ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwwd 41 පරි.
  • එක සෛලයයි වැඩ කෝටියයි!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • එක සෛලයයි වැඩ කෝටියයි!
  • නිර්මාණයක්ද?
  • සමාන තොරතුරු
  • මතභේදයක් පවතින්නේ මන්ද?
    2002 පිබිදෙව්!
  • වෛද්‍ය විද්‍යාවේ අරුමයක්, සදාචාරමය බිම් බෝම්බයක්
    2002 පිබිදෙව්!
  • ඕනෑම ආකාරයක සෛලයක් ඇත්තෙන්ම සරලද?
    ජීවයේ ආරම්භය වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු
  • කලල විද්‍යාඥයෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි
    2016 පිබිදෙව්!
තව තොරතුරු
නිර්මාණයක්ද?
ijwwd 41 පරි.
සෛලයක් දෙකට බෙදෙනවා.

නිර්මාණයක්ද?

එක සෛලයයි වැඩ කෝටියයි!

දරුවෙක් පිළිසිඳගන්න ක්‍රියාවලිය පටන්ගන්නේ පියවි ඇසට නොපෙනෙන සෛලයකින්. ඒකට කියන්නේ යුක්තානුව කියලා. ඒ සෛලය විවිධ හැඩයේ, ප්‍රමාණයේ සහ විවිධ ක්‍රියාවන් වෙනුවෙන් හැදුණු සෛල වර්ග 200කට වඩා වැඩි ප්‍රමාණයකට බෙදෙනවා. ඒ විදිහට මාස කිහිපයකින් එක සෛලයක් අංග සම්පූර්ණ දරුවෙක් දක්වා වර්ධනය වෙනවා.

මේ ගැන හිතන්න: මුලින්ම යුක්තානුව DNA පිටපත් කරගෙන දෙකට බෙදෙනවා. ඒ විදිහට බෙදෙන සෛල ඒ ක්‍රියාවලියම ආයේ ආයේ සිදු කරනවා. මුලින් හැදෙන සෛල එකකට එකක් සමානයි. ඒත් ඒ සෛලවල තියෙන DNA ඇතුළේ අනිත් හැම වර්ගයකම සෛල හදන්න ඕනෙ තොරතුරු ගබඩා වෙලා තියෙනවා.

දරුවෙක් පිළිසිඳගෙන සතියකට පස්සේ ඒ සෛල, විශේෂ කාර්යයන් දෙකක් කරන්න පටන්ගන්නවා. සමහර සෛල කලලය විදිහටත් අනිත් සෛල කලලයේ වර්ධනයට උදව් වෙන කලල බන්ධනය (වැදෑමහ) සහ ඒ ආශ්‍රිත පටක විදිහටත් වෙනස් වෙන්න පටන්ගන්නවා.

තුන්වෙනි සතිය වෙද්දී කලලයේ තියෙන සෛල, ස්තර තුනක් විදිහට සකස් වෙනවා. පිටත ස්තරයේ සෛලවලින් තමයි ස්නායු, මොළය, මුඛය සහ පිටත හම වගේ දේවල් හැදෙන්නේ. මධ්‍ය ස්තරයේ සෛලවලින් තමයි රුධිරය, අස්ථි, වකුගඩු, මාංස පේශි සහ පටක හැදෙන්නේ. ඇතුළත ස්තරයේ සෛලවලින් පෙණහලු, මුත්‍රාශය සහ ආහාර ජීර්ණ පද්ධතිය වගේ අභ්‍යන්තර අවයව හැදෙනවා.

පින්තූරෙන් පෙන්නන්නේ සෛලයක් කාණ්ඩ තුනකට වෙන් වෙන විදිහ. ඒ කාණ්ඩ තුනට අයිති සෛල තමයි මොළයේ සෛල, පෙණහලු, අස්ථි සහ නූපන් දරුවෙකුගේ ශරීරයේ අනිත් කොටස් බවට හැරෙන්නේ.

දරුවෙක් මව්කුසේ වැඩෙද්දී එක සෛලයක් විවිධ ක්‍රියාවන් වෙනුවෙන් හැදුණු සෛල වර්ග 200කට වඩා වැඩි ප්‍රමාණයකට බෙදෙනවා

මවක් ගැබ්ගෙන ඉන්න කාලය අතරතුර සමහර සෛල තනිව නැත්නම් කණ්ඩායම් විදිහට කලලයේ විවිධ තැන්වලට ගමන් කරනවා. අනිත් සෛල එකට එකතු වෙලා තුනී පටල, ගෙතුණු පටි සහ කුටීර විදිහට වෙනස් වෙනවා. මේ වගේ සංකීර්ණ ක්‍රියාවලියක් වෙන්න නම් සෛල අතර හොඳ සංනිවේදනයක් තියෙන්න ඕනේ. උදාහරණයකට සමහර අවස්ථාවලදී තුනී පටල හැකිළිලා පුංචි නාළ හැදෙනවා. මේ දේ කලලයේ විවිධ තැන්වල එකම වෙලාවේ සිද්ධ වෙනවා. ඒ නාළ දිගින් වැඩි වෙලා ශාඛාවලට බෙදෙනවා. ඒවා එකට එකතු වෙලා තමයි සංසරණ පද්ධතියක් හැදෙන්නේ.

බිලියන ගාණක් සෛල හරි වෙලාවට, හරි තැනේදී, නිවැරදි කාර්යය කරන්න පටන්ගන්න නිසයි නිරෝගී දරුවෙක් මෙලොව එළිය දකින්නේ.

ඔයාගේ නිගමනය මොකක්ද? හරි වෙලාවට, නියමිත කාර්යය කරන්න සෛලයකට හැකියාව ලැබුණේ පරිණාමයෙන්ද? නැත්නම් ඒක නිර්මාණයක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න