ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 10/15 12 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • පියෙක් හා වැඩිමහල්ලෙක්—වැඩකොටස් දෙකම සම්පූර්ණ කිරීම
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • විවාහය දෙවිගෙන් ලද දීමනාවක්
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
  • විවාහය දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්
    දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
  • ගෘහයක් පාලනය කිරීමට ඔබට හැක්කේ කෙසේද?
    පවුලේ සන්තෝෂයට රහස
තව තොරතුරු
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 10/15 12 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

හිතෝපදේශ 24:27හි සඳහන් දෙය අප තේරුම්ගන්නේ කොහොමද?

තරුණයන්ට උපදෙසක් ලබා දෙමින් එම හිතෝපදේශයේ මෙසේ සඳහන් වෙනවා. “නිවසින් පිටත ඔබට ඇති වැඩකටයුතු සැලසුම් කර ඔබේ කෙත සකසන්න. ඉන්පසුව ඔබේ පවුල ගොඩනැඟීමටත් සැලසුම් යොදන්න.” [නව ලොව පරිවර්තනය, NW] එහි අදහස කුමක්ද? එය නම් විවාහ වීමට පෙර තරුණයෙක් ඊට හොඳින් සූදානම් විය යුතු බවයි. ඊට හේතුව විවාහ වූ පසු ඔහුට බොහෝ වගකීම් දැරීමට සිදු වීමයි.

කලින් එම පදය තේරුම්ගෙන තිබුණේ ස්වාමිපුරුෂයෙකු හා පියෙකු සතු වගකීම් ඉන් විස්තර කරන බවයි. එනම් ඔහු තම රැකියාව ගැන පමණක් නොව තම පවුලේ අයට දෙවි සමඟ ඇති මිත්‍රත්වය ශක්තිමත් කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම් හා දිරිගැන්වීම් ලබා දිය යුතු බවයි. ඇත්තයි, ස්වාමිපුරුෂයෙක් එවැනි දේවල් කළ යුතුයි. ඔහු එසේ කිරීමට බැඳී සිටින බව බයිබලයේද සඳහන් වෙනවා. නමුත් මෙම හිතෝපදේශයේ ඉදිරිපත් කරන ප්‍රධාන අදහස එය නොවෙයි. අප එසේ පැවසීමට හේතු දෙකක් දැන් සලකා බලමු.

එම පදයෙහි “ගොඩනැඟීම” කියා සඳහන් කරද්දී ඉන් අදහස් කරන්නේ දැනටමත් පවුල් ජීවිතයක් ගත කරන පුරුෂයෙක් තම පවුල ශක්තිමත් කිරීම හා දිරිගැන්වීම ගැන නොවෙයි. එහි මූලික අර්ථය නම් නිවසක් ගොඩනැඟීමයි. එමෙන්ම එම වචනයට සංකේතාත්මක අදහසක්ද තිබිය හැකියි. එනම් තරුණයෙක් විවාහ වී දරුවන් ඇතිදැඩි කිරීමයි.

දෙවනුව, එම පදයෙහි නිවැරදි පිළිවෙලකට වැඩ කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරනවා. එය වෙනත් ආකාරයකින් මෙසේ පැවසිය හැකියි. “ඔයා මුලින්ම මේක කරන්න. ඊට පස්සේ අනික් එක කරන්න.” එසේනම් දෙවිට සේවය කරනවාට වඩා අපේ පෞද්ගලික කාරණාවලට වැඩි අවධානයක් දිය යුතු බව මේ හිතෝපදේශයෙන් අදහස් කරනවාද? කොහෙත්ම නැහැ!

ඒ පදයට අනුව පුරාණ කාලයේ තරුණයෙකුට විවාහ වීමට අවශ්‍ය නම් ඔහු මෙලෙස කල්පනා කළ යුතු වුණා. “විවාහ වෙන කෙනාට අවශ්‍ය දේ සපයන්නත් ඇයව රැකබලා ගන්නත් මම සූදානම්ද? අපට දරුවන් ලැබුණොත් ඔවුන් වෙනුවෙනුත් ඒ දේවල් කරන්න මට පුළුවන්ද?” එමෙන්ම විවාහ ජීවිතයක් ගත කිරීමට පෙර සත්ව පාලනය හෝ ගොවිතැන් කටයුතුවල යෙදෙමින් ආදායම් මාර්ගයක් සකසාගැනීමට ඔහුට සිදු වුණා. එය පොදු නව අනුවාදය නමැති පරිවර්තනයේ මෙසේ පැහැදිලි කර තිබෙනවා. “කලින් වැඩකටයුතු පිළියෙලකොට කෙතක් වවා සරු වන තුරු, ගෙයක් දොරක් තනා පවුලක් වීමට නොසිතන්න.” එම උපදෙස අද දිනටත් අදාළද?

ඔව්. එය අද දිනටත් අදාළයි. විවාහ වීමට අවශ්‍ය තරුණයෙක් එම වගකීම් දැරීමට හොඳින් සූදානම් විය යුතුයි. ඔහුට හොඳ ශරීර සෞඛ්‍යයක් තිබෙනවා නම් ඔහු වෙහෙස මහන්සි වී වැඩ කිරීම අවශ්‍යයි. ඉන් අදහස් කරන්නේ ඔහු තම පවුලේ අයට එදිනෙදා අවශ්‍ය දේවල් පමණක් ලබා දිය යුතු බව නොවේ. ඔහු තම පවුලේ අයව සතුටින් තබන්නත් දෙවි සමඟ ඇති ඔවුන්ගේ මිත්‍රත්වය ශක්තිමත් කරන්නත් ඔවුන්ට උපකාර කළ යුතු බවද බයිබලයේ සඳහන් වෙනවා. ඔහු එවැනි අවශ්‍යතා තම පවුල වෙනුවෙන් ඉටු නොකරනවා නම් ඔහු දෙවිට සේවය නොකරන කෙනෙකුට වඩා නරක බව එහි පවසා තිබෙනවා. (1 තිමෝ. 5:8) ඒ නිසා විවාහ වී පවුල් ජීවිතයක් ගත කිරීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණයෙක් ඔහුගෙන්ම මෙසේ අසාගත යුතුයි. “පවුලේ අයට අවශ්‍ය දේවල් ලබා දෙන්න මට පුළුවන්ද? දෙවි සමඟ ඇති ඔවුන්ගේ මිත්‍රත්වය තවත් ශක්තිමත් කරගන්න ඔවුන්ට උදව් කරන්න මට පුළුවන්ද? නිතිපතා පවුලේ පාඩම පැවැත්වීමේ වගකීම මට ඉටු කරන්න පුළුවන්ද?” එවැනි වගකීම් ඉටු කිරීමේ ඇති අවශ්‍යතාව බයිබලයේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා.—ද්වි. 6:6-8; එෆී. 6:4.

විවාහය ගැන කල්පනා කරන තරුණයෙක් හිතෝපදේශ 24:27හි ඇති ප්‍රතිපත්තිය ගැන ගැඹුරින් කල්පනා කළ යුතුයි. ඒ වගේම තරුණියන්ද තමන් භාර්යාවක් හා මවක් වීමේ වගකීම දැරීමට සූදානම්ද කියා තමන්ගෙන්ම අසාගැනීම වැදගත්. දරුවන් හදා වඩා ගැනීම ගැන කල්පනා කරන විට යුවළක්ද ඒ හා සමාන ප්‍රශ්න ඔවුන්ගෙන්ම අසාගන්න අවශ්‍යයි. (ලූක් 14:28) දෙවි ලබා දී ඇති එවැනි මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වීම නිසා දෙවිගේ සෙනඟට හිත් වේදනා අඩු කරගෙන, සන්තෝෂවත් පවුල් ජීවිත ගත කිරීමට හැකි වී තිබෙනවා.

[12වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

විවාහය ගැන තරුණයෙක් තමාගෙන්ම අසාගත යුතු ප්‍රශ්න මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න