ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • gt 14 පරි.
  • යේසුස්ගේ පළමු ගෝලයෝ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස්ගේ පළමු ගෝලයෝ
  • මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • සමාන තොරතුරු
  • යේසුස්ගේ මුල්ම ගෝලයන්
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • යේසුස්ගේ ගෝලයන් වුණු අය
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • යොහන් යේසුස්ව බව්තීස්ම කරයි
    මගේ බයිබල් කතන්දර පොත
  • යේසුස් නියෝජිතයන් දොළොස්දෙනෙක් තෝරාගනියි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
තව තොරතුරු
මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
gt 14 පරි.

14වෙනි පරිච්ඡේදය

යේසුස්ගේ පළමු ගෝලයෝ

යේසුස් පාළුකරයේ දින 40ක් ගත කළාට පසුව නැවතත් ඔහු තමාව බව්තීස්ම කළ යොහන් වෙතට පැමිණෙනවා. පෙනෙන විදිහට ඔහු යොහන් වෙතට එමින් සිටිද්දී යොහන් ඔහුව පෙන්වා මෙසේ ප්‍රකාශ කරනවා. “මෙන්න, ලෝකයේ පාපය නැති කර දමන, දෙවිගේ බැටළු පැටවාණෝ! මට පසුව එන තැනැත්තා මට කලින් සිටි හෙයින්, ඔහු මට ඉදිරියෙන් සිටීයයි මා කීවේ මොහු ගැනය.” යොහන් තම ඥාති සහෝදර යේසුස්ට වඩා වැඩිමහල් වුණත්, යේසුස් තමාට පෙර ස්වර්ගයේ ආත්ම පුද්ගලයෙකු වශයෙන් ජීවත් වූ බව ඔහු දන්නවා.

එහෙත් පෙනෙන ආකාරයට, සති කීපයකට පෙර යේසුස් බව්තීස්ම වීමට පැමිණි විට මෙසියස් වීමට සිටියේ යේසුස් බව යොහන් නිශ්චිතවම දැන සිටියේ නැහැ. යොහන් මෙසේ පිළිගන්නවා. “මමත් ඔහුව නොහැඳින සිටියෙමි. නමුත් මා වතුරෙන් බව්තීස්ම කරමින් ආවේ ඔහු ඊශ්‍රායෙලයට ප්‍රකාශ වන පිණිසය.”

තමා යේසුස්ව බව්තීස්ම කළ විට සිදු වූ දෙය යොහන් තම ශ්‍රාවකයන්ට තවදුරටත් පහදා දෙන්නේ මේ ආකාරයටයි. “ශුද්ධාත්මය පරෙවියෙකු මෙන් ස්වර්ගයෙන් බැස ඇවිත් ඔහු පිට නවතිනවා මම දුටිමි. මමත් ඔහුව නොහැඳින සිටියත්, වතුරෙන් බව්තීස්ම කරන්නට මාව එවූ ඒ තැනැත්තාම මා අමතා, ‘ශුද්ධාත්මය යමෙකු පිට බැස ඇවිත් නවතිනවා ඔබ දකින්නෙහිද, ඔහු ශුද්ධාත්මයෙන් බව්තීස්ම කරන තැනැත්තාය’ යයි කීවේය. මම එය දුටුවෙමි. එහෙයින් ඔහු දෙවිගේ පුත්‍රයායයි සාක්ෂි දැරුවෙමි.”

ඊළඟ දවසේදී යොහන් තම ගෝලයන් දෙදෙනෙකු සමඟ සිටියදී යේසුස් පැමිණෙනවා දැක “අන්න! දෙවිගේ බැටළු පැටවාණෝ” කියා නැවත වරක් පවසනවා. ඒ නිසා යොහන් බව්තීස්තගේ මෙම ගෝලයෝ දෙදෙනා යේසුස්ගේ අනුගාමිකයෝ බවට පත් වෙනවා. මෙයින් එක්කෙනෙක් අන්දෘ. අනිත් එක්කෙනා නම් මෙම දේවල් වාර්තා කළ තැනැත්තාම වන යොහන් කියලා හිතාගන්න පුළුවන්. තිබෙන සාක්ෂිවලට අනුව, මේ යොහන්ද යේසුස්ගේ ඥාති සහෝදරයෙක්. ඔහු මරියාගේ සහෝදරිය වන සලෝමිගේ පුත්‍රයෙක් බව පැහැදිලියි.

අන්දෘ සහ යොහන් තමන් පසුපස එනවා දැක, යේසුස් හැරී, ඔවුන්ගෙන් මෙසේ අසනවා. “ඔබ සොයන්නේ කුමක්ද?”

“රබ්බි, ඔබ නැවතී සිටින්නේ කොතැනද” කියා ඔවුන් අසනවා.

යේසුස් පිළිතුරු දෙන්නේ “එන්න, එවිට ඔබ දකිනු ඇත” කියායි.

දැන් වේලාව පස්වරු හතරට විතර ඇති. අන්දෘ සහ යොහන් එම දවසේ ඉතිරි කාලයත් යේසුස් සමඟ ගත කරනවා. ඉන්පසු, අන්දෘට කොතරම් උද්‍යෝගයක් ඇති වෙනවාද කිව්වොත් ඔහු කඩිමුඩියේ යනවා තම සහෝදරයා වන පේතෘස්ව සොයාගැනීමට. පේතෘස්ව හමු වූ විට අන්දෘ “අපට මෙසියස් සම්බ විය” කියා පවසමින් ඔහුව යේසුස් ළඟට රැගෙන යනවා. සමහරවිට මේ වේලාවේදීම යොහන්ද තම සහෝදර යාකොබ්ව සොයාගෙන ඔහුවත් යේසුස් වෙතට රැගෙන යන්න ඇති. එහෙත්, යොහන් සුපුරුදු පරිදි ඔහුගේ සුවිශේෂයේ මේ පෞද්ගලික තොරතුර සඳහන් කරන්නේ නැහැ.

ඊළඟ දවසේදී, අන්දෘ සහ පේතෘස් කලින් විසූ බෙත්සයිදා නම් නගරයේ තවත් වැසියෙක් වන ෆිලිප්ව යේසුස්ට මුණගැසෙනවා. යේසුස් ඔහුට ආරාධනා කරනවා “මාගේ අනුගාමිකයා වන්න” කියා.

ඊළඟට ෆිලිප්, බාතොලමෙව් යනුවෙන්ද හඳුන්වන නතානියෙල් වෙතට ගොස් ඔහුට මෙසේ පවසනවා. “මෝසෙස් විසින් නීතියෙහිද අනාගතවක්තෘවරුන් විසින්ද ලියා තිබෙන තැනැත්තාව අපට සම්බ විය. ඔහු නාසරෙත්හි යෝසෙප්ගේ පුත් යේසුස්ය.” එවිට නතානියෙල් සැක කරමින් “නාසරෙත් නුවරින් කිසි යහපතක් පැමිණිය හැකිද” කියා අසනවා.

“ඇවිත් බලන්න” කියා ෆිලිප් ඔහුට උනන්දු කරනවා. ඔවුන් යේසුස් වෙතට පැමිණෙද්දී, නතානියෙල් ගැන යේසුස් පවසන්නේ මෙසේයි. “මෙන්න, සැබෑ ඊශ්‍රායෙල්වරයෙක්! මොහු තුළ කිසි වංචාවක් නැත.”

එවිට නතානියෙල් මෙසේ අසනවා. “ඔබ මාව දන්නේ කෙසේද?”

එවිට යේසුස් පිළිතුරු දෙන්නේ “ෆිලිප් ඔබව කැඳවන්න කලින් ඔබ අත්තික්කා ගස යට සිටියදී මම ඔබව දුටුවෙමි” කියායි.

නතානියෙල් මවිතයට පත් වී මෙසේ පවසනවා. “රබ්බි [එනම් ගුරුවරයාණෙනි], ඔබ දෙවිගේ පුත්‍රයාය. ඔබ ඊශ්‍රායෙලයෙහි රජුය.”

“ඔබ අත්තික්කා ගස යට සිටිනවා දුටිමි කියා මා ඔබට කී බැවින් ඔබ විශ්වාස කරනවාද” කියා යේසුස් අසනවා. ඊළඟට, “මේ දේට වඩා උතුම් දේවල් ඔබ දකිනවා ඇත” කියා පවසමින් ඔහු මෙසේ පොරොන්දු වෙනවා. “ස්වර්ගය විවර වී, දෙවිගේ දූතයන් මනුෂ්‍ය පුත්‍රයා වෙතට නඟිනවාත් බසිනවාත් ඔබ දකින්නෙහියයි සැබවින්ම මම ඔබ සැමෝටම කියමි.”

ඉන්පසු වැඩි වේලාවක් ගත වෙන්න කලින් යේසුස් තම අලුත් ගෝලයන් සමඟ යොර්දාන් මිටියාවතෙන් පිට වී, ගලීලය වෙතට ගමන් කරනවා. යොහන් 1:29-51, NW.

▪ යේසුස්ගේ පළමු ගෝලයන් කවුද?

▪ පේතෘස්ව සහ සමහරවිට යාකොබ්ව යේසුස්ට හඳුන්වා දෙනු ලබන්නේ කොහොමද?

▪ යේසුස් දෙවිගේ පුත්‍රයා බව නතානියෙල් ඒත්තුගන්නේ කුමකින්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න