ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lr 13 පරි. 72-76 පි.
  • යේසුස්ගේ ගෝලයන් වුණු අය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස්ගේ ගෝලයන් වුණු අය
  • උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • සමාන තොරතුරු
  • යේසුස්ගේ මුල්ම ගෝලයන්
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • යේසුස් නියෝජිතයන් දොළොස්දෙනෙක් තෝරාගනියි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • යේසුස්ගේ පළමු ගෝලයෝ
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • ප්‍රේරිතයන්ව තෝරාගැනීම
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
තව තොරතුරු
උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
lr 13 පරි. 72-76 පි.

13වෙනි පරිච්ඡේදය

යේසුස්ගේ ගෝලයන් වුණු අය

නතානියෙල් (බාතොලමෙව් කියලත් කියනවා) ගහක් යට ඉඳගෙන ඉන්නවා

මේ කවුද? මෙයා යේසුස්ගේ ගෝලයෙක් වුණේ කොහොමද?

මේ පොළොවේ හිටපු දෙවිගේ සේවකයන්ගෙන් හොඳම කෙනා කවුද?— ඔයා හරි, ඒ තමයි යේසුස් ක්‍රිස්තුස්. අපිටත් යේසුස් වගේ වෙන්න පුළුවන් කියලා ඔයා හිතනවාද?— යේසුස් අපිට හොඳ ආදර්ශයක් තිබ්බා කියලා බයිබලයේ කියනවා. යේසුස් අපි හැමෝටම කියන්නේ එයාගේ ගෝලයන් වෙන්න කියලයි.

යේසුස්ගේ ගෝලයෙක් වෙන්න නම් කරන්න ඕන දේ ඔයා දන්නවාද?— මුලින්ම අපි එයාගෙන් ඉගෙනගන්න ඕනේ. එයා උගන්වපු දේවල් විශ්වාස කරන්නත් ඕනේ. අපි එහෙම කරනවා නම් යේසුස් අපිට කරන්න කියලා තියෙන දේවල් අපි කරනවා.

හුඟක් අය කියනවා එයාලා යේසුස්ව විශ්වාස කරනවා කියලා. ඒත් ඒ හැමෝම යේසුස්ගේ ගෝලයන් කියලා ඔයා හිතනවාද?— හුඟක් අය ගෝලයන් නෙමෙයි. ඒ අය පල්ලි යනවා ඇති. හැබැයි යේසුස් කියලා දීපු දේවල් ගැන ඒ අය ඉගෙනගෙන නැහැ. යේසුස් ජීවත් වුණු විදිහට ජීවත් වෙන අයට විතරයි ගෝලයන් වෙන්න පුළුවන්.

යේසුස්ගේ ගෝලයන් ගැන අපි දැන් බලමු. මුල්ම ගෝලයන්ගෙන් කෙනෙක් තමයි ෆිලිප්. ඊටපස්සේ ෆිලිප් එයාගේ යාළුවා වුණු නතානියෙල්ට (බාතොලමෙව්ට) යේසුස් ගැන කිව්වා. මේ පින්තූරේ ගහ යට ඉන්නේ නතානියෙල්. එයාව දැක්කාම යේසුස් මෙහෙම කිව්වා. ‘මෙන්න නියම ඊශ්‍රායෙල් ජාතිකයෙක්. මෙයා ළඟ කිසිම වංචාවක් නැහැ.’ එතකොට නතානියෙල් ඇහුවා ‘ඔයා කොහොමද මං ගැන දන්නේ’ කියලා.

යාකොබ් සහ යොහන් එක්ක යේසුස් පේතෘස් සහ අන්දෘ දෙසට එනවා

ගෝලයන් වෙන්න කියලා යේසුස් අඬගහන්නේ කාටද?

යේසුස් මෙහෙම උත්තර දුන්නා. ‘ෆිලිප් ඔයාට අඬගහන්න කලින් මම ඔයාව දැක්කා. ඔයා හිටියේ අත්තික්කා ගහක් ළඟයි.’ තමන් හිටිය තැන යේසුස් හරියටම කියපු එක ගැන නතානියෙල්ට හරිම පුදුමයි. ඒ නිසා එයා මෙහෙම කියනවා. ‘ඔයා තමයි දෙවිගේ පුතා. ඊශ්‍රායෙල් දේශයේ රජ ඔයායි.’—යොහන් 1:49.

යූදස් ඉස්කාරියොත්, යූදස් (තදියස්) සහ සීමොන්

යූදස් ඉස්කාරියොත්, යූදස් (තදියස්), සීමොන්

ෆිලිප් සහ නතානියෙල් යේසුස්ගේ ගෝලයන් වුණු දවසට කලින් දවසේ තවත් අය ගෝලයන් වුණා. ඒ අය තමයි අන්දෘ, අන්දෘගේ සහෝදරයා වුණු පේතෘස් සහ යොහන්. යොහන්ගේ සහෝදරයා වුණු යාකොබ් ගෝලයෙක් වෙන්නත් ඇත්තේ ඒ අයත් එක්කමයි. (යොහන් 1:35-51) ටික දවසකට පස්සේ මේ හතරදෙනාම ආපහු එයාලාගේ මාළු අල්ලන රස්සාවට ගියා. දවසක් යේසුස් ගලීල මුහුදේ වෙරළ දිගේ ඇවිදගෙන යද්දී පේතෘස්, අන්දෘ එක්ක එකතු වෙලා මුහුදට දැලක් දානවා දැක්කා. යේසුස් ඒ දෙන්නාට කතා කරලා කිව්වා ‘මාත් එක්ක එන්න’ කියලා.

යාකොබ් (අල්ෆෙවුස්ගේ පුතා), තෝමස් සහ මතෙව්

යාකොබ් (අල්ෆෙවුස්ගේ පුතා), තෝමස්, මතෙව්

තව ටිකක් ඉස්සරහාට යද්දී ඔරුවක ඉඳන් ඉරුණු මාළු දැල් මහන යාකොබ්වයි යොහන්වයි යේසුස් දැක්කා. යේසුස් ඒ දෙන්නාටත් කිව්වා එයා එක්ක එන්න කියලා. යේසුස් ඔයාට කතා කළා නම් ඔයා ඒ වෙලාවෙම යේසුස් එක්ක යනවාද?— ඒ හතරදෙනා නම් ගියා. මොකද එයාලා දැනගෙන හිටියා යේසුස්ව එව්වේ දෙවියන් කියලා. ඒ අය මාළු අල්ලන රස්සාව අත්හැරලා ඒ වෙලාවෙම යේසුස් එක්ක ගියා.—මතෙව් 4:18-22.

නතානියෙල්, ෆිලිප් සහ යොහන්

නතානියෙල්, ෆිලිප්, යොහන්

ඒ අය ගෝලයන් වුණාට පස්සේ කවදාවත් වැරදි කළේ නැද්ද?— ඒ අය අතින් වැරදි වුණා. මතකයි නේද උසස්ම කෙනා කවුද කියලා ගෝලයන් වාද කරගත්තා. හැබැයි ඒ අය යේසුස් කියලා දීපු දේවල් අහලා වෙනස් වෙන්න කැමති වුණා. ඒ වගේ අපිත් වෙනස් වෙලා හොඳ අය වෙන්න උත්සාහ කරනවා නම් අපිටත් පුළුවන් යේසුස්ගේ ගෝලයන් වෙන්න.

යාකොබ් (යොහන්ගේ සහෝදරයා), අන්දෘ සහ පේතෘස්

යාකොබ් (යොහන්ගේ සහෝදරයා), අන්දෘ, පේතෘස්

දවසක් පොහොසත් තරුණ පාලකයෙක් යේසුස්ගෙන් ඇහුවා හැමදාටම ජීවත් වෙන්න නම් කරන්න ඕනෙ මොනවාද කියලා. එයා යේසුස්ට කිව්වා එයා පොඩි කාලේ ඉඳලාම දෙවිගේ නීතිවලට කීකරු වුණා කියලා. එතකොට යේසුස් කිව්වා ‘ඇවිත් මගේ ගෝලයෙක් වෙන්න’ කියලා. ඊටපස්සේ මොකද වුණේ කියලා ඔයා දන්නවාද?—

පොහොසත් වෙනවාට වඩා යේසුස්ගේ ගෝලයෙක් වෙන එක වැදගත් කියලා දැනගත්තාම එයා දුක් වුණා. දෙවිට වඩා සල්ලිවලට ආස කරපු නිසා එයා යේසුස්ගේ ගෝලයෙක් වුණේ නැහැ.—ලූක් 18:18-25.

අවුරුදු එකහමාරක විතර කාලයක් තිස්සේ දේශනා කරපු යේසුස් ගෝලයන්ගෙන් 12දෙනෙක්ව නියෝජිතයන් විදිහට තෝරගත්තා. නියෝජිතයන් කියන්නේ විශේෂ වැඩකට තෝරාගන්න අයට. ඒ අයගේ නම් ඔයා දන්නවාද? මුලින්ම මේ පින්තූරේ දිහා බලලා ඒ අයගේ නම් කියන්නකෝ. ඊටපස්සේ මතකයෙන් ඒ අයගේ නම් කියන්න.

යේසුස්ගේ ගෝලයන් අතරේ ස්ත්‍රීනුත් හිටියා. ඒ අය යේසුස් එක්ක සේවෙට ගියා වගේම ඇඳුම් හෝදන, කෑම උයන වගේ වැඩ කරලා උදව් කළා

යේසුස්ට උදව් කරපු මේ ගැහැනු අය කවුද?

කාලයක් යද්දී නියෝජිතයන් 12දෙනාගෙන් කෙනෙක් නරක කෙනෙක් වුණා. එයා තමයි යූදස් ඉස්කාරියොත්. එයා වෙනුවට වෙන ගෝලයෙක්ව නියෝජිතයෙක් විදිහට තේරුවා. එයාගේ නම මොකක්ද කියලා ඔයා දන්නවාද?— එයාගේ නම මතියස්. ටික කාලෙකට පස්සේ පාවුල්, බානබස් කියන අයත් නියෝජිතයන් වුණා. හැබැයි ඒ දෙන්නා යේසුස්ගේ මුල් නියෝජිතයන් 12දෙනාට අයිති වුණේ නැහැ.—ක්‍රියා 1:23-26; 14:14.

අපි මේ පොතේ 1වෙනි පරිච්ඡේදයේ ඉගෙනගත්ත විදිහට යේසුස් පොඩි දරුවන්ට හුඟක් ආදරෙයි. ඒ ඇයි කියලා දන්නවාද?— මොකද තමන්ගේ ගෝලයන් වෙන්න පොඩි අයටත් පුළුවන් කියලා යේසුස් දැනගෙන හිටියා. පුංචි අයට පුළුවන් වැඩිහිටි අයට වුණත් යේසුස් ගැන ඉගෙනගන්න ආසාවක් ඇති වෙන විදිහට කතා කරන්න.

සමහර ගැහැනු අයත් යේසුස්ගේ ගෝලයන් වුණා. යේසුස් ශුභාරංචිය කියන්න වෙන පළාත්වලට ගියාම ඒ අයත් ගියා. මරියා මග්දලේනා, යොවානා, සුසෑනා වගේ අය එහෙම ගියා. ඒ අය යේසුස්ට කෑම උයලා දෙන්න ඇති. ඇඳුම් හෝදලා දෙන්නත් ඇති.—ලූක් 8:1-3.

ඔයාත් කැමතිද යේසුස්ගේ ගෝලයෙක් වෙන්න?— අපි යේසුස්ගේ ගෝලයන් කියලා කියන එක විතරක් වැඩක් නැහැ. අපි කොහේ හිටියත් යේසුස්ගේ ගෝලයෙක් විදිහට හැසිරෙන්නත් ඕනේ. රැස්වීම්වලට ගියාම විතරක් ගෝලයෙක් විදිහට හැසිරෙන එක මදි. ඔයාට කියන්න පුළුවන්ද අපි යේසුස්ගේ ගෝලයෙක් විදිහට ඉන්න ඕනෙ මොන වගේ තැන්වලදීද කියලා?—

ගෙදරදී අපි යේසුස්ගේ ගෝලයෙක් විදිහට හැසිරෙන්න ඕනේ. එතකොට ඉස්කෝලෙදීත් අපි එහෙම ඉන්න ඕනේ. යේසුස්ගේ ගෝලයෙක් වෙන්න නම් අපි කොහේ හිටියත් හැම දවසකම යේසුස් වගේ හැසිරෙන්න ඕනෙ කියලා කවදාවත් අමතක කරන්න එපා.

පාසලේදී ළමයෙක් හොඳින් ඉගෙනගන්න කොට අනිත් ළමයි දඟ වැඩ කරනවා

අපි යේසුස්ගේ ගෝලයෙක් විදිහට හැසිරෙන්න ඕනෙ කොහේදිද?

යේසුස්ගේ ගෝලයන් ගැන බයිබලයේ කියන්නේ මොනවාද කියලා දැනගන්න අපි දැන් මේ බයිබල් පද කියවලා බලමු. මතෙව් 28:19, 20; ලූක් 6:13-16; යොහන් 8:31, 32; 1 පේතෘස් 2:21.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න