ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 86 ලිපිය
  • දෙවියන් තමන්ගේ තීරණ වෙනස් කරනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන් තමන්ගේ තීරණ වෙනස් කරනවාද?
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • දෙවියන් කිසිදාක වෙනස් වෙන්නේ නැහැ කියලා බයිබලයේ කියලා තියෙනවා නේද?
  • මිනිසුන්ව නිර්මාණය කරපු එක ගැන දෙවියන් පසුතැවෙනවාද?
  • ගත්ත තීරණයක් වෙනස් කරන එක හරිද?
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අතීතයෙන් අනතුරු ඇඟවීමක්
    දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
  • දෙවියන් පිළිබඳ දැනුමට විරුද්ධ තර්ක විතර්ක බිඳ දමන්න
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • පටුන
    2012 පිබිදෙව්!
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 86 ලිපිය
ආපසු හරවන්න සංඥාව

දෙවියන් තමන්ගේ තීරණ වෙනස් කරනවාද?

බයිබලයේ ඒ ගැන කියන දේ

ඔව්, සමහර අවස්ථාවලදී මිනිසුන්ගේ ක්‍රියාකලාපය අනුව දෙවියන් කරන්න හිතාගෙන හිටපු දේ වෙනස් කරනවා. උදාහරණයකට, පුරාණ ඊශ්‍රායෙලයේ හිටිය අයට විනිශ්චය පණිවිඩයක් දුන්න අවස්ථාවකදී දෙවියන් කිව්වේ මෙහෙමයි. “සමහරවිට ඔවුන් ඊට සවන් දී ඔවුන්ගේ වැරදි මාර්ගවලින් ඉවත් වීමට ඉඩ තිබේ. ඔවුන් එසේ කළොත් ඔවුන්ගේ වැරදිවලට දඬුවමක් ලෙස ඔවුන් පිටට විපත්ති ගෙන ඒමට මා ගත් තීරණය මම වෙනස් කරමි.”—යෙරෙමියා 26:3.

හැබැයි හුඟක් බයිබල්වල මේ පදය පරිවර්තනය කරලා තියෙන්නේ දෙවියන් ගේන්න අදහස් කරපු විපත්තිය ගැන ‘පසුතැවෙනවා’ කියලයි. දෙවියන්ට අත්වැරදීමක් වෙලා කියන අදහස කෙනෙක්ට ඒකෙන් ඇති වෙන්න පුළුවන්. කොහොමවුණත් මුල් හෙබ්‍රෙව් වචනයෙන් ‘කරන්න හිතාගෙන හිටපු දේ නැත්නම් ගත්ත තීරණය වෙනස් කරනවා’ කියන අදහසත් දෙනවා. ඒ ගැන මහාචාර්යවරයෙක් ලිව්වේ මෙහෙමයි. “කෙනෙක් තමාගේ ක්‍රියාකලාපය වෙනස් කරගනිද්දී දෙවියනුත් තමන්ගේ විනිශ්චය වෙනස් කරනවා.”

දෙවියන්ට තමන් ගන්න තීරණ වෙනස් කරන්න පුළුවන් වුණත් එහෙම කරන්න ඔහු බැඳිලා ඉන්නවා කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. ඔහු තමන්ගේ තීරණ වෙනස් නොකරපු අවස්ථාත් තියෙනවා. ඒ ගැන දැන් අපි බයිබලයෙන් බලමු.

  • දෙවියන්ගේ තීරණය වෙනස් කරලා ඔහු ලවා ඊශ්‍රායෙල්වරුන්ට ශාප කරන්න බාලාක් උත්සාහ කෙරුවා. ඒත් දෙවියන් තමන්ගේ තීරණය වෙනස් කළේ නැහැ.—ගණන් කතාව 23:18-20.

  • සාවුල් රජ වෙනස් නොවී දිගටම දුෂ්ටකම් කළ නිසා ඔහුව රජකමෙන් ඉවත් කරන්න ගත්ත තීරණය දෙවියන් වෙනස් කළේ නැහැ.—1 සාමුවෙල් 15:28, 29.

  • තමන්ගේ පුත්‍රයාව සදහටම පූජකයෙක් කරනවා කියලා දෙවියන් දුන්න පොරොන්දුව අනිවාර්යයෙන්ම ඉටු කරනවා. ඔහු ගත්ත ඒ තීරණය වෙනස් කරන්නේ නැහැ.—ගීතාවලිය 110:4.

දෙවියන් කිසිදාක වෙනස් වෙන්නේ නැහැ කියලා බයිබලයේ කියලා තියෙනවා නේද?

“මා යෙහෝවා දෙවිය. මම කිසිදාක වෙනස් නොවෙමි” කියලා දෙවියන් කිව්ව දේ බයිබලයේ සඳහන් වෙනවා. (මලාකි 3:6) “සෙවණැල්ලක් වෙනස් වන්නා සේ ඔහු කිසිසේත් වෙනස් වන්නේ නැත” කියලත් බයිබලයේ කියනවා. (යාකොබ් 1:17) ඒ පදවලින් පෙන්වන්නේ දෙවියන් ප්‍රේමය සහ යුක්තිය ගැන පිහිටුවලා තියෙන ප්‍රමිතිවත් ඔහුගේ පෞද්ගලිකත්වයවත් වෙනස් වෙන්නේ නැහැ කියලයි. ඒත් ඒ පද දෙවියන් තමන් ගන්න සමහර තීරණ වෙනස් කරනවා කියන එකට පටහැනි නැහැ. (ද්විතීය කතාව 32:4; 1 යොහන් 4:8) කොහොමවුණත් විවිධ තත්වයන්ට අනුව මිනිස්සුන්ට වෙනස් මඟ පෙන්වීම් දෙන්න ඔහුට පුළුවන්. උදාහරණයකට, දාවිත් රජ සටන් කරන්න ගිය අවස්ථා දෙකකදී දෙවියන් ඔහුට දුන්නේ එකිනෙකට වෙනස් මඟ පෙන්වීම්. හැබැයි ඒ අවස්ථා දෙකේදීම ඔහු ඒ සටන්වලින් දින්නා.—2 සාමුවෙල් 5:18-25.

මිනිසුන්ව නිර්මාණය කරපු එක ගැන දෙවියන් පසුතැවෙනවාද?

නැහැ. ඒ වුණත් මිනිස්සු හුඟදෙනෙක් ඔහුව ප්‍රතික්ෂේප කරන එක ගැන නම් ඔහු කනගාටු වෙනවා. නෝවාගේ කාලයේදී දෙවියන් ගෙනාපු ජලගැල්මට කලින් තිබුණ තත්වය ගැන බයිබලයේ මෙහෙම කියනවා. “එබැවින් යෙහෝවා දෙවිගේ සිතට මහත් වේදනාවක් දැනිණ. තමන් සෑදූ මිනිසුන් නිසා ඔහු කනගාටුවට පත් විය.” (උත්පත්ති 6:6) මේ පදයේ කනගාටුව කියන වචනය වෙනුවට සමහර බයිබල්වල දාලා තියෙන්නේ පසුතැවෙනවා කියන වචනයයි. ඒත් ඒ වචනය පරිවර්තනය කරපු මුල් හෙබ්‍රෙව් වචනයෙන් ‘ඔහු ගත්ත තීරණ වෙනස් කරගන්න ඔහුට පුළුවන් කියන එකත්’ අදහස් වෙනවා. ජලගැල්මට කලින් හිටිය මිනිසුන් දුෂ්ට වුණ නිසා ඔවුන්ව විනාශ කරන්න දෙවියන් තීරණය කළා. “මිනිසුන්ගේ දුෂ්ටකම් සෑම තැනකම පැතිර තිබූ බවත් ඔවුන්ගේ සිත් නිතරම නපුරටම යොමු වී තිබුණු බවත් යෙහෝවා දෙවි දුටුවේය. දෙවි පොළොව දෙස බැලූ විට එය නාස්ති වී තිබුණු බව ඔහුට පෙනුණේය. පොළොව සැහැසික ක්‍රියාවලින් පිරී තිබුණේය.” (උත්පත්ති 6:5, 11) ඔවුන් නපුරු විදිහට හැසිරුණු එක ගැන දෙවියන් කනගාටු වුණත් මිනිස් වර්ගයා වෙනුවෙන් ඔහුට තිබුණු අරමුණ ඔහු වෙනස් කළේ නැහැ. ජලගැල්මෙන් දුෂ්ට අයව විනාශ කෙරුවත් මුළු මිනිස් වර්ගයාම නැති වෙන්න ඉඩ නොදී නෝවා සහ එයාගේ පවුලේ අයව ආරක්ෂා කරලා මිනිසුන්ට ජීවත් වෙන්න අවස්ථාව ලබා දුන්නා.—උත්පත්ති 8:21; 2 පේතෘස් 2:5, 9.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න