
  • 2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • සමාන තොරතුරු
  • හිත් රිදවීම් - ‘අමනාපයක් ඇති වීමට අපිට සාධාරණ හේතු තිබෙන විට’
    ආයෙත් එන්න
  • “ඔයාලා තමයි හොඳම අසල්වැසියෝ”
    2017 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • දරුණු අසනීපයකින් පෙළෙද්දී
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • ‘අපි තවදුරටත් අප වෙනුවෙන් ජීවත් නොවෙමු’
    1998 පිබිදෙව්!
තව තොරතුරු
2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
yb16 170 පි.-171 පි. 7 ¶
ලින්ඩා සහ සැලී ඕං

ඉන්දුනීසියාව

ආයෙත් එක් වුණු අක්කයි නංගියි

ලින්ඩා සහ සැලී ඕං

ලින්ඩා: මට අවුරුදු 12දී විතර අම්මා කිව්වා මට නංගි කෙනෙක් ඉන්නවා කියලා. පොඩි කාලෙදිම එයාව වෙන කෙනෙක්ට හදාගන්න දීලා. ‘මට වගේ එයාටත් කන් ඇහෙන්නේ නැද්ද දන්නේ නැහැ’ කියලා මං හිතුවා.

සැලී: මාව හදාගන්න ගත්ත ළමයෙක් කියලා මං දැනගෙන හිටියේ නැහැ. මාව හදාගත්ත අම්මා මට නිතරම ගැහුවා. මට සැලකුවේ වැඩකාරියෙක්ට වගේ. උපතින්ම මගේ කන් ඇහෙන්නෙත් නැති නිසා මං හිටියේ හරිම දුකෙන්. මට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හම්බ වුණාම මං එයාලා එක්ක බයිබලය ඉගෙනගන්න පටන්ගත්තා. ඒක දැනගත්තම අම්මා මට හොඳටම ගහලා ගේ ඇතුලේ හිර කරලා තිබ්බා. අවුරුදු 20දී මං ගෙදරින් පැනලා ගියා. ඊටපස්සේ මාව බලාගත්තේ සාක්ෂිකරුවන්. 2012දී මං බව්තීස්ම වුණා.

ලින්ඩා: අවුරුදු 20දී මං සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. මං සමුළුවලට ගියේ ජකාර්තාවලට. මොකද එහේ තිබුණු සමුළුවල කතා සංඥා භාෂාවට පරිවර්තනය කළා. එහේදී මට ගොඩක් බිහිරි අයව හම්බ වුණා. ඒ අතරේ සැලීත් හිටියා. එයා ඇවිත් තිබුණේ උතුරු සුමාත්‍රාවලින්. එයාව දැක්කාම මට දන්න හඳුනන ගතියක් දැනුණත් ඒ ගැන මං වැඩිය හිතුවේ නැහැ.

සැලී: මමයි ලින්ඩයි හොඳ යාළුවෝ වුණා. අපි දෙන්නාගේ පෙනුමත් එක වගේ. ඒත් ඒ ඇයි කියලා මං එච්චර හිතුවේ නෑ.

ලින්ඩා: 2012 අගෝස්තු මාසේ තමයි මං බව්තීස්ම වුණේ. බව්තීස්ම වෙන්න කලින් දවසේ ‘මගේ නංගිව හොයාගන්න තියෙනවා නං’ කියලා මට හිතුණා. “මගේ නංගිව හොයාගන්න මට උදව් කරන්න. මට ඕන ඔයා ගැන එයාටත් කියලා දෙන්න” කියලා මං යෙහෝවා දෙවිට ගොඩක් යාච්ඤා කළා. වැඩි දවසක් යන්න කලින් නංගි ගැන දන්න කෙනෙක්ගෙන් අම්මාට පණිවිඩයක් ආවා. ඒකෙන් අපිට නංගිව හොයාගන්න ලේසි වුණා.

සැලී: මං තමයි එයාගේ නැති වුණු නංගි කියලා ලින්ඩා මට කිව්වම ඉක්මනින්ම එයාව හම්බ වෙන්න මං ජකාර්තාවලට ගියා. මගේ ඇත්ත අම්මායි තාත්තයි අක්කයි ලින්ඩාත් එක්ක මාව පිළිගන්න ගුවන් තොටුපොළේ බලාගෙන ඉන්නවා දැක්කම මට දැනුණේ පුදුම සතුටක්. අපි හැමෝම එක් එක් කෙනාව බදාගෙන ඇඬුවා. අම්මා ගොඩාක් වෙලා මාව තුරුල් කරගෙන හිටියා. මාව හදාගන්න දුන්න එක ගැන අම්මයි තාත්තයි මගෙන් සමාව ඉල්ලුවා.

ලින්ඩා: අපි හැදුණේ වෙනස්ම පරිසර දෙකක නිසා අපි දෙන්නා හිතන පතන විදිහට ටිකක් වෙනස්. ඒත් ඒ වෙනස්කම් අපි එච්චර ප්‍රශ්නයක් කරගන්නේ නැත්තේ අපි දෙන්නට දෙන්නා ගොඩක් ආදරේ නිසයි.

සැලී: දැන් අපි දෙන්නම ඉන්නේ එකම ගෙදර. අපි යන්නේ ජකාර්තාවල සංඥා භාෂාවෙන් රැස්වීම් තියෙන සභාවට.

ලින්ඩා: මට සැලීව හම්බ වුණේ අවුරුදු 20කට පස්සේ. අපිව ආයෙත් එක් කරපු එක ගැන අපි යෙහෝවා දෙවිට ගොඩක් ස්තුතිවන්ත වෙනවා!

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න