ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yb17 130-131 පි.
  • මෙච්චර කල් කොහෙද හිටියේ?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මෙච්චර කල් කොහෙද හිටියේ?
  • 2017 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • සමාන තොරතුරු
  • කේන්ති ගිය පූජකයන් එක්ක සන්සුන්ව වැඩ කරපු නිසා ලැබුණු හොඳ ප්‍රතිඵල
    අද්දැකීම්
  • ගුරුවරියකගේ සිත වෙනස් කළ ශිෂ්‍යාවක්
    2009 පිබිදෙව්!
  • සියවස් ගණනාවක් පුරා සැඟව තිබූ වස්තුවක්!
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බයිබලයේ තියෙන දේ මං මගේ ඇස් දෙකෙන්ම දැක්කා
    2017 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
තව තොරතුරු
2017 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
yb17 130-131 පි.

ජෝර්ජියාව

මෙච්චර කල් කොහෙද හිටියේ?

ආතර් ගෙරෙක්හෙලියා

  • ඉපදුණේ 1956

  • බව්තීස්ම වුණේ 1991

  • තොරතුරු බව්තීස්ම වෙලා මාස අටකින් නිවසත් සාර්ථක ව්‍යාපාරයත් අත්හැරලා අවශ්‍යතාව වැඩි ප්‍රදේශයකට ගිහින් සේවය කළා.

ආතර් ගෙරෙක්හෙලියා

මං බව්තීස්ම වුණු අලුතම වගේ සේවය වැඩි කරන්න කැමතිද කියලා වැඩිමහල්ලන් මගෙන් ඇහුවා. 1992 මැයි 4වෙනිදා අවශ්‍යතාව වැඩි ප්‍රදේශයකට යන්න කැමති අයට පැවැත්තුව රැස්වීමට මමත් ගියා. පහුවෙනිදා මම බාටුමිවල සේවය කරන්න පිටත් වුණා.

බාටුමිවල සේවයේ ගිය පළවෙනි දවසේ මට ලොකු බයක් දැනුණා. ඒත් පණිවිඩය අහපු මුල්ම කෙනා “මෙච්චර කල් කොහෙද හිටියේ” කියලා මගෙන් ඇහුවාම මට පුදුම සතුටක් දැනුණේ. එයා සාක්ෂිකරුවන්ව හොය හොය ඉඳලා තියෙන්නේ. එයාත් එක්ක පහුවෙනිදාම පාඩමක් පටන්ගත්තා.

බාටුමිවලට යන්න කලින් උනන්දුව දක්වපු අයගේ නම් සහ ලිපින තියෙන ලැයිස්තුවක් අපිට ලැබුණා. ඒවා හොයාගන්න අපි ඒ පැත්තේ අයගෙන් උදව් ඉල්ලුවත් ළඟදි පාරවල්වල නම් වෙනස් කරලා තිබුණු නිසා එයාලාත් පාරවල් දැනන් හිටියේ නැහැ. හැබැයි එයාලා අපේ පණිවිඩය ගැන දැනගන්න කැමති වුණා. වැඩි දවසක් යන්න කලින් 15දෙනෙක්ගෙන් විතර හැදුණ කණ්ඩායම් කිහිපයක් එක්කම බයිබල් පාඩම් පටන්ගන්න අපිට පුළුවන් වුණා.

අපි එහෙට ගිහින් මාස හතරක් යද්දී 40කට වඩා වැඩිදෙනෙක් හැම සතියෙම වගේ රැස්වීම් එන්න පටන්ගත්තා. ඒත් අපි හැම තිස්සෙම හිතුවේ අපේ පැවරුම ඉවර වුණාට පස්සේ “කවුද මේ අලුත් අයව බලාගන්නේ” කියලයි. ඒ කාලෙදිම වගේ ජෝර්ජියානු හමුදාවයි, බෙදුම්වාදීනුයි අතර ඇබ්කාසියා නගරයේ ගැටුම් ඇති වුණා. ඒ නිසා මං කලින් හිටිය සභාවේ හැමෝටම බාටුමි ප්‍රදේශයේ පදිංචියට එන්න සිද්ධ වුණා. අපි හිතුවෙවත් නැති විදිහට එක දවසකින් බාටුමිවල තිබුණු සභාවට අද්දැකීම් තියෙන වැඩිමහල්ලන් සහ පුරෝගාමීන් එකතු වුණා.

බයිබලය පාඩම් කරන්න එකතු වුණු කණ්ඩායමක්
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න