ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 9 පරි. 26 පි.-27 පි. 1 ¶
  • යේසුස් නාසරෙත්වල හැදී වැඩෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් නාසරෙත්වල හැදී වැඩෙයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • යේසුස්ගේ ළමා කාලය
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • ආදර්ශවත් පියෙක්
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • ආදර්ශවත් පියෙක්!
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔහු දිව්‍ය මඟ පෙන්වීම පිළිගත්තේය
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 9 පරි. 26 පි.-27 පි. 1 ¶
යෝසෙප් යේසුස්ට වඩු වැඩ උගන්වමින්

9වෙනි පරිච්ඡේදය

යේසුස් නාසරෙත්වල හැදී වැඩෙයි

මතෙව් 13:55, 56 මාක් 6:3

  • යෝසෙප්ට සහ මරියාට තවත් දරුවන් ලැබෙයි

  • යේසුස් වඩු කර්මාන්තය ඉගෙනගනියි

යේසුස් හැදී වැඩෙන්නේ නාසරෙත්වල. ගලීලයට අයත් කුඩා නුවරක් වන මෙය පිහිටලා තියෙන්නේ යුදයට උතුරින් සහ ගලීල මුහුදට බටහිර දෙසින්.

යෝසෙප් සහ මරියා මේ නගරයේ පදිංචියට ආවේ යේසුස්ට වයස අවුරුදු දෙකේදී විතර වෙන්න ඇති. වැඩි කාලයක් යන්න කලින් මේ පවුලට තවත් දරුවන් එකතු වෙනවා. යාකොබ්, යෝසෙප්, සීමොන් සහ යූදස් කියන සහෝදරයන් ඇතුළුව අඩුම තරමින් සහෝදර සහෝදරියන් හයදෙනෙක්වත් යේසුස්ට ඉන්න ඇති.

පවුලේ අයට අමතරව යේසුස්ට නෑදෑයනුත් ඉන්නවා. ඒ අතර එලිසබෙත් සහ ඇගේ පුතා වන යොහන් ගැන අපි දැනටමත් දන්නවා. ඔවුන් ජීවත් වෙන්නේ නාසරෙත්වලට දකුණු දෙසින්, හුඟක් ඈතින් පිහිටි යුදයෙයි. ගලීලයේම ජීවත් වෙන සලෝමි පෙනෙන විදිහට මරියාගේ සහෝදරියක්. ඇය යේසුස්ගේ පුංචි අම්මා වෙන්න පුළුවන්. ඒ අනුව සලෝමිට සහ ඇගේ ස්වාමිපුරුෂයා වන සෙබදීට සිටින පුතුන් දෙදෙනා ඒ කියන්නේ යාකොබ් සහ යොහන් යේසුස්ගේ ඥාති සහෝදරයන් වෙනවා. පුංචි කාලේ ඉඳන් යේසුස් ඒ අයත් එක්ක එකට හැදී වැඩුණාද කියන්න අපි දන්නේ නැහැ. කොහොමවුණත් යේසුස්ගේ නියෝජිතයන් විදිහට සේවය පටන්ගත්තාම ඔවුන් දෙදෙනාට යේසුස්ව කිට්ටුවෙන් ඇසුරු කරන්න ලැබෙනවා.

වඩුවෙක් විදිහට වැඩ කරන යෝසෙප්ට පවුලේ අයට අවශ්‍ය දේවල් සපයන්න වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න සිද්ධ වෙනවා. ඔහු යේසුස්ව හදා වඩා ගන්නේ තමන්ගේම දරුවෙක් විදිහට. ඒ නිසා හුඟක් අය යේසුස්ව “වඩුවෙක්ගේ පුතෙක්” විදිහට හඳුන්වනවා. (මතෙව් 13:55) යෝසෙප් වඩු වැඩ කරන විදිහ ගැන උගන්වද්දී යේසුස් උනන්දුවෙන් ඒ දේවල් ඉගෙනගන්නවා. ඒ නිසා තමයි පස්සේ කාලෙක යේසුස්ව “වඩුවෙක්” විදිහට හඳුන්වන්න පටන්ගත්තේ.—මාක් 6:3.

යෝසෙප් සහ මරියා තම දරුවන්ට දෙවිගේ මඟ පෙන්වීම් කියා දෙමින්

යෝසෙප්ගේ පවුලේ අය මුල් තැන දෙන්නේ යෙහෝවා දෙවිට කරන නමස්කාරයට. දෙවියන් දීපු නීතියේ සඳහන් වෙන විදිහට යෝසෙප් සහ මරියා “නිවසේ සිටින විටත් ගමන්බිමන් යන විටත් විවේක සුවයෙන් සිටින විටත් අවදි වන විටත්” දරුවන්ට යෙහෝවා දෙවියන් ගැන උගන්වනවා. (ද්විතීය කතාව 6:6-9) සිනගෝගයක් නාසරෙත් නුවරේ තියෙන නිසා යෝසෙප් යෙහෝවා දෙවිට නමස්කාර කරන්න පවුලේ අයව අනිවාර්යයෙන්ම එතැනට එක්කගෙන යන්න ඇති. “සුපුරුදු පරිදි” යේසුස් සබත් දවසේදී සිනගෝගයට ගියා කියලා සඳහන් දෙයින් ඒක පැහැදිලියි. (ලූක් 4:16) යෙරුසලමේ දේවමාලිගාවේ වාර්ෂිකව පවත්වන උත්සවවලට සහභාගි වීමෙනුත් යෝසෙප්ගේ පවුලේ අය ලොකු සතුටක් ලබනවා.

  • යේසුස්ට සහෝදර සහෝදරියන් කීදෙනෙක් ඉන්න ඇද්ද?

  • යේසුස් රැකියාව හැටියට කරන්න ඉගෙනගත්තේ මොන කර්මාන්තයද? ඔහු එය ඉගෙනගත්තේ කාගෙන්ද?

  • යෝසෙප් දරුවන්ට ලබා දෙන වටිනා මඟ පෙන්වීම් මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න