sinceLF/E+ via Getty Images
සෝදිසියෙන් ඉන්න!
සිවිල් වැසියන්ට පිහිට වෙන්නේ කවුද? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව:
2023 ඔක්තෝබර් 7වෙනිදා ඉඳන් 23වෙනිදා වෙද්දී ඊශ්‍රායෙල් ගසා යුද්දේ නිසා 6,400කට වඩා වැඩිදෙනෙක්ට ජීවිත අහිමි වෙලා. 15,200කට වඩා වැඩිදෙනෙක් තුවාල වෙලා. ඒ අයගෙන් හුඟදෙනෙක් සිවිල් වැසියන්. තව සියදහස් ගාණකට උන්හිටි තැන් අහිමි වෙලා.
2023 සැප්තැම්බර් 24වෙනිදා වෙද්දී රුසියාව සහ යුක්රේනය අතර තියෙන යුද්දේ නිසා යුක්රේනයේ සිවිල් වැසියන් 9,701ක් මිය ගිහින්. 17,748දෙනෙක් තුවාල වෙලා.
යුද්ධ නිසා දුක් විඳින අයට බලාපොරොත්තුවක් බයිබලයෙන් ලැබෙනවාද?
බලාපොරොත්තුවෙන් ඉන්න පුළුවන් ඇයි?
දෙවියන් ‘පොළොවේ සිදු වන සියලු යුද්ධ නවත්වනවා’ කියලා බයිබලයේ කියලා තියෙනවා. (ගීතාවලිය 46:9) ඔහු පොළොවේ තියෙන හැම මිනිස් ආණ්ඩුවක්ම අයින් කරලා දානවා. ඔහු ඒක කරන්නේ ස්වර්ගයේ තියෙන ආණ්ඩුවක් මාර්ගයෙන්. (දානියෙල් 2:44) ඔහුගේ ආණ්ඩුවෙන් මිනිස්සුන්ට නිදහස, සහනය ලබා දෙනවා.
දෙවියන්ගේ ආණ්ඩුවේ රජ වන යේසුස් ක්‍රිස්තුස් ඉස්සරහට කරන්න යන දේ බලන්න.
“උපකාරය පතා හඬ නඟන දුප්පතාව ඔහු ගලවාගන්නේය. පීඩිතයාවද උපකාරයක් නොමැතිව අන්ත අසරණ වී සිටින්නන්වද ඔහු බේරාගන්නේය. අසරණයාටද දිලින්දාටද ඔහු අනුකම්පා කරන්නේය. දුප්පතුන්ගේ දිවි රැක දෙන්නේය. පීඩාවලින්ද සැහැසික ක්‍රියාවලින්ද ඔහු ඔවුන්ව මුදවාගන්නේය.”—ගීතාවලිය 72:12-14.
යුද්ධ නිසාත් දරුණු දේවල් නිසාත් මිනිස්සුන්ට මූණ දෙන්න වෙලා තියෙන හැම කටුක දෙයක්ම දෙවියන් ඔහුගේ ආණ්ඩුව මාර්ගයෙන් සම්පූර්ණයෙන්ම අයින් කරලා දානවා.
“දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”—එළිදරව් 21:4.
ළඟදීම දෙවියන්ගේ ආණ්ඩුවෙන් හිතාගන්නවත් බැරි විදිහේ වෙනස්කම් පොළොවේ කරන්න යනවා. “යුද්ධ ගැනත් යුද්ධ පිළිබඳ ආරංචි ගැනත්” අපිට අහන්න ලැබෙනවා කියලා බයිබලයේ කලින්ම කියලා තියෙනවා. ඒක වෙනවා අද අපි ඇස් දෙකෙන්ම දකිනවා. (මතෙව් 24:6) යුද්ධවලින් සහ අද සිද්ධ වෙන අනිත් සිදුවීම්වලින් පේන්නේ අපි ජීවත් වෙන්නේ මිනිස් පාලනවල “අවසාන කාලයේ” කියලයි.—2 තිමෝති 3:1.