ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 14 පරි. 38 පි.-39 පි. 7 ¶
  • යේසුස්ගේ මුල්ම ගෝලයන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස්ගේ මුල්ම ගෝලයන්
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • යේසුස්ගේ පළමු ගෝලයෝ
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • යේසුස්ගේ ගෝලයන් වුණු අය
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • යේසුස් නියෝජිතයන් දොළොස්දෙනෙක් තෝරාගනියි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • යොහන් යේසුස්ව බව්තීස්ම කරයි
    මගේ බයිබල් කතන්දර පොත
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 14 පරි. 38 පි.-39 පි. 7 ¶
යොහන් බව්තීස්ත යේසුස්ව දෙවිගේ බැටළු පැටවා කියා හඳුන්වා දෙයි

14වෙනි පරිච්ඡේදය

යේසුස්ගේ මුල්ම ගෝලයන්

යොහන් 1:29-51

  • මුල්ම ගෝලයන් යේසුස්ට එකතු වෙයි

දවස් 40ක් පාළුකරයේ ඉඳලා ආපහු ගලීලයට යන්න කලින් යේසුස් යොහන්ව මුණගැහෙන්න එනවා. යේසුස්ව දැක්කාම එතැන ඉන්න අයට යොහන් කියන්නේ මෙහෙමයි. “බලන්න, මේ සිටින්නේ ලෝකයෙන් පාපය නැති කර දමන දෙවිගේ බැටළු පැටවායි! මට පසුව එන තැනැත්තෙක් ගැන මම කිව්වා ඔබට මතක ඇති. ඔහු මට කලින් සිටි නිසා ඔහු මට වඩා ශ්‍රේෂ්ඨයි කියාත් මම පැවසුවා. මා පැවසුවේ මේ තැනැත්තා ගැනයි.” (යොහන් 1:29, 30) යොහන් යේසුස්ට වඩා ටිකක් වැඩිමල් වුණත් තමන් ඉපදෙන්නත් කලින් යේසුස් බලවත් කෙනෙක් හැටියට ස්වර්ගයේ ජීවත් වුණා කියලා යොහන් හොඳින්ම දන්නවා.

යේසුස් බව්තීස්ම වෙන්න යොහන් ළඟට ආපු වෙලාවේ පැමිණෙන්න නියමිත මෙසියස් යේසුස්මද කියලා යොහන් හරියටම දැනගෙන හිටියේ නැහැ. යොහන් කියන මේ දෙයින් ඒක පැහැදිලියි. “මේ වන තුරු මමත් ඔහුව හඳුනාගෙන සිටියේ නැහැ. නමුත් මම මිනිසුන්ව වතුරෙන් බව්තීස්ම කළේ ඔහු ගැන ඊශ්‍රායෙලය පුරාම ප්‍රසිද්ධ කිරීමටයි.”—යොහන් 1:31.

ඊටපස්සේ යේසුස් බව්තීස්ම වෙද්දී සිද්ධ වුණු දේ ගැන යොහන් මෙහෙම කියනවා. “දෙවිගේ බලය පරෙවියෙක් වගේ ස්වර්ගයෙන් බැස ඇවිත් ඔහුට ලැබුණු ආකාරය මම දැක්කා. මමත් ඔහුව හඳුනාගෙන සිටියේ නැහැ. නමුත් මිනිසුන්ව වතුරෙන් බව්තීස්ම කිරීමට මාව එවූ තැනැත්තා මට මෙහෙම කිව්වා. ‘යම් කෙනෙකුට මගේ බලය ලැබෙනවා ඔබ දැක්කොත් මගේ බලයෙන් අන් අයව බව්තීස්ම කරන්නේ එම තැනැත්තා බව මතක තබාගන්න.’ ඒ දේ සිදු වෙනවා මම දැක්කා. ඒ නිසා මේ තැනැත්තා දෙවිගේ පුත්‍රයා බවට මම සාක්ෂි දෙනවා.”—යොහන් 1:32-34.

ඊළඟ දවසේ යොහන් ඔහුගේ ගෝලයන් දෙදෙනෙක් එක්ක ඉද්දී යේසුස් ඒ ළඟින් යනවා දැක්කාම “මේ සිටින්නේ දෙවිගේ බැටළු පැටවා” කියා පවසනවා. (යොහන් 1:36) ඒක අහපු ඒ ගෝලයන් යේසුස් පසුපස යනවා. ඒ අයගෙන් එක්කෙනෙක් අන්දෘ. අනිත් කෙනා මේ වාර්තාව ලියපු යොහන් වෙන්න පුළුවන්. යොහන් සෙබදීගේ පුතෙක්. යොහන්ගේ අම්මා වන සලෝමි පෙනෙන විදිහට මරියාගේ සහෝදරියක්. එහෙමනම් යොහන් යේසුස්ගේ ඥාති සහෝදරයෙක් වෙනවා.

අන්දෘ සහ යොහන් තමන් පසුපස එනවා දකිද්දී “ඔබට මොනවද ඕනේ” කියා යේසුස් අසනවා.

එතකොට ඔවුන් අසන්නේ “රබ්බි, ඔබ නැවතී සිටින්නේ කොහේද” කියායි.

“ඇවිත් බලන්න” කියා යේසුස් ඔවුන්ට පවසනවා.—යොහන් 1:37-39.

ෆිලිප් සහ නතානියෙල් එක්ක යේසුස් කතා කරයි

මේ වෙද්දී වෙලාව හැන්දෑවේ හතරට විතර ඇති. අන්දෘ සහ යොහන් ඒ දවසම ගෙවන්නේ යේසුස් එක්ක. අන්දෘ ඔහුගේ සහෝදරයා වුණු සීමොන්ව ඒ කියන්නේ පේතෘස්ව මුණගැහෙන්න ගිහින් හරිම සතුටින් පවසන්නේ “අපට මෙසියස්ව හමු වුණා” කියායි. (යොහන් 1:41) ඔහු පේතෘස්වත් යේසුස් ළඟට එක්කන් යනවා. යොහනුත් ඔහුගේ සහෝදරයා වුණු යාකොබ්ව යේසුස් ළඟට එක්කගෙන යන්න ඇති. ඒත් යොහන් ඔහුගේ වාර්තාවේ ඒ තොරතුරු සඳහන් කරන්නේ නැහැ.

ඊළඟ දවසේදී යේසුස්ට ෆිලිප්ව මුණගැහුණාම “මගේ අනුගාමිකයෙක් වන්න” කියලා යේසුස් ඔහුට ආරාධනා කරනවා. (යොහන් 1:43) ෆිලිප් බෙත්සයිදා නුවරේ කෙනෙක්. ගලීල මුහුදේ උතුරු වෙරළ තීරයට ආසන්නයේ පිහිටි ඒ නුවරෙම තමයි අන්දෘ සහ පේතෘස් ජීවත් වෙන්නේ.

බාතොලමෙව් කියලත් හඳුන්වන නතානියෙල්ව මුණගැහෙන ෆිලිප් මෙහෙම කියනවා. “අපිට නාසරෙත් නුවරින් පැමිණි යේසුස් නම් කෙනෙක්ව හමු වුණා. ඔහුගේ පියා යෝසෙප්. මෝසෙස්ට දෙන ලද නීතියෙත් අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලත් සඳහන් තැනැත්තා ඔහුයි.” එතකොට නතානියෙල්, “නාසරෙත් නුවරින් කොහොමද යහපත් කෙනෙක් එන්නේ” කියා අසනවා.

“ඔබම ඇවිත් බලන්න” කියා ෆිලිප් ඔහුට කියන්නේ ඒ නිසයි. තමන් ළඟට එන නතානියෙල්ව දකින යේසුස් “මෙන්න, සැබෑ ඊශ්‍රායෙල් ජාතිකයෙක්. ඔහු තුළ කිසි වංචාවක් නැහැ” කියා පවසනවා.

ඒ නිසා නතානියෙල් “ඔබ කොහොමද මා ගැන දන්නේ” කියා අසනවා.

යේසුස් ඊට පිළිතුරු දෙන්නේ මෙහෙමයි. “ෆිලිප් ඔබට අඬගසන්නත් කලින් මම ඔබව දැක්කා. ඔබ සිටියේ අත්තික්කා ගසක් ළඟයි.”

පුදුමයට පත් වෙන නතානියෙල් “ගුරුතුමනි, දෙවිගේ පුත්‍රයා ඔබයි. ඊශ්‍රායෙල්හි රජ ඔබයි” කියා පවසනවා.

“ඔබ මාව විශ්වාස කරන්නේ ඔබ අත්තික්කා ගසක් ළඟ සිටිනවා මා දුටු බව පැවසූ නිසාද” කියා ඔහුගෙන් අසන යේසුස් “ඊටත් වඩා ශ්‍රේෂ්ඨ දේවල් දකින්න ඔබට හැකි වෙයි” කියා පවසනවා. ඒ අවස්ථාවේදී තමයි යේසුස් මේ පොරොන්දුව දෙන්නේ. “ඇත්තෙන්ම මම ඔබ සියලුදෙනාටම කියන්නේ, ස්වර්ගය විවෘත වී, එයින් දෙවිගේ දූතයන් ඇවිත් මනුෂ්‍ය පුත්‍රයා ළඟට බැස එන ආකාරයත් නැවතත් ඔවුන් ස්වර්ගයට නැඟ යන ආකාරයත් දැකගන්න ඔබට හැකි වන බවයි.”—යොහන් 1:45-51.

දැන් යේසුස් ඔහුගේ මුල් ගෝලයන් එක්ක යොර්දාන් නිම්නයෙන් සමුගෙන ගලීලයට යනවා.

  • යේසුස්ගේ මුල් ගෝලයන් කවුද?

  • පේතෘස්ට යේසුස්ව මුණගැහුණේ කොහොමද? යාකොබ්ට යේසුස්ව මුණගැහෙන්න ඇත්තේ කොහොමද?

  • යේසුස් දෙවිගේ පුත්‍රයා කියලා පිළිගන්න නතානියෙල්ට උදව් වුණේ මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න