ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • hdu 16 ලිපිය
  • ඇඟිලි තුඩු අග රැඳි පුස්තකාලයක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඇඟිලි තුඩු අග රැඳි පුස්තකාලයක්!
  • ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • කලින් තිබුණේ නැති විදිහේ එකක්
  • හොඳ තත්වයකින් පවත්වාගෙන යන විදිහ
  • සම්මාදම්වල ඉතිරියක්!
  • “වටිනාකම නම් කියලා නිම කරන්න බෑ”
  • ‘JW ලයිබ්‍රරි’ ඇප් එක ආ දුර
  • ඔබ ‘JW ලයිබ්‍රරි’ එකෙන් ප්‍රයෝජන ගන්නවාද?
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ‘JW ලයිබ්‍රරි’ එක පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • විශ්වාසය ශක්තිමත් කරගන්න උදව් වෙන පුංචි පෙට්ටියක්
    ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
  • අධ්‍යයනයට යෝජනාවක්!
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
hdu 16 ලිපිය
‘JW ලයිබ්‍රරි’ ඇප් එකෙන් රැස්වීමේ තොරතුරු බලන ගමන් වීඩියෝ කොන්ෆරන්සිං හරහා රැස්වීම්වලට සහභාගි වෙලා ඉන්න යුවළක්.

ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි

ඇඟිලි තුඩු අග රැඳි පුස්තකාලයක්!

2021 සැප්තැම්බර් 1

‘2020 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 6’ සහෝදර ජෙෆ්රි ජැක්සන් මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියන්ගෙන් ලැබෙන පෝෂණය මේ විදිහට ඉලෙක්ට්‍රෝනික මාධ්‍යයෙන් ලැබෙයි කියලා මීට අවුරුදු කීපයකට කලින් අපි හිතලාවත් තියෙන්න නැතුව ඇති. ඒත් හිතන්න ‘JW ලයිබ්‍රරි’ ඇප් එක වගේ මෙවලම් තියෙන නිසා මේ කාලේ අපිට කොච්චර ප්‍රයෝජන ලැබෙනවාද කියලා. යෙහෝවා දෙවියන් අවුරුදු ගාණක ඉඳන් මේ වසංගතේට අපිව සූදානම් කළා කියලා කිසිම සැකයක් නෑ.”

යෙහෝවා දෙවියන් ඒ දේට අපිව සූදානම් කළේ කොහොමද? ‘JW ලයිබ්‍රරි’ ඇප් එක හදන්න, ඒක හොඳ තත්වයකින් පවත්වාගෙන යන්න, ඒකට අලුත් දේවල් එකතු කරන්න සහෝදරයන්ට පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද?

කලින් තිබුණේ නැති විදිහේ එකක්

සංශෝධිත ‘නව ලොව පරිවර්තනය’ ඇතුළත් ඇප් එකක් හදන්න කියලා 2013 මැයි මාසේදී පාලක මණ්ඩලය ලෝක මූලස්ථානයේ තියෙන MEPS ප්‍රෝග්‍රැමිං අංශයට කිව්වා. ඒ අංශයේ සේවය කරන සහෝදර පෝල් විලීස් මෙහෙම කියනවා. “ෆෝන්වලින්, ටැබ්වලින් බලන්න පුළුවන් ඒ වගේ ඇප් එකක් මීට කලින් අපිට තිබිලා නෑ. හැබැයි ඒ වැඩේ අපිට භාර දුන්නාට පස්සේ අපි ඒකට කණ්ඩායමක් හැදුවා. ඒ වෙද්දී අපි කර කර හිටපු සමහර ව්‍යාපෘති නතර කරන්න වුණා. අනිත් අංශවලිනුත් උදව් අරගෙන අපි ඇප් එක හදන වැඩේ පටන්ගත්තා. මේ වැඩේට උදව් ඉල්ලලා අපි යෙහෝවාට හුඟක් යාච්ඤා කළා. යෙහෝවා දෙවියන්ගේ උදව්වෙන් මාස 5කින් ඒ ඇප් එක හදලා ඉවර කරන්න අපිට පුළුවන් වුණා. ඊළඟ වාර්ෂික රැස්වීමේදී ඒක මුදාහැරියා.”

අපිට තිබුණ ඊළඟ අභියෝගය තමයි ඇප් එක ඇත්තටම පුස්තකාලයක් කරන එක. එහෙම කරන්න නම් ඇප් එකට තව ප්‍රකාශන ඇතුළත් කරන්න ඕනේ. විවිධ භාෂාවලින් ඒවා බලන්න පුළුවන් වෙන්න ඕනේ. අපි ඒ අභියෝගෙත් ජය ගත්තා. 2015 ජනවාරි වෙද්දී ඉංග්‍රීසි භාෂාවෙන් තිබුණ අපේ හුඟක් ප්‍රකාශන ඇප් එකට එකතු කළා. මාස 6ක් වගේ කෙටි කාලයක් ඇතුළත ඒ ප්‍රකාශන තවත් භාෂා සිය ගාණකින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වුණා.

එදා ඉඳන් අපේ ඇප් එක හුඟක් වැඩි දියුණු වෙලා තියෙනවා. උදාහරණෙකට දැන් ඇප් එකෙන් අපේ වීඩියෝ බලන්න පුළුවන්. රැස්වීම්වලට ඕන කරන දේවල් ඇතුළත් කරලා වෙනම ටැබ් එකකුත් එකතු කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි බයිබල් පදයක් ටැප් කරලා ‘අධ්‍යයනය සඳහා අත්වැලක්’ පොතේ තියෙන තොරතුරු ලේසියෙන්ම බලන්නත් අපිට පුළුවන්.

හොඳ තත්වයකින් පවත්වාගෙන යන විදිහ

හැම දවසකම ‘JW ලයිබ්‍රරි’ ඇප් එක ඩිවයිස් මිලියන 8ක විතර පාවිච්චි වෙනවා. ඒ වගේම හැම මාසෙකම අපේ ඇප් එක ඩිවයිස් මිලියන 15කට වඩා වැඩි ප්‍රමාණයක පාවිච්චි වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ඉලෙක්ට්‍රෝනික උපකරණවල ඇප් එක පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද? ඒ ගැන සහෝදර විලීස් මෙහෙම කියනවා. “සාමාන්‍යයෙන් ඕනෙම ඇප් එකකට දිගටම අලුතින් දේවල් එකතු වෙනවා. අපේ ඇප් එකත් ඒ වගේ. ඇප් එකට අලුතින් දේවල් එකතු කරන්න, ඕනෙම කෙනෙක්ට ඒක ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් විදිහට සකස් කරන්න අපි දිගටම දේවල් කරනවා. සාමාන්‍යයෙන් ඩිවයිස්වල තියෙන ඔපරේටිං සිස්ටම් කාලෙන් කාලෙට අලුත් වෙනවා. ඒ නිසා අපේ ඇප් එකත් ඒවාට ගැළපෙන විදිහට දිගටම අලුත් කරන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි ‘JW ලයිබ්‍රරි’ ඇප් එකට අලුතින් ප්‍රකාශන, ඕඩියෝ සහ වීඩියෝ එකතු වෙන නිසා ඒක දිගටම හොඳ තත්වෙකින් පවත්වාගෙන යන්නත් තව වැඩි දියුණු කරන්නත් අපිට සිද්ධ වෙනවා.” මේ වෙද්දී ‘JW ලයිබ්‍රරි’ එකේ විවිධ භාෂාවලින් ප්‍රකාශන ලක්ෂ 2ක් විතර තියෙනවා. ඒ වගේම ඕඩියෝ සහ වීඩියෝ ලක්ෂ 6කට වඩා තියෙනවා.

මේ වගේ ඇප් එකක් පවත්වාගෙන යන්න උපකරණ විතරක් තිබිලා මදි. හුඟක් සොෆ්ට්වෙයාවලට සල්ලි ගෙවලා ලයිසන් ගන්නත් සිද්ධ වෙනවා. ඒ වගේ ලයිසන් එකකට අවුරුද්දකට රුපියල් ලක්ෂ 3ක් (ඇමරිකානු ඩොලර් 1,500ක්) විතර ගෙවන්න වෙනවා. ඒ වගේම අලුතින් එන ෆෝන්, ටැබ් සහ කම්පියුටර්වල කිසිම බාධාවක් නැතුව අපේ ඇප් එක වැඩ කරන්න ඕන නිසා ඒවා නිෂ්පාදනය කරන ආයතනවලටත් යම් ගෙවීමක් කරන්න වෙනවා. අපේ MEPS ප්‍රෝග්‍රැමිං අංශය ඒ වෙනුවෙන් හැම අවුරුද්දකම ලක්ෂ 20ක් (ඇමරිකානු ඩොලර් 10,000ක්) විතර වැය කරනවා.

සම්මාදම්වල ඉතිරියක්!

‘JW ලයිබ්‍රරි’ ඇප් එක නිසා අපේ ප්‍රකාශන මුද්‍රණය කරන්න, ඒවා බෙදාහරින්න ගිය වියදම සෑහෙන්න අඩු වෙලා තියෙනවා. උදාහරණෙකට 2013දී ‘දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම’ කියන පොතෙන් පිටපත් මිලියන 12ක් විතර මුද්‍රණය කරලා තියෙනවා. හැබැයි 2020දී ප්‍රචාරකයන්ගේ ගාණ ලක්ෂ 7කින් වැඩි වෙලා තිබුණත් ඒ අවුරුද්දේ දිනපද පොතෙන් පිටපත් මිලියන 5ක් විතර තමයි මුද්‍රණය කරලා තියෙන්නේ. කොහොමද එහෙම වුණේ? එහෙම වෙලා තියෙන්නේ දැන් අපේ සහෝදර සහෝදරියන්ගෙන් වැඩිදෙනෙක් ‘JW ලයිබ්‍රරි’a ඇප් එකෙන් දිනපදය බලන නිසයි.

“වටිනාකම නම් කියලා නිම කරන්න බෑ”

‘JW ලයිබ්‍රරි’ ඇප් එක පාවිච්චි කරන අය කියනවා ඒකෙන් හුඟක් ප්‍රයෝජන තියෙනවා කියලා. උදාහරණෙකට කැනඩාවේ ජීවත් වෙන ජෙනවීව් කියන දේ බලන්න. “පොත් පත් ඇදගෙන අධ්‍යයනය කරන්න වුණා නම් මං හැමදාම ඒක කරයි කියලා කීයටවත් හිතන්න බෑ. හැබැයි ‘JW ලයිබ්‍රරි’ එක නිසා මං දැන් හැම දවසකම අධ්‍යයනය කරනවා. මොකද ඕන කරන හැම දෙයක්ම ඒකේ තියෙනවානේ. යෙහෝවා ගැන මගේ හිතේ තිබුණ ආදරේ, විශ්වාසේ දැන් ගොඩක් වැඩි වෙලා.”

ජෙනවීව් ‘JW ලයිබ්‍රරි’ ඇප් එකෙන් බයිබලය අධ්‍යයනය කරනවා.

ජෙනවීව්

මේ වගේ ඇප් එකක් කොච්චර ප්‍රයෝජනවත්ද කියලා කොරෝනා වසංගතය තියෙන කාලේ හුඟක් අය තේරුම් අරන් තියෙනවා. එක්සත් ජනපදයේ ජීවත් වෙන ෂාලින් ඒ ගැන කියන්නේ මෙහෙමයි. “කොරෝනා වසංගතය පැතිරෙන්න පටන්ගත්තත් හරි අලුතින් ආපු සඟරාවක්, පොතක් මං ඇහැටවත් දැක්කේ නෑ. හොඳ වෙලාවට අපිට ‘JW ලයිබ්‍රරි’ ඇප් එක තිබුණේ. ඒ නිසා මගේ විශ්වාසේ ශක්තිමත් කරගන්න මට පුළුවන් වුණා. ඒ ගැන මං යෙහෝවා දෙවියන්ට ගොඩක් ස්තුති කරනවා!”

පිලිපීනයේ ජීවත් වෙන ෆේයි කියන දේ බලන්න. “යෙහෝවාට දිගටම ළං වෙලා ඉන්න මට මේ ඇප් එක උදව් වෙලා තියෙනවා. මං හැම දවසක්ම පටන්ගන්නේ ඒකේ තියෙන දෙයක් කියවලා. දවසේ වැඩපළ කරද්දිත් මං ඒකේ තියෙන දේවල් අහනවා. රැස්වීම්වලටයි මගේ බයිබල් පාඩමටයි ලෑස්ති වෙන්නෙත් ඇප් එකෙන්. නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට මං ඒකේ තියෙන වීඩියෝ බලනවා. පෝළිමක හිටන් ඉද්දී වුණත් ඒකෙන් බයිබලේ හරි ලිපියක් හරි කියවන්න පුළුවන්. මේ ඇප් එකේ වටිනාකම නම් කියලා නිම කරන්න බෑ.”

මේ ඇප් එක සේවෙටත් හුඟක් ප්‍රයෝජනවත්. උදාහරණෙකට කැමරූන්වල ඉන්න සහෝදරියකගේ අද්දැකීම බලන්න. සති කීපයකට කලින් එයාත් එක්ක සේවේ ගිය සහෝදරියක් පෙන්නපු බයිබල් පදයක් තව කෙනෙක්ට පෙන්නන්න එයාට ඕනෙ වුණා. හැබැයි ඒ පදේ තියෙන්නේ කොහෙද කියලා එයාට හරියටම මතක තිබුණේ නැහැ. එයා මෙහෙම කියනවා. “හොඳ වෙලාවට මට ඒ බයිබල් පදේ පොඩි කොටසක් මතක තිබුණා. ඒ නිසා මං අපේ ඇප් එකෙන් බයිබලේට ගිහින් ඒ කොටස ඒකේ ටයිප් කළා. ටක් ගාලා මට ඒ පදේ හොයාගන්න පුළුවන් වුණා. ඇප් එක තියෙන නිසා මට අමතක වෙන බයිබල් පද දැන් හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන්.”

‘JW ලයිබ්‍රරි’ ඇප් එක හදන්න, ඒක දිගටම හොඳ තත්වයකින් පවත්වාගෙන යන්න, ඒකට අලුත් දේවල් එකතු කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඔයාලා donate.jw.org හරහා විවිධ ක්‍රමවලින් දෙන සම්මාදම් නිසයි. ඔයාලා කැමැත්තෙන්ම දෙන ඒ සම්මාදම්වලට බොහොම ස්තුතියි!

‘JW ලයිබ්‍රරි’ ඇප් එක ආ දුර

  1. 2013 ඔක්තෝබර්—සංශෝධිත ‘නව ලොව පරිවර්තනය’ ඇතුළත් ඇප් එක මුදාහැරියා

  2. 2015 ජනවාරි—මුලින්ම ඉංග්‍රීසි භාෂාවෙනුත් ඊටපස්සේ තවත් භාෂා සිය ගාණකිනුත් අපේ ප්‍රකාශන එකතු කළා

  3. 2015 නොවැම්බර්—හයිලයිට් කරන අංගය එකතු කළා

  4. 2016 මැයි—රැස්වීම් ටැබ් එක එකතු කළා

  5. 2017 මැයි—සටහන් ගන්න අංගයක් එකතු කළා

  6. 2017 දෙසැම්බර්—ඉංග්‍රීසි ‘ස්ටඩි බයිබලයේ’ අංග එකතු කළා

  7. 2019 මාර්තු—ඕඩියෝ ඩවුන්ලෝඩ් කරන්න, වීඩියෝ ඔන්ලයින් බලන්න සහ බයිබලේ කියවද්දී ‘අධ්‍යයනය සඳහා අත්වැලක්’ පොතේ තොරතුරු බලන්න පුළුවන් පහසුකම එකතු කළා

  8. 2021 ජනවාරි—වීඩියෝ වගේ ගොඩක් දේවල් ඇතුළත් ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ ප්‍රකාශනය එකතු කළා

a ‘JW ලයිබ්‍රරි’ ඇප් එකෙන් දෙයක් ඩවුන්ලෝඩ් කරන හැම වතාවකම ඒකට පොඩි වියදමක් යනවා. උදාහරණෙකට ගිය අවුරුද්දේ jw.org වෙබ් අඩවියෙන් සහ ‘JW ලයිබ්‍රරි’ ඇප් එකෙන් දේවල් ඩවුන්ලෝඩ් කරන සහ ඔන්ලයින් වීඩියෝ බලන පහසුකම ලබා දෙන්න රුපියල් මිලියන 300කටත් (ඇමරිකානු ඩොලර් මිලියන 1.5කටත්) වඩා වියදම් වෙලා තියෙනවා. හැබැයි ප්‍රකාශන මුද්‍රණය කරන්න, CD, DVD නිෂ්පාදනය කරන්න සහ ඒ දේවල් බෙදාහරින්න යන වියදමත් එක්ක බලද්දී ඒ මුදල සෑහෙන අඩුයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න