ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwyp 25 ලිපිය
  • අනිත් අයට උදව් කරන එක වටින්නේ ඇයි?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අනිත් අයට උදව් කරන එක වටින්නේ ඇයි?
  • යොවුන් සිතේ ගැටලු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • හුඟක් යෞවනයන් නොදන්න කාරණා දෙකක්
  • අනිත් අය ගැන හිතන යෞවනයෝ
  • අනිත් අයට උදව් කරන්න මට පුළුවන් කොහොමද?
  • තියෙන දේ බෙදාගන්න
    2025 පිබිදෙව්!
  • අම්මවයි තාත්තවයි හොඳින් තේරුම්ගන්න මට පුළුවන් කොහොමද?
    2009 පිබිදෙව්!
  • ත්‍යාගශීලී අය සන්තෝෂවත්
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • බිඳුණු බැඳීම ආයෙත් ඇති කරගත්තා
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු
ijwyp 25 ලිපිය

යොවුන් සිතේ ගැටලු

අනිත් අයට උදව් කරන එක වටින්නේ ඇයි?

  • හුඟක් යෞවනයන් නොදන්න කාරණා දෙකක්

  • අනිත් අය ගැන හිතන යෞවනයෝ

  • අනිත් අයට උදව් කරන්න මට පුළුවන් කොහොමද?

හුඟක් යෞවනයන් නොදන්න කාරණා දෙකක්

1. ඔයා අනිත් අයට දුන්නොත් අනිත් අයත් ඔයාට දෙන්න පෙලඹෙයි.

ඔයා ලෝභ නැතුව දෙන කෙනෙක් කියලා අනිත් අයට තේරුණාම ඒ අයත් ඔයාට දෙන්න පෙලඹෙයි. බයිබලයේ මෙහෙම කියනවා.

  • “දීමට පුරුදු වන්න. එවිට අන් අයත් ඔබට දෙයි. . . . ඔබ මනින මිම්මෙන්ම ඔබටත් මැන දෙනු ලැබෙයි.”—ලූක් 6:38.

2. ඔයා අනිත් අයට උදව් කරන එකෙන් ඔයාටත් හොඳක් වෙයි.

ඔයා අනිත් අයට උදව් කරද්දී ඔයාට අනිත් අයගේ ගෞරවය ලැබෙනවා. ඒ වගේම අනිත් අයට උදව් කළා කියන තෘප්තිය ඔයාට තියෙනවා. බයිබලයේ මෙහෙම කියනවා.

  • “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා.”—ක්‍රියා 20:35.

  • “ඔබ භෝජන සංග්‍රහයක් පිළියෙල කරන විට දිලිඳු, අබ්බගාත, කොර හා අන්ධ මිනිසුන්ට ආරාධනා කරන්න. ඔබ කළ සංග්‍රහය වෙනුවෙන් කිසිවක් දෙන්න ඔවුන්ට හැකියාවක් නැති නිසා ඔබට පුළුවන් සතුටු වන්න.”—ලූක් 14:13, 14.

අනිත් අය ගැන හිතන යෞවනයෝ

අනිත් අය ගැන හිතලා හොඳ දේවල් කරන යෞවන යෞවනියන් ඕන තරම් ඉන්නවා. මේ උදාහරණ බලන්න.

“වෙලාවකට මට හිතෙනවා හොඳට හාන්සි වෙලා TV බලබල ඉන්න. හැබැයි එතකොට මට මතක් වෙනවා අම්මයි තාත්තයි වැඩට ගිහින් ගෙදර එන්නේ කොච්චර මහන්සි වෙලාද කියලා. ඒක මතක් වුණාම මම ගිහින් පිඟන් කෝප්ප හෝදලා, ගේ අස්පස් කරලා තියනවා. අම්මයි තාත්තයි කෝපි බොන්න ආස නිසා ඒ දෙන්නට කෝපිත් හදලා තියනවා. අම්මා ගෙදර ආවම ‘ගේ හරිම ලස්සනට අස් කරලා. හොඳ සුවඳකුත් එනවා. දුවේ ඔයා හුඟක් මහන්සි වෙලා තියෙනවා’ කියලා කියනවා. අම්මයි තාත්තයි වෙනුවෙන් ඒ වගේ දෙයක් කළාම මගේ හිතට ලොකු සතුටක් දැනෙනවා.”—කේසි.

“මගේ දෙමව්පියන් මං වෙනුවෙන් හුඟක් දේවල් කරලා තියෙනවා. මට කිසිම දේකින් අඩුවක් කරලා නැහැ. තාත්තගේ කාර් එක කැඩුණු වෙලාවේ ඒක හදාගන්න කියලා මම ඉතුරු කරලා තිබුණු සල්ලිවලින් ලොකු ගාණක් එයාලට දුන්නා. ඒක ගන්න එයාලා පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ඒත් මම ඒක ගන්නම කියලා කිව්වා. මොකද අම්මයි තාත්තයි මං වෙනුවෙන් කරලා තියෙන දේවල්වල හැටියට මම ඒ අයට කොච්චර කළත් මදි කියලයි මට හිතෙන්නේ. ඒ වගේ උදව්වක් හරි කරන්න ලැබුණ එක මට ලොකු සතුටක්.”—හොලී.

මේක දැනගෙන හිටියාද? යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර ඉන්න හුඟක් යෞවන යෞවනියන් අනිත් අයට බයිබලයේ තියෙන සත්‍යය කියලා දෙන එකෙන් ලොකු සතුටක් ලබනවා. සමහර යෞවනයන් මිනිසුන්ට බයිබලය ගැන කියලා දෙන්න සාක්ෂිකරුවන් එච්චර නැති රටවලටත් ගිහින් තියෙනවා.

“බයිබලේ තියෙන දේවල් අනිත් අයට කියලා දෙන්න ඕන නිසා මම එක්සත් ජනපදයේ ඉඳලා මෙක්සිකෝවේ පදිංචියට ගියා. මා ළඟ ඒ තරම් සල්ලි තිබුණේ නැහැ. ඒ නිසා තෑගිබෝග දීලා හරි සල්ලි දීලා හරි අනිත් අයට උදව් කරන්න මට ටිකක් අමාරු වුණා. ඒත් මං මගේ කාලයයි ශක්තියයි වැය කරලා දෙවියන් ගැන කියලා දෙද්දී මුදල්වලින් කරන උදව්වලට වඩා අනිත් අය ඒ උදව්ව අගය කළා.”—ඒවන්.

අනිත් අයට උදව් කරන්න මට පුළුවන් කොහොමද?

අනිත් අයට උදව් කරන එකෙන් ලැබෙන සතුට අද්දකින්න ඔයාත් කැමතිද? එහෙමනම් මෙහෙම කරලා බලන්න.

පවුලේ අය වෙනුවෙන්:

  • කවුරුත් කියනකම් ඉන්නේ නැතුව ගේ අතුගාන්න, පිඟන් කෝප්ප හෝදන්න, කාමරයක් අස්පස් කරන්න

  • කෑමක් උයන්න

  • අම්මලා කරන දේවල් අගය කරලා කාඩ් එකක් ලියන්න

  • මල්ලිට හරි නංගිට හරි ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ කරන්න උදව් කරන්න

පවුලට අයිති නැති අය වෙනුවෙන්:

  • අසනීපෙන් ඉන්න කෙනෙක්ට කාඩ් එකක් යවන්න

  • වයසක කෙනෙක්ට වත්ත පිටියේ වැඩවලට උදව් කරන්න

  • ගෙදරටම කොටු වෙලා ඉන්න කෙනෙක්ව බලන්න යන්න

  • ප්‍රශ්නවලින් මිරිකිලා ඉන්න කෙනෙක්ට තෑග්ගක් අරන් දෙන්න

යෝජනාවක්: අනිත් අයට උදව් කරන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද කියලා ටිකක් හිතලා බලන්න. ඊටපස්සේ මේ සතිය ඇතුළත එක්කෙනෙකුට හරි උදව්වක් කරන්න අධිෂ්ඨාන කරගන්න. අනිත් අයට උදව් කරන එකෙන් කොච්චර ලොකු තෘප්තියක් ලැබෙනවාද කියලා එතකොට ඔයාට තේරෙයි.

“වෙන අයට උදව් කළාම ඒකෙන් ලොකු සතුටක් ලැබෙනවා. වටිනා දෙයක් කළා කියන හැඟීමත් ඇති වෙනවා. අනිත් අයත් ඒක අගය කරනවා කියලා ඔයාට දැනෙයි. අනිත් අයට උදව් කරන එක මුලින් අමාරු වැඩක් වගේ පේන්න පුළුවන්. එත් ඒ උදව්ව කරද්දී ලොකු ආස්වාදයක් ලැබෙන නිසා මහන්සිය දැනෙන්නෙවත් නැහැ.”—ඇලේනා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න