ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 17 පරි. 44 පි.-45 පි. 1 ¶
  • යේසුස් රාත්‍රියේදී නිකදේමස්ට උගන්වයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් රාත්‍රියේදී නිකදේමස්ට උගන්වයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • නිකදේමස්ට ඉගැන්වීම
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • නිකොදේමුස්ගෙන් පාඩමක් ඉගෙනගනිමු
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අලුත් උපත එය සිදු වන්නේ කෙසේද?
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 17 පරි. 44 පි.-45 පි. 1 ¶
යේසුස් රාත්‍රියේදී නිකදේමස් එක්ක කතා කරයි

17වෙනි පරිච්ඡේදය

යේසුස් රාත්‍රියේදී නිකදේමස්ට උගන්වයි

යොහන් 2:23–3:21

  • යේසුස් නිකදේමස් එක්ක කතා කරයි

  • “අලුත් උපතක්” ලබනවා කියන එකෙන් අදහස් වෙන දේ

ක්‍රි.ව. 30දී පාස්කුව සමරන්න යෙරුසලමට ඇවිත් ඉන්න යේසුස් ආශ්චර්යයන් කරනවා දකිද්දී හුඟක් අයට ඔහු ගැන විශ්වාසයක් ඇති වෙනවා. යුදෙව් මන්ත්‍රණ සභාවේ සාමාජිකයෙක් සහ පරිසිවරයෙක් වන නිකදේමස් ඒ අතරින් කෙනෙක්. යේසුස් ගැන තවත් ඉගෙනගන්න ඔහු කැමතියි. ඒත් යේසුස් එක්ක කතාබහ කරනවා යුදෙව් නායකයන් දැක්කොත් තමන්ගේ නමට අපකීර්තියක් වෙයි කියන බය නිසා ඔහු අඳුර වැටුණාට පස්සේ තමයි යේසුස්ව හමු වෙන්න යන්නේ.

ඔහු යේසුස්ට මෙහෙම කියනවා. “ගුරුතුමනි, ඔබ දෙවි විසින් එවා ඇති ගුරුවරයෙක් බව අපි දන්නවා. මන්ද කෙනෙකුට දෙවිගේ ආශීර්වාදය නැත්නම් ඔබ කරනවා වගේ මහත් ලකුණු කරන්න ඒ තැනැත්තාට බැහැ.” ඔහුට පිළිතුරු දෙන යේසුස්, කෙනෙක්ට දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්න පුළුවන් වෙන්නේ “අලුත් උපතක්” ලැබුවොත් විතරයි කියා පවසනවා.—යොහන් 3:2, 3.

ඒත් ඒ ගැන ප්‍රශ්න කරන නිකදේමස්, මිනිසෙක්ට “දෙවෙනි වරටත් තම මවගේ කුසට ඇතුල් වී ඉපදෙන්න පුළුවන්ද” කියා අසනවා.—යොහන් 3:4.

ඒ නිසා අලුත් උපතක් ලබන එකෙන් ඇත්තටම අදහස් කරන දේ තේරුම් කරන්න යේසුස් මෙහෙම කියනවා. “කෙනෙක් මුලින්ම වතුරෙන් බව්තීස්ම වී දෙවිගේ බලය ලබාගෙන අලුත් ජීවිතයක් ඇරඹිය යුතුයි. එය ඔහු අලුත් උපතක් ලබනවා හා සමානයි. එසේ නොවුණොත් ඔහුට දෙවිගේ රාජ්‍යයට ඇතුල් විය නොහැකියි.” (යොහන් 3:5) යේසුස් වතුරෙන් බව්තීස්ම වුණු අවස්ථාවේදී ඔහු දෙවිගේ බලය ලබාගෙන අලුත් ජීවිතයක් පටන්ගත්තා. ඒක හරියට ඔහු අලුත් උපතක් ලැබුවා වගෙයි. ඒ වෙලාවේ “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය, මම මොහුව අනුමත කළෙමි” කියලා කියන හඬක් ස්වර්ගයෙන් ඇසුණා. (මතෙව් 3:16, 17) දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්න අවස්ථාව තියෙන අභිෂේක ලත් පුත්‍රයෙක් විදිහට යේසුස්ව පිළිගත්තා කියලා දෙවියන් ඒ විදිහට ප්‍රකාශ කළා. ටික කාලෙකට පස්සේ ඒ කියන්නේ ක්‍රි.ව. 33දී, බව්තීස්ම වෙලා හිටිය තවත් පිරිසකට දෙවිගේ බලය ලැබෙනවා. ඒ අයත් දෙවිගේ පුත්‍රයන් විදිහට අලුත් උපතක් ලබනවා.—ක්‍රියා 2:1-4.

දෙවිගේ රාජ්‍යය ගැන යේසුස් උගන්වන දේවල් නිකදේමස්ට තේරෙන්නේ නැහැ. ඒ නිසා දෙවිගේ පුත්‍රයා විදිහට තමන්ට පැවරිලා තියෙන වැදගත් කාර්යය ගැන පැහැදිලි කරන්න යේසුස් මෙහෙම කියනවා. “මෝසෙස් පාළුකරයේ කණුවක සර්පයෙකුව එල්ලා තැබුවා සේම මනුෂ්‍ය පුත්‍රයාවත් එල්ලා තබනු ලබනවා. එසේ වන්නේ ඔහුව විශ්වාස කරන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ලබා දීම සඳහායි.”—යොහන් 3:14, 15.

ඊශ්‍රායෙල්වරුන්ට විසකුරු සර්පයන් දෂ්ට කරපු වෙලාවේ සුව වීම සඳහා තඹවලින් හදලා තිබුණු සර්පයා දිහා බැලුවා

ඈත අතීතයේදී ඊශ්‍රායෙල් සෙනඟට සර්පයන් දෂ්ට කරපු අවස්ථාවේදී ඒකෙන් බේරුණේ තඹවලින් හදලා තිබුණු සර්පයාගේ රූපය දිහා බැලුව අය විතරයි. (ගණන් කතාව 21:9) ඒ හා සමානව පව්කාරකම උරුම වෙලා තියෙන මුළු මිනිස් වර්ගයාටම ඒකෙන් මිදිලා සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගන්න පුළුවන් වෙන්නේ ඔවුන් දෙවිගේ පුත්‍රයා වන යේසුස් ගැන විශ්වාස කළොත් විතරයි. යෙහෝවා දෙවියන් ඒ වෙනුවෙන් කොයි තරම් කැප කිරීමක් කරලා තියෙනවාද කියලා පැහැදිලි කරන්න යේසුස් නිකදේමස්ට මෙහෙම කියනවා. “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.” (යොහන් 3:16) මේ වෙද්දී යේසුස් ඔහුගේ සේවය පටන් අරන් මාස හයක් විතර ගෙවිලයි තියෙන්නේ. මිනිස් වර්ගයාට ගැලවීම ලබාගන්න පුළුවන් වෙන්නේ තමන් මාර්ගයෙන් විතරයි කියලා ඔහු පැහැදිලිවම ප්‍රකාශ කරනවා.

“දෙවි තම පුත්‍රයාව ලෝකයට එව්වේ, ඔහු මාර්ගයෙන් ලෝකයේ සිටින අයව විනිශ්චය කිරීමට නෙවෙයි” කියලා යේසුස් නිකදේමස්ට කියනවා. යේසුස් පොළොවට ආවේ මුළු මිනිස් වර්ගයාවම විනාශයට සුදුසුයි කියලා විනිශ්චය කරන්න නෙවෙයි. ඒ වෙනුවට ඔහු මාර්ගයෙන් හැමෝටම “ගැලවීම ලබා දීමටයි.”—යොහන් 3:17.

අඳුර වැටුණාම තමයි නිකදේමස් යේසුස් එක්ක කතා කරන්න ආවේ. ඒ නිසා යේසුස් ඔහුත් එක්ක කරපු සාකච්ඡාව මේ විදිහට අවසන් කරන එක මොන තරම් හොඳින් ගැළපෙනවාද! “ලෝකයට ආලෝකය පැමිණියත් මිනිසුන් එය ප්‍රතික්ෂේප කළා. මන්ද ඔවුන්ගේ ක්‍රියා දුෂ්ට නිසා ඔවුන් වැඩි ඇල්මක් දක්වන්නේ ආලෝකයට වඩා අන්ධකාරයටයි. ඔවුන්ට විනිශ්චයක් ලැබෙන්නේ ඒ හේතුව නිසයි. පිළිකුල් දේවල් කරන පුද්ගලයා ආලෝකය ප්‍රතික්ෂේප කරනවා. ඔහු කරන දේවල් වැරදි බව හෙළි වෙනවාට ඔහු අකමැති නිසා ඔහු ආලෝකය අසලටවත් එන්නේ නැහැ. නමුත් යහපත් දේවල් කරන තැනැත්තා ආලෝකය සොයාගෙන එනවා. ඔහු එසේ පැමිණෙන්නේ තමා දෙවිගේ කැමැත්තට එකඟව ක්‍රියා කර ඇති බව එමගින් පැහැදිලි වන නිසයි.”—යොහන් 3:19-21.

දෙවිගේ අරමුණ ඉටු කරන්න යේසුස් කරන කාර්යභාරය ගැන හොඳින් හිතලා බලන්න පරිසිවරයෙක් වගේම යුදෙව්වන්ගේ ගුරුවරයෙක් වන නිකදේමස්ට දැන් අවස්ථාව තියෙනවා.

  • නිකදේමස් යේසුස්ව මුණගැහෙන්න ගියේ ඇයි? ඔහු අඳුර වැටෙන කල් හිටියේ ඇයි?

  • “අලුත් උපතක්” ලබනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

  • යේසුස් ආවේ “ලෝකයේ සිටින අයව විනිශ්චය කිරීමට නෙවෙයි” කියලා කියන්න පුළුවන් ඇයි?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න