ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 පෙබරවාරි 4 පි.
  • “ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න”
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ඔබගේ දෙමව්පියන්ගේ හෘදයන් ප්‍රීතිමත් කිරීම
    ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම
  • අපේ මහලු දෙමාපියන්ට ගරු කිරීම
    පවුලේ සන්තෝෂයට රහස
  • “ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න” කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?
    බයිබලයෙන් උත්තර
  • මා ‘මගේ පියාට සහ මගේ මවට ගරු කළ යුත්තේ’ මන්ද?
    යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 පෙබරවාරි 4 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

“ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න”

“පියාටත් මවටත් ගෞරව කරන්න” කියලා අනිත් අයට කියන්න යේසුස්ට පුළුවන්කම තිබුණා. (නික් 20:12; මතෙ 15:4) මොකද ඔහු පොඩි කාලෙත් දෙමව්පියන්ට කීකරු වුණා. (ලූක් 2:51) මැරෙන්න ටිකකට කලින් මවව බලාගන්න වගකීම ගෝලයෙක්ට භාර දුන්නා.—යොහ 19:26, 27.

අපේ දරුවනුත් දෙමව්පියන්ට කීකරු වෙනවා. දෙමව්පියන්ගේ හිත් රිදෙන්නේ නැති විදිහටයි එයාලා කතා කරන්නේ. ඒ දේවල් කරන්නේ එයාලා දෙමව්පියන්ට ගරු කරන නිසයි. දෙමව්පියන්ට ගරු කරන්න කියන ආඥාවට අපි හැමදාමත් කීකරු වෙයි කියලා දෙවි බලාපොරොත්තු වෙනවා. දෙමව්පියන් වයසට ගියත් අපි එයාලා කියන දේට ඇහුම්කන් දෙන්න ඕනේ. (හිතෝ 23:22) අපේ ආදරය දැනෙන්න සලස්වන්න ඕනේ. මුදල් අවශ්‍යතාවක් තියෙනවා නම් මුදල් දෙන්න ඕනේ. (1තිමෝ 5:8) අපි මොන වයසක හිටියත් දෙමව්පියන් එක්ක කතා කරන්න කාලය ගන්න ඕනේ.

‘මගේ ප්‍රශ්න ගැන අම්මලා එක්ක කතා කරන්නේ කොහොමද?’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • දෙමව්පියන් එක්ක කතා කරන්න අමාරුයි කියලා ඔයා හිතන්නේ ඇයි?

  • දෙමව්පියන් එක්ක කතා කරද්දී එයාලට ගරු කරනවා කියලා පෙන්වන්නේ කොහොමද?

    පිරිමි ළමයෙක් දෙමව්පියන්ට ලියුමක් ලියමින්, දෙමව්පියන් එක්ක කතා කරමින් සහ තාත්තා එක්ක සෙල්ලම් කරමින්
  • දෙමව්පියන් එක්ක කතා කරන්න වෑයම් කරන එක වටින්නේ ඇයි? (හිතෝ 15:22)

    ඉදිරියේදී එන්න පුළුවන් අභියෝගවලට හොඳින් මුහුණ දෙන්න දරුවාව පුහුණු කරමින්

    දෙමව්පියන් එක්ක කතා කරන එකෙන් ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න