ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w96 6/1 31 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • දේවරාජ්‍යය යනු කුමක්ද?
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • ‘ස්වාමිනී, යාච්ඤා කරන්නේ කෙසේදැයි කියා අපට උගන්වන්න’
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවරාජ්‍යය සෑම අතින්ම උසස්
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w96 6/1 31 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

දේවරාජ්‍යය පොළොවට පැමිණීම පිළිබඳව, සහෝදරයන් කතා කරනවා හෝ යාච්ඤා කරනවා අපට සමහරවිට අසන්ට ලැබේ. මෙය නිවැරදි ප්‍රකාශයක්ද?

ස්ථිරයෙන්ම පවසනවා නම්, එසේ ප්‍රකාශ කිරීම ශුද්ධ ලියවිලිමය ක්‍රමයක් නොවේ. දේවරාජ්‍යය ස්වර්ගීය එකකි. මෙබැවින්, ප්‍රේරිත පාවුල්ට මෙසේ ලිවීමට හැකි විය: “ස්වාමීන්වහන්සේ හැම නපුරු වැඩවලින් මා මුදා ආරක්ෂාකොට, තමන්වහන්සේගේ ස්වර්ගීය රාජ්‍යයට මා පමුණුවනසේක. උන්වහන්සේට සදාකාලයටම මහිමය වේවා. ආමෙන්.”—2 තිමෝති 4:18; මතෙව් 13:44; 1 කොරින්ති 15:50.

1914දී, රාජ්‍යය ස්වර්ගයේ පිහිටුවනු ලැබූ අතර, එය නැවත පිහිටුවන ලද භූමික පාරාදීසයට හෝ වෙන කිසිදු ස්ථානයකට කිසිදිනක මාරු කරනු නොලබනවා ඇත. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එම රාජ්‍යයේ රජු වේ. රජු වශයෙන්, යේසුස්වහන්සේට දේවදූතයන් කෙරෙහි ආධිපත්‍යය තිබේ. මේ නිසා, උන්වහන්සේගේ පාලනයේ නියම ස්ථානය තිබෙන්නේ, ස්වර්ගයේ දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේය. අභිෂේක ලත් ක්‍රිස්තියානීන්, රජවරුන් හා පූජකවරුන් වශයෙන් ස්වර්ගයේදී උන්වහන්සේ සමඟ හවුල් වේ.—එපීස 1:19-21; එළිදරව් 5:9, 10; 20:6.

එසේනම්, “ඔබගේ රාජ්‍යය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා” යන ස්වාමීන්වහන්සේගේ යාච්ඤාවේ කොටසක සොයාගැනීමට තිබෙන ඉල්ලීම්, අප මින්පසු දෙවියන්වහන්සේට ප්‍රකාශ නොකළ යුතු බව මින් අදහස් කෙරේද? (මතෙව් 6:9ආ, 10) මීට පටහැනිව, එම යාච්ඤාව යෝග්‍ය වන අතර, තවමත් අර්ථයෙන් පූර්ණය.

යථාකාලයේදී, දේවරාජ්‍යය පොළොව කෙරෙහි තීරණාත්මක ආකාරයකින් ක්‍රියා කරනු ඇති අතර, අප යාච්ඤා කරන විට හා ස්වාමීන්වහන්සේගේ යාච්ඤාවට සමාන ප්‍රකාශ භාවිත කරන විට අපගේ මනසෙහි තිබෙන්නේ මෙයයි. නිදසුනක් වශයෙන්, සියලුම ජාතීන් විනාශ කිරීමටත් මෙම පොළොව කෙරෙහි පාලනය භාරගැනීමටත් රාජ්‍යය ‘පැමිණෙන’ බව දානියෙල් 2:44, 45 පුරෝකථනය කරයි. ස්වර්ගයෙන් බැස එන්නාවූ අලුත් යෙරුසලම සම්බන්ධයෙන් එළිදරව් 21:2 කතා කරයි. ක්‍රිස්තුස්වහන්සේගේ මණාලිය වනු ඇති අභිෂේක ලත් ක්‍රිස්තියානීන් 1,44,000දෙනාගෙන්, අලුත් යෙරුසලම සකස් වේ. ඔවුහු යේසුස්වහන්සේ සමඟ රාජ්‍යයේ හවුල් උරුමක්කාරයෝද වෙති. එනිසා ඇදහිලිවන්ත මනුෂ්‍යවර්ගයාට මහත් ආශීර්වාද ගෙන එමින්, ඔවුන් තම අවධානය පොළොව කෙරෙහි යොමු කරන ආකාරය, එළිදරව් 21:2 විස්තර කරයි.—එළිදරව් 21:3, 4.

මේ අනාවැකි මෙන්ම වෙනත් පුදුමාකාර අනාවැකි ඉටු වන තුරු, “ඔබගේ රාජ්‍යය ඒවා” යන යේසුස්වහන්සේගේ වදන්වලට එකඟව, යෙහෝවඃ දෙවියන්වහන්සේට දිගටම යාච්ඤා කිරීම යෝග්‍ය වනු ඇත. එහෙත් රාජ්‍යය වචනානුසාරයෙන්ම පෘථිවි ග්‍රහයා මතට නොපැමිණෙන බව අප මතකයේ තබාගත යුතුය. රාජ්‍ය ආණ්ඩුව පිහිටා තිබෙන්නේ පොළොවේ නොව, ස්වර්ගයේය.

[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

පෘථිවිය: Based on NASA photo

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න