ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 3/10 3-4 පි.
  • පාලක මණ්ඩලයෙන් ලිපියක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාලක මණ්ඩලයෙන් ලිපියක්
  • 2010 අපගේ රාජ්‍ය සේවාව
2010 අපගේ රාජ්‍ය සේවාව
km 3/10 3-4 පි.

පාලක මණ්ඩලයෙන් ලිපියක්

ප්‍රිය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙනි,

විශ්වයේ පාලකයා වන යෙහෝවා දෙවිගේ නාමය දරන සෙනඟක් වීමට අපට ලැබීම මොන තරම් වරප්‍රසාදයක්ද! එම නාමය කිසිදා මැකී නොයයි. එය අන් කිසි නාමයකට සම කළ නොහැකියි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යන නම අපට ලබා දුන්නේ යෙහෝවා දෙවි විසින්මයි. අපව එම නමින් හැඳින්වීමට පටන්ගත්තේ 1931 සිටයි. (යෙසා. 43:10) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලෙස අපව හැඳින්වීම ඇත්තෙන්ම අපට ආඩම්බරයක්.

දෙවිගේ නම මකා දමන්න යක්ෂයා මහත් වෑයමක් දරමින් සිටිනවා. ඔහුගේ පාලනය යටතේ සිටින ජාතීන් යෙහෝවා යන නාමය ප්‍රතික්ෂේප කර තිබෙනවා. මහා බැබිලෝනිය හෙවත් අසත්‍යය උගන්වන ආගම් දිව්‍ය නාමය පිළිකුල් කර ඔවුන්ගේ බොහෝ බයිබල්වලින්ද එම නාමය ඉවත් කර තිබෙනවා. නමුත් යේසුස් තම පියාණන්ගේ නාමය මොන තරම් උසස් කළාද කියනවා නම් තම අනුගාමිකයන්ට ඉගැන්වූ ආදර්ශ යාච්ඤාවේ මුලින්ම සඳහන් කළේ දෙවිගේ නම ගැනයි. ඔහු මෙසේ පැවසුවා: “එමනිසා ඔබ යාච්ඤා කළ යුත්තේ මෙයාකාරයටයි. ‘ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා!’” (මතෙ. 6:9) පසුව තම පියාට මුළු හදින්ම යාච්ඤා කරමින් ඔහු පැවසුවේ “ඔබ ලෝකයෙන් මට භාර දුන් මිනිසුන්ට මම ඔබේ නාමය ප්‍රකාශ කළා” කියායි. (යොහ. 17:6) යේසුස්ගේ කදිම ආදර්ශය අනුගමනය කරන අපි පෙරටත් වඩා වැඩියෙන් යෙහෝවා දෙවිගේ නාමය ලොව පුරා පතළ කිරීමට අධිෂ්ඨාන කරගෙන ඉන්නවා.

වර්ෂ 2009දී අපිට දිරිගැන්නුවේ ‘ශුභාරංචිය ගැන සම්පූර්ණ සාක්ෂියක් දීමටයි.’ (ක්‍රියා 20:24) පසුගිය සේවා වසරේදී යෙහෝවා දෙවි අපේ වෑයම්වලට මහඟු ලෙස ආශීර්වාද කළා. එමනිසා ඔහුගේ නාමය උසස් කරමින් එය ගෞරවයට පත් කිරීම සඳහා ලෝක ව්‍යාප්තව විශාල ලෙස සාක්ෂි දැරීමක් සිදු කෙරුණා. ඒ සඳහා ප්‍රචාරකයන් 73,13,173දෙනෙක් සහභාගි වුණා. එය මෙතෙක් වාර්තා වී ඇති ඉහළම සංඛ්‍යාවයි. එදිනෙදා තමන් මුහුණ දෙන බොහෝ ගැටලුවලට විසඳුම් සොයමින් සිටින අවංක හදවත් ඇති අයට ඔවුන් දේවවචනය ඉගැන්නුවා. එමෙන්ම ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීමට 1,81,68,323දෙනෙක් පැමිණියා. එයින් පෙනී යන්නේ මෙම දුෂ්ට සමාජය නැති කර දැමීමට පෙර තව බොහෝදෙනෙක් යෙහෝවා යන නම කියා යාච්ඤා කිරීමට එක් වන බවයි.

ශුභාරංචිය දේශනා කිරීම නතර කිරීමට දෙවි අපට දැනුම් දෙන තෙක් උද්‍යෝගයෙන් රාජ්‍යය පිළිබඳ දේශනා කරමු. (මතෙ. 24:14; මාක් 13:10) ගෙයින් ගෙට, වීදිවල, ලිපි ලිවීමෙන් හා දුරකථනයෙන් හෝ වෙනත් ඕනෑම ආකාරයකින් සාක්ෂි දරමින් යෙහෝවා දෙවිගේ නාමය හා අරමුණ ගැන අපට හැකි බොහෝදෙනෙකුට ප්‍රකාශ කරන්න වෙහෙසෙමු.

තමන්ගේ නමට ඇති වූ කැළැල ඉවත් කිරීමට යෙහෝවා දෙවි ළඟදීම කටයුතු කරන බවට විශ්වාස කරන්න අපට හොඳ හේතු තිබෙනවා. (එස. 36:23) දෙවිගේ නමට නින්දා කරන සියල්ලන්ව නිහඬ කරන දවස වැඩි ඈතක නැහැ. නමුත් යෙහෝවා දෙවිගේ නම පතළ කරමින් ලොව පාලනය කිරීමට ඔහුට ඇති අයිතිය තහවුරු කර තිබෙන ඔහුගේ පක්ෂපාත සේවකයන් සියලුදෙනාට එදින මොන තරම් ප්‍රීතිමත් දවසක් වේවිද!

තම සෙනඟට යෙහෝවා දෙවි දක්වන ප්‍රේමණීය සැලකිල්ල “සෝදිසියෙන් සිටින්න!” යන දිස්ත්‍රික් සමුළුවේදී පැහැදිලිව දකින්න තිබුණා. වර්ෂ 2009දී ලොව පුරා දිස්ත්‍රික් සහ ජාත්‍යන්තර සමුළු පැවැත්තුවා. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ඉතිහාසගත වූ සමුළුවක්. යෙහෝවා දෙවිගේ දවස පැමිණෙන තෙක් සෝදිසියෙන් සිටීමේ අවශ්‍යතාව ගැන එය අපට කාවැද්දුවා.—මාක් 13:37; 1 තෙස. 5:1, 2, 4.

ඇත්තෙන්ම යෙහෝවා දෙවි අපේ සිත් සතුටු කරමින් අපට සුදුසු දේවල් ලබා දෙනවා. ඔහු අපව සරු තණබිම්වල සතපවා සිසිල් දිය ගලා බසින නිසංසල තැන්වලට ගෙන යනවා.—ගීතා. 23:1, 2; 100:2, 5.

ඉදිරි මාසවල ඔබ යෙහෝවා දෙවිට කඩිසර ලෙස සේවය කරද්දී ඔහුගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා!

ලොව පුරා සිටින අපේ සහෝදර සහෝදරියන්ට මේ සමඟ අපේ ප්‍රේමණීය සුබ පැතුම් එවන්නෙමු.

ඔබේ සහෝදරයෝ

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න