ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwyp 93 ලිපිය
  • මම බර අඩු කරගන්නේ කොහොමද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මම බර අඩු කරගන්නේ කොහොමද?
  • යොවුන් සිතේ ගැටලු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මගේ බර අඩු කරගන්නම ඕනෙද?
  • බර අඩු කරගන්න පුළුවන් හොඳම ක්‍රමය මොකක්ද?
  • මට කරන්න පුළුවන් දේවල්
  • සමබර ආහාර වේලක් ගන්න මට පුළුවන් කොහොමද?
    යොවුන් සිතේ ගැටලු
  • මට බර අඩුකර ගත හැක්කේ කෙසේද?
    1994 පිබිදෙව්!
  • තරබාරුකම විසඳුම කුමක්ද?
    2004 පිබිදෙව්!
  • තරවීම එතරම් හොඳ දෙයක් නොවන විට
    1997 පිබිදෙව්!
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු
ijwyp 93 ලිපිය
යෞවනයෙක් කණ්ණාඩියෙන් බඩ දිහා බලමින්

යොවුන් සිතේ ගැටලු

මම බර අඩු කරගන්නේ කොහොමද?

  • මගේ බර අඩු කරගන්නම ඕනෙද?

  • බර අඩු කරගන්න පුළුවන් හොඳම ක්‍රමය මොකක්ද?

  • මට කරන්න පුළුවන් දේවල්

  • ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

මගේ බර අඩු කරගන්නම ඕනෙද?

සමහර යෞවනයන් කියනවා එයාලගේ බර අඩු කරගන්න ඕනෙ කියලා. ඒත් හුඟක් අය . . .

  • හිතන්නේ තමන්ගේ පෙනුම ගැන මිසක් ශරීර සෞඛ්‍යය ගැන නෙවෙයි. සමහර අය ඉක්මනින්ම බර අඩු කරගන්න කියලා හිතාගෙන කෑම වේල් මඟහරින එක, ඇඟ කෙට්ටු කරන පෙති වර්ග ගන්න එක වගේ දේවල් කරනවා. ඒත් ඒ වගේ ක්‍රම සාර්ථකයි කියලා කියන්න බැහැ. ඒ විතරක් නෙවෙයි ඒ වගේ දේවල් කරන්න ගියොත් අපේ ශරීරයට ලොකු හානියක් වෙන්නත් ඉඩ තියෙනවා.

    “ඉක්මනින් කෙට්ටු වෙන්න ඕන නිසා සමහර ගෑනු ළමයි කෑම නොකා ඉන්නවා. හැබැයි ඒකෙන් ශරීරයට හානි වෙනවා. ඒ විතරක් නෙවෙයි ආයේ හිටපු තත්වයට එන්නත් කාලයක් ගත වෙනවා.”—හේලි.

  • තමන්ගේ බර ගැන කරදර වෙන්නේ අනවශ්‍ය විදිහටයි. බර අඩු කරගන්න ඕනෙ නැති සමහර අයත් හිතනවා එයාලා තරබාරුයි කියලා. එයාලා එහෙම හිතන්නේ තමන්ගේ වයසේ ඉන්න අනිත් අය එක්ක එයාලව සන්සන්දනය කරන නිසා නැත්නම් “සිහින් සිරුරක්” ගැන ජනමාධ්‍යයෙන් ඉදිරිපත් කරන අදහස්වලට ඇහුම්කන් දෙන නිසා වෙන්න පුළුවන්.

    “අවුරුදු 13දී මං කොයි වෙලෙත් මාව යාළුවන් එක්ක සැසඳුවා. මට ඕන වුණේ එයාලා වගේ වෙන්නයි. මාත් කෝට්ටක් වගේ කෙට්ටු වුණොත් එයාලා මට කැමති වෙයි කියලා මං හිතුවා.”—පඔලා.

සමහර යෞවනයන් ඇත්තටම බර අඩු කරගන්න ඕනේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකට අනුව . . .

  • ලෝකේ පුරාම ඉන්න වයස අවුරුදු 5ත් 19ත් අතරේ ඉන්න දරුවන්ගෙන් මිලියන 340ක් විතර තරබාරු අයයි.

  • 1975දී ඒ වයස් මට්ටමේ හිටිය අය අතර තරබාරු අය හිටියේ සියයට 4ක් විතරයි. ඒත් 2016 වෙද්දී ඒ ප්‍රතිශතය සියයට 18ක් දක්වා වැඩි වෙලා තිබුණා.

  • හුඟක් රටවල උසට සරිලන බරක් නැති අයට වඩා වැඩියෙන් ඉන්නේ තරබාරු අයයි.

  • අඩු ආදායම් ලබන රටවල වුණත් තරබාරු අය ඉන්නවා. ඒ විතරක් නෙවෙයි ඇති තරම් කන්න තිබුණත් ඒ කෑමවලින් නිසි පෝෂණයක් ලැබෙන්නේ නැති අය අතර වුණත් තරබාරුකම ගැටලුවක් වෙලා තියෙනවා.

බර අඩු කරගන්න පුළුවන් හොඳම ක්‍රමය මොකක්ද?

මොන ක්‍රමයද ඔයා තෝරගන්නේ?

  1. කෑම වේල් අතපසු කරන එක.

  2. සමබර ආහාර වේලක් ගන්න අතරේ ව්‍යායාම කරන එක.

  3. බර අඩු කරන පෙති ගන්න එක.

නිවැරදි උත්තරය: දෙවෙනි ක්‍රමය: සමබර ආහාර වේලක් ගන්න අතරේ ව්‍යායාම කරන එක.

කෑම වේල් අතපසු කරන එකෙන් නැත්නම් සමහර ආහාර කාණ්ඩ කෑම වේලෙන් අයින් කරන එකෙන් ඉක්මන් ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. ඒත් ඒ වගේ ක්‍රම අනුගමනය කරන එකෙන් ශරීරයට හානියක් වෙන්න පුළුවන්. අනිත් අතට ඔයා කලින් හුරු වෙලා හිටිය විදිහටම කෑම කන්න පටන්ගත්තාම ඔයාගේ බර ආයෙමත් වැඩි වෙන්නත් ඉඩ තියෙනවා.

ඒ නිසා බර අඩු කරගන්න පුළුවන් ඉක්මන් ක්‍රම ගැන හිතනවා වෙනුවට නිරෝගී සෞඛ්‍යයක් පවත්වගන්න පුළුවන් විදිහ ගැන හිතන්න. ඒ ගැන හිතලා වැඩ කරනවා නම් ඔයාගේ පෙනුම හොඳින් තියාගන්නත් ලෙඩ අඩු කරගන්නත් ඔයාට පුළුවන් වෙයි. ඒ ගැන වෛද්‍ය මයිකල් බ්‍රැඩ්ලි පොතකa මෙහෙම සඳහන් කරලා තියෙනවා. “නිරෝගී දිවි පෙවතකට දායක වන, කල් පවතින ප්‍රතිඵල ලබාගන්න නම් . . . ඔයාගේ ජීවන රටාවේ යම් වෙනස්කම් කරන්න වෙනවා. ඒ කරන වෙනස්කම් ජීවිත කාලය පුරාවටම පවත්වගෙන යන්න පුළුවන් වෙන්නත් ඕනේ.” එයා කියපු දෙයින් පැහැදිලි වෙන්නේ බර අඩු කරගන්න ඕනෙ නම් කෑම පාලනය කරන එක ගැන හිතනවාට වඩා ඔයාගේ ජීවන රටාවේ යම් වෙනස්කම් කරන එක ගැන හිතන්න ඕනෙ කියන එකයි.

මට කරන්න පුළුවන් දේවල්

බයිබලයේ කියනවා අපි අපේ ‘සීමාව දැනගෙන කටයුතු කරන්න’ ඕනෙ කියලා. (1 තිමෝති 3:11) අධික කෑමෙන් වළකින්න කියලත් ඒකේ සඳහන් වෙලා තියෙනවා. (හිතෝපදේශ 23:20; ලූක් 21:34) ඒ ප්‍රතිපත්ති ගැන හොඳින් හිතලා බලලා වඩා නිරෝගී ජීවන රටාවකට දායක වෙන මේ යෝජනා අත්හදා බලන්න.

  • යෞවනයෙක් අත්කාචයකින් කෑම නිරීක්ෂණය කරමින්

    පෝෂ්‍යදායි ආහාර රටාවකට ඇතුළත් වෙන දේවල් ගැන දැනුවත් වෙන්න.

    ඔයා කන බොන දේවල් ගැන ඕනෑවට වඩා නීති දාගන්න ඕනෙ නැහැ. ඒත් පෝෂ්‍යදායි ආහාර රටාවකට ඇතුළත් වෙන්න ඕනෙ මොනවාද කියලා දැනගෙන ඉන්න එක සමබර ආහාර වේලක් ගන්න ඔයාට උදව් වෙයි. සමබර ආහාර වේලක් ගන්න එක ඔයාගේ ශරීරයේ බර හොඳ මට්ටමක පවත්වගෙන යන්න පුළුවන් හොඳ විදිහක්.

  • යෞවනයෙක් වේගයෙන් ඇවිදිමින්

    හැම දවසකම ව්‍යායාම් කරන්න.

    හැම දවසකම ක්‍රියාශීලීව ඉන්න උත්සාහ කරන්න. උදාහරණෙකට විදුලි සෝපානයේ යන්නේ නැතුව පඩි පෙළ පාවිච්චි කරන්න. වීඩියෝ ගේම් ගහන්නේ නැතුව එළියට බැහැලා පැය භාගයක් විතර ඇවිදින්න.

  • යෞවනයෙක් පෝෂණයක් නැති කෑමක් වෙනුවට පෝෂ්‍යදායි කෑමක් තෝරගනිමින්

    කඩචෝරු කනවා වෙනුවට ගුණදායක කෑම කන්න පුරුදු වෙන්න.

    සොෆියා මෙහෙම කියනවා. “සැරින් සැරේ කඩචෝරු කනවා වෙනුවට මොනවා හරි ගුණදායක දෙයක් කන්න ඕන නිසා මං එළවළු, පලතුරු වගේ දේවල් ළඟ තියාගන්නවා.”

  • දෙවෙනි වතාවටත් කෑම බෙදාගන්න කියලා කෙනෙක් කියද්දී යෞවනයෙක් ඒක ප්‍රතික්ෂේප කරමින්

    කල් වේලා අරන් කෑම කන්න.

    සමහර අය කොච්චර වේගයෙන් කෑම කනවාද කියනවා නම් බඩ පිරුණත් එයාලට ඒක දැනෙන්නේ නැහැ. ඒ නිසා හොඳට කල් වේලා අරන් කන්න පුරුදු වෙන්න. පිඟානට ආයෙත් කෑම බෙදාගන්න කලින් ටිකක් ඉඳලා ඔයාගේ බඩගින්න තවමත් තියෙනවාද කියලා කල්පනා කරලා බලන්න.

  • යෞවනයෙක් කෑම ඇසුරුමක තියෙන විස්තරය කියවමින්

    ඔයා කන කෑමවල තියෙන කැලරි ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න.

    ඔයා කන කෑමවල තියෙන කැලරි ප්‍රමාණය දැනගන්න ඒ කෑම ඇසුරුම්වල සඳහන් වෙලා තියෙන විස්තරය කියවලා බලන්න. සාමාන්‍යයෙන් පැණි බීම, ක්ෂණික ආහාර, අතුරුපස වගේ දේවල කැලරි ප්‍රමාණය හුඟක් වැඩි නිසා ඒ වගේ දේවල් නිතර නිතර කන බොන එකෙන් බර වැඩි වෙන්න පුළුවන්.

  • යෞවනයෙක් සෙල්ලම් කරලා ඉවර වෙලා අයිස් ක්‍රීම් එකක් රස විඳිමින්

    සමබර වෙන්න.

    වයස අවුරුදු 16ක් වන සාරා මෙහෙම කියනවා. “ඉස්සර මං කන කෑමවල තියෙන කැලරි ප්‍රමාණය ගැන ඕනෑවටත් වඩා මං වධ වුණා. කෑම එක කටට ගන්න හදද්දීම මට මතක් වෙන්නේ ඒකේ තියෙන කැලරි ප්‍රමාණය ගැන විතරයි.” ඉඳලා හිටලා ඔයා ආස කරන විදිහේ, කැලරි වැඩි කෑමක් කන එකේ වරදක් නැහැ.

යෝජනාවක්: බර අඩු කරගන්න ඕනෙ කියලා ඔයාට හිතෙනවා නම් ඒ ගැන ඔයාගේ වෛද්‍යවරයා එක්ක කතා කරන්න. එයාට පුළුවන් ඔයාගේ සෞඛ්‍ය තත්වයට ගැළපෙන විදිහට ජීවන රටාවේ වෙනස්කම් කරගන්න ඔයාට උදව් කරන්න.

ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

නිකී

“නියම හැඩයක් කියන්නේ මොකක්ද කියන එක ගැන ජනමාධ්‍යයෙන් කියන දේවල් නිසා අපි කලකිරෙන්න පුළුවන්. ඒවා අහලා කණ්ණාඩියකින් අපි දිහා බලද්දී අපිට හිතෙන්න පුළුවන් අපි හරි මහතයි කියලා. හැබැයි අපි මතක තියාගන්න ඕනෙ හැමෝගෙම ශරීරයේ හැඩය, ප්‍රමාණය එක වගේ නෙවෙයි කියලා. වැදගත්ම දේ තමයි නිරෝගී සෞඛ්‍යයක් තියාගන්න එක. එතකොට අපිට පුළුවන් අපේ පෙනුම ගැන සෑහීමට පත් වෙන්න.”—නිකී.

ලොරෙන්සෝ

“කන්නේ මොනවාද කියලා කලින්ම සැලසුම් කරන්නේ නැත්නම් ක්ෂණික කෑම කැවෙනවාමයි. ගොඩක් වෙලාවට ඒ කෑමවල කිසි ගුණයක් නෑ. අනික වියදමත් වැඩියි. සාමාන්‍යයෙන් මං හරි ආසයි හෘද ස්පන්දන වේගය වැඩි කරන ව්‍යායාම්වල යෙදෙන්න. මොකද ඒ ව්‍යායාම්වලින් පස්සේ මගේ ඇඟට හොඳ ෆිට් එකක් දැනෙනවා. හැබැයි කලින්ම සැලසුම් කරගත්තේ නැත්නම් ව්‍යායාම් කරන එක මට මඟහැරෙනවා.”—ලොරෙන්සෝ.

සාරාංශය: මම බර අඩු කරගන්නේ කොහොමද?

බර අඩු කරගන්න ඕනෙ නම් කෑම පාලනය කරන එක ගැන හිතනවාට වඩා ඔයාගේ ජීවන රටාවේ යම් වෙනස්කම් කරන එක ගැන හිතන්න. ඒක කරන්න මේ යෝජනා ඔයාට උදව් වෙයි.

  • පෝෂ්‍යදායි ආහාර රටාවකට ඇතුළත් වෙන දේවල් ගැන දැනුවත් වෙන්න. පෝෂ්‍යදායි ආහාර රටාවකට ඇතුළත් වෙන්න ඕනෙ මොනවාද කියලා දැනගෙන ඉන්න එක සමබර ආහාර වේලක් ගන්න ඔයාට උදව් වෙයි.

  • හැම දවසකම ව්‍යායාම් කරන්න. හැම දවසකම ක්‍රියාශීලීව ඉන්න උත්සාහ කරන්න.

  • කඩචෝරු කනවා වෙනුවට ගුණදායක කෑම කන්න පුරුදු වෙන්න. සැරින් සැරේ කඩචෝරු කන එකෙන් වළකින්න. ඒ වෙනුවට මොනවා හරි ගුණදායක දෙයක් ළඟ තියාගෙන කන්න පුරුදු වෙන්න.

  • කල් වේලා අරන් කෑම කන්න. හොඳට කල් වේලා අරන් කන්න. ආයෙත් කෑම බෙදාගන්න කලින් ටිකක් ඉඳලා ඔයාට තවමත් බඩගිනිද කියලා හිතලා බලන්න.

  • ඔයා කන කෑමවල තියෙන කැලරි ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න. ඔයා කන කෑමවල තියෙන කැලරි ප්‍රමාණය දැනගන්න කෑම ඇසුරුම්වල තියෙන විස්තරය කියවලා බලන්න.

  • සමබර වෙන්න. කන කෑමවල තියෙන කැලරි ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න. ඒත් ඕනෑවට වඩා ඒ ගැන වධ වෙන්න එපා.

a When Things Get Crazy With Your Teen කියන පොතෙන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න