ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w12 6/1 8 පි.
  • අදටත් ගැළපෙන පොතක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අදටත් ගැළපෙන පොතක්
  • 2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • මේ සඟරාවෙන් දැනගන්න: ජීවිතයට එළියක් දෙන්න බයිබලයට පුළුවන්ද?
    2019 පිබිදෙව්!
  • නූතන ජීවිතය සඳහා ප්‍රායෝගික පොතක්
    සියලුම ජනයා සඳහා පොතක්
  • නීරෝගීකම හා සන්තෝෂය—ඔබට ඒවා සොයා ගත හැක්කේ කෙසේ ද?
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබට මඟ පෙන්වීමට දෙවිගේ වචනයට ඉඩහරින්න
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w12 6/1 8 පි.

අදටත් ගැළපෙන පොතක්

“ඔබේ වදන් මාගේ පාදවලට පහනක්ය. මා යන මාවතට එළියක්ය.”—ගීතාවලිය 119:105.

බයිබලය අද්විතීය වන්නේ ඇයි? විශිෂ්ට ගණයේ ලා සැලකෙන පොත් බොහොමයක් තිබෙනවා. නමුත් ඒවායේ ජීවිතයට අවශ්‍ය මඟ පෙන්වීම් සඳහන් වී නැති තරම්. මඟ පෙන්වීම් සඳහන් වී තිබෙන පොත්වල පවා කාලෙන් කාලෙට යම් වෙනස්කම් කිරීමට සිදු වෙනවා. ඊට හේතුව ඒවා යල්පැන තිබීමයි. නමුත් බයිබලය ඊට වඩා වෙනස්. එය බොහෝ කාලයකට කලින් ලියා ඇති පොතක් වුණත් අදටත් එහි “ලියා තිබෙන සෑම දෙයකින්ම අපට යමක් ඉගෙනගත” හැකියි.—රෝම 15:4.

උදාහරණයක්: බයිබලය ලියා ඇත්තේ වෛද්‍ය උපදෙස් සැපයීමට නොවෙයි. නමුත් නිරවුල් මනසක් හා නිරෝගී සෞඛ්‍යයක් ඇතුව සිටීමට උපකාරවත් වන මඟ පෙන්වීම් එහි සඳහන් වෙනවා. ඒ අතරින් කිහිපයක් බලමු. “සන්සුන් මනසක් ගතට සුවයකි.” (හිතෝපදේශ 14:30) “නිතරම අන් අයගෙන් වෙන්ව සිටින තැනැත්තා තම ආත්මාර්ථකාමී ආශාවන් පසුපස ලුහුබැඳ යයි. ඔහු සැබෑ ප්‍රඥාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරයි.” (හිතෝපදේශ 18:1) “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා.”—ක්‍රියා 20:35.

පර්යේෂකයන් පවසන දේ: සන්සුන් මනසක් ඇතුව සිටීම, කිට්ටු මිතුරන් ඇති කරගැනීම සහ ත්‍යාගශීලී වීම යහපත් සෞඛ්‍යට දායක වෙනවා. සඟරාවක මෙසේ සඳහන් වුණා. “කෝපය පාලනය කරගන්න අයට වඩා ඉක්මනින් කේන්ති යන පුරුෂයන්ට අංශභාග රෝගය වැලඳීමේ ඉඩකඩ වැඩියි.” වසර 10ක් පුරා ඕස්ට්‍රේලියාවේ කරන ලද පර්යේෂණයකින් හෙළි වී තිබෙන්නේ “තම පෞද්ගලික තොරතුරු ගැන කතා කිරීමට හැකි මිතුරන් සිටින මහලු අය වැඩි කාලයක් ජීවත් වෙන” බවයි. “තමා වෙනුවෙන් යමක් මිල දී ගැනීමට වඩා අන් අය වෙනුවෙන් මුදල් වියදම් කිරීමෙන් වැඩි සතුටක් ලැබෙන” බව 2008දී කැනඩාවේ සහ එක්සත් ජනපදයේ කරන ලද පර්යේෂණයකින් සොයාගත්තා.

ඔබ සිතන්නේ කුමක්ද? බයිබලයට අමතරව වසර 2,000කට කලින් ලියැවුණු වෙනත් පොතකින් සතුටින් සිටීමට හැකි මඟ පෙන්වීම් ලබාගැනීමට හැකියි කියා ඔබ සිතනවාද?

[8වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“නිරෝගී සෞඛ්‍යකට දායක වන තොරතුරු බයිබලයේ ඇති තරම් තියෙනවා. ඒ නිසා ඒක මට හුඟක් ප්‍රයෝජනවත්.”—ජෝන්ස් හොප්කිංස් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සාමාජිකයෙක් වන එම්.ඩී. හාවුඩ් කෙලි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න