දේවවචනය නිධානයක් | මතෙව් 18-19
වරදකට පෙලඹෙන්නත් වරදකට පොලඹවන්නත් එපා
වරදට පෙලඹෙන එකෙත් කෙනෙක්ව වරදට පොලඹවන එකෙත් බරපතළකම තේරුම් කරලා දෙන්න යේසුස් නිදර්ශන පාවිච්චි කළා.
“වරදට පොලඹවන” කියලා කියද්දී නොමඟ යන්න, ප්‍රතිපත්තියක් කඩන්න, බරපතළ වරදක් කරන්න කෙනෙක්ව පොලඹවන ඕනම දෙයක් නැත්නම් ක්‍රියාවක් ඇතුළත් වෙනවා
කෙනෙක් තව කෙනෙක්ව වරදට පොලඹවනවාට වඩා ඇඹරුම් ගලක් එයාගේ බෙල්ලේ එල්ලා එයාව මහ මුහුදේ ගිල්වා දැමීම වඩාත් හොඳයි
ඇඹරුම් ගල්
අතක්, පයක්, ඇසක් තරම් වටිනා දෙයක් නිසා වරදක් කරන්න පෙලඹෙනවා නම් ඒක වුණත් කපලා දාන්න කියලා යේසුස් කිව්වා
කොච්චර වටිනවා වුණත් වරදට පොලඹවන ඒ වගේ දෙයක් තියාගෙන ගෙහෙන්නාවට යනවාට වඩා ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම විනාශ වෙනවාට වඩා ඒක නැතුව දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන එක වඩා හොඳයි
වරදක් කරන්න මං පෙලඹෙන්න පුළුවන් මොන වගේ දේවල් නිසාද? ඒ දේවලින් වළකින්නත් අනිත් අයව වරදකට පොලඹවන්නේ නැතුව ඉන්නත් මට කරන්න පුළුවන් මොනවාද?