ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • hdu 21 ලිපිය
  • වෙනස්ම විදිහේ පොතක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වෙනස්ම විදිහේ පොතක්!
  • ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අලුත්ම විදිහේ පොතක්
  • මුද්‍රණය කළේ වසංගතය මැද්දේ
  • “මේ පොත ගැන කියන්න මට වචන නෑ”
  • මුද්‍රණ වැඩ සරල කරයි
    ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
  • තහනම යටතේ බයිබල් පොත් පත් මුද්‍රණය කිරීම
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන ප්‍රකාශන සේවේදී පාවිච්චි කරමු
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • “හැමදාටම සතුටින් ජීවත් වෙන්න!” ප්‍රකාශනයෙන් විශ්වාසය ගොඩනඟන්න
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
hdu 21 ලිපිය
මුද්‍රණ යන්ත්‍රයේ වාහක පටියක ගෙනියන “හැමදාටම සතුටින් ජීවත් වෙන්න!” කියන පොතේ පිටපත්.

ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි

වෙනස්ම විදිහේ පොතක්!

2022 අප්‍රියෙල් 1

2021 ජනවාරි මාසේ පාලක මණ්ඩලය ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන අලුත් පොත මුදාහරිද්දී ඔයාට ඒ ගැන හැඟුණේ කොහොමද?a කැනඩාවේ ඉන්න මැතිව්ට හැඟුණ විදිහ ගැන එයා මෙහෙම කියනවා. “මට පුදුම සතුටක් දැනුණේ! මේ වගේ පොතක් හැදුවේ ඇයි, ඒක මුදාහරින්න කලින් ඒක ටෙස්ට් කළේ කොහොමද කියලා දේශනවල සහ වීඩියෝවල පැහැදිලි කරද්දී මට තිබුණ ආසාව තවත් වැඩි වුණා. ඇත්තම කිව්වොත් ඒ පොත මගේ අතට ගන්න කල් මං ඇඟිලි ගැන ගැන හිටියේ.”

‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන පොතෙන් බයිබල් පාඩම් පවත්වන්න අලුත්ම විදිහක් හඳුන්වලා දීලා තියෙනවා. හැබැයි අපි කලින් බයිබල් පාඩම් පවත්වන්න පාවිච්චි කරපු ප්‍රකාශනයි, මේ පොතයි අතරේ තියෙන එකම වෙනස ඒක නෙවෙයි. ඔයා ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන පොත අතට අරන් බලලා තියෙනවා නම් ඔයාට ඒකේ වෙනසක් තේරිලා ඇති. ඒ වෙනසට හේතුව මොකක්ද කියලා තේරුම්ගන්න මේ පොත හදලා තියෙන විදිහ ගැන අපි පොඩ්ඩක් බලමු.

අලුත්ම විදිහේ පොතක්

ගනකම් පිටු. ඒ පොතේ පිටු ඇයි ගනකම් වෙන්න ඕනේ? ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන පොතේ වර්ණවත් පින්තූර 600කටත් වඩා තියෙනවා. ඒ ගාණ ‘සරලව තේරුම්ගමු’ කියන පොතේ තියෙන පින්තූර ගාණ වගේ දහ ගුණයකටත් වඩා වැඩියි. ඒ වගේම ඒ පොතේ පිටුවල රූප, අකුරු මොකුත් නැති හිස් තැන් ගොඩක් තියෙනවා. ඒ හේතු දෙක නිසා ඒ පොත මුද්‍රණය කරන්න පාවිච්චි කරන්න ඕනෙ කඩදාසි ගැන ප්‍රශ්නයක් මතු වුණා. මොකද කඩදාසිය ගොඩක් තුනී නම් එක පිටුවක තියෙන පින්තූර අනිත් පැත්තෙනුත් පේනවා. ඒකට විසඳුමක් විදිහට ඇමරිකාවේ වෝල්කිල්වල ජාත්‍යන්තර මුද්‍රණ අංශයේ සේවය කරන සහෝදරයන් අපි දැනටමත් ප්‍රකාශන මුද්‍රණ කරන්න පාවිච්චි කරන කඩදාසි වර්ග හතරක් අත්හදා බැලුවා. ඊටපස්සේ පාලක මණ්ඩලයේ ලේඛන කමිටුවේ සේවය කරන සහෝදරයන් ඒ කඩදාසි වර්ග හතරම හොඳට බලලා ඒකෙන් ගනකම් වැඩිම එක තෝරගත්තා. සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන කඩදාසිවලට වඩා මේ කඩදාසිවල මිල 16%කින් වැඩියි. ඒත් මේ සහෝදරයන් ඒක තේරුවේ මේ පොත පාවිච්චි කරන බයිබල් ශිෂ්‍යයන්ට ඉගෙනගන්න දේට හොඳට අවධානය දෙන්න ඒක උදව් වෙන නිසයි.

වෙනස් කඩදාසි පාවිච්චි කරලා මුද්‍රණය කරලා තියෙන පිටුවල වෙනස පෙන්නන රූපසටහන්. පින්තූරවල අදහස: 1. වම් පැත්තේ පින්තූරවලින් පෙන්නන්නේ තුනී කඩදාසියක මුද්‍රණය කරද්දී පින්තූර සහ අකුරු පිටුවේ එහා පැත්තෙන් පේන විදිහ. 2. දකුණු පැත්තේ පින්තූරෙන් පෙන්නන විදිහට ගනකම් කඩදාසි පාවිච්චි කරද්දී පිටුවක තියෙන පින්තූර සහ අකුරු එහා පැත්තෙන් පේන්නේ නැහැ.

දකුණු පැත්තේ පින්තූරෙන් පෙන්නන්නේ ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන පොත හදන්න පාවිච්චි කරපු කඩදාසි වර්ගයයි

වෙනස්ම විදිහේ ලැමිනේට් කවරයක්. අපේ අනිත් ප්‍රකාශනවල පිටකවරයි, අලුත් පොතේ පිටකවරෙයි අල්ලද්දී වෙනසක් දැනෙනවා. මොකද අලුත් පොතට දාලා තියෙන්නේ වෙනස්ම විදිහේ ලැමිනේට් වර්ගයක්. සාමාන්‍යයෙන් අපි දාන්නේ දිලිසෙන “ග්ලොස්” ලැමිනේට් එකක්. ඒත් මේ පොතට දාලා තියෙන්නේ “මැට්” එකක්. ඒකෙන් පිටකවරේ තියෙන පින්තූරේ හරිම ලස්සනට, පැහැදිලිව පේනවා. ඒ වගේ පිටකවරයක් දාලා තියෙන නිසා මේ අලුත් පොත කාලයක් තිස්සේ පාවිච්චි කළත් ඉක්මනටම සවුත්තු වෙන්නේ නැහැ. හැබැයි “මැට්” ලැමිනේට් එකක් කරන්න යන වියදම “ග්ලොස්” ලැමිනේට් එකක් කරන්න යන වියදමට වඩා පස් ගුණයකින් විතර වැඩියි. ඒ නිසා අඩු මුදලකට “මැට් ෆිනිෂ්” එකක් කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගන්න ශාඛා කාර්යාල කීපයක්ම එකතු වෙලා සැලසුම් කළා.

පොත්වල පිටකවර ආරක්ෂා කරන “මැට්” ලැමිනේට් එකක් යන්ත්‍රයකින් පිටකවරවලට දානවා.

පොත්වල පිටකවර ලැමිනේට් කරනවා

මේ පොත හදන්න ගණන් වැඩි දේවල් පාවිච්චි කළේ ඇයි? ජාත්‍යන්තර මුද්‍රණ අංශයේ වැඩ කරන සහෝදරයෙක් ඒ ගැන මෙහෙම කියනවා. “අපි හිතනවා සහෝදරයෝ මේ පොත නිතර නිතර පාවිච්චි කරයි කියලා. ඒ නිසා පොත හම යන්නේ නැතුව දිගටම හොඳට තියෙන්න ඕනේ.” බ්‍රසීල ශාඛා කාර්යාලයේ මුද්‍රණ අංශයේ වැඩ කරන සහෝදර එඩ්වාඩෝ මෙහෙම කියනවා. “සම්මාදම් නාස්ති කරන්නේ නැතුව මේ පොත හරිම ලස්සනට, කල් පවතින විදිහට සහ ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් විදිහට හදලා දෙන්න සංවිධානය හොඳම අමුද්‍රව්‍ය පාවිච්චි කරපු එක ගැන අපි ගොඩක් සතුටු වෙනවා.”

මුද්‍රණය කළේ වසංගතය මැද්දේ

‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන පොත මුද්‍රණය කරන්න පටන්ගත්තේ 2021 මාර්තු මාසේ. ඒ කියන්නේ කොරෝනා වසංගතය ලෝකේ පුරාම ලැව් ගින්නක් වගේ පැතිරුණු කාලේ. ඒ කාලේ බෙතෙල් එකට කාටවත් පිටින් එන්න බැහැ. ඒ නිසා ගෙදර ඉඳන් ආපු සහෝදර සහෝදරියන්ට මුද්‍රණ වැඩවලට උදව් කරන්න පුළුවන් වුණේ නැහැ. ඒ වගේම බෙතෙල් එකට අලුතින් සහෝදර සහෝදරියන්ව ගන්නත් බැහැ. ඒ හින්දා සමහර මුද්‍රණාලවල වැඩ කරන්න කට්ටිය හිටියේ නැහැ. තවත් සමහර රටවල රජයෙන් දාපු සීමා තහංචි නිසා මුද්‍රණාල තාවකාලිකව වහන්න සිද්ධ වුණා.

සහෝදරයෙක් මුද්‍රණය කරලා ඉවර වුණ පොත් පරීක්ෂා කරනවා.

සහෝදර සහෝදරියන් මේ අභියෝගය ජය ගත්තේ කොහොමද? සමහර ශාඛා කාර්යාලවල මුද්‍රණ වැඩ පටන්ගන්න පුළුවන් වුණාම ඒ වැඩවලට බෙතෙල් එකේ වෙනත් අංශවල ඉන්න අයගෙත් උදව් ගත්තා. ජාත්‍යන්තර මුද්‍රණ අංශයේ සේවය කරන සහෝදර ජොඑල් ඒ ගැන මෙහෙම කියනවා. “අපේ සහෝදරයන් කැමැත්තෙන්ම මුද්‍රණ වැඩ ඉගෙනගෙන, මහන්සි වෙලා වැඩ කරපු නිසා මේ වැඩේ සාර්ථකව කරන්න අපිට පුළුවන් වුණා.”

මොන තරම් අභියෝග තිබුණත් අපි මේ වෙද්දී ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන පොතේ පිටපත් මිලියන ගාණක් මුද්‍රණය කරලා තියෙනවා. මේ පොත මුද්‍රණය කරන්න අපිට මුද්‍රණ තහඩු, ලැමිනේට් කරන්න පාවිච්චි කරන රෝල්, කඩදාසි, තීන්ත සහ ගම් වර්ග වගේ ගොඩක් දේවල් ඕනෙ වුණා. මුල් මාස පහේදී විතරක් ඒ බඩු වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.3කටත් (රුපියල් කෝටි 52කටත්) වඩා වියදම් වුණා. මුදල් ඉතුරු කරගන්න ඕනෙ නිසා අපි මුද්‍රණය කළේ සභාවලින් ඉල්ලුම් කරපු පිටපත් ගාණ විතරයි.

සහෝදරයන් දෙන්නෙක් පෙට්ටිවලට පොත් දානවා.

“මේ පොත ගැන කියන්න මට වචන නෑ”

අලුත් පොත ගැන අපේ ප්‍රචාරකයන්ට සහ ශිෂ්‍යයන්ට හැඟෙන්නේ කොහොමද? ඕස්ට්‍රේලියාවේ ඉන්න සහෝදර පෝල් එයාට හැඟෙන විදිහ ගැන මෙහෙම කියනවා. “මේ පොත නම් නියමයි. ඒක පාවිච්චි කරන එක කොච්චර ලේසිද කියනවා නම් දැන් මට බයිබල් පාඩම් කරන්න පුදුම ආසාවක් තියෙන්නේ. ඒකේ පාඩම්වල තියෙන තොරතුරු හරිම සරලයි, පැහැදිලියි. ලස්සන වීඩියෝ, පින්තූර, වගු ගොඩක් තියෙනවා. ඒ වගේම ශිෂ්‍යයාට තනියම කරන්න දේවලුත් ඒකේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි හිතන්න උදව් කරන ප්‍රශ්නත් තියෙනවා. ඒ නිසා ශිෂ්‍යයාට එයාගේ හිතේ තියෙන දේ නිදහසේ කියන්න පුළුවන්. ඇත්තම කිව්වොත් මේ පොත ගැන කියන්න මට වචන නෑ.”

වීඩියෝ කොන්ෆරන්ස් හරහා ඒ පොත පාවිච්චි කරලා බයිබල් පාඩමක් කරන සහෝදරියක්.

ඇමරිකාවේ ඉන්න ශිෂ්‍යයෙක් මේ පොත ගැන මෙහෙම කියනවා. “මං මේ අලුත් පොතට හරිම ආසයි. පාඩමේ ප්‍රධාන කරුණු තේරුම්ගන්න ඒකේ තියෙන පින්තූර උදව් වෙනවා. ඒකේ තියෙන වීඩියෝ මගේ හදවතටම කතා කරනවා. ඉගෙනගන්න දේවල් අදාළ කරගන්න ඒවා මාව පොලඹවනවා.” ඒ ශිෂ්‍යයා සතියට දෙපාරක්ම බයිබල් පාඩම කරනවා. ඒ වගේම දිගටම අපේ රැස්වීම්වලටත් සහභාගි වෙනවා.

‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන පොත තව ගොඩක් භාෂාවලින් මුද්‍රණය කරන්න තියෙනවා. මේ වෙද්දී පාලක මණ්ඩලය මේ පොත භාෂා 710කට පරිවර්තනය කරන්න අනුමැතිය දීලා තියෙනවා. ඒ ගාණ ‘සරලව තේරුම්ගමු’ කියන පොත පරිවර්තනය කරපු භාෂා ගාණට වඩා 340ක් වැඩියි.

මේ පොත මුද්‍රණය කරන්න යන වියදම් පියවාගන්නේ කොහොමද? ඒකට පාවිච්චි කරන්නේ ලෝක ව්‍යාප්ත සේවය සඳහා ලැබෙන සම්මාදම්. ඒවායින් වැඩි හරියක් ලැබෙන්නේ donate.jw.org කියන වෙබ් අඩවිය හරහායි. ඔයාලා හැමෝම කැමැත්තෙන් දෙන සම්මාදම්වලට ගොඩක් ස්තුතියි! යෙහෝවා දෙවියන්ව අඳුරගෙන හැමදාටම සතුටින් ජීවත් වෙන්න ආසාවෙන් ඉන්න හුඟදෙනෙක් ඉන්නවා. ඒ අය වෙනුවෙන් පොත් පත් හදන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ ඔයාලා කැමැත්තෙන්ම දෙන ඒ සම්මාදම් නිසයි.—ගීතාවලිය 22:26.

a මේ පොත මුදාහැරියේ JW බ්‍රෝඩ්කාස්ටිං එක හරහා පෙන්නපු වාර්ෂික රැස්වීමේදීයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න