ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yc 7 පාඩම 16-17 පි.
  • ඔයාටත් බයක් තනිකමක් දැනිලා තියෙනවද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයාටත් බයක් තනිකමක් දැනිලා තියෙනවද?
  • දූපුතුන්ට කියා දෙන්න
  • සමාන තොරතුරු
  • ඔයා තනි වෙලා කියලා ඔයාට හිතෙනවාද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගෙන් සහනය ලැබූ මිනිසෙක්
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • දෙවිගෙන් සැනසිල්ල ලැබූ එලියා
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබ එලියා මෙන් විශ්වාසවන්ත වෙන්න යනවාද?
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
දූපුතුන්ට කියා දෙන්න
yc 7 පාඩම 16-17 පි.
බයෙන් තනිකමෙන් ඉන්න දරුවෙක්

7වෙනි පාඩම

ඔයාටත් බයක් තනිකමක් දැනිලා තියෙනවද?

මේ පින්තූරේ ඉන්න පිරිමි ළමයා දිහා බලන්න. එයා හුඟක් බයෙන්, තනිකමෙන් ඉන්නවා වගේ නේද පේන්නේ? ඔයාටත් බයක් තනිකමක් දැනිලා තියෙනවද?— අපි හැමෝටම සමහර වෙලාවට එහෙම දැනෙනවා. බයක් තනිකමක් දැනුණු යෙහෝවා දෙවිගේ යාළුවෝ ගැන බයිබලයේ තියෙනවා. එක් කෙනෙක් තමයි එලියා.

කේන්තයෙන් කෑගහන යෙසබෙල් රැජින

යෙසබෙල්ට ඕනෙ වුණේ එලියාව මරන්නයි

එලියා ජීවත් වුණේ යේසුස් ඉපදෙන්න හුඟක් කාලෙකට කලින්. ඒ කාලේ රජ වෙලා හිටපු ආහබ් යෙහෝවා දෙවිට නමස්කාර කළේ නැහැ. ආහබ් එයාගේ බිසව වුණු යෙසබෙල් එක්ක නමස්කාර කළේ බාල් කියන බොරු දෙවියාටයි. ඒ නිසා හුඟදෙනෙක් බාල්ට නමස්කාර කරන්න පටන්ගත්තා. යෙසබෙල් රැජිනට ඕනෙ වුණා යෙහෝවා දෙවිට නමස්කාර කරපු එලියාවයි අනිත් අයවයි මරලා දාන්න. එලියා මොනවද කළේ කියලා ඔයා දන්නවද?—

එලියා හුඟක් ඈත තිබුණු කාන්තාරයකට ගිහින් ගුහාවක හැංගුණා. ඔයා හිතන්නේ එයා එහෙම කළේ ඇයි?— එයා ගොඩක් බය වුණු නිසයි එහෙම කළේ. ඒත් එයාට බය වෙන්නේ නැතුව ඉන්න තිබුණා. මොකද එයාට උදව් කරන්න යෙහෝවා දෙවිට පුළුවන්. එකපාරක් එලියාගේ යාච්ඤාවක් අහලා දෙවි අහසෙන් ගින්දර එව්වා. දෙවි එහෙම කළේ දෙවිට ලොකු බලයක් තියෙනවා කියලා පෙන්නන්නයි.

එලියා කරපු යාච්ඤාව අහලා යෙහෝවා දෙවි ස්වර්ගයෙන් ගින්නක් එව්වා, ගුහාවක ඉන්න එලියා, යෙහෝවා දෙවිගෙන් දිරිගැන්වීම් ලැබුණට පස්සේ එලියා සතුටින්

යෙහෝවා දෙවි එලියාට උදව් කළේ කොහොමද?

එලියා ගුහාවට වෙලා බයෙන් ඉන්නකොට දෙවි එයාට කතා කරලා ‘ඔයා මොනවද ඔතන කරන්නේ’ කියලා ඇහුවා. එතකොට එලියා මෙහෙම කිව්වා. ‘දැන් ඔයාට නමස්කාර කරන්න ඉන්නේ මං විතරයි. දැන් මං තනි වෙලා. මාව මරයි කියලා මට බයයි.’ එලියා හිතාගෙන හිටියේ දෙවිට නමස්කාර කරපු අනිත් හැමෝවම මරලා ඇති කියලයි. ඒත් දෙවි එයාට මෙහෙම කිව්වා. ‘ඔයා විතරක් නෙමෙයි මට නමස්කාර කරන තව 7,000ක් ඉන්නවා. බය වෙන්න එපා. ඔයාට කරන්න තව හුඟක් වැඩ තියෙනවා.’ ඒක ඇහුවම එලියාට සතුටක් දැනෙන්න ඇද්ද?—

මේ කතාවෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවද?— ඔයා කවදාවත් බය වෙන්නවත් තනි වෙලා කියලා හිතන්නවත් එපා. යෙහෝවා දෙවිටයි ඔයාටයි ආදරේ කරන හොඳ යාළුවෝ හුඟක් ඉන්නවා. ඒ වගේම දෙවි හුඟක් බලවත් නිසා ඔයාට උදව් කරන්න දෙවිට පුළුවන්. ඔයා කවදාවත් තනි වෙන්නේ නැහැ කියලත් හැම තිස්සෙම යෙහෝවා ඔයාත් එක්ක ඉන්නවා කියලත් දැනගත්ත නිසා ඔයාට සතුටුයිද?—

බයිබලයෙන් කියවන්න

  • 1 රාජාවලිය 19:3-18

  • ගීතාවලිය 145:18

  • 1 පේතෘස් 5:9

ප්‍රශ්න:

  • එලියාගේ කාලේ හිටපු හුඟදෙනෙක් යෙහෝවා දෙවිට නමස්කාර කළාද? ඒගොල්ලො නමස්කාර කළේ කාටද?

  • එලියා හුඟක් ඈතකට ගිහින් ගුහාවක හැංගුණේ ඇයි?

  • යෙහෝවා දෙවි එයාට මොකක්ද කිව්වේ?

  • එලියාගේ කතාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න