ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yb16 20 පි.-24 පි. 2 ¶
  • හමු නොවනා අයව සොයා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හමු නොවනා අයව සොයා
  • 2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • සමාන තොරතුරු
  • මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දැරීමේ කදිම ක්‍රමයක්!
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • ජංගම පුවරුවලින් “සියලු ජාතීන්ට සාක්ෂියක්!”
    ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
  • ශුභාරංචිය දේශනා කරන ක්‍රම
    යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්
  • පොත් පත් ප්‍රදර්ශනය කරලා සාක්ෂි දරන විදිහ
    2015 අපගේ රාජ්‍ය සේවාව
2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
yb16 20 පි.-24 පි. 2 ¶
ටැන්සානියාවේ ඩාර් එස් සලාම්වල පුවරු තබාගෙන සේවය කරන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

ටැන්සානියාව: ඩාර් එස් සලාම්වල තියෙන සඟරා පුවරුවකින් පොත් ගන්න අය

පසුගිය වසරෙන්

හමු නොවනා අයව සොයා

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ශුභාරංචිය දේශනා කරන ප්‍රධාන ක්‍රමය තමයි ගෙයින් ගෙට ගිහින් දේශනා කරන එක. ඒ අතරෙම සිත් ඇදගන්නා ජංගම පුවරු සහ මේස තියාගෙන පොත් පත් ප්‍රදර්ශනය කරමින් ඔවුන් කරන සේවයත් මේ වෙද්දී හරිම සාර්ථක වෙලා තියෙනවා. (මතෙ. 24:14) 2015 සැප්තැම්බර් වෙද්දී ලෝකෙ පුරාම තියෙන සභාවලට මේස සහ පුවරු දහස් ගණනක් වගේම ජංගම පුවරු 2,50,000ක් ලබා දීලා තියෙනවා.

ටැන්සානියාවේ ඩාර් එස් සලාම්වල ශාඛා කාර්යාලයෙන් සංවිධානය කරන විශාල නගරවල සාක්ෂි දැරීම පටන්ගත්තේ 2014දී. එදා ඉඳන් 700දෙනෙක් විතර මේ සේවය නිසා බයිබලය පාඩම් කරන්න කැමති වෙලා තියෙනවා. උනන්දුව දක්වන හුඟක් අය දැන් රැස්වීමවලට එනවා. ඒ විතරක් නෙමෙයි එයාලා දෙවි එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්නත් උත්සාහ කරනවා. අප්‍රිකාවේ සහ වෙනත් රටවල්වල මේ සේවය කරපු සහෝදරයන්ට අවුරුද්දක් ඇතුළත ප්‍රකාශන 2,50,000කට වඩා බෙදා දෙන්න පුළුවන් වෙලා තියෙනවා.

දූපත් 300කට වඩා වැඩි ගණනක් තියෙන සොලමන් දූපත්වල ඉන්න ප්‍රචාරකයන්ගේ ගණන 2,000කටත් වඩා අඩුයි. මේ හැමෝටම දේශනා කරන්න, ශාඛා කාර්යාලයෙන් සංවිධානය කරන විශාල නගරවල සාක්ෂි දැරීම එයාලට ගොඩක් උදව් වෙනවා. එහෙ අගනුවර වන හොනිආරාවල මේ සේවය කරද්දී සහෝදරයන්ට පුළුවන් වුණා මාසික සඟරා 1,04,000කට වඩා සහ සඟරා 23,600කට වඩා බෙදා දෙන්න. ඒ හුඟක් ප්‍රකාශන ගත්තේ සාක්ෂිකරුවන් නැති දූපත්වලින් ආව අය. එක හවස් වරුවක විතරක් සහෝදරයන් ‘බයිබලයේ ඉගැන්වීම්’ පොත් 400ක් දුන්නා. ඒ වගේම 60දෙනෙක් බයිබලය ඉගෙනගන්න කැමතියි කිව්වා.

මයිකල් සහ ලින්ඩා ස්ථාවර පුරෝගාමීන්. දවසක් මේ යුවළ වෙනිසියුලාවේ මාගරීටා දූපතේ මුහුදු වෙරළක් ළඟ සඟරා පුවරුවක් තියාගෙන ඉද්දී ආනිබාල් කියලා කෙනෙක් ඇවිත් ‘බයිබලයේ ඉගැන්වීම්’ පොතක් ගත්තා. අවුරුදු 7කට කලින් එයාගේ තාත්තා ඒ මුහුදු වෙරළේම මැරුණා කියලත් එදා ඉඳන් එයාගේ අම්මා ඉන්නේ මානසික පීඩනයකින් කියලත් ආනිබාල් කිව්වා. ඊළඟ සතියෙත් එයා මේ යුවළව මුණ ගැහිලා එයාගේ තාත්තා මැරුණේ අද වගේ දවසක කියලා කිව්වා. පස්සේ ආනිබාල් එයාගේ අම්මට කෝල් එකක් අරගෙන මයිකල්ට ෆෝන් එක දීලා අම්මගේ හිත හැදෙන දෙයක් කියන්න කියලා කිව්වා. එදා ඉඳන් අම්මා මයිකල්ට කිහිප සැරයක්ම කතා කළා. එයාලා හිතට සැනසීමක් වෙන බයිබල් පද එයත් එක්ක බෙදාගත්තා. දවසක් අනිබාල්ගේ අම්මා මේ වගේ මෙසේජ් එකක් එවලා තිබුණා. “අද නම් මගේ හිතට ටිකක් හොඳයි. ඔයාලා මට සහනයක් වුණා. ඔයාලා මගේ විශ්වාසය වැඩි කරගන්නත් උදව් කළා.”

එක්සත් ජනපදයේ නගර 14ක, ස්ථාන 127ක ශාඛා කාර්යාලයෙන් සංවිධානය කරන විශාල නගරවල සාක්ෂි දැරීමේ සේවය කරනවා. ඒ නිසා 2015 සේවා වර්ෂයේ මුල් මාස 7 ඇතුළත බයිබල් පාඩම් 8,445ක් පටන්ගන්න පුළුවන් වුණා. අක්‍රියාශීලි අයට ආයෙත් දෙවිට ළං වෙන්නත් මේ සේවය උදව් වෙලා තියෙනවා. දවසක් එක යුවළක් ලොස් ඇන්ජලීස්වල මේ සේවය කරමින් ඉද්දී කෙනෙක් අපේ ප්‍රකාශන දිහා බලාගෙන හිටියා. එයාගේ නම ටෙරී. මීට කලින් අපේ පොත් කියවලා තියෙනවද කියලා යුවළ ඇහුවම එයා කලින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් කියලත් අවුරුදු 4ක් තිස්සේ රැස්වීම් ගියේ නැහැ කියලත් කිව්වා. පස්සේ මේ යුවළ එසකියෙල් 34:11 තියෙන “මාගේ බැටළුවන් වෙනුවෙන් මම ඉදිරිපත් වන්නෙමි. මම උන්ව සොයා ගොස් මා වෙතට ගෙනැවිත් හොඳින් රැකබලා ගන්නෙමි” කියන අදහස එයාට පෙන්නුවා. අපේ වෙබ් අඩවිය සහ JW බ්‍රෝඩ්කාස්ටිං එක ගැනත් කිව්වා. පහුවෙනිදා උදේ ටෙරී මේ සහෝදරයාට ඊමේල් එකක් එවලා තිබුණා. ඒකෙ කියලා තිබුණේ, සඟරා පුවරුව දකින්න ටික වෙලාවකට කලින් එයා යාච්ඤා කරලා රැස්වීම් අතපසු කරපු එක ගැන දෙවිගෙන් සමාව ඉල්ලුවා සහ ආයෙත් දෙවිට ළං වෙන්න උදව් ඉල්ලුවා කියලයි. “එතකොටම තමයි ඔයා මාත් එක්ක කතා කළේ. ඒ වගේම ඔයා මට ලස්සන බයිබල් පදේකුත් පෙන්නුවා. ආයෙත් දෙවිගේ සංවිධානයට එන්න මං මොනවද කරන්න ඕනේ කියලත් කිව්වා. ඒක මගේ යාච්ඤාවට හම්බ වුණ උත්තරයක්” කියලත් එයා ලියලා තිබුණා.

ඉතියෝපියාවේ අගනුවර වන අඩිස් අබාබාවල ස්ථාන 4ක ශාඛා කාර්යාලයෙන් සංවිධානය කරන විශාල නගරවල සාක්ෂි දැරීමේ සේවය කරනවා. ඒ නිසා සහෝදරයන් මාස 3ක් ඇතුළත ප්‍රකාශන 37,275ක් බෙදා දුන්නා. 629දෙනෙක් එයාලව මුණගැහෙන්න එන්න කියලත් කිව්වා. එක වයසක කෙනෙක් ‘බයිබලයේ ඉගැන්වීම්’ පොත ගත්ත ගමන්ම ඒක කියවන්න පටන්ගත්තා. එයා ඉස්සර සෙමනේරියක ඉගෙනගත්ත කෙනෙක්. එයාට යේසුස් ගැනත් දෙවිගේ රාජ්‍යය ගැනත් ගොඩක් ප්‍රශ්න තිබිලා තියෙනවා. ඒ නිසා පහුවෙනිදත් ඇවිත් එයා සහෝදරයන්ගෙන් ප්‍රශ්න ඇහුවා. ඊටපස්සේ දවසේ එයා බයිබල් පාඩමක් කරන්න කැමතියි කිව්වා. ඒ සති අන්තයේ තිබුණ රැස්වීමටත් ආවා. දැන් එයා දිගටම රැස්වීම් එනවා. සත්‍යය තුළ හොඳින් දියුණු වෙනවා.

ඉතියෝපියාවේ අඩිස් අබාබාවල අම්හාරික් භාෂාවෙන් ප්‍රකාශන තියෙන පුවරුවක් හා ඒ ළඟට ආපු කෙනෙක්ට දේශනා කරන ප්‍රචාරකයන්

ඉතියෝපියාව: අඩිස් අබාබාවල අම්හාරික් භාෂාවෙන් ප්‍රකාශන තියෙන පුවරුවක්

මෙක්සිකෝවේ සහෝදරයන් දෙන්නෙක් සඟරා පුවරුවක් තියාගෙන ඉද්දී යුදෙව් කෙනෙක් ඇවිත් මරණය ගැන තියෙන පොත් තියෙනවද කියලා ඇහුවා. ඒ වෙලාවේ එයාලා ළඟ ඒ සම්බන්ධ ප්‍රකාශන තිබුණේ නැති නිසා අනාගතය ගැන කතා කරන ප්‍රකාශනයක් දුන්නා. ඒ කෙනා සහෝදරයාගේ අත අල්ලගෙන මෙහෙම කිව්වා. “මට අනාගතයෙන් වැඩක් නැහැ. මට ඕනේ මැරෙන්න.” ඊටපස්සේ එයා අඬන්න පටන්ගත්තා. සහෝදරයෝ ඇයි කියලා ඇහුවම “මගේ පුතා මැරුණා” කියලා එයා ඇඬුවා. ඒ වෙලාවේ සහෝදරයන් ‘බයිබලයේ ඉගැන්වීම්’ පොතේ 7වෙනි පරිච්ඡේදේ “අප ආදරය කරන කෙනෙකු මිය ගිය විට” කියන උපමාතෘකාව යටතේ තියෙන මුල් ඡේද සහ අවසාන ඡේදයේ මරණය ගැන කතා කරන තොරතුරු එයාට පෙන්නුවා. ඊටපස්සේ එයා සහෝදරයාගේ අත අල්ලගෙන “ඇත්තටම එහෙම වෙයිද” කියලා ඇහුවා. යෙහෝවා දෙවි පොරොන්දු වෙන දේවල් ඒ විදිහටම ඉටු කරනවා කියලා සහෝදරයන් එයාට කිව්වා. “මගේ පුතාව ආයෙත් දකින්න නම් මං මොනවද කරන්න ඕනේ” කියලත් එයා ඇහුවා. ඒ වෙලාවේ සහෝදරයන් එයාත් එක්ක පාඩමක් කරන්න කතා කරගත්තා. එයාලා යද්දී ඒ කෙනා හිටියේ බයිබල් පාඩම කරන්න ආසාවෙන් මඟ බලාගෙන.

නිව් යෝර්ක්වල මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දැරීමේ සේවය පටන්ගන්න උදව් කරපු චාරිකා සේවක කෙනෙක් මෙහෙම කිව්වා. “මේ සේවෙට දෙවි ආශීර්වාද කරලා තියෙන විදිහ හරිම පුදුමයි. දහස් ගාණක් මිනිස්සුන්ට සත්‍යය ගැන කියන්න විතරක් නෙමෙයි අක්‍රියාශීලී අයව, සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ අයව හොයාගන්නත් මේක උදව් වෙලා තියෙනවා.”—එසකියෙල් 34:15, 16.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න