ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 102 පාඩම 236 පි.-237 පි. 2 ¶
  • අනාගතය ගැන යොහන් දැක්ක දර්ශන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අනාගතය ගැන යොහන් දැක්ක දර්ශන
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවිගේ අතිඋතුම් සිංහාසනයේ අලංකාරය
    එළිදරව්වේ—අවසන් ඉටුවීම අත ළඟයි!
  • නොපෙනෙන ස්වර්ගයේ ඉන්න අය ගැන හෙළි කරන දර්ශන
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • ජයග්‍රාහී අලුත් ගීතිකාව ගායනා කිරීම
    එළිදරව්වේ—අවසන් ඉටුවීම අත ළඟයි!
  • තේජවත් වූ යේසුස්ව යොහන්ට දර්ශනය වෙයි
    එළිදරව්වේ—අවසන් ඉටුවීම අත ළඟයි!
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 102 පාඩම 236 පි.-237 පි. 2 ¶
යොහන් එළිදරව් පොත ලියනවා

102වෙනි පාඩම

අනාගතය ගැන යොහන් දැක්ක දර්ශන

නියෝජිත යොහන්ව පැට්මොස් දූපතේ හිර කරලයි තිබුණේ. අනාගතය ගැන එකකට එකක් සම්බන්ධ දර්ශන 16ක් යේසුස් එයාට පෙන්නුවා. යෙහෝවාගේ නමට ඇති වෙලා තියෙන කැළැල නැති වෙන විදිහ, දෙවියන්ගේ රාජ්‍යය පොළොව පාලනය කරන විදිහ, ඔහුගේ අරමුණ ස්වර්ගයෙත් පොළොවෙත් ඉටු වෙන විදිහ යොහන් ඒ දර්ශනවලින් දැක්කා.

එක දර්ශනයකදී යොහන් දැක්කා යෙහෝවා අකුණු සැරවලින් වට වුණ, ගිගිරුම් හඬවල් ආපු සිංහාසනයක ඉඳගෙන ඉන්නවා. ඒ වටේට වැඩිමහල්ලන් 24දෙනෙක් සුදු ඇඳුම් ඇඳගෙන, රත්තරන් ඔටුනු දාගෙන ඉඳගෙන හිටියා. එයාලා දෙවියන් ඉස්සරහා වැඳ වැටිලා නමස්කාර කළා. ඔහුට නමස්කාර කරන හැම ජාතියකටම අයිති, හැම භාෂාවක්ම කතා කරන මහත් සමූහයක් ඉන්න දර්ශනයකුත් යොහන් දැක්කා. ඒ දර්ශනයේ බැටළු පැටියා වුණු යේසුස් එයාලව රැකබලා ගෙන ජීවන වතුර තියෙන උල්පත්වලට එයාලව අරගෙන ගියා. තවත් දර්ශනයකදී යොහන් දැක්කා යේසුස් ස්වර්ගයේ රජ විදිහට වැඩිමහල්ලන් 24දෙනාත් එක්ක පාලනය කරනවා. යේසුස් සාතනුයි භූතයනුයි එක්ක සටන් කරලා එයාලව පොළොවට දාන දර්ශනයකුත් යොහන් දැක්කා.

සියොන් කන්දේ ඉන්න යේසුස් සහ 1,44,000 දෙනා

ඊටපස්සේ යොහන් දැක්කේ බැටළු පැටියායි, 1,44,000දෙනායි සියොන් කන්දේ හිටගෙන ඉන්න දර්ශනයක්. දේවදූතයෙක් පොළොව පුරාම ගිහින් දෙවියන්ට ගරුබිය පෙන්නලා ඔහුට ගෞරවය දෙන්න කියලා කියනවාත් යොහන් දැක්කා.

තවත් දර්ශනයකදී යොහන් දැක්කා අර්මගෙදොන් යුද්ධයේදී යේසුස් ඔහුගේ හමුදාවත් එක්ක ඇවිත් සාතන්ගේ හැම දුෂ්ට දෙයක්ම විනාශ කරනවා. අන්තිම දර්ශනයෙන් එයා දැක්කේ ස්වර්ගයෙත් පොළොවෙත් හැමෝම සාමයෙන් සමාදානයෙන් දෙවියන්ට සේවය කරන විදිහ. සාතනුත් එයාගේ පැත්තේ ඉන්න අයත් විනාශ වෙලා. ස්වර්ගයෙත් පොළොවෙත් ඉන්න හැමෝම හැමදාටම යෙහෝවාගේ නමට ප්‍රශංසා කරලා ඔහුට විතරක් නමස්කාර කරනවා.

“ඔබ සහ ස්ත්‍රිය අතරෙත් ඔබෙන් පැවතෙන අය සහ ඇගෙන් පැවතෙන කෙනා අතරෙත් මම සතුරුකමක් ඇති කරනවා. ඔහු ඔබේ හිස පොඩි කරනවා. ඔබ ඔහුගේ විලුඹ තුවාල කරනවා.”—උත්පත්ති 3:15

ප්‍රශ්න: යොහන් දර්ශන කීයක් දැක්කාද? අර්මගෙදොන් යුද්ධයේදී යේසුස් කරන්නේ මොනවාද?

එළිදරව් 1:1-3; 4:1-11; 7:4, 9-17; 11:15-18; 12:5-12; 14:6, 7; 16:14, 16; 21:5

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න