ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w15 11/15 13 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • අපේ නායකයා වන ක්‍රිස්තුස් ගැන විශ්වාසය තියන්න
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔබ දැන සිටියාද?
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙරිකෝ නගරයේ තාප්ප
    මගේ බයිබල් කතන්දර පොත
  • ඊශ්‍රායෙල් සෙනඟ කානාන් දේශයට ඇතුල් වෙයි
    බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w15 11/15 13 පි.
පූජකයන් හොරණෑ පිඹිමින්, යොෂුවා ශබ්ද නඟා කෑගසයි, යෙරිකෝවේ පවුර කඩාගෙන වැටෙනවා

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ඊශ්‍රායෙල්වරු යෙරිකෝව යටත් කරගන්න කලින් කාලයක් තිස්සේ වටලලා හිටියේ නැහැ කියන්න තියෙන සාක්ෂි මොනවද?

යොෂුවා 6:10-15, 20 කියන විදිහට ඊශ්‍රායෙල්වරු දවසට එක වතාව ගානේ දවස් හයක් යෙරිකෝව වටේට ගියා. ඒත් හත්වෙනි දවසේ ඔවුන් යෙරිකෝව වටේ හත් වතාවක් ගියාට පස්සේ දෙවි නගරයේ දැවැන්ත පවුර කඩා වැටෙන්න සැලැස්සුවා. ඒ නිසා නගරය ඇතුළට ගිහින් ඒක යටත් කරගන්න ඊශ්‍රායෙල්වරුන්ට පුළුවන් වුණා. යෙරිකෝව යටත් කරගන්න කලින් ඊශ්‍රායෙල්වරු කාලයක් තිස්සේ ඒක වටලලා හිටියේ නැහැ කියලා බයිබලේ කියන දේ පුරාවිද්‍යාත්මක සාක්ෂිවලට එකඟද?

හමුදාවක් නගරයක් යටත් කරගන්න කලින් ඒ නගරේ වටේට කඳවුරු බැඳගෙන ඒක වටලන එක අතීතයේදී සාමාන්‍ය දෙයක්. කාලයක් තිස්සේ නගරයක් වටලලා හිටියා වුණත් ඒක යටත් කරගත්ත ගමන් ඒකේ තියෙන වස්තුව, ආහාර ඇතුළු හැම දේම ඔවුන් කොල්ල කෑවා. හැබැයි යෙරිකෝවේ නටබුන් අතරින් ආහාර විශාල ප්‍රමාණයක් පුරාවිද්‍යාඥයන්ට හම්බ වුණා. ඒ ගැන සඟරාවක කියන්නේ මෙහෙමයි. “යෙරිකෝවේ නටබුන් අතරින් මැටි භාජන ඇරුණාම වැඩියෙන්ම හම්බ වුණේ ධාන්‍ය. පලස්තීන පුරාවිද්‍යා වාර්තාවලට අනුව ඒක දුර්ලභ දෙයක්. කැණීම්වලදී ධාන්‍ය භාජනයක් දෙකක් හම්බ වෙන්න පුළුවන් වුණත් ධාන්‍ය විශාල ප්‍රමාණයක් හම්බ වුණ එක විශේෂයි.”—Biblical Archaeology Review.

බයිබල් වාර්තාවලට අනුව යෙරිකෝවේ ධාන්‍ය කොල්ල කන්නේ නැතුව ඉන්න ඊශ්‍රායෙල්වරුන්ට හොඳ හේතුවක් තිබුණා. නගරයේ කිසිම දේකට අතවත් තියන්න එපා කියලා යෙහෝවා දෙවි ඔවුන්ට අණ කළා. (යොෂු. 6:17, 18) ඊශ්‍රායෙල්වරු යෙරිකෝව යටත් කරගත්තේ අස්වැන්න නෙළන කාලය ඉවර වෙනවත් එක්කම නිසා ධාන්‍ය විශාල ප්‍රමාණයක් නගරේ තිබුණා. (යොෂු. 3:15-17; 5:10) යෙරිකෝවේ කැණීම්වලදී ධාන්‍ය විශාල ප්‍රමාණයක් හම්බ වුණ එකෙන් පැහැදිලි වෙන්නේ බයිබලේ කියන විදිහටම ඊශ්‍රායෙල්වරු කාලයක් තිස්සේ යෙරිකෝව වටලලා හිටියේ නැහැ කියන එකයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න