ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 88
  • යොහන් යේසුස්ව බව්තීස්ම කරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යොහන් යේසුස්ව බව්තීස්ම කරයි
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • යේසුස් බව්තීස්ම වෙයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • යේසුස්ගේ මුල්ම ගෝලයන්
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • යේසුස්ගේ බව්තීස්මය
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • යේසුස්ගේ පළමු ගෝලයෝ
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 88
යොහන් බව්තීස්ම කළාට පස්සේ යේසුස් යොර්දාන් ගඟෙන් ගොඩට එනවා

කතන්දර 88

යොහන් යේසුස්ව බව්තීස්ම කරයි

බලන්න පරෙවියා අර මිනිසාගේ ඔළුව උඩට එන හැටි. ඒ මිනිසා තමයි යේසුස්. ඔහුට දැන් වයස අවුරුදු 30ක් විතර ඇති. ඔහු එක්ක ඉන්නේ යොහන්. අපි එයා ගැන විස්තර ටිකක් මීට කලින් ඉගෙනගත්තා නේද? ඔයාට මතකද මරියා ඇගේ ඥාති එලිසබෙත්ව බලන්න ගියාම එලිසබෙත්ගේ බඩේ හිටිය දරුවා සන්තෝෂෙන් දැඟලුවා කියලා? ඒ දරුවා තමයි මේ යොහන්. නමුත් දැන් යොහන් හා යේසුස් මොනවාද කරන්නේ?

මේ දැන් යොහන් යේසුස්ව යොර්දාන් ගඟේ ගිල්ලුවා විතරයි. කෙනෙක් බව්තීස්ම වෙන්නේ මෙහෙමයි. මුලින්ම එයාව වතුර යටට බස්සලා ආයෙත් උඩට ගන්නවා. එයා මිනිස්සුන්ව මෙහෙම බව්තීස්ම කරන නිසා යොහන්ට කියන්නේ යොහන් බව්තීස්ත කියලයි. ඒ වුණාට යොහන් යේසුස්ව බව්තීස්ම කළේ ඇයි?

යොහන් මෙහෙම කළේ යේසුස් ඇවිත් ඔහුව බව්තීස්ම කරන්න කියලා යොහන්ගෙන් ඉල්ලුව නිසයි. තමන් කරලා තියෙන නරක දේවල් ගැන දුක් වෙලා ඒවා ආයෙත් කරන්නේ නැහැයි කියලා පෙන්වන්න ඕන කරන අයව යොහන් බව්තීස්ම කරනවා. හැබැයි, වැරදි ගැන දුක් වෙන්න යේසුස් කවදාහරි නරක දෙයක් කරලා තිබුණාද? නැහැ, ඔහු ස්වර්ගයෙන් ආව දෙවිගේ පුතා නිසා යේසුස් කවදාවත්ම ඒ වගේ දෙයක් කළේ නැහැ. ඉතින් තමාව බව්තීස්ම කරන්න කියලා ඔහු යොහන්ට කිව්වේ වෙන හේතුවක් නිසයි. ඒ හේතුව මොකක්ද කියලා බලමුද?

යේසුස් යොහන් ළඟට එන්න කලින් ඔහු වඩුවෙක් හැටියටයි වැඩ කළේ. වඩුවෙක් කියන්නේ මේස, පුටු, බංකු වගේ ලී බඩු හදන කෙනෙක්ටයි. මරියාගේ පුරුෂයා ඒ කියන්නේ යෝසෙප් වඩුවෙක් නිසා එයා යේසුස්ටත් ඒ වැඩ ඉගැන්නුවා. ඒ වුණාට වඩුවෙක් වෙන්න නෙවෙයිනේ යෙහෝවා ඔහුගේ පුතාව පොළොවට එව්වේ. ඔහුට කරන්න විශේෂ වැඩක් දීලා තිබුණා. දැන් යේසුස්ට ඒක කරන්න පටන්ගන්න වෙලාව හරි. ඉතින් ඔහුගේ පියාගේ කැමැත්ත කරන්න ඔහු දැන් ලෑස්තියි කියලා පෙන්වන්න, යේසුස් යොහන්ට කියනවා ඔහුව බව්තීස්ම කරන්නයි කියලා. මේ ගැන දෙවි සන්තෝෂ වෙයි කියලා ඔයා හිතනවාද?

දෙවිගේ බලය පරවියෙකුගේ ස්වරූපයෙන් යේසුස් මතට එනවා

ඔව්, ඔහු ඇත්තටම සන්තෝෂ වෙනවා. අපි මේක දන්නේ යේසුස් වතුරෙන් උඩට ආවාම ස්වර්ගයෙන් කටහඬක් ඇහුණ නිසයි. මේකයි කියනවා ඇහෙන්නේ: ‘මේ මගේ පුතා. මෙයා ගැන මම සන්තෝෂ වෙනවා.’ ඒත් එක්කම ස්වර්ගය ඇරිලා මේ පරෙවියා යේසුස් මතට එනවා වගේ පෙනුණා. ඒ වුණාට මේ ඇත්ත පරෙවියෙක් නම් නෙවෙයි. පරෙවියෙක් වගේ පේනවා විතරයි. ඇත්තටම ඒ දෙවිගේ ශුද්ධාත්මයයි.

දැන් නම් යේසුස්ට ගොඩක් දේවල් ගැන හිතන්න වෙනවා. ඉතින් ඔහු දවස් 40කට පාළු තැනකට යනවා. එහෙ ඉන්නකොට සාතන් ඔහු ළඟට ඇවිත් දෙවිගේ නීතිවලට විරුද්ධ දේවල් කරන්න කියලා යේසුස්ට තුන් වතාවක් බල කරනවා. ඒ වුණාට යේසුස් කොහොමටවත් එහෙම කරන්නේ නැහැ.

ඊට පස්සේ, යේසුස් එහෙන් පිට වෙලා මිනිසුන් කීපදෙනෙක්ව හමු වෙන්න යනවා. මේ අය ඔහුගේ මුල්ම අනුගාමිකයන් නැත්නම් ගෝලයන් වෙනවා. මේ අයගෙන් කීපදෙනෙක් තමයි අන්දෘ, පේතෘස් (සීමොන් කියලත් එයාට කියනවා), පිලිප් හා නතානියෙල් (එයාට බර්තොලොමෙව් කියලත් කියනවා). දැන් යේසුස් මේ අලුත් ගෝලයන් එක්ක ගලීල දිස්ත්‍රික්කයට ගමන් කරනවා. ගලීලයට ගියාම ඒගොල්ලන් නතානියෙල්ගේ ගමේ, ඒ කියන්නේ කානා නගරයේ නතර වෙනවා. එහෙ ඉන්නකොට යේසුස් ලොකු මඟුල් ගෙදරකට ගිහින්, එහෙදී ඔහුගේ පළවෙනි ප්‍රාතිහාර්යය කරනවා. ඒ මොකක්ද කියලා ඔයා දන්නවාද? ඔහු වතුර අරන් ඒක වයින්වලට හරවනවා.

මතෙව් 3:13-17; 4:1-11; 13:55; මාර්ක් 6:3; යොහන් 1:29-51; 2:1-12.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න