ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwhf 6 ලිපිය
  • දෙන්නා හිතන විදිහ වෙනස් නම්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙන්නා හිතන විදිහ වෙනස් නම්
  • පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දැනගන්න ඕන දේ
  • ඔයාට කරන්න පුළුවන් දේ
  • එකඟතාවකට එන්න නම් . . .
    2014 පිබිදෙව්!
  • යාළුකම දුර දිග ගිහින්ද?
    2013 පිබිදෙව්!
  • අවුරුදු ගාණක විවාහය දෙකඩ වෙන්න යනවා නම් . . .
    පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
  • විවාහයෙන් මේකද මං බලාපොරොත්තු වුණේ?
    2014 පිබිදෙව්!
තව තොරතුරු
පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
ijwhf 6 ලිපිය
කාර් එකේ යන ගමන් තරහෙන් එළිය බලන යුවළක්

පවුලේ හැමෝටම මඟ පෙන්වීම්

දෙන්නා හිතන විදිහ වෙනස් නම්

විවාහ යුවළක් උනන්දු වෙන දේවල්, එයාලගේ පුරුදු සහ පෞද්ගලිකත්වයන් එකිනෙකට වෙනස් නිසා පවුල් ජීවිතයේ ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. හැබැයි සමහර කාරණා ගැන දෙන්නා හිතන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් නම් බරපතළ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ අතරින් කිහිපයක් ගැන බලන්න.

  • පවුල්වල අය එක්ක කොයි තරම් කාලයක් ගත කරනවාද?

  • මුදල් ඉතිරි කරන්න පුළුවන් කොහොමද?

  • දරුවන් හදනවාද?

යම් කාරණයක් ගැන ඔයා හිතන්නේ ඔයාගේ සැමියා/බිරිඳ හිතන විදිහට වඩා වෙනස්ව නම් මොකද කරන්නේ?

  • දැනගන්න ඕන දේ

  • ඔයාට කරන්න පුළුවන් දේ

දැනගන්න ඕන දේ

දෙන්නාට දෙන්නා ගැළපෙනවා කියන්නේ දෙන්නාගේ අදහස් හැම අතින්ම එක වගේ වෙනවා කියන එක නෙමෙයි. හොඳටම ගැළපෙන යුවළක් වුණත් හැම කාරණයක් ගැනම එකම විදිහට හිතයි කියලා හිතන්න බැහැ. ජීවිතයේ වැදගත්ම කාරණා ගැන වුණත් එයාලා හිතන විදිහ වෙනස් වෙන්න පුළුවන්.

“අපේ පවුල්වල අය හරිම එකමුතුයි. සති අන්තවල අපේ ආච්චිලා සීයලයි, නැන්දලා මාමලයි, එයාලගේ දරුවොයි ඔක්කොම එකට එකතු වෙනවා. ඒත් මගේ මහත්තයාගේ පවුලේ අය නම් ඊට වඩා වෙනස්. ඒ නිසා පවුලේ අයව ආශ්‍රය කරන්න, දුර ඉන්න නෑදෑයෝ එක්ක කතාබහ කරන්න කොයි තරම් කාලයක් වැය කරනවාද කියන එක ගැන අපි දෙන්නාට තිබුණේ වෙනස්ම මතයන්.”—ටමාරා.

“සල්ලි වියදම් කරන්න ඕනෙ මොන දේවලටද කියන එක ගැන මටයි, මගේ නෝනාටයි තිබුණේ වෙනස් අදහස්. බැඳපු මුල කීප සැරයක්ම අපි ඒ ගැන වාද කරලත් තියෙනවා. එක සැරයක්, දෙසැරයක් නෙවෙයි කීප සැරයක්ම අපි ඒ ගැන කතා කළා. ඊටපස්සේ තමයි ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් වුණේ.”—ටයිලර්.

සැමියායි, බිරිඳයි එකම දර්ශනයක් දිහා දෙපැත්තකින් බලමින්

එකම දර්ශනය දිහා බලන දෙන්නෙක් ඒක දෙවිදිහකට විස්තර කරන්න පුළුවන් වගේ විවාහක යුවළකටත් එකම කාරණය ගැන සම්පූර්ණයෙන්ම වෙනස් අදහස් තියෙන්න පුළුවන්

එකඟතාවකට එන්න අමාරු කාරණා තියෙනවා. උදාහරණයකට අසනීපයෙන් ඉන්න, සැමියාගේ/බිරිඳගේ පවුලේ කෙනෙක්ව බලාගන්න සිද්ධ වුණොත් මොකද කරන්නේ? එහෙමත් නැත්නම් දෙන්නාගෙන් එක් කෙනෙක්ට දරුවෙක් හදන්න ඕන වුණත් අනිත් කෙනා අකමැති නම් මොකද කරන්නේ?a

“ළමයි හදන එක ගැන මායි, බිරිඳයි හුඟක් කතා කරලා තියෙනවා. එයා කියන්නේ එයාට බබෙක් හදන්න ඕනෙමයි කියලා. එයා හැම වෙලේම හිතන්නේ ඒ ගැනම තමයි. ඒත් මම නම් බබෙක් හදන්න ආස නැහැ. ඉතිං අපි කොහොමද එකඟතාවකට එන්නේ?”—ඇලෙක්ස්.

ජීවිතයේ වැදගත්ම කාරණා ගැන එකඟ නොවීම් තිබුණු පළියට විවාහය සාර්ථක කරගන්න බැහැ කියලා හිතන්න එපා. සමහර විශාරදයන් කියන්නේ ජීවිතයේ වැදගත් කාරණා ගැන දෙන්නා අතර එකඟ නොවීම් ඇති වෙද්දී කොහොමහරි තමන්ට ඕන දේ කරගන්න කියලයි. විවාහය දෙකඩ වුණත් කමක් නැහැ ඔයාට ඕන දේ කරගන්න කියලයි එයාලා කියන්නේ. ඒත් කෙනෙක් එහෙම කරන්න ගියොත් එයා හිතන්නේ තමන් ගැනම විතරයි. මොන දේට මුහුණ දෙන්න වුණත් ජීවත් වෙන තාක් කල් එකට ඉන්නවා කියලා විවාහ වෙන දවසේදී දෙවියන් ඉදිරියේ දීපු පොරොන්දුව ගැන එයා කිසි තැකීමක් කරන්නේ නැහැ.

ඔයාට කරන්න පුළුවන් දේ

විවාහ පොරොන්දුවට එකඟව ජීවත් වෙන්න අදිටන් කරගන්න. ඒ දේ කරන්න ඔයා අදිටන් කරගෙන ඉන්නවා නම් යම් කාරණයක් ගැන එකඟ නොවීම් ඇති වෙද්දී අනිත් කෙනා එක්ක එකතු වෙලා විසඳුම් හොයාගන්න ඔයා උත්සාහ කරයි.

බයිබල් ප්‍රතිපත්තිය: “දෙවි ඔවුන්ව එලෙස එක් කළ නිසා කිසි මිනිසෙක් ඔවුන්ව වෙන් නොකළ යුතුයි.”—මතෙව් 19:6.

හැම පැත්තක් ගැනම කලින්ම හිතලා බලන්න. උදාහරණයකට හිතන්න ඔයාගේ සැමියා/බිරිඳ දරුවෙක් හදන්න ආස වුණත් ඔයා ඒකට කැමති නැහැ කියලා. ඒ වගේ තත්වයක් ඇති වුණොත් හිතලා බලන්න ඕන හුඟක් කාරණා තියෙනවා. ඒ අතරින් කීපයක් බලන්න.

  • ඔය දෙන්නා අතරේ තියෙන බැඳීම.

    දරුවෙක්ව හදා වඩා ගද්දී අමතර පීඩනයක් දැනෙනවා. ඒ පීඩනය දරාගන්න තරම් ශක්තිමත් බැඳීමක් ඔය දෙන්නා අතරේ තියෙනවාද?

  • දෙමාපියන් විදිහට පැවරෙන වගකීම්.

    කෑම, ඇඳුම් සහ ඉන්න හිටින්න තැනක් ලබා දෙනවාට වඩා දේවල් ඒ වගකීම් අතරට අයිති වෙනවා.

  • ඔයාලගේ ආර්ථික තත්වය.

    රස්සාව කරන ගමන් පවුල බලාගන්න එකත් අනිකුත් වගකීම් ඉටු කරන එකත් හොඳින් කරන්න පුළුවන් වෙයිද?

බයිබල් ප්‍රතිපත්තිය: “ඔබ අතර සිටින කෙනෙක් යම් ගොඩනැඟිල්ලක් සාදන්න අදහස් කරනවා. නමුත් ඔහුට එය සම්පූර්ණයෙන්ම ගොඩනඟා අවසන් කරන්න හැකි වෙයිද කියා දැනගැනීමට මුලින්ම ඔහු ඒ සඳහා යන වියදම ගණන් බලන්නේ නැද්ද?”—ලූක් 14:28.

කාරණය ගැන සාධාරණව හිතන්න. එකඟ වෙන්නේ නැති සමහර කාරණා විසඳගන්න ඔයාලට පුළුවන් වෙයි. උදාහරණයකට ඔය දෙන්නා අතරේ එකඟ නොවීමක් ඇති වෙලා තියෙන්නේ දරුවෙක් හදන එක ගැන කියලා හිතමු. ඔයා දරුවෙක් හදන්න කැමති නැත්නම් මේ ගැන හිතලා බලන්න.

  • ‘දරුවන් හදන්න මං කැමති නැහැ කියලා කියද්දී ඒකෙන් මං අදහස් කරන්නේ කවදාවත් දරුවෙක් හදන්න කැමති නැහැ කියලාද? එහෙමත් නැත්නම් දැන්මම දරුවෙක් හදන්න කැමති නැහැ කියලාද?’

  • ‘මං දරුවෙක් හදන්න කැමති නැත්තේ මට හොඳ අම්මා/තාත්තා කෙනෙක් වෙන්න බැරි වෙයි කියලා මට හිතෙන නිසාද?’

  • ‘මං දරුවෙක් හදන්න කැමති නැත්තේ මගේ සැමියා/බිරිඳ මාව ගණන් ගන්න එකක් නැතුව යයි කියලා මට බයක් දැනෙන නිසාද?’

ඔයා දරුවෙක් හදන්න කැමැත්තෙන් ඉන්න කෙනා නම් මේ ගැන හිතලා බලන්න.

  • ‘අම්මා/තාත්තා කෙනෙක්ට පැවරෙන වගකීම් ඉටු කරන්න මට පුළුවන් වෙයිද?’

  • ‘දරුවෙක්ව හදා වඩා ගන්න තරම් හොඳ ආර්ථික තත්වයක් අපිට තියෙනවාද?’

බයිබල් ප්‍රතිපත්තිය: ‘ස්වර්ගයෙන් පැමිණෙන ප්‍රඥාව තිබෙන කෙනෙකු සාධාරණ ලෙස කටයුතු කරනවා.’—යාකොබ් 3:17.

අනිත් කෙනා දරන අදහසේ හොඳ පැති දකින්න උත්සාහ කරන්න. එකම දර්ශනය දිහා බලන දෙන්නෙක් ඒක දෙවිදිහකට විස්තර කරන්න පුළුවන්. ඒ වගේ විවාහක යුවළකටත් එකම කාරණය ගැන සම්පූර්ණයෙන්ම වෙනස් අදහස් තියෙන්න පුළුවන්. උදාහරණයකට මුදල් වියදම් කරන්නේ මොනවාටද කියන එක ගැන දෙන්නා දෙවිදිහකට හිතන්න ඉඩ තියෙනවා. ඒ වගේ එකඟ වෙන්නේ නැති කාරණයක් ගැන සාකච්ඡා කරන්න යද්දී මුලින්ම ඔයාලා දෙන්නා දැනටමත් එකඟ වෙන කාරණා ගැන මතක් කරගන්න.

  • යුවළක් විදිහට ඔයාලා දෙන්නා ජය ගන්න හිතාගෙන ඉන්න ඉලක්ක මොනවාද?

  • අනිත් කෙනා කියන දේට ඔයා එකඟ නොවුණත් එයා දරන මතයේ හොඳ පැත්තක් තියෙනවාද?

  • විවාහ බැඳීම රැකගන්න ඕන නිසා ඔයාට නැත්නම් ඔය දෙන්නාටම පුළුවන්ද හිතන විදිහ වෙනස් කරගන්න?

බයිබල් ප්‍රතිපත්තිය: “සියලුදෙනා තමාගේම සතුට ගැන නොසිතා අන් අයට ප්‍රයෝජනවත් වන දේ ගැන සැලකිලිමත් විය යුතුයි.”—1 කොරින්ති 10:24.

නයෙලි සහ ගේබ්‍රියල්

“හැම වෙලේම අනිත් කෙනා කරන කියන දේවලට එකඟ වෙන්න අමාරු වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ වෙලාවලදීත් එකිනෙකාගේ අදහස්වලට අපි ගරු කරන්න ඕනේ. අනිත් කෙනා කියන දේට එකඟ වුණා කියලා අපේ සතුට නැති වෙන්නේ නැහැ.”—නයෙලි සහ එයාගේ සැමියා වන ගේබ්‍රියල්.

a පවුල් ජීවිතයට බලපාන බැරෑරුම් කාරණා ගැන විවාහ වෙන්න කලින්ම සාකච්ඡා කරලා තියෙන්න ඕනේ. ඒත් බලාපොරොත්තු නොවුණු දේවල් සිද්ධ වෙන්න පුළුවන් කියලත් සමහරවිට යම් කාරණයක් ගැන සැමියා/බිරිඳ හිතපු විදිහ කාලයත් එක්කම වෙනස් වෙන්න පුළුවන් කියලත් මතක තියාගන්න.—දේශනාකාරයා 9:11.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න