ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwex 10 ලිපිය
  • මං ඔයාලගේ පාස්ටර් නෙමෙයි!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මං ඔයාලගේ පාස්ටර් නෙමෙයි!
  • අද්දැකීම්
  • සමාන තොරතුරු
  • නොසිතූ තැනකදී සත්‍යය ලැබී
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පොදු සේවයේ සාර්ථක ප්‍රතිඵල
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • මැද පෙරදිග ගැන විපරමක්
    2015 පිබිදෙව්!
  • අසාමාන්‍ය මිනිපිට්ටනියක්
    2000 පිබිදෙව්!
තව තොරතුරු
අද්දැකීම්
ijwex 10 ලිපිය
දෙන්නෙක් සාක්ෂිකරුවෙක් එක්ක කනත්තකදී කතා කරනවා. ඒක්කෙනෙක් ඒ අසල සිදුවන භූමදාන කටයුත්තක් පෙන්වනවා.

මං ඔයාලගේ පාස්ටර් නෙමෙයි!

චිලී රටේ ජීවත් වෙන ඔස්මන් එයාගේ බිරිඳයි දුවයි එක්ක දවසක් කනත්තක් ඉස්සරහා ජංගම පුවරුවක් තියාගෙන සාක්ෂි දරමින් හිටියා. හදිස්සියේම මහ හයියෙන් සංගීත භාණ්ඩ වාදනය කරගෙන අවමඟුල් පෙරහැරක් එතන්ට ආවා. පෙරහැරේ ආපු සමහරු හිතුවේ ඔස්මන් එයාලගේ පල්ලියේ පාස්ටර් කියලා. එයාලා ඔස්මන් ළඟට ඇවිත් එයාව බදාගෙන “පාස්ටර් එනවා කියලා අපි දැනං හිටියා. වෙලාවට ආවාට ගොඩක් ස්තුතියි” කියලා කිව්වා.

‘මං ඔයාලගේ පාස්ටර් නෙමෙයි’ කියලා කියන්න ඔස්මන් උත්සාහ කෙරුවත් සද්දේ නිසා ඔස්මන් කියපු දේ එයාලට ඇහුණේ නැහැ. කට්ටියම කනත්තට ගියාට පස්සේ කිහිපදෙනෙක් ආයෙත් ඇවිල්ලා “පාස්ටර් ඔයා එනකං කට්ටිය බලං ඉන්නවා” කියලා ඔස්මන්ට කිව්වා.

සද්දෙ ටිකක් අඩු වුණාට පස්සේ තමන් කවුද කියලත් තමන් එතන හිටියේ ඇයි කියලත් එයාලට තේරුම් කරලා දෙන්න ඔස්මන්ට පුළුවන් වුණා. එයාලගේ පාස්ටර් ආපු නැති එක ගැන එයාලගේ හිත කොච්චර කැඩුණද කියලා කිව්වාට පස්සේ එයාලා ඔස්මන්ගෙන් මෙහෙම අහුවා. “ඔයාට පුළුවන්ද ඇවිල්ලා අපිට බයිබලයෙන් මොනවහරි දෙයක් කියන්න?” ඔස්මන් ඒකට කැමති වුණා.

කනත්තට යන ගමන් මිය ගිය කෙනා ගැන විස්තර ටිකක් අහලා කට්ටියට පෙන්නන්න පුළුවන් බයිබල් පද ගැනත් ඔස්මන් හිතුවා. මිනීවළ ළඟට ගියාම එතන හිටපු සෙනඟට තමන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් කියලත් තමන් මිනිසුන්ට බයිබලයේ තියෙන ශුභාරංචිය ගැන කියන කෙනෙක් කියලත් එයා පැහැදිලි කළා.

ඊට පස්සේ එයා එළිදරව් 21:3, 4 සහ යොහන් 5:28, 29 පාවිච්චි කරලා මිනිසුන් මිය යන එක දෙවියන්ගේ අරමුණ නෙමෙයි කියලා විස්තර කළා. ළඟදීම දෙවියන් මිය ගිය අයව නැවත නැඟිටුවලා මේ පොළොවේ හැමදාටම ජීවත් වෙන්න අවස්ථාව දෙනවා කියලත් කිව්වා. ඔස්මන් කතා කරලා ඉවර වුණාම හුඟදෙනෙක් ඇවිල්ලා එයාව බදාගෙන “යෙහෝවා දෙවියන්ගේ ශුභාරංචිය” කිව්වාට එයාට ස්තුති කළා. ඊට පස්සේ ඔස්මන් ආපහු ජංගම පුවරුව ගාවට ගියා.

අවසන් කටයුතු කළාට පස්සේ සමහරු පුවරුව ළඟට ඇවිල්ලා ඔස්මන්ගෙනුයි එයාගේ පවුලේ අයගෙනුයි බයිබලය ගැන එක එක ප්‍රශ්න ඇහුවා. ගොඩක් වෙලා සාකච්ඡා කළාට පස්සේ එයාලා ගියේ පුවරුවේ තිබ්බ හැම ප්‍රකාශනයක්ම වගේ අරගෙනයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න