ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwyp 66 ලිපිය
  • සම්බන්ධය කැඩුණොත්?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සම්බන්ධය කැඩුණොත්?
  • යොවුන් සිතේ ගැටලු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • හැඟෙන විදිහ
  • ඔයාට කරන්න පුළුවන් දේ
  • සම්බන්ධය කැඩුණොත් . . .
    2015 පිබිදෙව්!
  • මං ආදරය කරන කෙනා මාව අත්හැරියොත්?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
  • විරහ වේදනාව දරාගන්නේ කොහොමද?
    2009 පිබිදෙව්!
  • කෙනෙකුට කැමතිවීම නැවැත්වීමට මට හැක්කේ කෙසේද?
    1994 පිබිදෙව්!
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු
ijwyp 66 ලිපිය
මාලයක් අතේ තියන් දුකෙන් ඉන්න තරුණයෙක්

යොවුන් සිතේ ගැටලු

සම්බන්ධය කැඩුණොත්?

“මගේ මුළු ලෝකෙම වෙලා හිටියේ එයායි. අපේ සම්බන්ධය කැඩුණාම මට දැනුණේ ඒ ලෝකෙම කඩන් වැටුණා වගෙයි. ඒක තමයි මං ජීවිතේ විඳපු ලොකුම දුක” කියලා ස්ටීවන් කිව්වා.

ස්ටීවන් විඳපු දුක කවදා හරි ඔයාටත් දැනිලා තියෙනවාද? එහෙම නම් මේ ලිපිය ඔයාට උදව් වෙයි.

  • හැඟෙන විදිහ

  • ඔයාට කරන්න පුළුවන් දේ

හැඟෙන විදිහ

දෙන්නෙක් ආදරෙන් ඉඳලා සම්බන්ධය කැඩුණාම ඒක ඒ දෙන්නාටම දුකක්.

  • සම්බන්ධය නවත්වන්න තීරණය කළේ ඔයා නම් ජැස්මින්ට හිතුණා වගේ ඔයාටත් හිතිලා ඇති. එයා මෙහෙම කියනවා. “මං ආදරේ කරපු කෙනෙක්ව රිද්දුවා කියන හැඟීම නිසා මගේ හිත හැම තිස්සෙම වධ දුන්නා. ඒක මට ලොකු දුකක්. ආයේ කවදාවත් මට ඒ වගේ දුකක් නම් දරාගන්න බැහැ.”

  • සම්බන්ධය නැවැත්තුවේ ඔයා නෙමෙයිද? එහෙනම් සම්බන්ධයක් කැඩුණාම දැනෙන දුක හරියට ආදරේ කරපු කෙනෙක් මැරුණාම දැනෙන දුක වගෙයි කියලා සමහරු කියන කතාව කොයි තරම් ඇත්තක්ද කියලා ඔයාට තේරෙයි. “මං මෙච්චර ආදරේ කරපු කෙනා මාව දාලා ගියාම මට දැනුණේ කියාගන්න බැරි දුකක්. අපි ආදරේ කරපු කෙනෙක් මැරුණාම ඒ දුක දරාගන්න කාලයක් යනවා වගේ මටත් සෑහෙන කාලයක් ගියා ඒ දුක දරාගන්න. මගෙන් වැඩක් නැහැ කියලා මට හිතුණා. දැනුණු තරහා, මානසික පීඩනය වගේ දේවලින් ගොඩ එන්න අවුරුද්දක් විතර ගියා” කියලා ජැනට් කියනවා.

මේක මතක තියාගන්න: ආදරේ කරපු දෙන්නෙක් අතර තියෙන සම්බන්ධය කැඩුණාම ලොකු දුකක්, කලකිරීමක් ඇති වෙන එක නවත්වන්න බැහැ. “බිඳුණු සිතක් ඇට වියළවයි” කියලා බයිබලේ කියන දේ කොයි තරම් ඇත්තද!—හිතෝපදේශ 17:22.

ඔයාට කරන්න පුළුවන් දේ

  • කෙනෙක් කතා කරමින්

    විශ්වාසවන්ත කෙනෙකුට කියන්න. බයිබලයේ කියන්නේ මෙහෙමයි. “සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි. ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි.” (හිතෝපදේශ 17:17) ඔයාගේ දුක, ඔයාට හිතෙන විදිහ අම්මා, තාත්තා එක්ක හරි හොඳට හිතලා බලලා වැඩ කරන යාළුවෙක්ට හරි කියන්න. එතකොට ප්‍රශ්නෙ දිහා හොඳ විදිහට බලන්න එයාලා ඔයාට උදව් කරයි.

    “මාස ගාණක් යන කල් මට ඕනෙ වුණේ තනි වෙන්න. මගේ දුක ගැන කාටවත් කියන්න මං කැමති වුණේ නැහැ. ඒත් හිතේ තියෙන දේ හොඳ යාළුවෙක්ට කියද්දී කොච්චර ලොකු සහනයක් ලබන්න පුළුවන්ද කියලා මට තේරුණේ මගේ යාළුවෝ එක්ක ඒ ගැන කතා කළාමයි.”—ජැනට්.

  • මිනිස් මොළේ

    වෙච්ච දෙයින් පාඩමක් ඉගෙනගන්න. බයිබලයේ මෙහෙම කියනවා. “ප්‍රඥාව ලබාගෙන තේරුම්ගැනීමේ හැකියාවද දියුණු කරගන්න.” (හිතෝපදේශ 4:5) සමහර අමිහිරි අද්දැකීම් අපිට අපි ගැනම ගොඩක් දේවල් කියලා දෙනවා. දුක දරාගන්න විදිහ ඉගෙනගන්නත් ඒ අද්දැකීම් හුඟක් ප්‍රයෝජනවත්.

    “මං ආදරේ කරපු කෙනා එක්ක මට තිබුණු සම්බන්ධය කැඩුණාට පස්සේ එක යාළුවෙක් මගෙන් මෙහෙම ඇහුවා. ‘ඔයාට වැරදුණේ කොහෙද කියලා ඔයා හිතුවාද, ආයෙත් සම්බන්ධයක් පටන්ගත්ත දවසකදී ඒ අද්දැකීම ඔයාට උදව් වෙන්නේ කොහොමද කියලා ඔයා හිතුවාද?’”—ස්ටීවන්.

  • කෙනෙක් යාච්ඤා කරමින්

    යාච්ඤා කරන්න. “ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න. එවිට ඔහු ඔබව ශක්තිමත් කරන්නේය” කියලා බයිබලයේ කියනවා. (ගීතාවලිය 55:22) දැනෙන දුක දරාගන්නත් සම්බන්ධය කැඩුණ එක ගැන ලත වෙවී ඉන්නේ නැතුව වෙනම විදිහකින් ඒ ගැන හිතන්නත් යාච්ඤාව ඔයාට උදව් වෙයි.

    “දිගටම යාච්ඤා කරන්න. සිද්ධ වුණේ මොනවාද කියලත් ඔයාගේ හිතේ ඒ ගැන කොයි තරම් දුකක් තියෙනවාද කියලත් ඔයාටත් වඩා හොඳට යෙහෝවා දෙවියන් දන්නවා.”—මාෂා.

  • උදව්වට අත දෙමින්

    අනිත් අයට උදව් කරන්න. “ඔබේම කාරණා ගැන පමණක් සිතමින් සිටිනවා වෙනුවට එකිනෙකා කෙරෙහිත් පෞද්ගලික සැලකිල්ල දක්වන්න” කියලා බයිබලයේ කියනවා. (ෆිලිප්පි 2:4) අනිත් අයට උදව් කරන්න කාලේ වැය කරද්දී ඔයාගේ හිතේ තියෙන දුකත් නැති කරගන්න ඒක උදව් වෙනවා.

    “අපි දෙන්නාගේ සම්බන්ධය කැඩුණාම මට දැනුණේ මගේ මුළු ලෝකෙම මගේ ඇස් ඉස්සරහා කඩන් වැටෙනවා වගෙයි. ඊට වඩා වේදනාවක් ලෝකේ තවත් තියෙනවාද කියලා මට හිතුණා. ඒත් කාලය තමයි හොඳම බෙහෙත. කාලයත් එක්කම ඒ දුක තුනී වෙලා ගියා.”—එවලින්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න