ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwhf 3 ලිපිය
  • සෙනෙහස පෙන්නන්නේ කොහොමද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සෙනෙහස පෙන්නන්නේ කොහොමද?
  • පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දැනගන්න ඕන දේ
  • කරන්න පුළුවන් දේ
  • “එකිනෙකා කෙරෙහි ගැඹුරු ස්නේහයක් ඇතිව සිටින්න”
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • විවාහයේ සතුට රැකගන්න: සෙනෙහස පෙන්නන්න
    පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
  • සහෝදර ස්නේහයේ යතුර සොයා ගැනීම
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පවුල් කවය තුළ සෙනෙහස පෙන්වන්න
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
ijwhf 3 ලිපිය
සැමියෙක් එයාගේ බිරිඳව වැළඳගන්නවා

පවුලේ හැමෝටම මඟ පෙන්වීම්

සෙනෙහස පෙන්නන්නේ කොහොමද?

පහු පහු වෙන කොට කොහු කොහු වෙනවා කියලා කතාවක් තියෙනවා. අද කාලේ හුඟක් විවාහක යුවළයන්ට වෙලා තියෙන්නෙත් ඒකමයි. බැඳපු දවස්වල පෙන්නපු ආදරය සෙනෙහස දැන් එකිනෙකාට පෙන්වන්නේ නැහැ. ඔයාලගේ විවාහයේ තත්වයත් ඒකමද?

  • දැනගන්න ඕන දේ

  • කරන්න පුළුවන් දේ

දැනගන්න ඕන දේ

ශක්තිමත් විවාහ බැඳීමකට නැතුවම බැරි සෙනෙහස. නොකා නොබී ඉඳලා ශක්තිමත් නිරෝගී සිරුරක් පවත්වාගන්න බැහැ නේද? ඒ වගේ සෙනෙහස නැතුවත් ශක්තිමත් විවාහ බැඳීමක් පවත්වාගන්න බැහැ. බැඳලා අවුරුදු ගාණක් ගියත් අනිත් කෙනා තමන්ට ආදරෙයි, තමන්ව සෙනෙහසින් රැකබලා ගන්නවා කියන දේ දෙන්නාටම දැනෙන්න ඕනේ.

ඇත්තටම ආදරණීය කෙනෙක් නිතරම බලන්නේ අනිත් කෙනාව සතුටු කරන්න. එයා ආත්මාර්ථකාමී නැහැ. එහෙම කෙනෙක් තමන්ගේ සැමියාට නැත්නම් බිරිඳට සෙනෙහස පෙන්වන්න ඕනෙ මොන පැතිවලින්ද, කොයි වෙලාවෙද කියලා හොයලා බලනවා. ඒ වගේ කෙනෙක් කැලේට හඳ පායනවා වගේ ආදරයක් හිතුණාම විතරක් හිටි හැටියේ සෙනෙහස පෙන්වන කෙනෙක් නෙමෙයි.

සාමාන්‍යයෙන් වැඩිපුර සෙනෙහස ලබන්න කැමති බිරිඳ. සමහරවිට සැමියා, බිරිඳට ගොඩක් ආදරේ ඇති. ඒත් ඒ ආදරය පෙන්වන්නේ දවසට වතාවක් දෙකක් විතරයි නම්, නැත්නම් ලිංගිකව එක් වෙන වෙලාවට විතරයි නම් බිරිඳට කෙහොම හැඟෙයිද? එහෙම වුණොත් ‘මෙයා ඇත්තටම මට ආදරෙයිද’ කියලා බිරිඳට හිතෙන්න පුළුවන්. අනිත් අතට සැමියා නිතරම තමන්ගේ සෙනෙහස බිරිඳට දැනෙන්න සලස්වනවා නම් බිරිඳ ඒක කොච්චර අගය කරයිද?

කරන්න පුළුවන් දේ

වචනවලින් සෙනෙහස පෙන්වන්න. “මං ඔයාට ආදරෙයි.” “මට ඔයාව නැතුවම බැහැ.” ඔයාගේ කටින් පිට වෙන සෙනෙහස පිරුණු ඒ වගේ ලස්සන වචන ඇහෙද්දී ඔයාගේ සැමියාට, බිරිඳට කොහොම දැනෙයිද කියලා ටිකක් හිතන්න. ඔයාට එයාව ගොඩක් වටිනවා කියලා එයාට දැනෙයි.

බයිබල් ප්‍රතිපත්තිය: “කෙනෙකුගේ මුවින් පිට වන්නේ ඔහුගේ සිත තුළ පිරී ඇති දෙයයි.”—මතෙව් 12:34.

යෝජනාවක්: ඔයාගේ සෙනෙහස වචනවලට විතරක් සීමා කරන්න ඕනෙ නැහැ. ඇයි පුංචි කාඩ් එකක්, ඊමේල් එකක්, SMS එකක් වුණත් යවන්න පුළුවන්නේ?

ක්‍රියාවෙන් සෙනෙහස පෙන්වන්න. “ආදරෙයි” කියලා වචනෙන් කියනවාට අමතරව ඔයාගේ බිරිඳව හරි සැමියාව හරි වැලඳගද්දී සිපගද්දී එයාගේ අතින් අල්ලද්දී ඔයා පෙන්වන්නේ එයාට ඔයා ආදරෙයි කියලයි. මුදු මොළොක් විදිහට එයාව අල්ලද්දී, ආදරෙන් එයාගේ ඇස් දෙක දිහා බලද්දී, ඉඳලා හිටලා පුංචි තෑග්ගක් දෙද්දී ඔයාගේ සෙනෙහස එයාට තදින්ම දැනෙයි. බිරිඳට සෙනෙහස පෙන්වන්න සැමියෙකුට කරන්න පුළුවන් තවත් දේවල් ගැන හිතන්න. උදාහරණයකට මාකට් ගිහින් එද්දී හරි වෙන කොහේ හරි ගිහින් එද්දී බඩු මලු ටික උස්සන් එන්න, ගේ දොර අස්පස් කරලා අතුගාලා දෙන්න, පිඟන් කෝප්ප හෝදන්න, ඇඳුම් හෝදලා දෙන්න, කෑමක් හදලා දෙන්න සැමියෙකුට පුළුවන්. කැමැත්තෙන්ම ඒ වගේ දේවල් කරන සැමියෙක් පෙන්වන්නේ බිරිඳ ගැන එයාගේ හිතේ තියෙන සෙනෙහසේ තරමයි.

බයිබල් ප්‍රතිපත්තිය: ‘අපේ ප්‍රේමය වචනවලට [විතරක්] සීමා නොකරමු. ඒ වෙනුවට ක්‍රියාවෙන් ප්‍රේමය පෙන්වමු.’—1 යොහන් 3:18.

යෝජනාවක්: යාළු වෙලා හිටපු කාලෙදී පෙන්නපු විදිහටම සැලකිල්ල දක්වන්න.

දෙන්නාට දෙන්නා වෙනුවෙන් කාලය වෙන් කරගන්න. අනිත් අයගෙන් ටිකක් වෙන් වෙලා දෙන්නා විතරක් එකට කාලය ගත කරද්දී විවාහ බැඳීම ශක්තිමත් කරගන්න පුළුවන්. ඔයා එයාගේ ඇසුරෙන් සතුටක් විඳිනවා කියලා බිරිඳට හරි සැමියාට හරි දැනගන්නත් ඒකෙන් අවස්ථාව ලැබෙනවා. දරුවෝ ඉන්නවා නම්, දවසේ වැඩ රාජකාරි හුඟක් තියෙනවා නම් ඒක ලේසි නැති වෙන්න පුළුවන්. එහෙම නම් වැඩිය කාලය වැය වෙන්නේ නැති පොඩි පොඩි දේවල් කරන්න. උදාහරණෙකට ඔයාගේ සැමියා නැත්නම් බිරිඳ එක්ක ටිකක් ඇවිදින්න යද්දී ඒකට අවස්ථාවක් හදාගන්න.

බයිබල් ප්‍රතිපත්තිය: “වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගන්න.”—ෆිලිප්පි 1:10.

යෝජනාවක්: සමහර කාර්යබහුල විවාහක යුවළයන් දෙන්නා විතරක් රෑ කෑමකට හරි සති අන්තයක් ගත කරන්න හරි යනවා.

රෙස්ටොරන්ට් එකකට ගිහින් කෑමක් ගන්න සැමියෙක් සහ බිරිඳක්

සෙනෙහස ලබන්න කැමති විදිහ හඳුනාගන්න. හැමෝම එක වගේ නෙමෙයි. කෙනෙක් සෙනෙහස ලබන්න කැමති විදිහ තව කෙනෙක්ට වඩා වෙනස්. ඒ නිසා ඔයාගේ බිරිඳගෙන් නැත්නම් සැමියාගෙන් ඒ ගැන අහන්න. ඒක උදව් වෙයි එයා සෙනෙහස ලබන්න කැමති තව කොයි පැතිවලින්ද කියලා දැනගන්න. ඊටපස්සේ අඩුපාඩුකම් හදාගන්න මහන්සි වෙන්න. වැඩියෙන් සෙනෙහස පෙන්වන්න මහන්සි වුණාට පාඩුවක් වෙන්නේ නැහැ. මොකද විවාහ බැඳීම ශක්තිමත් කරගන්න සෙනෙහස නැතුවම බැහැ.

බයිබල් ප්‍රතිපත්තිය: ‘ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා තමාගේම වාසිය සොයන්නේ නැත.’—1 කොරින්ති 13:4, 5.

යෝජනාවක්: බිරිඳගේ නැත්නම් සැමියාගේ සෙනෙහස බලෙන් ගන්න බැහැ. ඒ නිසා ඔයා මෙහෙම අහගන්න. ‘එයාට මං ගැන සෙනෙහසක් ඇති වෙන්න මං මොනවාද කරන්න ඕනේ?’

ඩග්ලස් සහ ඩෙබ්‍රා

“කාලයත් එක්කම මං කැමති දේවල්, මට ඕන දේවල් ගැන හිතහිත ඉන්න එක නවත්තලා දැම්මා. ඒ වෙනුවට මගේ මහත්තයා මං වෙනුවෙනුත් දරුවන් වෙනුවෙනුත් කරන දේවල්, කැප කිරීම් තවත් වැඩියෙන් අගය කරන්න පටන්ගත්තා. ඒකෙන් වුණේ මං එයාට සෙනෙහස පෙන්වන තරමටත් වැඩියෙන් එයා මට සෙනෙහස පෙන්වපු එකයි.”—ඩෙබ්‍රා සහ එයාගේ සැමියා ඩග්ලස්.

ඒරන් සහ ෆ්ලාවියා

“අපි දෙන්නා හැම තිස්සෙම උත්සාහ කරන්නේ ‘මං කැමති දේ’ නෙමේ අනිත් කෙනා කැමති දේ කරන්න. උදාහරණයක් කියන්නංකෝ. මගේ මහත්තයා හරිම ආසයි එයා මං වෙනුවෙන් කරන දේවල් අගය කරනවාට. ඒ එයා ආස දේනේ. ඉතිං මං එහෙම කරනවා. මං ආසයි ‘ඔයා හොඳින් නේද’ කියලා මගෙන් අහලා බලනවාට. ඒකට මං ආස නිසා එයා නිතරම මං ගැන හොයලා බලනවා.”—ෆ්ලාවියා සහ එයාගේ සැමියා ඒරන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න