යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් අවදියෙන් සිටීමට හේතුව
“අවදිව සිටපල්ලා. [අවදියෙන් සිටින්න, NW] . . . මක්නිසාද නුඹලාගේ ස්වාමියා කොයි දවසේ එනසේක්දැයි නුඹලා දන්නේ නැත.”—මතෙව් 24:42.
1. “අවදියෙන් සිටින්න” යන අවවාදය අදාළ වන්නේ කාටද?
බාල හෝ මහලු වේවා, අලුතෙන් කැපවූ හෝ දිගුකාලීන සේවයක් කර ඇති කෙනෙකු වේවා, දෙවියන්වහන්සේගේ සෑම සේවකයෙකුටම “අවදියෙන් සිටින්න!” යන බයිබල් අවවාදය අදාළ වේ. (මතෙව් 24:42, NW) මෙය වැදගත් වන්නේ මන්ද?
2, 3. (අ) යේසුස්වහන්සේ පැහැදිලි ලෙස විස්තර කළ ලකුණ කුමක්ද, තවද අනාවැකි ඉටුවීමෙන් පෙන්වා තිබෙන්නේ කුමක්ද? (ආ) අපගේ ඇදහිල්ලේ අව්‍යාජභාවය පරීක්ෂා කරන්නේ මතෙව් 24:42හි යොමු දක්වා ඇති කුමන තත්ත්වයද, තවද කෙසේද?
2 පොළොව මත යේසුස්වහන්සේගේ දේව සේවයේ නිමාන්තයේ, උන්වහන්සේ, රාජ්‍යය බලයෙන් යුතුව සිය අදෘශ්‍යමාන පැමිණ සිටීමේ ලකුණ පුරෝකථනය කළ සේක. (මතෙව් 24 සහ 25වෙනි පරිච්ඡේද) තම රාජකීය පැමිණ සිටීමේ එම කාලය උන්වහන්සේ පැහැදිලිව විස්තර කළසේක—තවද අනාවැකිය ඉටුකරන සිද්ධීන්වලින් පෙන්වන්නේ, තමන් රජ වශයෙන් 1914දී ස්වර්ගයෙහි අභිෂේක ලැබූ බවයි. අනතුරුව අපගේ ඇදහිල්ලේ අව්‍යාජභාවය පරීක්ෂාකරන තත්ත්වයකට උන්වහන්සේ යොමු දැක්වූ සේක. මෙය සම්බන්ධ වූයේ, මහත් පීඩාව අතරතුරේදී මෙම වත්මන් දුෂ්ට පිළිවෙළ විනාශ කිරීමට වධකයාණන් වශයෙන් තමන්වහන්සේ ක්රියාකරන්නට යන කාලය සමඟ වූ අතර, එම කාලය ගැන යේසුස්වහන්සේ මෙසේ පැවසූ සේක: “ඒ දවස හා පැය මාගේ පියාණන්වහන්සේ මිස දන්නා කෙනෙක් නැත; ස්වර්ගයෙහි දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැත.” යේසුස්වහන්සේ මෙසේ පැවසුවේ එය මනසේ තබාගනිමිනි: “අවදිව සිටපල්ලා, [අවදිව සිටින්න, NW] . . . මක්නිසාද නුඹලාගේ ස්වාමියා කොයි දවසේ එනසේක්දැයි නුඹලා දන්නේ නැත.”—මතෙව් 24:36, 42.
3 මහත් පීඩාව පටන් ගන්නා දවස හා පැය අප විසින් නොදැන සිටින නිසා, ක්‍රිස්තියානින් යයි කියා සිටිනවා නම්, අප සෑම දවසකම සැබෑ ක්‍රිස්තියානින් වශයෙන් ජීවත් විය යුතුය. ඔබ ඔබේ ජීවිතය යොදා ගන්නා ආකාරය අනුව, මහත් පීඩාව ළං වන විට, ස්වාමීන්වහන්සේගේ අනුමැතිය ලැබීමට එය හේතුකරවයිද? නොඑසේනම්, ඊට පෙර මරණය පැමිණේ නම්, ඔබගේ වත්මන් ජීවිතයේ අවසානය වන තෙක්ම ඔබ යෙහෝවඃවහන්සේට පක්ෂපාතව සේවය කළාවූ කෙනෙකු ලෙස උන්වහන්සේ ඔබව සිහිකරනු ඇත්ද?—මතෙව් 24:13; එළිදරව් 2:10.
මුල් ගෝලයෝ අවදියෙන් සිටීමට වෙර දැරූහ
4. ආත්මිකව අවදියෙන් සිටීම සම්බන්ධව යේසුස්වහන්සේගේ ආදර්ශයෙන් අපට ඉගෙන ගත හැක්කේ කුමක්ද?
4 ආත්මික අවදිය සම්බන්ධයෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේම අනගිතම ආදර්ශය තැබූ සේක. උන්වහන්සේ නිතර නිතර හා ඉතා ඕනෑකමින් සිය පියාණන්ට යාච්ඤා කළ සේක. (ලූක් 6:12; 22:42-44) පරීක්ෂාවලට ලක් වී සිටින විට, ශුද්ධ ලියවිලිවල අඩංගු මඟ පෙන්වීම කෙරෙහි උන්වහන්සේ මහත් සේ රඳා සිටි සේක. (මතෙව් 4:3-10; 26:52-54) යෙහෝවඃවහන්සේ තමාට පවරා තිබූ කර්තව්‍යයෙන් සිත වෙනතකට ඇදී යෑමට උන්වහන්සේ කිසිවිටෙකත් තමාටම ඉඩ හැරියේ නැත. (ලූක් 4:40-44; යොහන් 6:15) තමන් යේසුස්වහන්සේගේ අනුගාමිකයන් යයි සිතා සිටි අය ඒ හා සමානවම අවදියෙන් සිටිනු ඇත්ද?
5. (අ) ආත්මික සමබරතාව පවත්වා ගැනීම සම්බන්ධව යේසුස්වහන්සේගේ ප්‍රේරිතයන්ට ගැටලු තිබුණේ මන්ද? (ආ) යේසුස්වහන්සේගේ නැවත නැගිටීමෙන් පසු උන්වහන්සේ සිය ගෝලයන්ට දුන් උපකාරය කුමක්ද?
5 ඇතැම් අවස්ථාවලදී, යේසුස්වහන්සේගේ ප්‍රේරිතයෝ පවා පැකිළුණෝය. පමණට වඩා උනන්දුව දැක්වීමෙන් හා වැරදි අදහස් නිසාවෙන්, ඔවුන්ට අපේක්ෂා සුන්වුනු අවස්ථාවලට මුහුණුදීමට සිදුවිය. (ලූක් 19:11; ක්‍රියා 1:6) යෙහෝවඃවහන්සේ කෙරෙහි මුළුමනින් රඳා පැවතීම ගැන ඔවුන් විසින් ඉගෙන ගැනීමට පෙර, හදිසියෙන් ආ පරීක්ෂාවලින් ඔවුහු තම සමබරතාව අහිමි කරගත්හ. මෙසේ, යේසුස්වහන්සේව අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේදී, උන්වහන්සේගේ ප්‍රේරිතයෝ පලා ගියහ. පසුව එම රාත්රියේදී පේතෘස්, බිය හේතුකොටගෙන, ක්‍රිස්තුස්වහන්සේව දන්නේවත් නැත කියා කියමින් උන්වහන්සේව යළි යළිත් ප්‍රතික්ෂේප කළේය. “අවදිව ඉඳ යාච්ඤාකරපල්ලා” කියා යේසුස්වහන්සේ දී තිබූ උපදෙස මෙම ප්‍රේරිතයන් ඒවන විටත් තම හෘදයට ගෙන සිටියේ නැත. (මතෙව් 26:41, 55, 56, 69-75) සිය නැවත නැගිටීමට පසු, යේසුස්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් කිරීම පිණිස ශුද්ධ ලියවිලි යොදා ගත් සේක. (ලූක් 24:44-48) ඔවුන්ගෙන් සමහර දෙනෙක් තමන්ට පවරා තිබූ දේව සේවය දෙවෙනි ස්ථානයට දමනු ඇතැයි පෙනෙන්ට තිබූ විට, වඩාත් වැදගත් වැඩය කෙරෙහි අවධානය යොමු කරනු වස් යේසුස්වහන්සේ ඔවුන්ගේ පෙලඹීම ශක්තිමත් කළ සේක.—යොහන් 21:15-17.
6. යේසුස්වහන්සේ මීට පෙර තම ගෝලයන්ට අනතුරු අඟවා තිබුණේ කිනම් මලපත් දෙකට එරෙහිවද?
6 මීට පෙර, යේසුස්වහන්සේ සිය ගෝලයන්ට අවවාද කොට තිබුණේ, ඔවුන් ලෝකයේ කොටසක් නොවිය යුතු බවය. (යොහන් 15:19) එකිනෙකා කෙරෙහි අධිපතිකම් කරන මෙන් නොව නමුත් සහෝදරයන් වශයෙන් එක්ව සේවය කරන ලෙසද උන්වහන්සේ අණ කොට තිබිණි. (මතෙව් 20:25-27; 23:8-12) ඔවුන් උන්වහන්සේගේ උපදෙසට අවනත වූවාද? උන්වහන්සේ විසින් තමන්ට දී තිබූ වැඩය ඔවුන් පෙරට තැබුවාද?
7, 8. (අ) පළමු සියවසේ ක්‍රිස්තියානින් යේසුස්වහන්සේගේ අවවාදය තම සිතට ගත් බව ඔවුන් විසින් තබන ලද වාර්තාවෙන් පෙන්වන්නේ කෙසේද? (ආ) දිගටම ආත්මිකව අවදියෙන් සිටීම වැදගත් වූයේ මන්ද?
7 ප්‍රේරිතයන් ජීවත්ව සිටි තාක් කල්, ඔවුහු සභාව ආරක්ෂා කර ගත්හ. මුල් ක්‍රිස්තියානින් රෝම අධිරාජ්‍යයේ දේශපාලන කටයුතුවල නියැලී නොසිටි බවද උසස් ලෙස සලකනු ලැබූ පූජක පංතියක් ඔවුන්ට නොසිටි බවද ඉතිහාසයෙන් තහවුරු වෙයි. අනෙක් අතට, ඔවුහු දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ උනන්දුමත් ප්‍රකාශ කරන්නන් වූහ. පළමු සියවසේ අවසානය වන විට, ආසියාවේ, යුරෝපයේ සහ උතුරු අප්‍රිකාවේ ගෝලයන් සාදමින් ඔවුහු රෝම අධිරාජ්‍යය පුරාම සාක්ෂි දරා තිබුණාහ.—කොලොස්සි 1:23.
8 කෙසේවෙතත්, දේශනා කිරීමෙහිලා ඉටු කර ගත් එම දේවලින් අදහස් කළේ, ආත්මිකව අවදියෙන් සිටීමට තවත් කිසිඳු අවශ්‍යතාවක් නොතිබුණු බව නොවේ. යේසුස්වහන්සේ පුරෝකථනය කළාවූ පැමිණීම සිදුවීමට තිබුණේ ඈත අනාගතයේය. එමෙන්ම, සභාව පො.යු. දෙවන සියවසට පිවිසීමත් සමඟම, ක්‍රිස්තියානින්ගේ ආත්මිකත්වය උවදුරට ලක්කරවන තත්ත්වයන් පැනනැඟුණි. ඒ කෙසේද?
අවදියෙන් සිටීම අත්හළ අය
9, 10. (අ) ප්‍රේරිතයන්ගේ මරණින් පසු, ක්‍රිස්තියානින් යයි කියා සිටි බොහෝ දෙනෙක් අවදියෙන් නොසිටි බව පෙන්වන්නේ වර්ධනය වූ කිනම් සිද්ධීන්වලින්ද? (ආ) ආත්මිකව ශක්තිමත්ව සිටීම සඳහා ක්‍රිස්තියානි යයි කියා සිටි අයට මෙම ඡේදයේ සඳහන් කිනම් ශුද්ධ ලියවිලි පද උපකාරවත් වන්නට තිබුණිද?
9 සභාවට පැමිණි ඇතැම්හු, තම ඇදහිලි, ලෝකයේ ජනයාහට වඩාත් සිත් ගන්නා අයුරින් දේශනා කිරීමට එම ඇදහිලි ග්‍රීක් දර්ශනවාදී යෙදුම්වලින් ප්‍රකාශ කිරීමට පටන් ගත්හ. කෙමෙන් කෙමෙන්, ත්‍රිත්වය සහ ආත්මයේ උරුමවූ අමරණීයත්වය වැනි මිථ්‍යා මූලධර්ම, ක්‍රිස්තියානි ධර්මයේ දූෂිත වූ කොටසක් බවට පත්විය. මෙය දහස් අවුරුදු පාලනය පිළිබඳ බලාපොරොත්තුව අත්හැරීමට තුඩු දුන්නේය. මන්ද? ආත්මයේ අමරණීයභාවය ගැන විශ්වාස කළ අය නිගමනය කළේ, ක්‍රිස්තුස්වහන්සේගේ පාලනයේ ආශීර්වාද ලබා ගත හැකි වනුයේ, මිනිස් සිරුරෙන් බේරී ජීවත් වන ආත්මයක් විසින් ආත්ම විෂයේදී බවය. එබැවින්, රාජ්‍යය බලයෙන් යුතුව ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණ සිටීම බලාසිටීමට කිසිම අවශ්‍යතාවක් ඔවුන් දුටුවේ නැත.—සසඳන්න, ගලාති 5:7-9; කොලොස්සි 2:8; 1 තෙසලෝනික 5:21.
10 සිදු වූ වෙනත් දේ මගින් මෙම තත්ත්වය තවත් තීව්ර විණි. ක්‍රිස්තියානි අවේක්ෂකයන් යයි කියා සිටි ඇතැම්හු තමන්ටම ගරු නම්බු නාම ලබාගැනීමට මඟක් ලෙස තම සභාවන් යොදා ගත්හ. තමන්ගේම මත හා ඉගැන්වීම්, වටිනාකමින් ශුද්ධ ලියවිලිවලට සමාන බව, ඇතැම් විට ශුද්ධ ලියවිලිවලටත් වඩා උසස් බවට සූක්ෂ්ම ලෙස ඔවුහු ඒත්තු ගැන්වූහ. ප්‍රස්තාව පැමිණි විට, මෙම ඇදහිල්ල අතහැර ගිය සභාව දේශපාලන රාජ්‍යයේ ඕනෑ එපාකම් ඉටු කිරීමට පවාද ඉදිරිපත් වූයේය.—ක්‍රියා 20:30; 2 පේතෘස් 2:1, 3.
අවදිව සිටීමෙන් ලද ප්‍රතිඵල
11, 12. (අ) රෙපරමාදු ප්‍රතිසංස්කරණය සැබෑ නමස්කාරය වෙත ආපසු හැරී යෑමක් සලකුණු නොකළේ මන්ද?
11 රෝමානු කතෝලික සභාව ශතවර්ෂ ගණනාවක් පුරා කරන ලද මෙම බලයේ අනිසි භාවිතයෙන් පසු, 16වෙනි ශතවර්ෂයේදී, ඇතැම් රෙපරමාදු අය විවෘතව තම අදහස් පළ කරන්නට විය. එහෙත් මෙය සැබෑ නමස්කාරයට ආපසු යෑමක් සිදු කළේ නැත. ඒ මන්ද?
12 විවිධ රෙපරමාදු කණ්ඩායම් රෝම බලයෙන් නිදහස් වුවද, ඔවුහු මූලික ඉගැන්වීම් හා ඇදහිල්ල අත්හැරීමට සම්බන්ධ සිරිත් ගණනාවක්—එනම්, ගිහි පැවිදි සංකල්පය, ත්‍රිත්වය, ආත්මයේ අමරණීයභාවය සහ මරණයෙන් පසු සදාකාලික වධ වේදනාව කෙරෙහි විශ්වාසයද—තමන් සමඟ රැගෙන ගියහ. තවද, රෝමානු කතෝලික සභාව මෙන්, දේශපාලන මූලිකාංග සමඟ සමීප සම්බන්ධකම් පවත්වමින්, ඔවුහු දිගටම ලෝකයේ කොටසක් බවට පත් වූහ. එබැවින්, ක්‍රිස්තුස්වහන්සේ රජු වශයෙන් පැමිණීම ගැන යම් අපේක්ෂාවක් වීද, එය ප්‍රතික්ෂේප කර දමන්නට ඔවුහු නැඹුරු වූහ.
13. (අ) ඇතැම් පුරුෂයෝ සැබවින්ම දේව වචනය අනර්ඝ දෙයක් සේ සැලකූ බව පෙන්වන්නේ කුමකින්ද? (ආ) දහනව වන සියවස අතරතුරේදී, ක්‍රිස්තියානි යයි කියා සිටි අයගේ සුවිශේෂි උනන්දුවට ලක්වූයේ කිනම් සිද්ධියද? (ඇ) බොහෝ දෙනෙකුගේ අපේක්ෂා භංගත්වය අද්දුටුවේ මන්ද?
13 එහෙත්, ප්‍රේරිතයන්ගේ මරණින් පසු, (තිරිඟු ලෙසට උන්වහන්සේ විසින් සමාන කළ), රාජ්‍යයේ අව්‍යාජ උරුමක්කරුවන් අස්වැන්න නෙලන කාලය වන තෙක්, කෘත්‍රිම ක්‍රිස්තියානින් (හෙවත් කිරිඳි) දෙපස දිගටම වැඩෙනු ඇති බව යේසුස්වහන්සේ පුරෝකථනය කොට තිබිණි. (මතෙව් 13:29, 30) ස්වාමියා විසින් තිරිඟු ලෙස සලකනු ලැබූ සියලුදෙනාම කවුරුන්ද කියා හරියටම ලැයිස්තු ගත කිරීමට අපට අදදින නොහැක. එහෙත්, 14වෙනි, 15වෙනි සහ 16වෙනි සියවස් අතරතුරේදී, තමන්ගේම ජීවිත හා නිදහස පරදුවට තබමින්, බයිබලය පොදු ජනයාගේ භාෂාවට පෙරලන්නට කැපවූ පුරුෂයෝ සිටියහ. තවත් අය බයිබලය දේව වචනය හැටියට පිළිගත්තා පමණක් නොව, නමුත් ත්‍රිත්වය ශුද්ධ ලියවිලිමය නොවන ඉගැන්වීමක් ලෙසද ප්‍රතික්ෂේප කළෝය. ඇතැම් අය, ආත්මයේ අමරණීයභාවය හා නිරාගින්නක වධ කරනු ලැබීම පිළිබඳ ඇදහිලි, දේව වචනයට මුළුමනින්ම පටහැනි බව පවසා ඒවා ප්‍රතික්ෂේප කළහ. තවද, 19වෙනි සියවස අතරේදී, බයිබලය පුළුල් ලෙස අධ්‍යයනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්, එක්සත් ජනපදයේ, ජර්මනියේ, එංගලන්තයේ සහ රුසියාවේ සිටි කණ්ඩායම්, ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පැමිණීම සඳහා කාලය ඉතා ආසන්න බවට තමන්ගේ විශ්වාසය පළ කිරීමට පටන් ගත්හ. එහෙත් ඔවුන්ගේ අපේක්ෂාවන්ගෙන් බොහොමයක් ඉෂ්ට වූයේ නැත. මන්ද? ඊට හේතුව නම්, ඔවුන් සැලකිය යුතු තරමකට, ශුද්ධ ලියවිලිවලට වඩා මිනිසුන් කෙරෙහි තම විශ්වාසය ඕනෑවට වඩා රඳවා ගත් හෙයිනි.
මේ අය අවදියෙන් සිටි බවට සනාථ වන අයුරු
14. සී. ටී. රසල් සහ ඔහුගේ ආශ්‍රිතයන් විසින් කරන ලද බයිබල් අධ්‍යයනයට ඔවුන් පිවිසුණු ආකාරය විස්තර කරන්න.
14 ඉන්පසුව, 1870දී, චාල්ස් ටේස් රසල් සහ ඔහුගේ ආශ්‍රිතයන් කිහිප දෙනෙක්, පෙන්සිල්වේනියාවේ, ඇලගේනිහි, බයිබල් අධ්‍යයන කණ්ඩායමක් පිහිටුවා ගත්හ. තමන් විසින් වැළඳගෙන සිටි බයිබල් සත්‍යයන්ගෙන් බොහොමයක් මුලින්ම වටහා ගත්තේ ඔවුන් නොවූවද, අධ්‍යයන කරන විට, දී ඇති යම් ප්‍රශ්නයක් පිළිබඳව සියලුම ශුද්ධ ලියවිලි පාඨයන් පරෙස්සමෙන් පරීක්ෂා කර බැලීම ඔවුහු පුරුද්දක් කර ගත්හ. aඔවුන්ගේ පරමාර්ථය වූයේ, තමන් කලින් ඒත්තු ගෙන සිටි අදහසක් ඔප්පු කිරීමට සාක්ෂි සොයා ගැනීම නොව, නමුත් ඔවුන් නිගමනවලට එළඹූ විට එම කරුණ සම්බන්ධයෙන් බයිබලය පැවසූ සෑම දෙයක් ඊට එකඟද යන්න ගැන ස්ථීරවීමය.
15. (අ) සහෝදර රසල්ට අමතරව තවත් අය වටහා ගැනීමට පැමිණියේ කුමක්ද? (ආ) බයිබල් ශිෂ්‍යයන් මේ අයට වඩා වෙනස් වූ බව පෙන්වූයේ කුමකින්ද?
15 ක්‍රිස්තුස්වහන්සේ අදෘෂ්‍යමානව, ආත්මයක් වශයෙන් පැමිණෙන බවට ඔවුන්ට පෙර වටහා ගෙන සිටියේ ස්වල්ප දෙනෙක් පමණි. ඇතැම් අය වටහා ගෙන තිබූ දෙයක් නම්, ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණ සිටීමේ පරමාර්ථය වූයේ, පොළොව පුළුස්සා දමා සියලු මිනිස් ජීවිත තුරන් කර දැමීම නොව, නමුත් ඒ වෙනුවට, පොළොවේ සියලුම පවුල්වලට ආශීර්වාද කිරීමට බවයි. වර්ෂ 1914න් අන්‍ය ජාතීන්ගේ කාලය නිමාවට පත් වනු ඇති බව පවා ස්වල්ප දෙනෙක් වටහා ගෙන තිබුණි. එහෙත්, සහෝදර රසල් සමඟ සම්බන්ධ වී සිටි බයිබල් ශිෂ්‍යයන්හට, මේවා නිකම්ම ආගම පිළිබඳව කරන සාකච්ඡා සඳහා ගන්නා කරුණුවලට වඩා වැඩි යමක් වූයේය. ඔවුහු තම ජීවිත මෙම සත්‍යයන් වටා ගොඩ නැඟූ අතර, එම යුගයේදී පෙර නොවූ විරූ අයුරින් ඒවාට ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ගෙන දුන්හ.
16. වර්ෂ 1914දී, සහෝදර රසල්: “අප පරීක්ෂණාත්මක අවදියක සිටින” බව ලීවේ මන්ද?
16 එහෙත්, තවමත් ඔවුන් අවදියෙන් සිටිය යුතුව තිබිණි. මන්ද? උදාහරණයක් වශයෙන්, 1914 වසර බයිබල් අනාවැකි මගින් සනිටුහන් කරනු ලැබූ බව ඔවුන් දැන සිටියද, එම වසරේදී හරියටම කුමක් සිදුවනු ඇත්දැයි ඔවුන් දැන සිටියේ නැත. මින් ඔවුන්හට පරීක්ෂණයක් ඉදිරිපත් විය. වර්ෂ 1914 නොවැම්බර් 1දා ද වොච් ටවර් කලාපයේ සහෝදර රසල් මෙසේ ලිව්වේය: “අප පරීක්ෂණාත්මක අවදියක සිටින බව අපි මතක තබා ගනිමු. . . . ස්වාමීන්වහන්සේ සහ උන්වහන්සේගේ සත්‍යය පිළිබඳ ඇදහිල්ල අතහැර දමන්නට සහ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් පරිත්‍යාග වීම නවතාලන්නට යමෙකුට හේතුවක් තිබෙනවා නම්, එයින් පෙනී යන්නේ, ස්වාමීන්වහන්සේගේ කටයුතුවල යෙදීමට ඔහුගේ හෘදය පෙලඹී තිබුණේ දෙවියන්වහන්සේට ඇති ප්‍රේමය නොව නමුත් වෙනත් දෙයක් බවයි; සමහරවිට ඒ කාලය කෙටිය යන බලපොරොත්තුව විය හැකියි; කැපවීම කර තිබුණේ එක්තරා කාලයකට පමණි.”
17. ඒ. එච්. මැක්මිලන් සහ ඔහු මෙන් තවත් අය, ආත්මික සමබරතාව පවත්වා ගත්තේ කෙසේද?
17 ඒ කාලයේ සමහරු යෙහෝවඃවහන්සේගේ සේවය අතහැර දැමූහ. එහෙත් ඒ. එච්. මැක්මිලන් එසේ නොකළ අය අතුරින් කෙනෙකි. වසර කිහිපයකට පසු, හේ නොවළහා මෙසේ පිළිගත්තේය: “ඇතැම් අවස්ථාවල, එක්තරා දිනයක් ගැන අපගේ අපේක්ෂාවන්, ශුද්ධ ලියවිලිවලින් ඇඟවූ දෙයට වඩා වැඩි යමක් විය.” ආත්මික සමබරතාව පවත්වා ගැනීමට ඔහුහට උපකාර කළේ කුමක්ද? ඔහු පැවසූ ආකාරයට ඔහු පිළිගත් දේ මෙයයි: “එම අපේක්ෂාවන් ඉටු නොවී යන විට, එය දෙවියන්වහන්සේගේ අරමුණු වෙනස් කළේ නැහැ.” තවද ඔහු මෙසේද එකතු කළේය: “අප අපගේ වැරදි පිළිගත යුතු බවත්, වඩාත් ඥාණාලෝකය සඳහා දෙවියන්වහන්සේගේ වචනය දිගටම පරීක්ෂා කළ යුතු බවත් මා ඉගෙන ගත්තා.” මුල් බයිබල් ශිෂ්‍යයන් වී සිටි අය, තමන්ගේ ආකල්ප යළි සකස් කිරීමට යටහත් පහත් ලෙස දේව වචනයට ඉඩ හැරියහ.—2 තිමෝති 3:16.
18. ලෝකයේ කොටසක් නොවීම සම්බන්ධ කාරණයේදී, ක්‍රිස්තියානි අවදිය ප්රගතිශීලී ප්‍රයෝජන නෙලා ගත්තේ කෙසේද?
18 ඉන් අනතුරුව එළැඹි වසර තුළදී, අවදිව සිටීමට තිබූ අවශ්‍යතාව අඩු වූයේ නැත. ඇත්තවශයෙන්ම, ක්‍රිස්තියානින් ලෝකයේ කොටසක් නොවිය යුතු බව ඔවුහු දැන සිටියෝය. (යොහන් 17:14; යාකොබ් 4:4) එයට අනුකූලව, ජාතීන්ගේ සංගමය දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ දේශපාලනික ප්‍රකාශ කිරීමක් යයි අනුමත කරමින් ඔවුන් ක්‍රිස්තියානි ලෝකය සමඟ හවුල් වූයේ නැත. එහෙත්, ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය පිළිබඳ කාරණය 1939වන තෙක් ඔවුන් පැහැදිලිවම දුටුවේ නැත.—වර්ෂ 1939 නොවැම්බර් 1, ද වොච්ටවර් බලන්න.
19. සංවිධානය අවදියෙන් සිටීම නිසා, සභා අධීක්ෂණය තුළ කිනම් ප්‍රයෝජන ප්‍රතිඵල වී තිබේද?
19 ඔවුන්ට කිසිකළෙකත් පූජක පංතියක් සිටියේ නැත, නමුත් ඇතැම් වැඩිමහල්ලන්ට හැඟුණේ තමන්ගෙන් අපේක්ෂා කරනු ලැබූ එකම දේ සභාව තුළ දේශනා කරනු ලැබීම බවය. කෙසේවුවද, ශුද්ධ ලියවිලිවලට අනුකූල වීමේ තියුණු ආශාව ඇතිව, සංවිධානය, ශුද්ධ ලියවිලිවල ආලෝකය ඇසුරෙන් වැඩිමහල්ලන්ගේ කාර්යභාරය ගැන යළි යළිත් ද වොච්ටවර් [මුරටැඹ]හි තීරු ලිපි ඇසුරෙන් සලකා බැලූහ. ශුද්ධ ලියවිලිවලින් ඇඟවූ දේට අනුව සංවිධානාත්මක වෙනස්කම් සිදුකරනු ලැබීය.
20-22. පුරෝකථනය කරන ලද සමස්ත ලෝක රාජ්‍යය ප්‍රකාශ කිරීමේ කාර්යය ඉටු කිරීම සඳහා මුළු සංවිධානයම ප්රගතීශීලී ලෙස සූදානම් වෙමින් සිට ඇත්තේ කෙසේද?
20 අපගේ කාලය සඳහා දෙවියන්වහන්සේගේ වචනයේ සඳහන් කොට තිබූ කර්තව්‍යය මුළුමනින්ම ඉටු කරන්නට මුළු සංවිධානයම ලහිලහියේ සූදානම් වෙමින් තිබිණි. (යෙසායා 61:1, 2) අපගේ දවසේදී ශුභාරංචිය දේශනා කරනු ලැබීමට තිබුණේ කොතරම් ප්රමාණයකටද? යේසුස්වහන්සේ මෙසේ පැවසූ සේක: “ශුභාරංචිය පළමුකොට සියලු ජාතීන්ට ප්‍රකාශකරනු [දේශනා කරනු, NW] ලබන්ට ඕනෑය.” (මාර්ක් 13:10) මිනිස් දෘෂ්ටි කෝණයකින් බලන කල, එම අතිමහත් කර්තව්‍යය බොහෝ විට කිරීමට නොහැකි දෙයක් ලෙස දිස්වුණි.
21 එහෙත්, ක්‍රිස්තුස්වහන්සේ සභාවේ නායකයාණෝය යන නිසැක විශ්වාසය ඇතුව, විශ්වාසවන්ත වූ නුවණ ඇති දාස පංතිය ඉදිරියට ඇවිත් තිබේ. (මතෙව් 24:45) කිරීමට තිබෙන වැඩකටයුතු ඔවුහු විශ්වාසවන්ත ලෙස හා ස්ථීර ලෙස යෙහෝවඃවහන්සේගේ ජනයාහට පැහැදිලිව පෙන්වා සිටිත්. වර්ෂ 1919 පටන්, ක්ෂේත්‍ර සේවයට වැඩිමනත් අවධාරණයක් දෙන ලදි. ගෙයින් ගෙට යමින් නාඳුනන අමුත්තන්හට කථා කිරීම බොහෝ දෙනෙකුට පහසු දෙයක් වූයේ නැත. (ක්‍රියා 20:20) එහෙත්, “බ්ලෙසඩ් ආ ද ෆියලස් [නිර්භීත අය ආශීර්වාද ලද්දෝය]” සහ “බී ඔෆ් ගුඩ් කරේජ් [ධෛර්යවත් වන්න]” වැනි පාඩම් ලිපි, යෙහෝවඃවහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය ඇතුව එම කාර්යය ආරම්භ කිරීමට ඇතැම් අයට උපකාර කළේය.
22 වර්ෂ 1922දී කරන ලද, “රජු සහ උන්වහන්සේගේ රාජ්‍යය ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න” යන ආරාධනය මෙම කාර්යයට නියම ප්රමුඛත්වයක් දීමට නව ජීවයක් ලබා දුන්නේය. වර්ෂ 1927 පටන්, එම ශුද්ධ ලියවිලිමය වගකීම පිළිනොගත් වැඩිමහල්ලන්ව අස් කරන ලදි. එම කාලයේදී, පිල්ග්‍රිම්ස් යනුවෙන් හැඳින්වුණු, සමිතියේ සංචාරක නියෝජිතයන්, ක්ෂේත්‍ර සේවයේ නියැලී සිටින ප්රචාරකයන්හට පෞද්ගලික උපදෙස් දීම සඳහා, ප්‍රාදේශීය සේවා අධ්‍යක්ෂකවරුන් ලෙස පත් කරනු ලැබූහ. පුරෝගාමි සේවය කරන්නට සෑම කෙනෙකුටම හැකි වූයේ නැත, නමුත් බොහෝ දෙනෙක් උදෑසනින්ම පටන් ගෙන, මඳකට නැවතී සැන්විච් පාන් ආහාරයට ගෙන, ඉන්පසු දහවලේ අපරභාගයේ වන තෙක් දිගටම සේවය කරමින් සති අන්තයේ දවස පුරාම සේවයේ නියැලුණෝය. ඒවා දිව්‍යාණ්ඩු වර්ධනයේ අති විශේෂ කාලවල් වූ අතර, යෙහෝවඃවහන්සේ ස්වකීය ජනයා මෙහෙය වූ ආකාරය විචාරා බැලීමෙන් අපි මහත් සේ ප්‍රයෝජන ලබන්නෙමු. උන්වහන්සේ දිගටම එසේම කරන සේක. උන්වහන්සේගේ ආශීර්වාද සමඟින්, පිහිටුවන ලද රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමේ වැඩය සාර්ථක නිමාවකට ගෙන එනු ලබනවා ඇත.
ඔබ අවදියෙන් සිටින්නෙහිද?
23. ක්‍රිස්තියානි ප්‍රේමය සහ ලෝකයෙන් වෙන්වී සිටීම සම්බන්ධයෙන් ගත් කල, අප අවදියෙන් සිටින බව අපට පෞද්ගලිකව නිරූපනය කළ හැක්කේ කෙසේද?
23 යෙහෝවඃවහන්සේගේ මඟ පෙන්වීමට ප්‍රතිචාරය දක්වමින්, උන්වහන්සේගේ සංවිධානය, අප ලෝකයේ කොටසක් බවට හඳුන්වනු ලැබිය හැකි පුරුදු සහ ආකල්ප ගැනත් ඒ හේතුවෙන් එය සමඟ පහව යෑමට තිබෙන අන්තරාය ගැනත් අපට අනතුරු අඟවමින් සිටී. (1 යොහන් 2:17) අපේ පැත්තෙන්, අප පෞද්ගලිකව අවදියෙන් සිටිය යුත්තේ යෙහෝවඃවහන්සේගේ මඟ පෙන්වීමට ප්‍රතිචාරය දැක්වීමෙන්ය. ජීවත්වීමට හා එකට වැඩ කිරීම ගැනද යෙහෝවඃවහන්සේ අපහට උපදෙස් දෙන සේක. ක්‍රිස්තියානි ප්‍රේමය යන්නෙන් සැබවින්ම අදහස් කරන දේ පිළිබඳව අගය වැඩි කර ගැනීමට උන්වහන්සේගේ සංවිධානය අපට උපකාර කොට ඇත. (1 පේතෘස් 4:7, 8) අප විසින් අවදියෙන් සිටීමට අවශ්‍ය කරවන්නේ, මිනිස් අසම්පූර්ණකම් තිබියදී, එය අභිබවා මෙම උපදෙස අදාළ කර ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමය.
24, 25. අප අවදියෙන් සිටිය යුත්තේ කිනම් අති වැදගත් අංශ තුළද, කිනම් අපේක්ෂාව මනසේ තබාගෙනද?
24 විශ්වාසවන්ත නුවණ ඇති දාසයා දිගින් දිගටම අපට සිහි කොට ඇත්තේ මෙයයි: “ඔබේම නුවණෙහි නොරැඳ, ඔබේ මුළු හදින් යෙහෝවඃවහන්සේ තුළ දැඩි විශ්වාසය තබන්න.” (හිතෝපදේශ 3:5, NW) “අත්නෑර යාච්ඤා කරන්න.” (1 තෙසලෝනික 5:17, NW) අපගේ තීරණ දේව වචනය මත පදනම් කර ගැනීමටත්, මෙම වචනය, ‘අපගේ පාදයන්ට පහනක්ද අපගේ මාවතට එළියක්ද’ වීමටත් ඉඩ හරින ලෙස අපට උපදෙස් දෙනු ලැබ තිබේ. (ගීතාවලිය 119:105) අපගේ කාලය සඳහා යේසුස්වහන්සේ පුරෝකථනය කළාවූ කාර්යය වන දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමට, අපගේ ජීවිතයේ ප්රමුඛ තැන දීමට අපට ප්‍රේමනීය ලෙස දිරිගන්වා තිබේ.—මතෙව් 24:14.
25 එසේය, විශ්වාසවන්ත නුවණ ඇති දාසයා සහතිකවම ‘අවදියෙන් සිටී.’ පුද්ගලයන් වශයෙන් අපත් ‘අවදියෙන් සිටිය’ යුතුය. එසේ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්, මනුෂ්‍ය පුත්‍රයා විනිශ්චය ඉටු කිරීමට පැමිණෙන විට, උන්වහන්සේ ඉදිරියේ අනුමැතියලත් අය අතර අපද සිටිනු දක්නට ලැබේවා!—මතෙව් 24:30; ලූක් 21:34-36.
[පාදසටහන්වල]
a ෆේත් ඔන් ද මාර්ච්, ඒ. එච්. මැක්මිලන් විසින් රචිත, ප්‍රෙන්ටිස් හෝල්, ඉන්ක්., 1957 පිටු 19-22.
පුනරීක්ෂණයේදී
◻ මතෙව් 24:42හි පෙන්වා ඇති පරිදි, අප අවදියෙන් සිටිය යුතු වන්නේ මන්ද?
◻ යේසුස්වහන්සේ සහ පළමු සියවසේ උන්වහන්සේගේ අනුගාමිකයන් ආත්මික අවදිය පවත්වාගත්තේ කෙසේද?
◻ වර්ෂ 1870 පටන්, යෙහෝවඃවහන්සේගේ සේවකයන් අවදියෙන් සිට ඇති නිසා, කිනම් වර්ධනාත්මක සිදුවීම් ඇති වී තිබේද?
◻ අප පුද්ගලයන් වශයෙන් අවදියෙන් සිටින බවට සාක්ෂි දෙනු ඇත්තේ කුමක්ද?
[23වන පිටුවේ පින්තූර]
සිය පියාණන් විසින් පවරා තිබූ කර්තව්‍යය තුළ යේසුස්වහන්සේ කාර්ය බහුලව සිටි සේක. එමෙන්ම උන්වහන්සේ ඉතා ඕකෑකමින් යාච්ඤා කළ සේක
[24වන පිටුවේ පින්තූරය]
චාල්ස් ටේස් රසල්, සිය සැදෑ සමයේදී
[25වන පිටුවේ පින්තූරය]
රාජ්‍යය ප්‍රකාශකයන් 47,00,000කට වඩා වැඩි ගණනක් ලොව පුරා ක්‍රියාශීලීව සිටිත්