ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 4/11 2 පි.
  • ප්‍රශ්න පෙට්ටිය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රශ්න පෙට්ටිය
  • 2011 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • “සත්‍ය ඉගැන්වීම් මත ස්ථිරව පිහිටා සිටින්න” ඔවුන්ට උදව් කරන්න
    2013 අපගේ රාජ්‍ය සේවාව
  • බව්තීස්මය දක්වා දියුණු වෙන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න (දෙවෙනි කොටස)
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • බව්තීස්මය දක්වා දියුණු වෙන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න (පළවෙනි කොටස)
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • බයිබල් ශිෂ්‍යයන්ට අපි හැමෝගෙම උදව් ඕනේ
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2011 අපගේ රාජ්‍ය සේවාව
km 4/11 2 පි.

ප්‍රශ්න පෙට්ටිය

◼ දියුණුවක් ලබමින් සිටින බයිබල් ශිෂ්‍යයෙකු සමඟ කොතරම් කාලයක් පාඩම් කළ යුතුද?

දියුණුවක් ලබමින් සිටින ශිෂ්‍යයෙකු සමඟ බයිබලයේ ඉගැන්වීම් හා දෙවිගේ ප්‍රේමය යන පොත් දෙකම සම්පූර්ණයෙන්ම පාඩම් කිරීම සුදුසුයි. සමහරවිට පොත් දෙකම අවසන් කිරීමට පෙර ඔහු බව්තීස්ම වීමට ඉඩ තිබෙනවා. බව්තීස්මයෙන් පසුව පවා ඔහු සමඟ බයිබල් පාඩම පවත්වනවා නම් ඒ සඳහා ගත කරන කාලය, නැවත බැලීම් හා බයිබල් පාඩම වාර්තා කිරීමට ප්‍රචාරකයාට හැකියි. ඊට වෙනත් ප්‍රචාරකයෙක් හවුල් වෙයි නම් ඔහුටද එම කාලය වාර්තා කළ හැකියි.—වර්ෂ 2009 මාර්තු රාජ්‍ය සේවාවේ දෙවන පිටුව බලන්න.

ශිෂ්‍යයා සමඟ පාඩම් කර අවසන් කිරීමට පෙර ඔහු ක්‍රිස්තුස් තුළ ‘මුල් ඇද, සත්‍යය ඉගැන්වීම් මත ශක්තිමත්ව පිහිටා සිටීම’ ඉතා වැදගත්. (කොලො. 2:6, 7; 2 තිමෝ. 3:12; 1 පේතෘ. 5:8, 9) ඊට හේතුව ඉදිරියේදී පැමිණෙන පීඩා දරාගැනීමට ශිෂ්‍යයාට එය උපකාරවත් වීමයි. ඒ වගේම අන් අයව ක්‍රියාවට පොලඹවන ආකාරයෙන් ඉගැන්වීමට නම් “සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක්” ඔහුට තිබිය යුතුයි. (1 තිමෝ. 2:4) බයිබල් ශිෂ්‍යයා සමඟ ඉහත කී පොත් දෙක පාඩම් කිරීමෙන් “ජීවනය කරා යන පාරේ” ස්ථිරව ගමන් කිරීමට ඔහුට උපකාර කිරීමට අපට හැකියි.—මතෙ. 7:14.

බව්තීස්ම වීම සඳහා කෙනෙකුට අනුමැතිය දීමට කලින් ඔහුට මූලික බයිබල් ඉගැන්වීම් ගැන හොඳ අවබෝධයක් තිබෙනවාද කියාත් බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ඔහු ජීවත් වෙනවාද කියාත් වැඩිමහල්ලන් සොයා බැලිය යුතුයි. තවම පළමු පොත අවසන් කර නැති ශිෂ්‍යයන්ව බව්තීස්මය සඳහා අනුමත කරන විට වැඩිමහල්ලන් විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. එවැනි කෙනෙක් බව්තීස්මය සඳහා තවම සුදුසු නැති බව වැඩිමහල්ලන්ට වැටහෙයි නම් ඉදිරියේදී එම පියවර ගැනීම සඳහා ඔහුට අවශ්‍ය උපකාර ලබා දිය යුතුයි.—‘ගොස් මිනිසුන්ව ගෝලයන් කරන්න. ඔවුන්ව බව්තීස්ම කරන්න’ නමැති පොතේ 57-60 පිටු බලන්න.

[2වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ශිෂ්‍යයා ‘සත්‍යය ඉගැන්වීම් මත ශක්තිමත්ව පිහිටා සිටීම’ ඉතා වැදගත්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න