ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • hdu 34 ලිපිය
  • මුද්‍රණ වැඩ සරල කරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මුද්‍රණ වැඩ සරල කරයි
  • ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මුද්‍රණාල අඩු කළා, ප්‍රමිතිය වැඩි කළා
  • අඩුවෙන් ගබඩා කරන නිසා සල්ලි ඉතුරුයි
  • “ඔයා මාව අමතක කළේ නෑ”
  • තහනම යටතේ බයිබල් පොත් පත් මුද්‍රණය කිරීම
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ප්‍රේමයටත් ඇදහිල්ලටත් කීකරුකමටත් සාක්ෂියක්
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වෙනස්ම විදිහේ පොතක්!
    ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
  • දේශනා සේවෙට උදව් වෙන ගොඩනැඟිලි
    ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
තව තොරතුරු
ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
hdu 34 ලිපිය
සහෝදරයෙක් මුද්‍රණ තහඩුවක් මාරු කරනවා.

ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි

මුද්‍රණ වැඩ සරල කරයි

2025 ඔක්තෝබර් 1

යෙහෝවා දෙවියන් කැමති ‘හැම පසුබිමකටම අයිති මිනිස්සු සත්‍යය ගැන නිවැරදි දැනුමක් ලබාගන්නවා’ දකින්න. (1 තිමෝති 2:3, 4) හැබැයි අපේ සහෝදර සහෝදරියන් සහ සේවේදී අපිට හම්බ වෙන මිනිස්සු භාෂා 100 ගාණක් කතා කරනවා. ඉතින් හැම අවුරුද්දකම ඒ භාෂාවලින් ප්‍රකාශන බිලියන දෙකකට කිට්ටු ප්‍රමාණයක් අපි මුද්‍රණය කරනවා. ඒත් අපේ සම්මාදම් ඉතුරු කරගන්න ගමන් එච්චර භාෂා ප්‍රමාණයකින් පොත්පත් ප්‍රින්ට් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද?

මුද්‍රණාල අඩු කළා, ප්‍රමිතිය වැඩි කළා

මීට අවුරුදු 40කට විතර කලින් අපේ මුද්‍රණ වැඩකටයුතු රටවල් සහ ප්‍රදේශ 40කට වඩා වැඩි ප්‍රමාණයක සිද්ධ වුණා. හැබැයි කාලයත් එක්කම ඒ වැඩ හුඟක් සරල වෙලා තියෙනවා. ඒ නිසා දැන් මුද්‍රණාල තියෙන්නේ රටවල් සහ ප්‍රදේශ නමයක විතරයි. හැබැයි ඒ ගත වුණු කාලය ඇතුළත අපි මුද්‍රණය කරන භාෂා ප්‍රමාණය හය ගුණයකින් විතර වැඩි වෙලා තියෙනවා. මුද්‍රණාල අඩු කළත් එච්චර භාෂා ගොඩකින් ප්‍රින්ටිං වැඩ කරගෙන යන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද? ඒකට උදව් වෙලා තියෙන එක දෙයක් තමයි අලුත්ම තාක්ෂණය.

අපේ අලුත් මුද්‍රණාලවල හරිම අඩු කාලයකින් වැඩි ප්‍රකාශන ප්‍රමාණයක් මුද්‍රණය කරන්න පුළුවන්. අපි කලින් පාවිච්චි කරපු මුද්‍රණ යන්ත්‍රවලින් එක ප්‍රකාශනයක් මුද්‍රණය කරලා අලුත් ප්‍රකාශනයකට මාරු වෙද්දී ඒකට ලොකු කාලයක් යනවා. හැබැයි දැන් අපි පාවිච්චි කරන අලුත්ම උපකරණ නිසා ඒ ගත වෙන කාලය හතර ගුණයකින් අඩු වෙලා තියෙනවා. සමහර භාෂාවලින් ප්‍රකාශන මුද්‍රණය කරන්න ඕනෙ හරිම පොඩි ප්‍රමාණයයි. ඉතින් මේ අලුත් තාක්ෂණය නිසා අපිට ඒ වැඩේ හරිම ඉක්මනට කරන්න පුළුවන්. ඇත්ත, ප්‍රකාශනයක් අලුතෙන් මුද්‍රණය කරන හැම වතාවකම මුද්‍රණ තහඩු මාරු කරන්න ඕනේ. ළඟකදී ගණන් බලපු විදිහට මාස 12ක් ඇතුළත මුද්‍රණ තහඩු වෙනුවෙන් විතරක් ඩොලර් මිලියන දෙකක් විතර වියදම් වෙලා තියෙනවා.a ඒ නිසා පොඩි පොඩි ප්‍රින්ටිං වැඩවලට අපි ඩිජිටල් තාක්ෂණය පාවිච්චි කරනවා. ඒවාට මුද්‍රණ තහඩු සකස් කරන්න ඕනෙ නැහැ. සමහර ඩිජිටල් මුද්‍රණාලවල ලේසර් තාක්ෂණයත් පාවිච්චි කරනවා. ඒ නිසා නාස්තියත් අඩු කරගෙන හරිම අඩු වියදමකින්, පොඩි පොඩි භාෂාවල ප්‍රින්ටිං වැඩ කරන්න පුළුවන්.

ලොකු මුද්‍රණාලයක වැඩ කරන සහෝදරයෙක් මුද්‍රණ තහඩු මාරු කරනවා. තවත් සහෝදරයෙක් මුද්‍රණ යන්ත්‍රයක් අලුත් වැඩියා කරනවා.

අලුතින් ප්‍රකාශනයක් ප්‍රින්ට් කරන්න කලින් සහෝදරයෙක් මුද්‍රණ තහඩු වෙනස් කරනවා

පහුගිය අවුරුදු තුන ඇතුළත ලෝකේ පුරාම අපේ මුද්‍රණ යන්ත්‍ර සහ පොත් බඳින උපකරණ වැඩිදියුණු කරන්න ඩොලර් මිලියන දහයකට වඩා වියදම් කරලා තියෙනවා. ඒ අලුත්ම උපකරණ පාවිච්චි කරලා අපි බයිබල් නිෂ්පාදනය කරන්නේ කොහොමද? ඉස්සර නම් බයිබලයක් මුද්‍රණය කළාට පස්සේ ඒක පොතක් විදිහට හදන්න පියවර 40කට වඩා ඇතුළත් වුණා. උදාහරණෙකට පොත මහන එක, පිටු ගාණට කපන එක, පිටු සුමට කරන එක සහ පිටුවල රත්තරං රිදී වගේ පාටක් ගාන එක වගේ දේවල්. ඊට අමතරව එක අදියරක් ඉවර වෙලා අනිත් අදියර පටන්ගන්න කලින් සහෝදරයන්ට සිද්ධ වුණා ඒ බයිබල් එක තැනකින් තවත් තැනකට ගෙනියන්න. හැබැයි අද වෙද්දී ඒ වැඩ ගොඩක් සරල වෙලා තියෙනවා. ඒ නිසා ප්‍රින්ට් කළාට පස්සේ පියවර 10කින් බයිබලයක් සකස් කරන්න පුළුවන්. දැන් අලුත්ම උපකරණ පාවිච්චි කරන නිසා වැඩ කීපයක්ම එකම වෙලාවේ කරගන්න පුළුවන්. බයිබල් එක තැනක ඉඳලා තව තැනකට යන්නෙත් බෙල්ට් එකක් දිගේ. ඒ නිසා බයිබල් නිෂ්පාදනයට ඕනෙ වුණ අයගේ ගාණත් භාගයකින් විතර අඩු වෙලා තියෙනවා. ජපානයේ ශාඛා කාර්යාලයේ පොත් බඳින අංශය කලින් පැය අටකදී නිෂ්පාදනය කළේ බයිබල් 2,000ක් විතරයි. හැබැයි දැන් අපිට පැය අටකදී බයිබල් 35,000ක් විතර නිෂ්පාදනය කරන්න පුළුවන්.

සහෝදරයෙක් බයිබලේ කොටස් දෙකක බාකෝඩ් සසඳනවා.

බයිබලේ එක් එක් කොටස් වෙන වෙනම අඳුරගන්න බාකෝඩ් උදව් වෙනවා

අඩුවෙන් ගබඩා කරන නිසා සල්ලි ඉතුරුයි

කලින් අපි කියපු වෙනස්කම් නිසා සම්මාදම් හුඟක් ඉතුරු වෙනවා. උදාහරණෙකට දැන් අපිට පොඩි පොඩි මුද්‍රණ වැඩ කරන්න පුළුවන් නිසා සහ අලුත් අලුත් ප්‍රකාශනවලට ඉක්මනින් මාරු වෙන්න පුළුවන් නිසා මුද්‍රණාලයක පොත්පත් ගබඩා කරලා තියෙන ප්‍රමාණය හරිම අඩුයි. එක්සත් ජනපද ශාඛා කාර්යාලයේ සේවය කරන සහෝදර ගැරී ඒ ගැන මෙහෙම කියනවා. “ඉස්සර අපි හිතුවේ පොඩි පොඩි ප්‍රින්ටිං වැඩ නිතරම කරන එකෙන් සල්ලි හුඟක් නාස්ති වෙනවා කියලා. ඒ නිසා එක සැරේ ලොකු ප්‍රමාණයක් ප්‍රින්ට් කරන එක හොඳයි කියලා අපි හිතුවා. පොඩි පොඩි ප්‍රින්ටිං වැඩ කරන්න අපි පටන්ගත්ත පළවෙනි අවුරුද්දේ මුද්‍රණ තහඩුවලටයි, අපතේ ගිය කොළවලටයි ගිය වියදම ඩොලර් 60,000කින් වැඩි වුණා. හැබැයි කඩදාසියි, ප්‍රින්ට් කරපු පොතුයි ගබඩා කරන්න යන වියදම අඩු වෙච්ච නිසා අපිට පුළුවන් වුණා ඩොලර් ලක්ෂ 15කට වඩා ඉතුරු කරගන්න.” ඒ ඉතුරු වුණ මුදල් නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන්න සහ සහන සේවා වැඩ වගේ අත්‍යවශ්‍ය දේවල්වලට පාවිච්චි කරලා තියෙනවා.

පොත්පත් ගබඩා කරන්න ගිය ඉඩ අඩු වුණ නිසා සමහර ශාඛා කාර්යාලවල හුඟක් ඉඩ ඉතුරු වුණා. ඒ නිසා ඒ ශාඛා කාර්යාලවලට පුළුවන් වුණා ඒ ඉඩකඩ වෙනත් අත්‍යවශ්‍ය වැඩවලට පාවිච්චි කරන්න. ඒ විතරක් නෙවෙයි දැන් අපේ මුද්‍රණාල ප්‍රමාණත් අඩු කරලා තියෙන නිසා ශාඛා කාර්යාලයක ගොඩනැඟිල්ලක් හදද්දී ඒක කලින්ට වඩා පොඩියට හදන්න පුළුවන් වෙලා තියෙනවා. උදාහරණෙකට බ්‍රිතාන්‍ය ශාඛා කාර්යාලයේ කෙරුණු මුද්‍රණ වැඩ 2018දී මධ්‍යයම යුරෝපා ශාඛා කාර්යාලයට සහ තවත් මුද්‍රණාලවලට භාර දුන්නා. ඒ නිසා එංගලන්තයේ චෙම්ස්ෆෝර්ඩ්වල අලුත් ශාඛා කාර්යාලය හදද්දී ඩොලර් මිලියන ගාණක් ඉතුරු කරගන්න අපිට පුළුවන් වුණා.

“ඔයා මාව අමතක කළේ නෑ”

වැදගත්ම දේ තමයි සරල කරපු මේ මුද්‍රණ වැඩ නිසා වැඩිදෙනෙක්ට යෙහෝවාට ළං වෙන්න පුළුවන් වෙලා තියෙන එක. දැන් අපිට වැඩි භාෂා ප්‍රමාණයකින් පොත්පත් ප්‍රින්ට් කරන්න පුළුවන්. මොකක් හරි භාෂාවකින් පොත්පත් පොඩි ප්‍රමාණයක් ඕනෙ වුණත් දැන් ඒකත් කරන්න පුළුවන්. උදාහරණෙකට වෝලිසියන් භාෂාව ගැන බලන්න. නව කැලිඩෝනියාවෙයි, වෝලිස් සහ ෆුටුනා කියන දූපත්වලයි වෝලිසියන් භාෂාව කතා කරන අය ඉන්නේ 35,000ක් විතරයි. හැබැයි 2024 අගෝස්තුවල ඒ භාෂාවෙන් ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ සම්පූර්ණයෙන්ම මුදාහරින්න පුළුවන් වුණා. වෝලිසියන් භාෂාව කතා කරන ප්‍රචාරකයෙක් වන සෙලෆීනා ඒ ගැන මෙහෙම කිව්වා. “මං කලින් බයිබලේ කියෙව්වේ ප්‍රංශ භාෂාවෙන්. ඒකේ තිබුණු සමහර දේවල් මට තේරුණේ නෑ. හැබැයි දැන් මට මගේම භාෂාවෙන් බයිබලේ කියවන්න පුළුවන්. ඒක මුලින්ම කියවපු දවසේ මගේ ඇස්වලට කඳුළුත් ආවා. මං යෙහෝවාට කිව්වා ‘යෙහෝවා ඔයා මාව අමතක කළේ නෑ. ඔයා ඇත්තටම හැමෝටම එක වගේ සලකන දෙවි කෙනෙක්’ කියලා.”

සහෝදරියක් එයාගේ මව් භාෂාව වන වෝලිසියන් භාෂාවෙන් ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ කියවනවා.

සම්පූර්ණ ‘නව ලොව පරිවර්තනය’ වෝලිසියන් භාෂාවෙන් තියෙනවා

කොංගෝවල සංගා භාෂාව කතා කරන අය ඉන්නේ ලක්ෂ 5කටත් වඩා අඩුවෙන්. හැබැයි ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොත දැන් ඒ භාෂාවෙනුත් තියෙනවා. සංගා භාෂාව කතා කරන සභාවක සේවය කරන ජොස්වේ මෙහෙම කියනවා. “මගේ බයිබල් ශිෂ්‍යයන්ට සමහර දේවල් විස්තර කරන්න, සමහර වචන පරිවර්තනය කරන්න ඉස්සර සෑහෙන්න අමාරු වුණා. සමහරුන්ට ඒ පොතේ තිබ්බ දේවල් තේරුණේම නෑ. හැබැයි දැන් අපිට සංගා භාෂාවෙන්ම මේ පොත තියෙනවා. ඒ නිසා ඉස්සර වගේ එයාලට දෙයක් ගැන ලොකු විස්තරයක් දෙන්න ඕනෙ නෑ. පොත කියවපු ගමන් එයාලට හොඳට තේරෙනවා.”

යුවළක් මුහුදු වෙරළක් ළඟ ඉඳන් කෙනෙක් එක්ක ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතෙන් බයිබල් පාඩමක් කරනවා.

හොන්ඩ්‍යුරාස්වල යුවළක් බයිබල් පාඩමක් කරන්න ගරිෆුනා භාෂාවෙන් තියෙන ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොත පාවිච්චි කරනවා. ඒ භාෂාව කතා කරන අය ඉන්නේ 1,20,000ක් වගේ පොඩි පිරිසක් විතරයි

දැන් අපි කලින්ට වඩා වැඩි භාෂා ගාණකින් අපේ සඟරා පොත්පත් ප්‍රින්ට් කරනවා. donate.jw.org හරහා සහ තවත් විදිවලින් ඔයාලා දෙන සම්මාදම් ඒකට ගොඩක් උදව් වෙලා තියෙනවා. හදවතින්ම පෙලඹිලා ඔයාලා දෙන සම්මාදම්වලට ගොඩක් ස්තුතියි!

a මේ ලිපියේ ඩොලර් කියලා කියන්නේ ඇමරිකානු ඩොලර්වලටයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න