ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwyp 2 ලිපිය
  • මම සමලිංගික කෙනෙක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මම සමලිංගික කෙනෙක්ද?
  • යොවුන් සිතේ ගැටලු
  • සමාන තොරතුරු
  • සමලිංගික සේවනය ගැන බයිබලයේ ඇති දේ මම විස්තර කරන්නේ කෙසේද?
    2010 පිබිදෙව්!
  • සමලිංගික හැසිරීම ගැන බයිබලයේ ඇති දේ මම විස්තර කරන්නේ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
  • සමලිංගික හැඟීම්—පාලනය කරන්නේ කොහොමද?
    2007 පිබිදෙව්!
  • සමලිංගික හැඟීම් පාලනය කරගන්නේ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු
ijwyp 2 ලිපිය
 සමලිංගික දෙන්නෙක්

මම සමලිංගික කෙනෙක්ද?

ගැහැනු ළමයෙක්ගේ හිත තවත් ගැහැනු ළමයෙක්ට නැත්නම් පිරිමි ළමයෙක්ගේ හිත තවත් පිරිමි ළමයෙක්ට ඇදිලා ගිය පළියට එයා සමලිංගික කෙනෙක් කියලා කියන්න බැහැ.

ගොඩක් වෙලාවට ඒ වගේ හැඟීම් ටික කාලෙකින් නැති වෙලා යනවා.

අවුරුදු 16ක් වයස ලිසෙට් කියන යෞවනියගේ හිතත් තව ගැහැනු ළමයෙක්ට ඇදිලා ගියා. හැබැයි කාලයත් එක්කම ඒ හැඟීම නැති වුණා. ඒ ගැන ලිසෙට් මෙහෙම කියනවා. “ඉස්කෝලෙදී මං ඉගෙනගත්තා නව යොවුන් වියේදී හෝමෝන වැඩ කරන විදිහ නිතර නිතර වෙනස් වෙන නිසා හැඟීම් හරි ඉක්මනට වෙනස් වෙනවා කියලා. ඒ නිසා ගැහැනු ළමයෙක්ගේ හිත තවත් ගැහැනු ළමයෙක්ටත් පිරිමි ළමයෙක්ගේ හිත තවත් පිරිමි ළමයෙක්ටත් ඇදිලා යන්න ඉඩකඩ තියෙනවා. හැබැයි ඒ වගේ හැඟීම් තියෙන්නේ ටික දවසයි. අනිත් යෞවනයොත් ඒ ගැන දැනගෙන හිටියා නම් ඒ වගේ හැඟීම් ඇති වුණාම එයාලා සමලිංගික අය කියලා හිතන්න ඉක්මන් වෙන්නේ නැහැ.”

කොයි පාරෙද යන්නේ කියලා කල්පනා කරන යෞවනයෙක්

ලිංගික දේවල් ගැන සමාජයේ තියෙන විකෘති අදහස් පිළිගෙන ඒ විදිහට ජීවත් වෙනවාද නැත්නම් දෙවිගේ උසස් ප්‍රමිති අදාළ කරගන්නවාද? තීරණය ඔයා අතේ

හැබැයි සමලිංගික හැඟීම් කාලයත් එක්කම නැති වෙලා යන්නේ නැත්නම් මොකද කරන්නේ? සමලිංගික ඇසුර දෙවි තහනම් කරලා තියෙන එකෙන් දෙවි කරලා තියෙන්නේ ලොකු අසාධාරණයක් කියලා ඔයාට හිතෙනවාද?

ඒක අසාධාරණයක් කියලා ඔයාට හිතෙනවා ඇත්තේ ලිංගික ආසාවන් ඇති වුණාම ඒක හිතේ තියාගෙන ඉන්නේ නැතුව ඉටු කරගන්න ඕනේ කියලා සමාජයේ තියෙන වැරදි මතය නිසා වෙන්න ඇති. හැබැයි බයිබලයේ පැහැදිලිවම කියන්නේ වැරදි ලිංගික ආසාවන් ඇති වුණාම ඒවා පාලනය කරගන්න කියලයි. හැම කෙනෙක්ටම තමාව පාලනය කරගන්න හැකියාව තියෙනවා.—කොලොස්සි 3:5.

සමලිංගික ඇසුර දෙවි තහනම් කරලා තියෙන එක අසාධාරණ නැහැ. මොකද ඒ වගේ තහනමක් දෙවි දාලා තියෙන්නේ සමලිංගික අයට විතරක් නෙමෙයි. ගැහැනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි අතරේ වැරදි ලිංගික ආසාවන් ඇති වෙනවා නම් ඒවාත් පාලනය කරගන්න ඕනේ කියලා බයිබලයේ කියලා තියෙනවා. (1 කොරින්ති 6:18) හුඟක් අය ඒ වගේ වැරදි ලිංගික ආසාවන් පාලනය කරගෙන තියෙනවා. එහෙමනම් සමලිංගික හැඟීම් තියෙන අයටත් දෙවිට කීකරුව ජීවත් වෙන්න උවමනාවක් තියෙනවා නම් එයාලගේ හැඟීම් පාලනය කරගන්න පුළුවන්.​—ද්විතීය කතාව 30:19.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න