ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w15 10/1 9 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ඉන්ජිනේරුවන් මවිත කළ රජෙක්
    2009 පිබිදෙව්!
  • මහා හෙරොද් රජගේ පාලන සමය
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපන් දින උත්සවයකදී මිනී මැරුමක්
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • ‘යෙහෝවා දෙවියන්ගේ පණිවිඩය හැමෝම අතරේ දිගටම පැතිරෙයි’
    දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
තව තොරතුරු
2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w15 10/1 9 පි.

ඔබ දැන සිටියාද?

යෙරුසලමේ දේවමාලිගාව ආපහු ගොඩනඟද්දී හෙරොද් මුහුණ දුන්නේ මොන අභියෝගවලටද?

සලමොන් හැදුව දේවමාලිගාව තිබුණේ කන්දක් උඩ. ඒකේ නැඟෙනහිර සහ බටහිර පැතිවල තාප්පයක් බැඳලා තිබුණේ දේවමාලිගාව පිහිටි භූමිය සමතලා මට්ටමකට ගේන්නයි. හෙරොද්ට ඕන වුණා ඒ දේවමාලිගාව තවත් විශාල කරලා අලුත්ම පන්නයේ එකක් කරන්න.

දේවමාලිගාවේ හා ඒ වටා තාප්පයේ චිත්‍රයක්

හෙරොද් දේවමාලිගාව විශාල කරද්දී උතුරු පැත්තෙනුත් විශාල කළා. දකුණු පැත්තෙනුත් මීටර් 32කින් විශාල කළා. දේවමාලිගාව වටේටම ගල්වලින් ආරුක්කු තියෙන ලොකු තාප්පයක් ඉදි කළා. භූමිය එකම මට්ටමේ නොතිබුණ නිසා සමහර තැන්වලදී ඒ තාප්පය උසින් මීටර් 50ක් වුණා.

ඒක කෙරුවේ යුදෙව්වන්ව තරහ කරගන්නෙත් දේවමාලිගාවේ වැඩකටයුතුවලට සහ පූජාවලට බාධා වෙන්නෙත් නැති විදිහටයි. හෙරොද්, යුදෙව් පූජකයන්ව ගල් වඩුවන් හැටියටත් වඩු වැඩවලටත් පුහුණු කළේ ශුද්ධ භූමියට අවසර නැති අයට ඇතුල් වෙන්න ඉඩ නොතබන්නයි කියලා යුදෙව් ඉතිහාසඥ ජොසීෆස් කිව්වා.

ඒත් ඒක නිම කරන්න කලින් හෙරොද් මිය ගියා. ක්‍රිස්තු වර්ෂ 30 වෙද්දී ඉදි කරන්න පටන් අරන් අවුරුදු 46ක් ගෙවිලා තිබුණා. (යොහන් 2:20) ක්‍රි.ව. 1වෙනි සියවසේ මැදභාගයේදී ඒක නිම කෙරුවේ හෙරොද්ගේ දරුවෙක්ගේ මුණුපුරෙක් වන IIවෙනි අග්‍රිපා රජයි.

මෝල්ටාවේ වැසියන් පාවුල් මිනීමරුවෙක් කියලා හිතුවේ ඇයි?

යුක්තියේ දේවතාවිය අයුක්තියේ දේවතාවියට පහර දෙනවා

යුක්තියේ දේවතාවිය (වමේ) අයුක්තියේ දේවතාවියට පහර දෙනවා

අතීතයේ මෝල්ටාවේ හිටිය සමහර අයට ග්‍රීක මිථ්‍යා ආගමික විශ්වාසයන් තිබුණා. බයිබලයේ ක්‍රියා පොතට අනුව නියෝජිත පාවුල් ගිය නැව මෝල්ටාවේදී මුහුදුබත් වුණ වෙලාවේ වුණ දේ බලන්න. නැවේ හිටිය අයට උණුසුම ලබා දෙන්න පාවුල් ගින්නට දර මිටියක් දැම්මා. ඒ වෙලාවේ විසකුරු සර්පයෙක් ඔහුගේ අතේ එල්ලෙනවා දැක්ක මෝල්ටාවේ වැසියන් කිව්වේ මෙහෙමයි. “මේ මිනිසා මිනී මරුවෙක් විය යුතුයි. නැත්නම් මුහුදෙන් බේරී ආ කෙනෙකුගේ ජීවිතයට මෙහෙම හානියක් සිදු වෙන්නේ කොහොමද? මේක නම් ඔහු ලැබිය යුතුම දඬුවමක්.”—ක්‍රියා 28:4.

දඬුවම් ලැබෙනවා කියන එකෙන් අදහස් කළේ යුක්තිය ඉටු වෙනවා කියලයි. “යුක්තිය” කියන අදහසට ග්‍රීක භාෂාවෙන් දාලා තියෙන්නේ “ඩයිකි” කියන වචනයයි. ග්‍රීක මිථ්‍යා කථාවල යුක්තියේ දේවතාවියට කියන්නේ ඩයිකි කියලයි. මිනිසුන් අතර සිද්ධ වුණ අයුක්තියක් සැඟවිලා තියෙනවා නම් ඇය ඒක ප්‍රධාන දෙවියා වන සියුස්ට වාර්තා කරලා වරදකරුවාට දඬුවම් දෙනවා කියලා ඔවුන් විශ්වාස කළා. එක පොතක කියන්නේ මෝල්ටාවේ මිනිසුන් පාවුල් ගැන මෙහෙම හිතන්න ඇති කියලයි. ‘පාවුල් මුහුදෙදී ජීවිතය බේරගෙන ආවත් කරපු අපරාධවලට ඩයිකිගෙන් නම් බේරෙන්න බැහැ. විසකුරු සර්පයෙක් මාර්ගයෙන් ඩයිකි ඔහුට දඬුවම් කළා.’ ඒත් පාවුල්ට අනතුරක් වුණේ නැති බව දැක්ක සෙනඟ ඔවුන් හිතපු විදිහ වෙනස් කරගත්තා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න