යහපත් ක්‍රිස්තියානීන් වෙමු
ප්‍රදේශයේ ඉන්න හැමෝටම සිහි කිරීමට ආරාධනා කරමු
යේසුස්ගේ මරණය සිහි කිරීමට ආරාධනා කරන්න පටන්ගන්නේ පෙබරවාරි 27වෙනිදා ඉඳලා. මේ අවස්ථාවට අපිත් එක්ක හවුල් වෙන්න කියලා පුළුවන් තරම් අයට ආරාධනා කරමු. උනන්දුව දක්වන අය ගැන අවධානයෙන් ඉඳලා ඒ උනන්දුව වැඩි කරන්නත් අපි වෑයම් කරමු.
කරන්න පුළුවන් දේවල්
මේ විදිහට කියන්න පුළුවන්
“අපි විශේෂ ආරාධනාවක් කරන්නයි ආවේ. මාර්තු 23වෙනිදා ලෝකේ පුරාම ඉන්න හුඟදෙනෙක් යේසුස්ගේ මරණය සිහි කරන්න රැස් වෙනවා. එදාට යේසුස්ගේ මරණයෙන් අපිට ලැබෙන ප්‍රයෝජන ගැන දැනගන්න පුළුවන්. ඒක පවත්වන තැනයි වෙලාවයි මේ ආරාධනා පත්‍රයේ තියෙනවා. ඔයාත් එනවා නම් අපි කැමතියි.”
උනන්දුවක් දක්වනවා නම් . . .
‘මුරටැඹ’ සඟරාව දෙන්න
නැවත බැලීමකට මඟ සලසගන්න.
සිහි කිරීම ගැන තියෙන වීඩියෝ එක පෙන්වන්න
නැවත බැලීමකට මඟ සලසගන්න.
නැවත බැලීමට ගියාම මෙහෙම කරන්න පුළුවන්
‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ කියන වීඩියෝ එක පෙන්වන්න
ඊටපස්සේ බයිබල් පාඩමක් කරන ප්‍රකාශනයක් දෙන්න.
‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ පොත ඉදිරිපත් කරන්න
සිහි කිරීම ගැන 207-209 පිටුවල තියෙන තොරතුරු පෙන්වන්න. ඊටපස්සේ පොත දෙන්න.
‘දෙවිට සවන් දෙන්න’ සඟරාව ඉදිරිපත් කරන්න
සඟරාවේ 18-19 පිටු යොදාගෙන යේසුස් මැරුණේ ඇයි කියලා පැහැදිලි කරන්න. ඊටපස්සේ සඟරාව දෙන්න.