මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දැරීමේ කදිම ක්‍රමයක්!
1. ජනාකීර්ණ නගර තියෙන සභාවලට දිරිගන්වලා තියෙන්නේ මොකක් කරන්නද?
1 සභාවට අයිති ප්‍රදේශයේ ජනාකීර්ණ නගර තියෙනවා නම් ජංගම පුවරු හරි මේස හරි යොදාගෙන සාක්ෂි දරන්න උනන්දු කරලා තියෙනවා. ජංගම පුවරුවක් නම් තියෙන්නේ, එක ප්‍රචාරකයෙක් හරි ඒ ළඟ ඉඳගෙන නැත්නම් හිටගෙන ඉන්නවා. මේසයක් නම් තියෙන්නේ, ප්‍රචාරකයන් දෙන්නෙක් ඒ ළඟ ඉන්න ඕනේ. ඔවුන් සුහදව හා එළඹෙන්න පහසු විදිහට ඉන්න ඕනේ. කෙනෙක් පොත් පත් සඟරා ගැන උනන්දුවක් දක්වද්දී එක ප්‍රචාරකයෙක්ට පුළුවන් මේ වගේ දෙයක් කියන්න. “මේ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද කියලා ඔයා හිතලා තියෙනවාද?” තව ප්‍රචාරකයෙක්ට හෝ දෙන්නෙක්ට පුළුවන් ඊට ටික දුරකින් ඉඳලා අවිධිමත් විදිහට සාක්ෂි දරන්න.
2. මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දැරීමේ වටිනාකම පෙන්වන අද්දැකීමක් කියන්න.
2 මේ ක්‍රමය නිසා බයිබල් පාඩම් හුඟක් පටන් අරන් තියෙනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකට වාර්තාවක් හදන්න තිබුණා. ඇය සාක්ෂිකරුවන් ගැන ලියන්න තීරණය කළත් තොරතුරු දැනගන්න නමස්කාර මධ්‍යස්ථානයක් හොයාගන්න බැරි වුණා. ඊළඟ සතියේ විශ්වවිද්‍යාලය ළඟ ජංගම පුවරුවක් තියාගෙන ඉන්න සහෝදරයන්ව ඇය දැක්කා. ඊටපස්සේ ඇය බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. දැන් සාක්ෂිකාරියක් වන ඇය මේ ක්රමයටත් සාක්ෂි දරනවා.
3. සාක්ෂි දරන මේ අලුත් ක්‍රමය ගැන සමහරුන්ට හැඟෙන්නේ කොහොමද?
3 මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දරන සහෝදරියක් මෙහෙම කියනවා. “සමහරු අලුත්ම සඟරා ගන්න එනවා. ඒ විතරක් නෙමෙයි අපි ගැන අහලාවත් නැති අයත් සඟරා ගන්නවා. මේ ක්‍රමයට හුඟක් අයට සාක්ෂි දරන්න පුළුවන් කියලා මට හිතෙනවා.” තවත් සහෝදරියක් කිව්වේ මෙහෙමයි. “මේ අලුත් ක්‍රමය නං නියමයි. පණිවිඩය දැනගන්න මිනිස්සු අපි ළඟටම එනවා. ඒ නැතත් එයාලට අඩුම තරමින් කුතුහලයවත් ඇති වෙනවා.”
4. හැම සතියෙම එකම වෙලාවේ එකම තැන සඟරා ප්‍රදර්ශනය කරන එක ප්‍රයෝජනවත් ඇයි?
4 හැම සතියෙම එකම දවසේ එකම වෙලාවේ එකම තැන සඟරා ප්‍රදර්ශනය කරන එක ප්‍රයෝජනවත්. මේ විදිහට මිනිසුන් නිතරම අපේ පොත් පත් දකිද්දී අපි ළඟට ඇවිත් ප්‍රශ්න අහන්නත් පොත් පත් ලබාගන්නත් පෙලඹෙයි. ඔබේ සභාවෙත් මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දරන්න සැලසුම් කරලා තියෙනවාද? එහෙනම් මේ සාර්ථක ක්‍රමය අනුගමනය කරලා “දෙවිගේ රාජ්‍යය ගැන සෑම තැනම ප්‍රකාශ කරන්න” හවුල් වෙන්න ඔබටත් පුළුවන්.—ලූක් 9:60.