ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yb16 172 පි.-175 පි. 4 ¶
  • සියවසකට පෙර—1916

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සියවසකට පෙර—1916
  • 2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සංචාරක සේවකයන්ගෙන් දිරිගැන්වීම්
  • යුධ පීඩා මැද සේවය කරමින්
  • ඔවුන් පැති ගත්තේ නැහැ
  • සහෝදර රසල්ගේ මරණය
  • සියවසකට පෙර - 1917
    2017 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • දෙවිගේ රාජ්‍යය ස්වර්ගයේ පිහිටුවා ඇත
    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!
  • යෙහෝවඃ වහන්සේ ස්වකීය ජනයා එක්රැස්කර සේවය සඳහා සන්නද්ධ කරන සේක
    යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෙ—ලොව පුරා එක්සත් ව දෙවියන් වහන්සේගේ කැමැත්ත කරමින් සිටිති
  • ෂාක් ලුෆෙව් දිතෑප්ල - බයිබලයේ වටිනාකම තේරුම්ගත් මිනිසෙක්
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
yb16 172 පි.-175 පි. 4 ¶
සහෝදර රසල් එක්ක ඉන්න සංචාරක සේවකයන් පිරිසක්

සහෝදර රසල් එක්ක ඉන්න සංචාරක සේවකයන් පිරිසක්

සියවසකට පෙර 1916

1916 වෙනකොට පළවෙනි ලෝක මහා යුද්ධය පටන් අරන් අවුරුද්දකට වඩා ගත වෙලා තිබුණා. මේ දරුණු යුද්ධය හුඟක් මිනිසුන්ගේ ජීවිත බිලි ගත්තා.

1916 ජනවාරි 1 ‘මුරටැඹ’ සඟරාවේ ඒ කාලය ගැන සඳහන් වුණේ මෙහෙමයි. “යුද්දේ මිනිසුන්ට තවත් විදිහකට බලපෑවා. ඒ කාලේ හුඟක් මිනිස්සු ආගම දහමට ළැදි වුණා. අනාගතයේ මොනවා වෙයිද කියලත් ඔවුන් නිතරම හිතුවා.” ඒ ලිපියේම සහෝදරයන්ව උනන්දු කළේ “අපි දිගටම දෙවිට විශ්වාසවන්තව ඉමු. අධෛර්යය නොවී උද්‍යෝගයෙන් සේවය කරමු” කියලයි.

1916 වාර්ෂික පදය වුණේ රෝම 4:20. ඒකෙන් දිරිගැන්නුවේ දිගටම ‘විශ්වාසය ශක්තිමත් කරගන්න’ කියලයි. ඊට එකඟව වැඩ කරපු සහෝදරයන්ට යෙහෝවා දෙවි ගොඩක් ආශීර්වාද කළා.

සංචාරක සේවකයන්ගෙන් දිරිගැන්වීම්

1916දී වොච්ටවර් සමිතියෙන් පත් කරපු සංචාරක සේවකයන් 69දෙනෙක් විතර නගරයෙන් නගරයට ගිහින් සහෝදරයන්ට මඟ පෙන්වීම් හා දිරිගැන්වීම් ලබා දුන්නා. ඒ අවුරුද්ද ඇතුළත ඔවුන් මහන්සි නොබලා සැතපුම් ලක්ෂ ගණනක් සංචාරය කළා.

සංචාරක සේවය කරපු සහෝදර වෝල්ටර් තෝන් වර්ජිනියාවේ නෝෆෝල්ක්වල තිබ්බ සමුළුවකදී මෙහෙම කිව්වා. “මේ වෙද්දී මිනිස්සු මිලියන විස්සක් තිහක් විතර යුද්ධ කරනවා. මේ අතරේ ක්‍රිස්තියානීනුත් කරන්නේ යුද්ධයක්. ගිඩියොන්ගේ හමුදාව වගේ ඔවුනුත් සටන් කරනවා. හැබැයි ඇත්ත අවි ආයුධවලින් නෙමෙයි. ඔවුන් සටන් කරන්නේ සත්‍යය සහ ධර්මිෂ්ඨකම වෙනුවෙන්. ඇත්තටම ඒක ඔවුන්ගේ විශ්වාසය වෙනුවෙන් කරන සටනක්.”

යුධ පීඩා මැද සේවය කරමින්

1916 අගභාගයේදී ප්‍රංශයේ සොම් නදිය අසල ඇති වුණු යුධ ගැටුම් නිසා මිලියනයකට වඩා මිය ගියා. එහෙම නැත්නම් තුවාල ලැබුවා. කොච්චර අපහසුතාවලට මුහුණ දුන්නත් ප්‍රංශයේ වෙනත් පැතිවල හිටිය සහෝදරයන් යුධ පීඩා මැද සභාවලට උදව් කරන්න මහන්සි වෙලා වැඩ කළා. ඒ අතර හිටිය එක සහෝදරයෙක් තමයි සෝසෙෆ් ලෆිව්රා. 1914දී ජර්මානු හමුදාව ඔහුගේ ගම වුණ ඩනැන් අල්ලගත්තම ඔහු පැරිස් නගරයට පලා ගියා. ඒ කාලයේදී මුළු පැරිස් නගරයටම තිබුණේ එක සභාවයි. අසනීප නිසා දුර්වල වෙලා හිටියත් සභාවේ හැම රැස්වීමක්ම මෙහෙයෙව්වේ සහෝදර ලෆිව්රා. ඒ කාලයේ සභාවේ දියුණුව ගැන සඳහන් කරමින් ඔහු යවපු ලිපියක් 1916 ජනවාරි 15 ‘මුරටැඹ’ සඟරාවේ පළ වුණා.

ටික කාලෙකට පස්සේ සහෝදර ලෆිව්රාට තියොෆිල් ලෙකිම් කියන සහෝදරයාව හම්බ වුණා. ඔහුත් ඩනැන්වල කෙනෙක්. ඔහු ඩනැන්වලින් පලා ගිහින් තිබුණේ ඕෂෙල්වලට. එහෙදී ඔහු ‘මුරටැඹ’ සඟරාවේ ලිපි පරිවර්තනය කරලා රටේ වෙනත් පැතිවල හිටිය සහෝදරයන්ට යැව්වා. එහේ නිලධාරීන් ඔහු ගැන සැක හිතලා ඔහුව ඕෂෙල්වලින් පිටුවහල් කළා. ඊට පස්සේ ඔහු ආවේ පැරිස් නගරයට. එහෙදී සහෝදර ලෙකිම්ව හමු වුණාම සහෝදර ලෆිව්රාට දැනුණේ දෙවි ඔහුගේ යාච්ඤාවලට උත්තර දුන්නා වගෙයි.

පැරීසියේදී ඔවුන් කළ සේවයට යෙහෝවා දෙවි හුඟක් ආශීර්වාද කළා. ඒ ගැන සහෝදර ලෆිව්රා කිව්වේ මෙහෙමයි. “අපේ සභාවේ දැන් 45දෙනෙක් ඉන්නවා. දෙවිට කැප වෙලා සේවය කරන එකේ වටිනාකම තේරුම් අරං ඉන්න නිසා එයාලා එන්න එන්නම දියුණු වෙනවා. සේවයේදී ලබපු අද්දැකීම් ගැන කතා කරන රැස්වීමටත් හැමෝම වගේ සහභාගි වෙනවා.”

ඔවුන් පැති ගත්තේ නැහැ

යුද්දේ දිගටම තිබුණ නිසා සහෝදරයන්ට තවත් ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුණා. එංගලන්තයේ හිටිය අවුරුදු 18ත් 40ත් අතර පුරුෂයන්ට හමුදා සේවය අනිවාර්යය කළා. ඒත් හුඟක් සහෝදරයන් හමුදාවට බැඳුණේ නැහැ.

ස්කොට්ලන්තයේ වෝඩන් කියන සහෝදරයා ලියපු ලියුමක් 1916 අප්‍රියෙල් 15 ‘මුරටැඹ’ සඟරාවේ පළ වුණා. ඔහු කිව්වේ මෙහෙමයි. “මගේ එක පුතෙක්ට දැන් අවුරුදු 19යි. එයා හමුදාවට බැඳෙන්නේ නැතුව ඉඳලා මේ වෙනකොටත් දෙවි වෙනුවෙන් හොඳ සාක්ෂියක් දරලා තියෙනවා. හමුදාවට බැඳෙන්නේ නැති නිසා එයාට වෙඩි තිබ්බත් සත්‍යය සහ ධර්මිෂ්ඨකම වෙනුවෙන් ස්ථිරව ඉන්න දෙවි එයාට උදව් කරයි කියලා මට හොඳටම විශ්වාසයි.”

ඒ කාලයේදීම වගේ ස්කොට්ලන්තයේ තවත් නඩුවක් තිබුණා. ඒ ජේම්ස් ෆ්‍රෙඩ්රික් ස්කොට් කියන තරුණ පූර්ණකාලීන සේවකයාට විරුද්ධව. ඔහුට කරපු චෝදනාව වුණේ හමුදාවට බැඳෙන එක ප්‍රතික්ෂේප කිරීමයි. ඒ නඩුවේදී සියලුම සාක්ෂි සලකා බැලූ අධිකරණය නීතියට අනුව ඔහු නිර්දෝෂී කෙනෙක් බව ප්‍රකාශ කළා.

සැප්තැම්බර් වෙද්දී හමුදා සේවයෙන් තමන්ව නිදහස් කරන්න කියලා සහෝදරයන් 264දෙනෙක් ආණ්ඩුවෙන් ඉල්ලලා තිබුණත් හමුදා සේවයෙන් නිදහස් වෙන්න පුළුවන් වුණේ පස්දෙනෙක්ට විතරයි. 23දෙනෙක්ට යුද්ධ නොකර හමුදාවේ අනෙකුත් සේවාවන්වලට හවුල් වෙන්න සිද්ධ වුණා. “සමහර අයට දඬුවමක් විදිහට පාරවල් හදන එක වගේ විවිධ බර වැඩ කරන්න දුන්නා” කියලා 1916 ඔක්තෝබර් 15 ‘මුරටැඹ’ සඟරාවේ සඳහන් වුණා.

සහෝදර රසල්ගේ මරණය

සංවිධානයේ පෙරමුණ අරගෙන වැඩ කරපු සහෝදර චාල්ස් ටේස් රසල් 1916 ඔක්තෝබර් 16වෙනිදා බටහිර ඇමරිකාවට ගියේ දේශන කිහිපයක් දෙන්නයි. ඒත් 1916 ඔක්තෝබර් 31වෙනි අඟහරුවාදා ටෙක්සාස් ප්‍රාන්තයේ පැම්පා නගරයේ ඉඳන් දුම්රියෙන් ගමන් කරමින් ඉද්දී සහෝදර රසල් මිය ගියා. ඒ වෙනකොට ඔහුට වයස අවුරුදු 64යි.

සහෝදර රසල් වෙනුවට සංවිධානයේ පෙරමුණ ගන්නේ කවුද කියලා හුඟක් සහෝදරයන් හිතුවා. කාලයක් තිස්සේ සහෝදර රසල් පෙරමුණ අරගෙන කරපු සේවය මින් ඉදිරියට වෙන්න ඕන විදිහ ගැන ඔහුගේ අවසාන කැමැත්තේ ලියලා තිබුණා. ඒක 1916 දෙසැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ පළ වුණා. ඒත් සංවිධානයේ පෙරමුණ අරං වැඩ කරන්නේ කවුද කියන එකට ඒකෙන් උත්තරයක් ලැබුණේ නැහැ.

ඒ ප්‍රශ්නෙට උත්තර ලැබුණේ 1917 මුල්භාගයේදී පැවැත්වූ වොච්ටවර් සමිතියේ වාර්ෂික රැස්වීමේදීයි. ඒ රැස්වීමට ඇවිත් හිටිය හැමෝම තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරමින් ඒකමතික තීරණයකට ආවා. ඒත් ඒ එකඟත්වය වැඩි කාලයක් තිබුණේ නැහැ. ඒ විතරක් නෙමෙයි සහෝදරයන්ට මුහුණ දෙන්න වුණේ දරුණු පීඩාවලින් පිරුණු කාලයකටයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න