ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w13 10/15 31-32 පි.
  • ජීවිත බේරගන්න උදව් කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජීවිත බේරගන්න උදව් කරන්න
  • 2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දේශනා කරන්න නිතරම සූදානමින් සිටි යේසුස්
  • යේසුස්ව ආදර්ශයට ගත් අය
  • ලැබෙන හැම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගන්න
  • මුදල්වලින් සැබෑ සතුට ලැබිය හැකිද?
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඛේදනීය තත්වයට සාර්ථකව මුහුණ දීම
    2002 පිබිදෙව්!
  • “ඔයාලා තමයි හොඳම අසල්වැසියෝ”
    2017 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • අපි පළමුකොට රාජ්‍යය සොයා ඇත්තෙමු
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w13 10/15 31-32 පි.

ජීවිත බේරගන්න උදව් කරන්න

එක්දහස් නවසිය හයේදී ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ හිටපු මිනිසුන්ගේ ජීවිත ගැන එක්තරා කෙටි චිත්‍රපටියක් නිපදෙව්වා. (A Trip Down Market Street) ඒ නිහඬ චිත්‍රපටියේ අඩංගු වුණේ ඒ නගරයේ හිටපු මිනිසුන් එදිනෙදා රැකී රක්ෂාවලට කඩසාප්පුවලට යමින් ගත කරපු ජීවිත ගැන රූප පෙළක්.

ඒ චිත්‍රපටිය රූගත කළේ 1906 අප්‍රියෙල් මාසයේදියි. එය රූගත කරලා ගත වුණේ දින කිහිපයයි. අප්‍රියෙල් 18වෙනිදා ඉතිහාසයේ ඇති වුණ දරුණුතම භූමිකම්පාවකට මුහුණ දෙන්න ඒ නගරයේ මිනිසුන්ට සිදු වුණා. භූමිකම්පාවත් ඇති වුණ ගින්නත් නිසා දහස් ගණනක් මිනිසුන් මිය ගියා. ඔවුන් අතරේ චිත්‍රපටියේ සිටි බොහෝදෙනෙකුත් සිටියා. ඒ චිත්‍රපටිය හදපු කෙනෙකුගේ මුනුපුරෙක් ඒ ගැන මෙහෙම කිව්වා. “චිත්‍රපටියේ හිටපු අය තව දින කිහිපයකින් වෙන්න යන දේ ගැන හාංකවිසියක්වත් දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා ඒ චිත්‍රපටිය බලද්දී හිතට දැනෙන්නේ පුදුම දුකක්.” ඔහු වගේ බොහෝදෙනෙක් චිත්‍රපටියේ සිටි අය ගැන දුක් වුණත් ඔවුන් වෙනුවෙන් යමක් කරන්න හැකියාවක් තිබුණේ නැහැ.

හදිසියේ ඇති වුණ භූමිකම්පාවත් ගින්නත් නිසා සැන් ෆ්‍රැන්සිස්කෝ නගරය සම්පූර්ණයෙන් වගේ විනාශ වුණා

අද මිනිසුන් ඉන්නෙත් විනාශයක් අද්දරයි. ඒත් ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැතුව ඔවුන් සාමාන්‍ය විදිහට ජීවිත ගත කරනවා. එදා ඒ භූමිකම්පාව වෙන්න කලින් කිසිම කෙනෙක් ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. ඒත් ඉදිරියේදී වෙන්න යන විනාශය ගැන අපි දන්නවා. ඒ විනාශයේදී මිනිසුන්ට වෙන්න යන දේ ගැන අපිට දුකක් දැනෙනවා. ඒ වෙනුවෙන් යමක් කරන්න අපිට තාමත් කාලය තියෙනවා. සමහරවිට ඔබත් ඒ ගැන මිනිසුන්ට අනතුරු අඟවන්න සතියකට වතාවක් දේශනා සේවයේ හවුල් වෙනවා ඇති. ඒත් ජීවිත ගලවගන්න ඊටත් වඩා දෙයක් කරන්න ඔබට පුළුවන්ද?

දේශනා කරන්න නිතරම සූදානමින් සිටි යේසුස්

යේසුස් මිනිසුන්ට දේශනා කරන්න ඔහුට පුළුවන් හැම දේම කළා. ඔහු ඒ කාර්යය දවසේ පැය කිහිපයකට විතරක් සීමා කළේ නැහැ. හමු වෙන ඕනෙම කෙනෙක්ට, ඕනෙම වෙලාවක දේශනා කරන්නයි යේසුස් උත්සාහ කළේ. (ලූක් 19:1-5; යොහ. 4:5-10, 21-24) වෙහෙස නිවාගන්න ටිකක් නැවතුණ වෙලාවලදී වුණත් ඔහු ඒ දේ කැප කරලා ආශාවෙන් මිනිසුන්ට ඉගැන්නුවා. ඔහු ඒ දේ කළේ කරන්න ඕනෙ නිසා කරනවා කියන හැඟීමෙන් නෙවෙයි. මිනිසුන් ගැන ඔහුගේ හිතේ තිබුණ දයානුකම්පාව නිසයි. (මාක් 6:30-34) අපිටත් ඒ වගේ කරන්න පුළුවන්ද?

යේසුස්ව ආදර්ශයට ගත් අය

මෙලිකා ජීවත් වුණේ අධිආරක්ෂිත තට්ටු නිවාස සංකීර්ණයක. ඒකේ පදිංචි වෙලා හිටිය අයගෙන් වැඩිදෙනෙක් වෙනත් රටවලින් ඇවිත් හිටපු ශිෂ්‍යයන්. ඔවුන්ගේ නම් සහ දුරකථන අංක තියෙන ලැයිස්තුවක් තිබුණේ නැති නිසා ඔවුන්ට දුරකථනයෙන් සාක්ෂි දරන්න මෙලිකාට පුළුවන් වුණේ නැහැ. ඒ නිසා ඒ නිවාස සංකීර්ණය ඇතුළේ ඔවුන්ව හමු වෙන ඕනෙම වෙලාවකදී දේශනා කරන්න ඇය පුරුදු වෙලා හිටියා. “මම ඒ නිවාස සංකීර්ණය සැලකුවේ දේශනා කරන්න මට භාර දීලා තියෙන ප්‍රදේශයක් හැටියටයි” කියලා ඇය කියනවා. ඇය ළඟ නිතරම භාෂා කිහිපයකින්ම පොත් පත් තිබුණා. ඒ වගේම සාක්ෂිකරුවන්ගේ නිල වෙබ් අඩවිය ගැනත් ඒ අයව දැනුවත් කළා. ඒ විදිහට බයිබල් පාඩම් කිහිපයක්ම පටන්ගන්න ඇයට හැකි වුණා.

වෛද්‍ය මධ්‍යස්ථානයක රැකියාව කරන සෝන්යාත් නිතරම සාක්ෂි දරන්න සූදානමින් ඉන්න කෙනෙක්. ඇය එක්ක වැඩ කරන හැම කෙනෙකුටම සාක්ෂි දරන්න ඇයට ලොකු වුවමනාවක් තිබුණා. ඒ අය උනන්දු වෙන දේවල් ගැන හොයලා බලපු ඇය දහවල් කෑම විවේකයේදී ඒ දේවල් ගැන බයිබලයේ කියන්නේ මොනවද කියලා ඔවුන්ට පෙන්නුවා. ඒ විදිහට බයිබල් පාඩම් දෙකක් පටන්ගන්න ඇයට පුළුවන් වුණා. දැන් ඇය උත්සාහ කරන්නේ වෛද්‍යවරයාව හමු වෙන්න එන රෝගීන් එක්කත් ඒ විදිහට කතා කරන්නයි.

ලැබෙන හැම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගන්න

එදා සිදු වුණ භූමිකම්පාවෙන් දිවි ගලවාගත් කෙනෙක් කිව්වේ “ඒ වගේ දරුණු විනාශයක් ගැන නම් මම කවදාවත් අහලා නැහැ” කියලයි. ඒත් “දෙවිව දැන හඳුනා නොගෙන සිටින අයට” ඉදිරියේදී මුහුණ දීමට සිදු වෙන්නේ එතෙක් මෙතෙක් සිදු වුණ සෑම විනාශයකටම වඩා දරුණු විනාශයකටයි. (2 තෙස. 1:8) ඒත් යෙහෝවා දෙවි කැමති අද ලොව පුරාම සිදු වෙන දේශනා කිරීමේ කාර්යයෙන් ප්‍රයෝජන අරන් මිනිසුන් තමන්ගේ ජීවිත වෙනස් කරගෙන ඒ විනාශයෙන් බේරෙනවටයි.—2 පේතෘ. 3:9; එළි. 14:6, 7.

සාක්ෂි දරන්න ලැබෙන හැම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගන්න

ඉදිරියේදී එන විනාශය ගැන අනිත් අයට අනතුරු අඟවන්න ඔබට ලැබිලා තියෙන්නේ වෙන කවදාවත් නොලැබෙන අවස්ථාවක්. ඒ නිසා අපි ජීවත් වෙන කාලය ගැනත් යෙහෝවා දෙවි ගැන ඉගෙනගෙන, දෙවි කැමති විදිහට ජීවත් වෙන එකේ වටිනාකම ගැනත් අනිත් මිනිසුන්ට කියා දෙන්න ඔබට කරන්න පුළුවන් හැම දේම කරන්න. (ශෙප. 2:2, 3) එකට රැකියාව කරන අයට, අසල්වාසීන්ට, එදිනෙදා හමු වෙන අයට සාක්ෂි දරන්න ඔබට ලැබෙන හැම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගන්න. එහෙම කරලා පුළුවන් තරම් දෙනෙකුට ඔවුන්ගේ ජීවිත ගලවගන්න උදව් කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න