ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 143 ලිපිය
  • දුම්බීම පාපයක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දුම්බීම පාපයක්ද?
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • විනෝදයට මරිජුවානා හරි වෙනත් මත්ද්‍රව්‍යක් හරි භාවිත කරන එක ගැන බයිබලේ මොකක්ද කියන්නේ?
  • සිගරට් බොන එක ඔය කියන තරම්ම නරකද?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
  • දුම්බීම වැරදිද?
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දුම් පානය දෙවියන් අනුමත කරනවාද?
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දුම්කොළ පාක්ෂිකයෝ තම උෂ්ණ-වායු බැලුම් දියත් කරති
    1995 පිබිදෙව්!
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 143 ලිපිය
සිගරට් එකක් බොනවා

දුම්බීම පාපයක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

දුම්බීමa සහ වෙනත් විදිවලින් දුම්කොළ භාවිත කිරීම ගැන බයිබලයේ නිශ්චිතවම සඳහන් වෙන්නේ නැහැ. ඒත් ඒ වගේ සෞඛ්‍යයට අහිතකර වගේම අපවිත්‍ර පුරුදුවල යෙදෙන එක දෙවියන් අනුමත කරන්නේ නැහැ කියලත් ඒක දෙවියන් සලකන්නේ පාපයක් විදිහටයි කියලත් පැහැදිලි වෙන ප්‍රතිපත්ති බයිබලයේ තියෙනවා.

  • ජීවිතය වටිනා දෙයක් විදිහට සලකන්න. ‘සියලුදෙනාටම ජීවිතයත් හුස්මත් දෙන්නේ දෙවියි.’ (ක්‍රියා 17:24, 25) ජීවිතය අපිට දෙවියන්ගෙන් ලැබිලා තියෙන තෑග්ගක් නිසා අපි දුම්බීම වගේ ආයුෂ කෙටි කරන පුරුදුවලට වැටෙන්න හොඳ නැහැ. දුම්බීම නිසා ලොකය පුරාම ඉන්න විශාල පිරිසක් අකාලයේ මිය ගිහින් තියෙනවා.

  • අනිත් අය ගැන හිතන්න. බයිබලයේ කියන්නේ “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න” කියලයි. (මතෙව් 22:39) කෙනෙක් තවත් අය ඉන්න තැනක දුම් බොනවා නම් එයා පෙන්නන්නේ අනිත් අයට මොනව වුණත් එයාට ගාණක් නෑ කියලයි. ඒ අයට එයා ආදරේ නෑ කියලයි. නිතරම දුම් බොන අය ළඟ ඉන්න අයටත් දුම් බොන අයට හැදෙන ලෙඩම හැදෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා.

  • ශුද්ධව ඉන්න. “ඔබේ ශරීර ජීවමාන, ශුද්ධ මෙන්ම දෙවිට පිළිගත හැකි පූජාවක් ලෙස ඔප්පු කරන්න” කියලා බයිබලයේ අපිට උනන්දු කරනවා. (රෝම 12:1) ඒ වගේම “අපගේ මනස සහ ශරීරය අපවිත්‍ර කරවන සෑම දෙයකින්ම ඉවත් වී අපි අපවම පවිත්‍ර කරගනිමු. එලෙසම දේවගරුබිය දක්වමින් අපගේ ශුද්ධකම දිනෙන් දින පූර්ණ මට්ටමකට ගෙනෙමු” කියලත් බයිබලයේ කියනවා. (2 කොරින්ති 7:1) දුම් බොන කෙනෙක් ශුද්ධව ඉන්න කෙනෙක් කියලා කියන්න බැහැ. මොකද එයා කරන්නේ හිතාමතාම විෂ ශරීරගත කරගන්න එකයි. ඒක ශරීරයට හුඟක් නරක විදිහට බලපානවා.

විනෝදයට මරිජුවානා හරි වෙනත් මත්ද්‍රව්‍යක් හරි භාවිත කරන එක ගැන බයිබලේ මොකක්ද කියන්නේ?

මරිජුවානා නැත්නම් ගංජා හෝ වෙනත් මත්ද්‍රව්‍ය ගැන බයිබලයේ කෙලින්ම සඳහන් වෙන්නේ නැහැ. ඒත් විනෝද වෙන්න ඒවා ගන්න එක හරිද වැරදිද කියලා තේරුම්ගන්න උදව් වෙන ප්‍රතිපත්ති බයිබලයේ තියෙනවා. අපි කලින් බලපු ප්‍රතිපත්තිවලට අමතරව මේ ප්‍රතිපත්තිත් සලකා බලමු.

  • හොඳ සිහිකල්පනාවෙන් ඉන්න. ‘ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මනසේ මුල් තැන හිමි විය යුතුයි’ කියලා බයිබලයේ කියනවා. (මතෙව් 22:37, 38) “ඔබ හොඳ සිහිකල්පනාවෙන් සිටිය යුතුයි” කියලත් බයිබලයේ කියනවා. (1 පේතෘස් 1:13) මත්ද්‍රව්‍ය ගන්න කෙනෙක් හොඳ සිහිකල්පනාවෙන් ඉන්න කෙනෙක් කියලා කියන්න බැහැ. හුඟදෙනෙක් අද ඒවාට ඇබ්බැහි වෙලයි ඉන්නේ. එයාලා මනස යොමු කරන්නේ කෙහොම හරි මත්ද්‍රව්‍ය ගන්න එකට මිසක් වැදගත් දේවලට නෙමෙයි.—ෆිලිප්පි 4:8.

  • රජයේ නීතියට කීකරු වෙන්න. බයිබලය අපිට “ආණ්ඩුවල බලධාරීන්ට කීකරු වෙන්න” උනන්දු කරනවා. (තීතස් 3:1) සමහර මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එක ගැන හුඟක් රටවල්වල රජයෙන් නීති රෙගුලාසි පනවලා තියෙනවා. දෙවියන්ව සතුටු කරන්න අපිට ඕනෙ නම් අපි බලධාරීන්ට කීකරු වෙන්න අවශ්‍යයි.—රෝම 13:1.

සෞඛ්‍යය වනසන දුම්කළ

දුම්බීම නිසා ඇති වෙන රෝගවලින් හැම අවුරුද්දකම මිනිසුන් මිලියන 6ක් විතර මියයනවා කියලා ලෝක සෞඛ්‍යය සංවිධානය කියනවා. තමන් අවට ඉන්න අය දුම් බොන නිසා රෝගවලට ගොදුරු වුණ 6,00,000කට වඩා වැඩිදෙනෙකුත් ඒ අතරේ ඉන්නවා. දුම් බොන අයට සහ ඒය අවට ඉන්න අයට දුම්බීම බලපාන විදිහ දැන් බලමු.

පිළිකා. දුම්කොළ පත්තු කරලා උරද්දී කෙනෙක් පිළිකාකාරක රසායනික ද්‍රව්‍ය 50කට වඩා ශරීරගත කරගන්නවා. “පෙනහලු පිළිකාවලින් මියයන අයගෙන් 90% මියයන්නේ දුම්බීම නිසයි” කියලා එක විශ්වකෝෂයක සඳහන් වෙනවා. (Encyclopædia Britannica) ඒ විතරක් නෙමෙයි දුම්බීම නිසා කෙනෙක්ගේ මුඛයේ, ශ්වාසනාලයේ, අන්නසෝත්‍රයේ, උගුරේ, ස්වරාලයේ, අක්මාවේ, අග්න්‍යාශයේ වගේම පිත්තාශයේ පිළිකා ඇති වෙන්න පුළුවන්.

ශ්වසන රෝග. දුම් බොන කෙනෙක්ට ප්‍රතිශ්‍යා රෝගය සහ නියුමෝනියාව වගේ ශ්වසන රෝග ඇති වීමේ අවදානම වැඩියි. ළඟ ඉන්න අය දුම් බොන නිසා හුඟක් දරුවන් ඇදුම, කැස්ස, පෙනහලු වර්ධනය සහ ක්‍රියාකාරිත්වය බෙලහීන වීම වගේ තත්වයන්ගෙන් පෙලෙනවා.

හදවත් රෝග. දුම් බොන කෙකෙන්ට ලේසියෙන්ම හදවත් රෝගයක් හරි ස්ට්‍රෝක් එකක් හරි හැදෙන්න පුළුවන්. දුම් බොද්දී කෙනෙක් කාබන් මොනොක්සයිඩ් වායුව ශරීරගත කරගන්නවා. ලේවල තියෙන ඔක්සිජන් අණු යටපත් කරගෙන කාබන් මොනොක්සයිඩ් අණු රුධිරයට එකතු වෙනවා. රුධිරයේ ඔක්සිජන් අඩු වුණාම ශරීරයට අවශ්‍ය ඔක්සිජන් ලැබෙන්න, රුධිරය සාමාන්‍යට වඩා වැඩි ප්‍රමාණයක් ශරීරය පුරාම යවන්න හදවතට සිද්ධ වෙනවා.

ගැබිනි මව්වරුන් අනතුරේ. දරුවා කුසේ ඉන්න කාලෙදී අම්මා දුම් බොනවා නම් නොමේරු දරු උපතක් සිද්ධ වෙන එක, දරුවාගේ බර අඩු වෙන එක සහ විදලිත තොලක් සහිත දරුවෙක් ඉපදෙන එක වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඒ වගේ දරුවන්ට ශ්වසන ආබාධ ඇතිවෙන්න හරි දරුවා හදිසියේම මියයන්නත් ඉඩ තියෙනවා.

a දුම්බීම කියද්දී සිගරට්, සුරුට්ටු, පයිප්ප සහ වෙනත් විදිවලින් දුම්කොළ දුම උරන එක අදහස් වෙනවා. අපි බලන ප්‍රතිපත්ති දුම්කොළ හැපීම, දුම්කුඩු ඉරීම, සහ නිකොටින් අඩංගු ඉලෙක්ට්‍රොනික් සිගරට් භාවිතය වගේ දේවල්වලටත් අදාළයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න