කාලයෙන් උපරිම ප්‍රයෝජන ගමු
අපි 2014 සේවා වසරේදී පැය 1,94,54,87,604ක් සේවය සඳහා වැය කළා. ඒකෙන් පේන්නේ සේවය කඩිසරව කරන්න අපි තීරණය කරලා තියෙනවා කියලයි. (ගීතා. 110:3; 1 කොරි. 15:58) “ඉතුරු වී තිබෙන්නේ තව කෙටි කාලයක්” නිසා තවත් හුඟදෙනෙක්ව හම්බ වෙන්න අපේ වටිනා කාලය පාවිච්චි කරන්න අපිට පුළුවන්ද?—1 කොරි. 7:29.
සේවයෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් නම්‍යශීලී වෙන්න ඕනේ. උදාහරණයකට සේවයේ යම් අංගයක යෙදෙද්දී පැයක් හෝ ඊට වැඩි කාලයක් කාටවත් කතා කරන්න ඔබට හම්බ වෙන්නේ නැත්නම් යම් වෙනසක් කරන්න පුළුවන්ද? ප්‍රදේශයෙන් ප්‍රදේශයට තත්වයන් වෙනස්. ඒත් අපි දැන් බලන යෝජනා ක්‍රියාත්මක කළොත් කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. එතකොට අපේ උත්සාහය ‘සුළඟට පහර දීමක්’ වෙන්නේ නැහැ.—1 කොරි. 9:26.
ගෙයින් ගෙට සාක්ෂි දැරීම: අපි පුරුදු වෙලා ඉන්නේ උදේ වරුවේ ගෙයින් ගෙට සේවයේ යන්නයි. ඒත් හුඟක් අය උදේට රැකියාවලට යනවා. වැඩිදෙනෙක් හවස් වරුවේ ගෙවල්වල විවේකයෙන් ඉන්නවා. ඒ නිසා හවසට සේවයේ යන්න බැරිද? උදේ වරුවේ වීදි සේවය, ව්‍යාපාරික ස්ථානවල සේවය කරනවා නම් හොඳ ප්‍රතිඵල ලැබෙයි.
මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දැරීම: සභාවට අයිති ප්‍රදේශයේ ජනයා වැඩියෙන් ගැවසෙන තැන්වලයි ජංගම පුවරු හරි මේස හරි තියාගෙන සාක්ෂි දරන්න ඕනේ. (2013 දෙසැම්බර් ‘රාජ්‍ය සේවාවේ’ 4-5 පිටු බලන්න.) හැබැයි ඒ තැන්වල ගැවසෙන සෙනඟ අඩු වෙනවා නම් වැඩියෙන් සෙනඟ ඉන්න තැනකට ඒවා ගෙනියන්න තීරණය කරන්න සේවා කමිටුවට පුළුවන්.
නැවත බැලීම් සහ බයිබල් පාඩම්: සේවයේ වෙනත් අංගවලින් වැඩි පල නෙළාගන්න බැරි වෙලාවලදී නැවත බැලීම් හා බයිබල් පාඩම් කරන්න ඒ කාලය යොදවන්න පුළුවන්ද? උදාහරණයකට, සෙනසුරාදා උදේ ගෙයින් ගෙට සේවයෙන් හොඳ ප්‍රතිඵල ලැබෙනවා නම් බයිබල් පාඩම් දවල්ට හරි හවසට හරි කරන්න පුළුවන්ද? නැවත බැලීම්වලට යද්දී සේවයෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් එකම පැත්තේ තියෙන නැවත බැලීම් එක වෙලාවක කරන්න කාලය යොදාගන්නත් පුළුවන්.
සේවයට යොදවන ඕනම වෙලාවක් වාර්තා කරන්න අපිට පුළුවන් වුණත් අපේ ප්‍රීතිය වැඩි වෙන්නේ සේවයෙන් ප්‍රතිඵල ලැබෙද්දියි. යම් වෙලාවකදී සේවයේ යම් අංගයක යෙදෙන එක එතරම් පලදායී නැත්නම් සේවයේ වෙනත් අංගයක යෙදෙන්න උත්සාහ කරන්න. “අස්වැන්නේ ස්වාමියා” වන යෙහෝවා දෙවිට යාච්ඤා කරලා මඟ පෙන්වීම් පැතුවොත් සේවයේ යෙදෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඔබට පුළුවන් වෙයි.—මතෙ. 9:38.