- 
	                        
            
            නිවැරදි අනාවැකි ඇතුළත් පොතක්2012 මුරටැඹ | ජූනි 1
- 
                            - 
                                        නිවැරදි අනාවැකි ඇතුළත් පොතක්“යෙහෝවා දෙවි අපට දුන් එක පොරොන්දුවක්වත් කඩ කළේ නැහැ.”—යොෂුවා 23:14. බයිබලය අද්විතීය වන්නේ ඇයි? පුරාණයේ සිටි සමහර අය අනාගතය ගැන පැවසීමට පුරුදු වී සිටියා. නමුත් ඔවුන් පැවසූ තොරතුරු පැහැදිලි නැහැ. ඒවා විශ්වාස කිරීමට සාක්ෂි තිබුණේද නැහැ. අද සිටින කේන්දර බලන අය පවසන දේවල්ද ඒ හා සමානයි. සමහරුන් වර්තමාන සිදුවීම් අධ්‍යයනය කර අනාගතය ගැන පවසනවා. නමුත් ඔවුන් ශතවර්ෂ ගණනාවකින් පසුව සිදු වීමට නියමිත දේවල් ගැන පවසන්නේ නැහැ. කොහොමවුණත් බයිබලයේ ඇති අනාවැකි ඊට වඩා වෙනස්. ඒවා සවිස්තරාත්මකව වාර්තා කර තිබෙනවා. ඒ සෑම අනාවැකියක්ම අකුරටම ඉටු වුණේ ඒවා පවසා ශතවර්ෂ ගණනාවක් ගත වු පසුවයි.—යෙසායා 46:10. උදාහරණයක්: ක්‍රිස්තු පූර්ව හයවන සියවසේදී දානියෙල් නමැති තැනැත්තා දර්ශනයක් දුටු බව බයිබලයේ සඳහන් වෙනවා. ඔහු දුටුවේ ග්‍රීසිය විසින් මේද පර්සියාව යටත් කරගන්නා ආකාරයයි. ග්‍රීසියේ රජු ‘බලවත් වුණත්’ ඔහුගේ බලය නැති වන බව දානියෙල් පැවසුවා. ඔහුගේ රාජ්‍යය බිඳ වැටුණු පසු තවත් රජ්‍යයන් හතරක් බිහි වන බවත් ඒවා ඔහුගේ රාජ්‍යය තරම් බලවත් වන්නේ නැති බවත් දානියෙල් වාර්තා කළා.—දානියෙල් 8:5-8, 20-22. එම අනාවැකිය ඉටු වුණාද? එම අනාවැකිය පවසා වසර 200කට පමණ පසු මහා ඇලෙක්සැන්ඩර් ග්‍රීසියේ පාලකයා බවට පත් වුණා. වසර 10ක් ඇතුළත ඔහු මේද පර්සියාව යටත් කරගත්තා. ඔහුගේ අධිරාජ්‍යය ඉන්දු ගඟ දක්වා ව්‍යාප්ත වුණා. නමුත් වයස අවුරුදු 32දී ඔහු හදිසියේම මිය ගියා. ඉන්පසු ඉප්සස් නම් ප්‍රදේශයේ සිදු වූ යුද්ධයෙන් අනතුරුව එම අධිරාජ්‍යයේ බලය ග්‍රීසියේ සෙන්පතීන් හතරදෙනෙක් අතරේ බෙදී ගියා. නමුත් ඒ කිසිවෙකුට ඇලෙක්සැන්ඩර්ට තරම් බලයක් හිමි වුණේ නැහැ. ඔබ සිතන්නේ කුමක්ද? ඉටු වූ අනාවැකි ඇතුළත් බයිබලය හා සමාන තවත් පොතක් තිබෙනවාද? ‘බයිබලයේ ඇති අනාවැකි හුඟක් ඉටු වී තිබෙනවා. ඒ නිසා ඒ හැම අනාවැකියක්ම අහම්බෙන් ඉටු වුණා කියා පවසන්න බැහැ.’—A Lawyer Examines the Bible යන පොත 
 
- 
                                        
- 
	                        
            
            නිවැරදි ඉතිහාසය ගැන සඳහන් පොතක්2012 මුරටැඹ | ජූනි 1
- 
                            - 
                                        නිවැරදි ඉතිහාසය ගැන සඳහන් පොතක් ‘මුල සිටම සෑම තොරතුරක්ම නිවැරදි බව මම සනාථ කරගත්තා.’—ලූක් 1:3. බයිබලය අද්විතීය වන්නේ ඇයි? බොහෝ ඉතිහාස කතාවල යම් සිද්ධීන් සඳහන් කරන විට එය සිදු වූ ස්ථාන සහ දින ආදි දේවල් ගැන වාර්තා කරන්නේ නැහැ. නමුත් බයිබලයේ යම් සිද්ධීන් වාර්තා කරන විට ඊට අදාළ සෑම තොරතුරක්ම නිවැරදිව සඳහන් කර තිබෙනවා. ඒ නිසා ඒවා “සත්‍ය” තොරතුරු කියා පැවසිය හැකියි.—ගීතාවලිය 119:160. උදාහරණයක්: බයිබලයේ සඳහන් මෙම වාර්තාව බලන්න. ‘බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර්, යූදාහි රජ වූ යෙහෝයාකින්ව බැබිලෝනියට රැගෙන ගියා.’ ඔහුට පසුව බැබිලෝනියේ රජ බවට පත් වුණේ එවිල්-මෙරොදක්. ඔහු රජ බවට පත් වූ වසරේදීම යෙහෝයාකින්ට අන් සිරකරුවන්ට වඩා වැඩි නිදහසක් දුන්නා. ‘යෙහෝයාකින් මිය යන තෙක්ම දිනපතා රජුගේ භෝජනයෙන් පංගුවක් ඔහුට ලැබුණා.’—2 රාජාවලිය 24:11, 15; 25:27-30. එම තොරතුරු සැබෑද? බැබිලෝනියේ නටඹුන් අතරින් නෙබුකද්නෙෂර් රජුගේ කාලයට අයත් තොරතුරු පුරාවිද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. සිරකරුවන්ට සහ වෙනත් අයට ලබා දුන් උපකාර ගැන එහි සඳහන් වෙනවා. යූදාහි රජු වූ යෙහෝයාකින් ගැනත් ඔහු සමඟ සිටි අය ගැනත් එහි වාර්තා කර තිබෙනවා. “නෙබුකද්නෙෂර් රජුගේ පුත්‍රයා වන ආමෙල් මාර්ඩුක් රජුගේ [එවිල්-මෙරොදක්] මාලිගාව” ගැන සූසා නගරයෙන් සොයාගත් ලියවිල්ලක සඳහන් වෙනවා. ඔබ සිතන්නේ කුමක්ද? ඉතිහාස තොරතුරු ඇතුළත් පොත් අතරින් නිවැරදි කාල වකවානු සහ පැහැදිලි තොරතුරු ඇතුළත් බයිබලයට සම කළ හැකි තවත් පොතක් තිබෙනවාද? [5වන පිටුවේ වාක්‍ය කණ්ඩය] “පුරාණයෙන් සොයාගෙන තිබෙන ලියවිලි අතරින් කාල වකවානු ගැන වඩාත් නිවැරදිව සහ තොරතුරු පැහැදිලිව සඳහන් කර තිබෙන්නේ බයිබලයේ පමණයි.”—A Scientific Investigation of the Old Testament යන පොත [5වන පිටුවේ පින්තූරය] යූදාහි රජු වන යෙහෝයාකින් ගැන සඳහන් බැබිලෝනියානු ලියවිල්ල [හිමිකම් විස්තර] © bpk, Berlin/Vorderasiatisches Museum, SMB/Olaf M. Tessmer/Art Resource, NY 
 
- 
                                        
- 
	                        
            
            නිවැරදි වෛද්‍ය උපදෙස් ඇතුළත් පොතක්2012 මුරටැඹ | ජූනි 1
- 
                            - 
                                        නිවැරදි වෛද්‍ය උපදෙස් ඇතුළත් පොතක්“මම ඔබට උපදෙස් හා දැනමුතුකම් ලියා දුන්නෙමි. එසේ කළේ මේ සැබෑ කියමන් කෙරෙහි ඔබේ විශ්වාසය ගොඩනංවන පිණිසය. දැන් නැවත ඔබව එවූ තැනැත්තා වෙතට ගොස් මේ සත්‍යයන් ඔහු සමඟ බෙදාගන්න.”—හිතෝපදේශ 22:20, 21. බයිබලය අද්විතීය වන්නේ ඇයි? පුරාණයේ ලියැවුණු බොහෝ පොත්පත් නවීන විද්‍යාවට එකඟ නැහැ. ඒවාවල සඳහන් ඇතැම් උපදෙස් පිළිපැදීම සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානවා. නවතම සොයාගැනීම් නිසා අලුතින් ලියැවුණු පොත් පවා වෙනස් කිරීමට සිදු වෙනවා. නමුත් විශ්වයේ නිර්මාතෘගේ මඟ පෙන්වීමෙන් ලියැවුණු බයිබලයේ ඇති තොරතුරු කිසිදාක වෙනස් කිරීමට අවශ්‍ය නැහැ.—1 පේතෘස් 1:25. උදාහරණයක්: ඊශ්‍රායෙල්වරුන්ට දෙවි ලබා දී තිබූ උපදෙස් කිහිපයක් බලමු. ඔවුන්ට මලපහ කිරීමට ‘කඳවුරෙන් පිටතට’ යෑමට සිදු වූ අතර පසුව ඒවා වැළලිය යුතු වුණා. (ද්විතීය කතාව 23:12, 13) මළ සතෙකු හෝ මිනියක් ස්පර්ශ කළ කෙනෙක් අත් හොඳින් සෝදාගැනීමත් අවශ්‍ය වුණා. (ලෙවී කතාව 11:27, 28; ගණන් කතාව 19:14-16) ඒ වගේම ලාදුරු රෝගියෙක් සුව වන තුරු වෙන් වී සිටිය යුතු වුණා.—ලෙවී කතාව 13:1-8. නවීන විද්‍යාවෙන් සොයාගෙන ඇති කරුණු: අත් සේදීම, වසංගත රෝගීන්ව වෙන් කර තැබීම හා මලපහ නිසි ලෙස වැළලීම නිරෝගී සෞඛ්‍යයට දායක වන බව සොයාගෙන තිබෙනවා. වැසිකිළි පහසුකම් නොමැති නම් තමා ජීවත් වන ස්ථානයේ සිට හා එදිනෙදා අවශ්‍යතා සඳහා ජලය ලබාගන්නා ස්ථානයේ සිට අඩුම තරමින් මීටර 30ක දුරකින්වත් මලපහ කර එය වසා දැමිය යුතු බව ඇමරිකා එක්සත් ජනපදයේ වසංගත රෝග මර්දනය කිරීමේ ආයතනය (CDC) පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මලපහ නිසි ලෙස වළලනවා නම් වසංගත රෝග වැලඳීම සියයට 36කින් අඩු කරගත හැකි බවයි. වෛද්‍යවරුන් මල සිරුරු ඇල්ලීමෙන් පසුව අත් හොඳින් නොසේදීම නිසා බොහෝදෙනා රෝගී වෙන බව සොයාගත්තේ මීට වසර 200කට පමණ පෙරයි. දැනටත් බොහෝ රෝගවලින් ආරක්ෂා විය හැකි හොඳම සහ පහසුම ක්‍රමය අත් සේදීම බව CDC ආයතනය පවසනවා. බෝවන රෝග වැලදුණු අවස්ථාවේදීම ඒ අයව වෙන් කර තැබීමෙන් එය අන් අයට බෝ වීම වැළැක්විය හැකියි කියා එක් පොතක සඳහන් වුණා.—Saudi Medical Journal. ඔබ සිතන්නේ කුමක්ද? පැරණි ශුද්ධ පොත් අතරින් නිවැරදි වෛද්‍ය උපදෙස් අඩංගු වෙනත් පොතක් ගැන ඔබ අසා තිබෙනවාද? ‘සනීපාරක්ෂාව සම්බන්ධයෙන් බයිබලයේ ඇති උපදෙස් පුදුමසහගතයි.’—Manual of Tropical Medicine යන පොත 
 
- 
                                        
- 
	                        
            
            අදහස් එකිනෙක ගැළපෙන පොතක්2012 මුරටැඹ | ජූනි 1
- 
                            - 
                                        අදහස් එකිනෙක ගැළපෙන පොතක්“අනාවැකි පළ කරනු ලැබුවේ මිනිසුන්ගේ කැමැත්තට අනුව නොවේ. මිනිසුන් තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වී දෙවි ලබා දුන් මඟ පෙන්වීම්වලට එකඟව ඔවුහු කතා කළෝය.”—2 පේතෘස් 1:21. බයිබලය අද්විතීය වන්නේ ඇයි? එකම කාලයේදී ලියැවුණු පුරාණ පොත්වල පවා පරස්පර විරෝධී අදහස් තිබෙනවා. විවිධ පුද්ගලයන් විවිධ වකවානුවල විවිධ ස්ථානවල සිට ලියූ පොත්වල තොරතුරු එකිනෙක ගැළපෙන්නේ නැති තරම්. නමුත් පොත් 66කින් සමන්විත බයිබලය විවිධ පුද්ගලයන් ලිව්වත් එහි අදහස් එකිනෙක ගැළපෙනවා. ඊට හේතුව එය දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියැවුණු පොතක් වීමයි.—2 තිමෝති 3:16. උදාහරණයක්: බයිබලයේ මුල් පොත මෝසෙස් විසින් ලියනු ලැබුවේ ක්‍රිස්තු පූර්ව 16වන සියවසේදියි. මිනිසුන්ව ගලවාගැනීමට නියමිත ‘තැනැත්තෙක්’ ගැනත් ඔහු ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ්ගේ පෙළපතින් පැමිණෙන බවත් එහි වාර්තා වෙනවා. (උත්පත්ති 3:15; 22:17, 18; 26:24; 28:14) ඉන් වසර 500කට පමණ පසුව ලියැවුණු බයිබලයේ ඇති පොතක සඳහන් වන්නේ එම තැනැත්තා දාවිත්ගේ රජ පෙළපතින් පැමිණෙන බවයි. (2 සාමුවෙල් 7:12) පැමිණීමට නියමිත තැනැත්තා යේසුස් බවත් ඔහු තවත් පිරිසක්ව තෝරාගන්නා බවත් බයිබල් ලේඛකයෙක් වූ පාවුල් පැවසුවේ ඉන් වසර 1,000කට පමණ පසුවයි. (රෝම 1:1-4; ගලාති 3:16, 29) ඒ පිරිස යේසුස් ගැන මිනිසුන්ට කියා දෙන බවත් ඔවුන්ව ස්වර්ගයට ගන්නා බවත් අවුරුදු 1,000ක් ස්වර්ගයේදී යේසුස් සමඟ හවුලේ රජකම් කරන බවත් බයිබලයේ අවසන් පොතේ සඳහන් වෙනවා. එය ලියනු ලැබුවේ ක්‍රිස්තු වර්ෂ පළමුවෙනි සියවස අග භාගයේදියි. ඔවුන් යක්ෂයාව සම්පූර්ණයෙන්ම විනාශ කර මිනිසුන්ව ගලවාගන්නා බවත් එහි සඳහන් වෙනවා.—එළිදරව් 12:17; 20:6-10. බයිබල් විශාරදයන් පවසන දේ: බයිබලය ගැන අධ්‍යයනය කළ ලුවී ගවුසෙන් මෙසේ ලිව්වා. “බයිබලය සම්පූර්ණයෙන් ලියා අවසන් කරන්න අවුරුදු 1,500ක කාලයක් ගත වුණත් එහි ඇති තොරතුරු එකිනෙකට ගැළපෙනවා. ඔවුන් ලියූ සමහර දේවල් ඔවුන්ට නොතේරුණත් ඒ සෑම තොරතුරක්ම බයිබලයේ තේමාවට එකඟයි. එය නම් දෙවිගේ පුත්‍රයා මේ ලෝකය ගලවාගන්නා ආකාරයයි.”—Theopneusty—The Plenary Inspiration of the Holy Scriptures යන පොත. ඔබ සිතන්නේ කුමක්ද? වසර 1,500ක් පුරා විවිධ ලේඛකයන් 40දෙනෙකු විසින් ලියා ඇති, අදහස් එකිනෙකට ගැළපෙන වෙනත් පොතක් ගැන ඔබ අසා තිබෙනවාද? “පොත් කිහිපයක එකතුවක් වුණත් එය එක් පොතක් ලෙස හැඳින්විය හැකියි. ඒ හා සමාන වෙන කිසි පොතක් නැහැ.”—The Problem of the Old Testament යන පොත 
 
- 
                                        
- 
	                        
            
            අදටත් ගැළපෙන පොතක්2012 මුරටැඹ | ජූනි 1
- 
                            - 
                                        අදටත් ගැළපෙන පොතක් “ඔබේ වදන් මාගේ පාදවලට පහනක්ය. මා යන මාවතට එළියක්ය.”—ගීතාවලිය 119:105. බයිබලය අද්විතීය වන්නේ ඇයි? විශිෂ්ට ගණයේ ලා සැලකෙන පොත් බොහොමයක් තිබෙනවා. නමුත් ඒවායේ ජීවිතයට අවශ්‍ය මඟ පෙන්වීම් සඳහන් වී නැති තරම්. මඟ පෙන්වීම් සඳහන් වී තිබෙන පොත්වල පවා කාලෙන් කාලෙට යම් වෙනස්කම් කිරීමට සිදු වෙනවා. ඊට හේතුව ඒවා යල්පැන තිබීමයි. නමුත් බයිබලය ඊට වඩා වෙනස්. එය බොහෝ කාලයකට කලින් ලියා ඇති පොතක් වුණත් අදටත් එහි “ලියා තිබෙන සෑම දෙයකින්ම අපට යමක් ඉගෙනගත” හැකියි.—රෝම 15:4. උදාහරණයක්: බයිබලය ලියා ඇත්තේ වෛද්‍ය උපදෙස් සැපයීමට නොවෙයි. නමුත් නිරවුල් මනසක් හා නිරෝගී සෞඛ්‍යයක් ඇතුව සිටීමට උපකාරවත් වන මඟ පෙන්වීම් එහි සඳහන් වෙනවා. ඒ අතරින් කිහිපයක් බලමු. “සන්සුන් මනසක් ගතට සුවයකි.” (හිතෝපදේශ 14:30) “නිතරම අන් අයගෙන් වෙන්ව සිටින තැනැත්තා තම ආත්මාර්ථකාමී ආශාවන් පසුපස ලුහුබැඳ යයි. ඔහු සැබෑ ප්‍රඥාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරයි.” (හිතෝපදේශ 18:1) “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා.”—ක්‍රියා 20:35. පර්යේෂකයන් පවසන දේ: සන්සුන් මනසක් ඇතුව සිටීම, කිට්ටු මිතුරන් ඇති කරගැනීම සහ ත්‍යාගශීලී වීම යහපත් සෞඛ්‍යට දායක වෙනවා. සඟරාවක මෙසේ සඳහන් වුණා. “කෝපය පාලනය කරගන්න අයට වඩා ඉක්මනින් කේන්ති යන පුරුෂයන්ට අංශභාග රෝගය වැලඳීමේ ඉඩකඩ වැඩියි.” වසර 10ක් පුරා ඕස්ට්‍රේලියාවේ කරන ලද පර්යේෂණයකින් හෙළි වී තිබෙන්නේ “තම පෞද්ගලික තොරතුරු ගැන කතා කිරීමට හැකි මිතුරන් සිටින මහලු අය වැඩි කාලයක් ජීවත් වෙන” බවයි. “තමා වෙනුවෙන් යමක් මිල දී ගැනීමට වඩා අන් අය වෙනුවෙන් මුදල් වියදම් කිරීමෙන් වැඩි සතුටක් ලැබෙන” බව 2008දී කැනඩාවේ සහ එක්සත් ජනපදයේ කරන ලද පර්යේෂණයකින් සොයාගත්තා. ඔබ සිතන්නේ කුමක්ද? බයිබලයට අමතරව වසර 2,000කට කලින් ලියැවුණු වෙනත් පොතකින් සතුටින් සිටීමට හැකි මඟ පෙන්වීම් ලබාගැනීමට හැකියි කියා ඔබ සිතනවාද? [8වන පිටුවේ වාක්‍ය කණ්ඩය] “නිරෝගී සෞඛ්‍යකට දායක වන තොරතුරු බයිබලයේ ඇති තරම් තියෙනවා. ඒ නිසා ඒක මට හුඟක් ප්‍රයෝජනවත්.”—ජෝන්ස් හොප්කිංස් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සාමාජිකයෙක් වන එම්.ඩී. හාවුඩ් කෙලි 
 
-