ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yb16 2-3 පි.
  • 2016 වාර්ෂික පදය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 2016 වාර්ෂික පදය
  • 2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • සමාන තොරතුරු
  • සහෝදර ප්‍රේමය පෙන්නන්න අදිටන් කරගමු
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔබේ සහෝදර ප්‍රේමය පවතීවා!
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සහෝදර ස්නේහයේ යතුර සොයා ගැනීම
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ආදරේ අඩු වෙන්න ඉඩ දෙන්න එපා
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
yb16 2-3 පි.
යුවළක්ව පිළිගෙන ඔවුන්ට තෑගි දෙන පවුලක්

2016 වාර්ෂික පදය

“දිගටම එකිනෙකාව සහෝදරයන් ලෙස සලකා ඔවුන්ට ප්‍රේම කරන්න.”—හෙබ්‍රෙව් 13:1

“බොහෝදෙනෙක් එකිනෙකාට වෛර කරයි. වැඩිදෙනාගේ ප්‍රේමයද හීන වී යයි” කියලා යේසුස් කිව්වා. (මතෙ. 24:10, 12) ඔහු ඒ අනාවැකියෙන් කිව්වේ යෙරුසලමේ විනාශය සිද්ධ වුණ ක්‍රි.ව. 70 ආසන්න කාලයේ ජීවත් වුණ මිනිසුන් ගැනයි. මිනිසුන් අතර ප්‍රේමය නැතිකම ඒ කාලයේ පැහැදිලිව දකින්න තිබුණා. ඊට වෙනස්ව තමන්ගේ අනුගාමිකයන්ව හඳුනගන්න පුළුවන් ලකුණ විදිහට යේසුස් පෙන්නුවේ ඔවුන් තුළ තියෙන ප්‍රේමයයි. (යොහන් 13:35) ඒ නිසා යෙරුසලමේ හිටිය හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට ඔවුන් අතර තිබුණු ප්‍රේමය ගැන සඳහන් කරමින් පාවුල් හෙබ්‍රෙව් 13:1 තියෙන වදන් ලියලා එව්වාම ඔවුන් කොච්චර සතුටු වෙන්න ඇද්ද?

අද අපි ජීවත් වෙන්නෙත් සාතන්ගේ දුෂ්ට ලෝකයේ විනාශය අද්දර. පළවෙනි සියවසේ හිටිය සහෝදරයන් වගේ අපිත් ඉන්නේ මුදල්වලට, විනෝදයට සහ තමන්ටම ප්‍රේම කරන මිනිසුන් අතරයි. දෙවි ගැනවත් අසල්වැසියන් ගැනවත් ඔවුන්ට කිසිම හැඟීමක් නැහැ. (2 තිමෝ. 3:1-4) ඒත් ලෝකය පුරාම ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර තියෙන්නේ පුදුමාකාර ප්‍රේමයක්. ඒ විදිහට අපි දිගටම එකිනෙකාට ප්‍රේමය පෙන්වීමෙන් ප්‍රේමයේ උල්පත වන යෙහෝවා දෙවිට ප්‍රශංසාවත් ගෞරවයත් ලබා දෙමු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න