ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 127 ලිපිය
  • කායින් විවාහ කරගත්තේ කාවද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කායින් විවාහ කරගත්තේ කාවද?
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • කායින්ගේ බිරිඳ කවුරුන් විය හැකිද?
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වෙනස් ආකල්පයන් ඇති කරගත් සහෝදරයෝ
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • කේන්තිය හරිම භයානකයි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • යෙහෝවාට පිළිගත හැකි පූජා ඔප්පු කිරීම
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 127 ලිපිය
කායින් සහ එයාගේ බිරිඳ

කායින් විවාහ කරගත්තේ කාවද?

බයිබලයේ ඒ ගැන කියන දේ

ආදම් සහ ඒවගේ පළවෙනි දරුවා වුණ කායින් විවාහ වුණේ එයාගෙම සහෝදරියක් එක්ක. එහෙම නැත්නම් පවුලේ කිට්ටු නෑදෑයෙක් එක්ක. ඇයි අපි එහෙම කියන්නේ? කායින් සහ එයාගේ පවුලේ අය ගැන බයිබලයේ තියෙන තොරතුරු සලකලා බලද්දී ඒ වගේ තීරණයකට එන්න පුළුවන්.

කායින් සහ එයාගේ පවුලේ අය ගැන තොරතුරු

  • මිනිසුන් හැමෝම පැවතෙන්නේ ආදම් සහ ඒවගෙන්. බයිබලයේ කියන්නේ දෙවියන් “එක මිනිසෙකුගෙන් [ආදම්ගෙන්] සියලුම ජාතීන් බිහි කළා. ඒ වගේම ඔවුන්ගෙන් මුළු පොළෝතලයම ජනාවාස කළා” කියලයි. (ක්‍රියා 17:26) ඒ වගේම “සියලුදෙනාගේම මව” ආදම්ගේ බිරිඳ වුණ ඒව කියලත් බයිබලයේ කියනවා. (උත්පත්ති 3:20) ඒ නිසා කායින් විවාහ කරගන්න ඇත්තේ ආදම් සහ ඒවගෙන් පැවතුණ කෙනෙක්වයි.

  • කායින් සහ ආබෙල් කියන්නේ ආදම්ටයි ඒවටයි හිටිය හුඟක් දරුවන් අතරින් වැඩිමල්ම දරුවන් දෙන්නා. (උත්පත්ති 4:1, 2) කායින් ආබෙල්ව මැරුව නිසා එයාව ප්‍රදේශයෙන් පන්නලා දැම්මාම කායින් කිව්වා “මට කාව හරි මුණගැහුණොත් ඔහු අනිවාර්යයෙන්ම මාව මරා දමයි” කියලා. (උත්පත්ති 4:14) කායින් බය වුණේ කාටද? බයිබලයේ කියනවා ආදම්ටයි ඒවටයි “පුත්‍රයෝද දූවරුද උපන්නෝය” කියලා. (උත්පත්ති 5:4) කායින් බය වුණේ ආදම්ගෙන් සහ ඒවගෙන් පැවතුණ අනිත් අයට කියලා ඒකෙන් පැහැදිලියි.

  • මිනිස් ඉතිහාසයේ මුල් කාලයේදී කිට්ටු නෑදෑයෙක් එක්ක විවාහ වෙන එක අසාමාන්‍ය දෙයක් විදිහට සැලකුවේ නැහැ. උදාහරණෙකට ආබ්‍රහම් විවාහ කරගත්තේ එයාගේ තාත්තාගේ තවත් කසාදෙක දුවෙක් වුණු සාරාව. (උත්පත්ති 20:12) කිට්ටු නෑදෑයන්ව විවාහ කරගන්න එක ඉස්සෙල්ලාම තහනම් කළේ දෙවියන් මෝසෙස් මාර්ගයෙන් දුන්න නීතියෙන්. ඒ කියන්නේ කායින්ගේ කාලෙන් සියවස් ගාණකට පස්සේ. (ලෙවී කතාව 18:9, 12, 13) අද කාලේ කිට්ටු නෑදෑයන්ව විවාහ කරගන්න අයට ලැබෙන දරුවන් ජාන විකෘති වෙලා ඉපදෙන්න තියෙන අවදානම වැඩියි. හැබැයි පේන විදිහට මිනිස් ඉතිහාසයේ මුලදී නම් එහෙම වෙන්න තිබුණේ අඩු ඉඩ කඩක්.

  • ආදම්, ඒව සහ ඒ දෙන්නාගේ පවුලේ අය ගැන සඳහන් වාර්තාව නිවැරදි ඉතිහාස වාර්තාවක් කියලා බයිබලයේ පෙන්වලා තියෙනවා. ආදම්ගේ පෙළපත ගැන උත්පත්ති පොත ලියපු මෝසෙස් විතරක් නෙමෙයි බයිබලයේ ඉතිහාස වාර්තා ලියපු එස්රා සහ ලූක් යන අයත් එයාලා බයිබලයේ ලියපු පොත්වල වාර්තා කළා. (උත්පත්ති 5:3-5; 1 ලේකම් 1:1-4; ලූක් 3:38) කායින්ගේ වාර්තාව බයිබල් ලේඛකයන් විස්තර කරන්නේ ඉතිහාසයේ වුණු සිද්ධියක් විදිහටයි.—හෙබ්‍රෙව් 11:4; 1 යොහන් 3:12; යූද් 11.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න