ජීවය ඇති වුණේ කොහොමද?
ඔයාගේ උත්තරය මොකක්ද?
ජීවය . . .
- පරිණාමය වුණා 
- නිර්මාණය කළා 
සමහර අය හිතනවා විද්‍යාවට බර අය “පරිණාමය වුණා” කියන උත්තරය දෙයි කියලා. ඒ වගේම ආගමට බර අය “නිර්මාණය කළා” කියන උත්තරය දෙයි කියලා.
ඒත් හැම තිස්සේම එහෙම වෙන්නේ නැහැ.
හුඟක් විද්‍යාඥයන් සහ උගත් අය පවා ජීවය පරිණාමය වුණා කියන එක ගැන තවමත් ප්‍රශ්න කරනවා.
පරිණාමය ගැන ඉගෙනගත්ත කාලය මතක් කරමින් කෘමි විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ජෙරාඩ් මෙහෙම කිව්වා. “මම විභාගවලට ලිව්වේ මහාචාර්යවරු බලාපොරොත්තු වුණු උත්තර. ඒත් මං ඉගෙනගත්ත දේවල් ඇත්ත කියලා මං විශ්වාස කළේ නෑ.”
විද්‍යා ක්ෂේත්‍රයේ ඉන්න සමහර අයට පවා ජීවය ඇති වුණේ පරිණාමයෙන් කියලා පිළිගන්න අමාරු වෙලා තියෙන්නේ ඇයි? ඒ ගැන දැනගන්න පර්යේෂකයන් අදටත් පිළිතුරු හොයන ප්‍රශ්න දෙකක් ගැන බලමු. (1) ජීවය බිහි වුණේ කොහොමද? (2) සංකීර්ණ ජීවීන් ඇති වුණේ කොහොමද?
ජීවය බිහි වුණේ කොහොමද?
සමහරු කියන්නේ මෙහෙමයි. අජීවී දෙයකින් ජීවය ඉබේම ඇති වුණා.
ඒ අදහස පිළිගන්න සමහරු කැමති නැත්තේ ඇයි? සෛලයක ව්‍යුහය සහ සෛලයක් ඇති වෙන්න හේතු වෙන රසායනික ක්‍රියාවලිය වගේ ගොඩක් දේවල් ගැන ඉස්සරට වඩා දැන් විද්‍යාඥයන් දන්නවා. ඒත් ජීවී සෛලයක් බිහි වුණේ කොහොමද කියන එක එයාලට තවමත් ප්‍රශ්නයක්. මොකද අජීවී දෙයක් සහ ඉතාම සරල ජීවී සෛලයක් අතර පවා ලොකු වෙනසක් තියෙනවා.
අවුරුදු බිලියන ගාණකට කලින් පෘථිවිය තිබුණේ මොන වගේ තත්වයකද කියන එක ගැන විද්‍යාඥයන් ඉදිරිපත් කරලා තියෙන්නේ උපකල්පන විතරයි. ජීවයේ ආරම්භය ගැනත් ඒ අයට විවිධ මත තියෙනවා. උදාහරණයකට ජීවය ඇති වුණේ ගිනි කන්දක් ඇතුළේ නැත්නම් මුහුදු පතුලේ කියලා ඔවුන් හිතනවා. තවත් අය හිතන්නේ ජීවය බිහි වෙන්න අවශ්‍ය සංඝටක විශ්වයේ කොහේ හරි තැනක ඇති වෙලා උල්කාපාත හරහා පොළොවට ආවා කියලයි. ඒත් ජීවය ඇති වුණේ කොහොමද කියන ප්‍රශ්නෙට ඒ එකකින්වත් උත්තරයක් ලැබෙන්නේ නැහැ.
DNA සහ ජාන වගේ දේවල් බවට පත් වෙන්න හැකියාව තිබුණු අණු ඈත අතීතයේදී තියෙන්න ඇති කියලා විද්‍යාඥයන් අනුමාන කරනවා. ඒ අණු අජීවී දෙයකින් ඉබේම ඇති වුණා කියලත් ඒවාට ස්වයංක්‍රීයව තමන්ගෙම පිටපතක් හදාගන්න හැකියාව තියෙනවා කියලත් එයාලා හිතනවා. ඒත් ඒ වගේ අණු තිබුණා කියන්න විද්‍යාවෙන් කිසිම සාක්ෂියක් ලැබිලා නැහැ. මේ වෙන කල් විද්‍යාඥයන්ට ඒ වගේ අණුවක් විද්‍යාගාරවල නිපදවන්න හැකියාවක් ලැබිලත් නැහැ.
සෛලයක් තොරතුරු ගබඩා කරන විදිහ සහ ඒවා බෙදාහරින විදිහ හරිම පුදුමාකාරයි. මොකද සෛලයක තියෙන ජානමය තොරතුරුවලට අනුව තමයි ඒකේ තොරතුරු පිටපත් කරන එක, තොරතුරු බෙදාහරින එක සහ ක්‍රියාකාරිත්වය පාලනය කරන එක වගේ දේවල් සිද්ධ වෙන්නේ. සමහර විද්‍යාඥයන් මේ ජානමය තොරතුරු පරිගණක මෘදුකාංගවලට සමාන කරනවා. මෘදුකාංගයකට තොරතුරු ඇතුල් කරන්න නම් කෙනෙක් ඉන්න ඕන. ඒත් ජානවලට තොරතුරු ඇතුල් කළේ කවුද කියලා ඔවුන් දන්නේ නැහැ.
සෛලයක ක්‍රියාකාරිත්වයට ප්‍රෝටීන අණු අත්‍යවශ්‍යයි. ප්‍රෝටීන අණුවක ඇමයිනෝ අම්ල සිය ගාණක් තියෙනවා. ඒවා එතිලා තියෙන්නේ විශේෂිත රටාවකටයි. ඒ වගේම ප්‍රෝටීන අණුවක් ක්‍රියා කරන්න නම් ඒක විශේෂිත ත්‍රිමාන හැඩයකට සකස් වෙලා තියෙන්නත් ඕනේ. එහෙම බලද්දී සංකීර්ණ එක ප්‍රෝටීන අණුවක්වත් ඉබේම ඇති වෙන්න තියෙන ඉඩකඩ හරිම අඩුයි කියලා සමහර විද්‍යාඥයන් කියනවා. භෞතික විද්‍යාඥයෙක් වන පෝල් ඩේවිස් මෙහෙම කියනවා. “එක සෛලයක් ක්‍රියා කරන්න ඒ වගේ විවිධ ප්‍රෝටීන අණු දහස් ගාණක් ඕනේ. ඒත් එක ප්‍රෝටීන අණුවක්වත් ඉබේම ඇති වෙන්න බෑ.”
නිගමනය. දශක ගණනාවක් පුරා විද්‍යාවේ හැම ක්ෂේත්‍රයකම කළ පර්යේෂණවලින් පෙනී යන්නේ අජීවි දෙයකින් ජීවයක් ඇති වෙන්න බැහැ කියලයි.
සංකීර්ණ ජීවීන් ඇති වුණේ කොහොමද?
සමහරු කියන්නේ මෙහෙමයි. මුල්ම ක්ෂුද්‍ර ජීවියා ක්‍රමක්‍රමයෙන් පරිණාමය වෙලා මිනිසුන් සහ වෙනත් ජීවීන් ඇති වුණා. එහෙම වුණේ ස්වාභාවික වරණයේ සහ විකෘති වීමේ ප්‍රතිඵලයක් විදිහටයි.
ඒ අදහස පිළිගන්න සමහරු කැමති නැත්තේ ඇයි? සමහර සෛල ගොඩක් සංකීර්ණයි. සරල සෛලයක් සංකීර්ණ සෛලයක් දක්වා පරිණාමය වුණේ කොහොමද කියන එක තමයි “ජීවය ඇති වුණේ කොහොමද කියන එකට පස්සේ තියෙන ලොකුම අභිරහස” කියලා එක වාර්තාවක සඳහන් වෙනවා.
හැම සෛලයකම ප්‍රෝටීන අණුවලින් හැදුණු සංකීර්ණ අණුක යන්ත්‍ර (molecular machines) තියෙනවා. සෛලයක් තුළ සිද්ධ වෙන සංකීර්ණ ක්‍රියාවලියට දායක වෙන්නේ ඒ අණුක යන්ත්‍රයි කියලා විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා. අණුක යන්ත්‍ර මගින් පෝෂ්‍ය කොටස් ශක්තිය බවට පරිවර්තනය කිරීම සහ ඒවා සෛලය පුරා ගෙන යාම, සෛල අලුත්වැඩියා කිරීම, සෛල තුළ පණිවිඩ ගෙන යෑම වගේ දේවල් කරනවා. ඒ වගේ සංකීර්ණ අණුක යන්ත්‍රයක් ස්වාභාවික වරණයෙන් හරි ජාන විකෘති වීමෙන් හරි බිහි වුණා කියන එක හුඟක් අයට පිළිගන්න අමාරුයි.
සතුන් සහ මිනිසුන් ඇති වෙන්නේ යුක්තානුවකින්. යුක්තානුව කලලයක් බවට පත් වෙලා ඒකේ සෛල දිගින් දිගටම බෙදෙනවා. ඒ සෛල, ඒවා අයිති වෙන්න ඕනෙ මොන අවයවයටද කියලත් ඒවාවලින් වෙන්න ඕන කාර්යය මොකක්ද කියලත් දන්නවා. ඒත් ඒ එක් එක් සෛල අයිති වෙන්න ඕනෙ මොන අවයවයටද කියලා ඒ සෛල හරියටම දන්නේ කොහොමද කියන එක ගැන පරිණාමවාදීන්ට විස්තර කරන්න බැහැ.
එක සත්ව විශේෂයකින් තවත් සත්ව විශේෂයක් ඇති වෙන්න නම් සෛලවල තියෙන අණුවල ඉඳන්ම වෙනසක් වෙන්න ඕන කියලා විද්‍යාඥයන් දැන් හොයාගෙන තියෙනවා. සරලම සෛලය ඇති වුණේ පරිණාමයෙන් කියලා ඔප්පු කරන්න විද්‍යාඥයන්ට බැරි නම් සත්ව විශේෂ ඇති වුණේ ස්වාභාවික වරණයෙන් සහ විකෘතිවලින් කියලා කියන එක තර්කානුකූලද? ජීව විද්‍යාඥයෙක් වන මයිකල් බීහී මෙහෙම කියනවා. සතුන් ගැන කළ පර්යේෂණවලින් පේන්නේ “හිතාගන්නවත් බැරි පුදුමාකාර සංකීර්ණකමක් උන්ගේ සැකැස්මේ තියෙනවා කියලයි. ඒත් ඒ වගේ දෙයක් බුද්ධිමත් කෙනෙක්ගේ මැදිහත් වීමක් නැතුව ඉබේම ඇති වුණා කියලා ඔප්පු කරන්න පුළුවන් කිසිම දෙයක් තාම හොයාගෙන නෑ.”
සිහිකල්පනාව ඇතුව වැඩ කරන්න, තර්කානුකූලව හිතන්න සහ හරි වැරැද්ද අතර වෙනස හඳුනගන්න මිනිසුන්ට හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි ත්‍යාගශීලී වෙන්නත් අනිත් අය ගැන හිතලා වැඩ කරන්නත් එයාලට පුළුවන්. ඒ වගේ වටිනා හැකියාවන් සහ ගුණාංග මිනිසුන්ට විතරක් තියෙන්නේ ඇයි කියලා ජීවීන් පරිණාමය වුණා කියලා කියන අයට පැහැදිලි කරන්න බැහැ.
නිගමනය. ජීවීන් ඇති වුණේ පරිණාමයෙන් කියලා හුඟදෙනෙක් විශ්වාස කරනවා. ඒත් ජීවය බිහි වුණු විදිහ සහ සංකීර්ණ ජීවීන් ඇති වුණු විදිහ සම්බන්ධව පරිණාමවාදීන් කරන පැහැදිලි කිරීම් ගැන අනිත් අය සෑහීමට පත් වෙන්නේ නැහැ.
හිතලා බලන්න වටින උත්තරයක්
ජීවය බිහි වුණු විදිහ ගැන සාක්ෂි හොයලා බලපු හුඟදෙනෙක් පිළි අරගෙන තියෙන්නේ ජීවය ඉබේ ඇති වුණ දෙයක් නෙමෙයි, බුද්ධිමත් කෙනෙක්ගේ නිර්මාණයක් කියලයි. දර්ශනවාදය පිළිබඳ මහාචාර්යවරයෙක් වන ඇන්තනි ෆ්ලූ කියන්නේ අදේවවාදී අදහස් දරපු කෙනෙක්. ඒත් ජීවයේ සංකීර්ණත්වය සහ විශ්වයේ ඇති භෞතික නීති ගැන හොයලා බැලුවාට පස්සේ එයා හිතපු විදිහ වෙනස් වුණා. අතීතයේ හිටපු දර්ශනවාදීන්ගේ අදහස් ගැන සඳහන් කරමින් එයා මෙහෙම කිව්වා. “යම් දෙයකට සාක්ෂි තියෙනවා නම් අපි ඒක පිළිගන්න ඕනේ. ඒක අපි බලාපොරොත්තු වන උත්තරය නොවුණත් ඒක පිළිගන්න ඕනේ.” මහාචාර්ය ෆ්ලූ දැකපු සාක්ෂි නිසා නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියලා එයා පිළිගත්තා.
මේ ලිපියේ මුලින් සඳහන් කරපු ජෙරාඩ්ගේ අදහසුත් ඒ හා සමානයි. උසස් අධ්‍යපනයක් ලබලා තියෙන කෘමි විද්‍යාඥයෙක් වුණත් එයා මෙහෙම කියනවා. “අජීවී දෙයකින් ජීවය ඇති වුණා කියලා කියන්න කිසිම සාක්ෂියක් නැහැ. ජීවීන්ගේ සංකීර්ණත්වය සහ සැකැස්මේ තියෙන පිළිවෙළ දැක්කාම මට නම් හිතෙන්නේ ඒවා සැලසුම් කරන්නත් නිර්මාණය කරන්නත් කෙනෙක් ඉන්න ඕනෙ කියලයි.”
කලා කෘතියක් ගැන හොයලා බැලුවාම කලාකරුවා මොන වගේ කෙනෙක්ද කියලා දැනගන්න පුළුවන්. ඒ හා සමානව අවට පරිසරය ගැන හොයලා බැලුවාම ඒකේ නිර්මාතෘට තියෙන්නේ මොන වගේ ගුණාංගද කියලා තේරුම්ගන්න පුළුවන් කියලා ජෙරාඩ් කිව්වා. ඒ විතරක් නෙමෙයි නිර්මාණකරුගේ අදහස් ඇතුළත් පොත වන බයිබලයේ තියෙන දේවලුත් එයා හොයලා බැලුවා. (2 තිමෝති 3:16) ඒකෙන් එයාට පුළුවන් වුණා මිනිසුන් ඇති වුණේ කොහොමද කියලත් අද මිනිසුන්ට තියෙන ප්‍රශ්නවලට හොඳින් මුහුණ දෙන්න පුළුවන් කොහොමද කියලත් දැනගන්න. බයිබලය බුද්ධිමත් කෙනෙක්ගෙන් ලැබුණු පොතක් කියන එක ගැන නම් එයාට කිසිම සැකයක් නැහැ.
ජීවය ඇති වුණේ කොහොමද කියන එකට පිළිතුරු බයිබලයෙන් හොයලා බලන එක ඇත්තටම වටිනවා කියලා ජෙරාඩ් තේරුම්ගත්තා. අපි ඔයාටත් දිරිගන්වන්නේ බයිබලයේ තියෙන තොරතුරු හොයලා බලන්න කියලයි.