Kim Steele/The Image Bank via Getty Images
ආර්ථික අර්බුදයට දේවරාජ්‍යයෙන් විසඳුමක්!
ලෝකේ පුරා ඉන්න හුඟදෙනෙක් යාන්තමින් කුසගින්න නිවාගන්නත් ලොකු යුද්ධයක් කරනවා. එන්න එන්නම ඒක තවත් අමාරු වෙනවා මිසක් විසඳුමක් පේන තෙක් මානෙකවත් නැහැ.
එක වාර්තාවකa මෙහෙම කියනවා. “ජීවන වියදම ඉහළ යාම නිසා දැන් අත්‍යවශ්‍ය දේ ගන්නත් අතට ලැබෙන පඩිය මදි. ඉක්මනින් ඒකට පියවරක් ගත්තේ නැත්නම් ඇති නැති පරතරය තවත් වැඩි වෙයි. අඩු ආදායම්ලාභී පවුල් අන්ත දුගී තත්වයට පත් වෙයි.”
මේ ප්‍රශ්නයට විසඳුමක් දෙනවා තියා මිනිස්සුන්ට පොඩි සහනයක් හරි දෙන්න පාලකයන්ට පුළුවන් වෙයිද?
බයිබලයේ කියනවා ‘ස්වර්ගයේ දෙවි රාජ්‍යයක් පිහිටුවනවා’ කියලා. (දානියෙල් 2:44) ඒ රාජ්‍යයෙන් ඒ කියන්නේ ඒ ආණ්ඩුවෙන් ආර්ථික ගැටලුවලට ස්ථිර විසඳුමක් ගෙනල්ලා, ඇති නැති පරතරය නැති කරනවා. ඒක මුළු ලෝකයම පාලනය කරන ආණ්ඩුවක්. ඒ ආණ්ඩුව යටතේ ඉන්න කිසිම කෙනෙක්ව අමතක කරන්නෙවත් නොසලකාහරින්නෙවත් නැහැ. (ගීතාවලිය 9:18) දේවරාජ්‍යයෙන් හැම කෙනෙක්ටම අවශ්‍ය හැම දේම දෙනවා. ඒ නිසා හැමෝම ඉන්නේ සතුටින්. ඒ විතරක් නෙවෙයි මහන්සි වෙලා කරන හැම වැඩකටම එදාට හොඳ ප්‍රතිඵලත් ලැබෙනවා.—යෙසායා 65:21, 22.
a ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 2022-2023 ආදායම් වාර්තාව.