ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 12 පරි. 34 පි.-35 පි. 3 ¶
  • යේසුස් බව්තීස්ම වෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් බව්තීස්ම වෙයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • යේසුස්ගේ බව්තීස්මය
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • යොහන් යේසුස්ව බව්තීස්ම කරයි
    මගේ බයිබල් කතන්දර පොත
  • ඔබේ බව්තීස්මයේ අර්ථය
    එකම සැබෑ දෙවිට නමස්කාර කරන්න
  • යේසුස් ක්‍රිස්තුස්—ඔහු කවුද?
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 12 පරි. 34 පි.-35 පි. 3 ¶
යේසුස් බව්තීස්ම වෙන්න හදද්දී යොහන් එයට විරුද්ධ වෙයි

12වෙනි පරිච්ඡේදය

යේසුස් බව්තීස්ම වෙයි

මතෙව් 3:13-17 මාක් 1:9-11 ලූක් 3:21, 22 යොහන් 1:32-34

  • යේසුස් බව්තීස්ම වෙද්දී අභිෂේක ලබයි

  • යේසුස් තමන්ගේ පුත්‍රයා බව යෙහෝවා දෙවියන් ප්‍රකාශ කරයි

යොහන් බව්තීස්ත සේවය ආරම්භ කරලා මාස හයකට විතර පස්සේ යේසුස් ඔහුව සොයාගෙන යොර්දාන් ගඟ ළඟට එනවා. මේ වෙද්දී යේසුස්ට වයස අවුරුදු 30ක් විතර ඇති. යේසුස් යොහන්ව මුණගැහෙන්න එන්නේ ඔහුත් එක්ක සුහඳ කතාබහක යෙදෙන්නවත් ඔහුට පැවරිලා තියෙන වැඩය හොඳින් සිද්ධ වෙනවාද කියලා බලන්නවත් නෙවෙයි. ඔහු ඇවිත් ඉන්නේ බව්තීස්ම වෙන්න.

ඒත් යොහන් ඒකට කැමති වෙන්නේ නැහැ. “ඔබෙන් බව්තීස්ම විය යුත්තේ මමයි. ඒත් ඔබ මා වෙතට එන්නේ ඇයි” කියා ඔහු යේසුස්ගෙන් අහනවා. (මතෙව් 3:14) එහෙම අහන්නේ යේසුස් දෙවිගේම පුතා කියලා ඔහු හොඳින්ම දන්න නිසයි. මරියා යේසුස්ව කුසේ දරාගෙන එලිසබෙත්ව බලන්න ආපු අවස්ථාවේදී එලිසබෙත්ගේ කුසේ හිටිය යොහන් ප්‍රීතියෙන් දැඟලුවා. යොහන් උස් මහත් වෙද්දී එලිසබෙත් අනිවාර්යයෙන්ම ඒ ගැන ඔහුට කියන්න ඇති. ඒ වගේම යේසුස්ගේ උපත ගැන දේවදූතයා පවසපු දේ ගැනත් යේසුස් ඉපදුණු රාත්‍රියේදී දේවදූතයන් එඬේරුන් ඉදිරියේ දර්ශනය වුණු එක ගැනත් ඔහු දැනගෙන ඉන්න ඇති.

බව්තීස්ම කරන්න ඕනෙ පව් ගැන පසුතැවෙන අයවයි කියලා යොහන් දන්නවා. ඒත් යේසුස් කිසිම පාපයක් කරලා නැහැ. ඒ නිසා යේසුස්ව බව්තීස්ම කරන්න ඔහු අකමැති වෙද්දී යේසුස් ඔහුට මෙහෙම කියනවා. “දැනට මේ දේ සිදු වෙන්න ඉඩහරින්න. එසේ කිරීම සුදුසුයි. මන්ද ඉටු විය යුතු සෑම ධර්මිෂ්ඨ දෙයක්ම එමගින් ඉටු වෙයි.”—මතෙව් 3:15.

යේසුස් බව්තීස්ම වෙන්න හදන්නේ පව් ගැන පසුතැවෙන එක සංකේතවත් කරන්න නම් නෙවෙයි. ඒ වෙනුවට ඔහු තම පියාණන්ගේ කැමැත්ත කරන්න ඉදිරිපත් වෙලා ඉන්න බව පෙන්වන්නයි. (හෙබ්‍රෙව් 10:5-7) මේ වෙන කල් යේසුස් කළේ වඩු වැඩ. ඒත් දැන් ස්වර්ගයේ සිටින පියාණන් ඔහුට පවරලා තියෙන සේවය ආරම්භ කරන්න කාලය ඇවිත්. යේසුස්ව බව්තීස්ම කරන්න සූදානම් වෙන යොහන් යම් අසාමාන්‍ය දෙයක් සිද්ධ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා ඇද්ද?

යොහන් කියලා තියෙන මේ දෙයින් ඒකට උත්තරේ පැහැදිලි වෙනවා. “මිනිසුන්ව වතුරෙන් බව්තීස්ම කිරීමට මාව එවූ තැනැත්තා මට මෙහෙම කිව්වා. ‘යම් කෙනෙකුට මගේ බලය ලැබෙනවා ඔබ දැක්කොත් මගේ බලයෙන් අන් අයව බව්තීස්ම කරන්නේ එම තැනැත්තා බව මතක තබාගන්න.’” (යොහන් 1:33) ඒ අනුව කවුරු හරි කෙනෙක් බව්තීස්ම වෙද්දී දෙවිගේ බලය ඒ කෙනාට ලැබෙයි කියලා යොහන් දැනගෙන හිටියා. ඒ නිසා යේසුස් බව්තීස්ම වෙලා වතුරෙන් උඩට එද්දී “දෙවිගේ බලය පරෙවියෙකුගේ ස්වරූපයෙන් ඔහු පිටට පැමිණි ආකාරය” දැක්කාම යොහන් ඒ ගැන පුදුම වුණා කියලා හිතන්න බැහැ.—මතෙව් 3:16.

යේසුස් බව්තීස්ම වෙද්දී දෙවිගේ බලය පරෙවියෙකුගේ ස්වරූපයෙන් ඔහු පිටට එයි

යේසුස් බව්තීස්ම වෙද්දී ‘අහස විවර වෙනවා.’ සමහරවිට ඒකෙන් අදහස් වෙනවා ඇත්තේ ස්වර්ගයේදී ගත කරපු ජීවිතය පිළිබඳ මතකය ඒ මොහොතේ ඉඳන් ඔහුට ආපහු ලැබුණා කියන එක වෙන්න පුළුවන්. ස්වර්ගයේ ඉද්දී යෙහෝවා දෙවිගේ පුතෙක් විදිහට ගත කරපු ජීවිතය ගැනත් පොළොවට එන්න කලින් දෙවියන් කියලා දීපු සත්‍යයන් ගැනත් ඒ මොහොතේදී යේසුස්ගේ මතකයට නැඟෙනවා.

යේසුස් බව්තීස්ම වෙද්දී තවත් දෙයක් සිද්ධ වෙනවා. “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය, මම මොහුව අනුමත කළෙමි” කියා පැවසූ හඬක් ස්වර්ගයෙන් නික්මෙනවා. (මතෙව් 3:17) ඒ දේ කිව්වේ දෙවියන් මිසක් යේසුස් කියලා නම් හිතන්න බැහැ. මොකද යේසුස් දැන් ඉන්නේ යොහන් එක්ක. යේසුස් සහ දෙවියන් එක පුද්ගලයෙක් නෙවෙයි කියලත් යේසුස් දෙවිගේ පුත්‍රයා කියලත් ඒකෙන් පැහැදිලියි.

ආදම් හා සමානව යේසුත් මනුෂ්‍යයෙක් විදිහට පොළොවේ ජීවත් වුණු දෙවිගේ පුත්‍රයෙක්. ලූක් යේසුස්ගේ පෙළපත ගැන සඳහන් කරපු මේ දෙයින් ඒක පැහැදිලියි. ‘යේසුස් තම සේවය පටන්ගත් විට ඔහුගේ වයස අවුරුදු තිහක් පමණ විය. සියලුදෙනා පිළිගෙන සිටියේ ඔහුගේ පියා යෝසෙප් කියාය. යෝසෙප්ගේ පියා හේලිය. නාතන්ගේ පියා දාවිත්ය. ඊසාක්ගේ පියා ආබ්‍රහම්ය. ෂෙම්ගේ පියා නෝවාය. ආදම්ගේ පියා දෙවිය.’—ලූක් 3:23-38.

ආදම්ගෙත් යේසුස්ගෙත් පියා දෙවියන්. යේසුස් බව්තීස්ම වුණු අවස්ථාවේදී ඔහුව දෙවිගේ බලයෙන් අභිෂේක කරපු නිසා ඔහුට දෙවිත් එක්ක විශේෂ බැඳීමක් ඇති වෙනවා වගේම ස්වර්ගයට යෑමේ ප්‍රස්තාවත් උදා වෙනවා. දෙවියන් උගන්වපු සත්‍යයන් ගැනත් ජීවනය ලබාගන්න කරන්න ඕන දේවල් ගැනත් මිනිසුන්ට කියලා දෙන්න යේසුස්ට දැන් පුළුවන්. මේ අවස්ථාවේ ඉඳන් ඔහු ගත කරන්නේ මිනිස් වර්ගයා වෙනුවෙන් තම ජීවිතය පූජා කිරීමට මඟ සලසන ජීවිතයක්.

  • යොහන්ට යේසුස් අමුත්තෙක් නොවුණේ ඇයි?

  • පව් නොකරපු යේසුස් බව්තීස්ම වුණේ ඇයි?

  • යේසුස් බව්තීස්ම වෙද්දී ඔහුට දෙවිගේ බලය ලැබුණු එක ගැන යොහන් පුදුම නොවෙන්න ඇත්තේ ඇයි?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න