ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 54 ලිපිය
  • අපි මැරෙන්නේ ඇයි?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපි මැරෙන්නේ ඇයි?
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • “යේසුස් ගළවයි!”—ඒ කෙසේද?
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් මැරුණේ ඇයි?
    බයිබලයෙන් උත්තර
  • මුල්ම පාපය මොකක්ද?
    බයිබලයෙන් උත්තර
  • යේසුස් දුක් වේදනා විඳලා මැරුණේ ඇයි?
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 54 ලිපිය

අපි මැරෙන්නේ ඇයි?

බයිබලයේ ඒ ගැන කියන දේ

ඔයාට හුඟක් කිට්ටු, ආදරේ කරපු කෙනෙක් මිය ගිය වෙලාවක ‘ඇයි අපි මැරෙන්නේ’ කියන ප්‍රශ්නේ ඔයාගේ හිතටත් ඇවිල්ලා ඇති. ඒකට උත්තරේ බයිබලේ මේ විදිහට සඳහන් වෙනවා. “මරණයට හේතු වන විෂ තුඩ නම් අපගේ පව්කාර ස්වභාවයයි.”—1 කොරින්ති 15:56.

අපි හැමෝටම පාපය හා මරණය උරුම වුණේ කොහොමද?

මුල්ම මිනිස් යුවළ වුණු ආදම්ව හා ඒවව දෙවියන් නිර්මාණය කළේ හැමදාටම ජීවත් වෙන්නයි. ඒත් දෙවියන්ට අකීකරු වුණු නිසා ඒගොල්ලෝ පව්කාරයන් වුණා. (උත්පත්ති 3:17-19) “ජීවිතයේ උල්පත” දෙවියන් නිසා ඔහුට විරුද්ධව ක්‍රියා කිරීමෙන් ලැබුණු ප්‍රතිඵලය තමයි මරණය.—ගීතාවලිය 36:9; උත්පත්ති 2:17.

ආදම්ගෙන් පැවත ආපු සියලුදෙනාටමත් පව්කාර ස්වභාවය උරුම වුණා. අපි හැමෝම මැරෙන්නේ අපි තුළ තියෙන පව්කාර ස්වභාවය නිසයි. (රෝම 3:23) බයිබලේ මෙහෙම සඳහන් වෙනවා. “එක් මිනිසෙකු පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි. සියලුදෙනා තුළම මෙම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණය සියලුදෙනාටම උරුම විය.”—රෝම 5:12.

මරණය පරාජය කරන්නේ කොහොමද?

‘දෙවියන් මරණය සදහටම ගිල දමනවා’ කියලා පොරොන්දු වෙලා තියෙනවා. (යෙසායා 25:8) ඒක කරන්න නම් මරණයට හේතු වෙන පව්කාර ස්වභාවය මුලින්ම නැති කරන්න ඕන. දෙවියන් ඒ දේ කරන්නේ යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන්. “ලෝකයෙන් පාපය නැති කර දමන” තැනැත්තා ඔහුයි.—යොහන් 1:29; 1 යොහන් 1:7.

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න