ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 34 පරි. 82 පි.-83 පි. 6 ¶
  • යේසුස් නියෝජිතයන් දොළොස්දෙනෙක් තෝරාගනියි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් නියෝජිතයන් දොළොස්දෙනෙක් තෝරාගනියි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • ප්‍රේරිතයන්ව තෝරාගැනීම
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • යේසුස්ගේ ගෝලයන් වුණු අය
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • යේසුස් කන්දක් උඩ උගන්වයි
    මගේ බයිබල් කතන්දර පොත
  • යේසුස් නියෝජිතයන් දොළොස්දෙනාව තෝරගත්තා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 34 පරි. 82 පි.-83 පි. 6 ¶
යේසුස් කන්ද දෙසට යනවා

34වෙනි පරිච්ඡේදය

යේසුස් නියෝජිතයන් දොළොස්දෙනෙක් තෝරාගනියි

මාක් 3:13-19 ලූක් 6:12-16

  • නියෝජිතයන් 12දෙනා

යොහන් බව්තීස්ත යේසුස්ව දෙවිගේ බැටළු පැටවා විදිහට හැඳින්නුවේ මීට අවුරුදු එකහමාරකට විතර කලින්. ඒ කාලේ යේසුස් ඔහුගේ සේවය පටන්ගත්තාම අන්දෘ, සීමොන් පේතෘස්, යොහන්, ෆිලිප් සහ බාතොලමෙව් (නතානියෙල්) කියන අවංක හදවත් තියෙන අය යේසුස්ගේ ගෝලයන් වුණා. පෙනෙන විදිහට යාකොබ් (යොහන්ගේ සහෝදරයා) ගෝලයෙක් වෙන්න ඇත්තෙත් ඒ කාලෙදිමයි. කාලයක් යද්දී තවත් හුඟදෙනෙක් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් වුණා.—යොහන් 1:45-47.

දැන් යේසුස්ට තමන්ගේ නියෝජිතයන්ව තෝරාගන්න කාලය ඇවිත්. නියෝජිතයන්ට යේසුස්ව කිට්ටුවෙන් ආශ්‍රය කරන්නත් ඔහුගෙන් විශේෂ පුහුණුවක් ලබන්නත් අවස්ථාව ලැබෙනවා. ඒ අයව තෝරාගන්න කලින් යේසුස් කන්දකට යනවා. සමහරවිට ඔහු යන්න ඇත්තේ ගලීල මුහුදටත් කපර්ණවුමටත් කිට්ටුවෙන් තිබුණු කන්දකට වෙන්න ඇති. ඔහු මුළු රාත්‍රිය පුරාම දෙවිට යාච්ඤා කරනවා. පෙනෙන විදිහට ඔහු දෙවිගෙන් ප්‍රඥාවත් ආශීර්වාදයත් ඉල්ලන්න ඇති. ඊළඟ දවසේදී ඔහු ගෝලයන්ව තමන් වෙතට කැඳවලා ඒ අතරින් නියෝජිතයන් විදිහට 12දෙනෙක්ව තෝරාගන්නවා.

මුල්ම ඡේදයේ සඳහන් වුණු හයදෙනාට අමතරව බදු එකතු කිරීමේ කාර්යාලයේ හිටිය මතෙව්වත් යේසුස් තෝරාගන්නවා. තෝරාගත්ත අනිත් පස්දෙනාට යූදස් (තදියස් සහ යාකොබ්ගේ පුතා කියලත් හඳුන්වනවා), මහත් උද්‍යෝගයකින් දේවල් කරන්න ප්‍රසිද්ධ වෙලා හිටිය සීමොන්, තෝමස්, අල්ෆෙවුස්ගේ පුත් යාකොබ් සහ යූදස් ඉස්කාරියොත් කියන අය ඇතුළත් වුණා.—මතෙව් 10:2-4; ලූක් 6:16.

නියෝජිතයන් දොළොස්දෙනා තෝරාගන්න කලින් යේසුස් යාච්ඤා කරයි

මේ වෙනකොටත් තමන් එක්ක සංචාරයේ හවුල් වෙලා හිටිය නිසා මේ නියෝජිතයන් 12දෙනා ගැන යේසුස් හොඳින්ම දන්නවා. ඒ අතරින් සමහර අය යේසුස්ගේ ඥාතීන්. යාකොබ් සහ ඔහුගේ සහෝදරයා වන යොහන් පෙනෙන විදිහට යේසුස්ගේ කිට්ටු ඥාතීන් වෙනවා. සමහර අය හිතන විදිහට අල්ෆෙවුස් කියන්නේ යේසුස්ව හදා වඩා ගත්ත යෝසෙප්ගේ සහෝදරයෙක් නම් අල්ෆෙවුස්ගේ පුතා යාකොබ් යේසුස්ගේ ඥාති සහෝදරයෙක් වෙනවා.

නියෝජිතයන් 12දෙනාගේම නම් යේසුස්ට හොඳින්ම මතකයි. ඔබටත් ඒ අයගේ නම් මතකද? මේ විදිහට හිතුවොත් ඒවා මතක තියාගන්න පුළුවන් වෙයි. සීමොන් නමින් දෙන්නෙක්, යාකොබ් නමින් දෙන්නෙක් සහ යූදස් නමින් දෙන්නෙක් ඉන්නවා. සීමොන්ට (පේතෘස්ට) ඉන්නවා අන්දෘ කියලා සහෝදරයෙක්. යාකොබ්ට (සෙබදීගේ පුතාට) ඉන්නවා යොහන් කියලා සහෝදරයෙක්. ඒ විදිහට නියෝජිතයන් අටදෙනෙක්ගේ නම් මතක තියාගන්න පුළුවන්. අනිත් හතරදෙනාට බදු අය කරපු කෙනෙක් (මතෙව්), යේසුස්ගේ නැවත නැඟිටීම අවිශ්වාස කරන කෙනෙක් (තෝමස්), අත්තික්කා ගහ ළඟ හිටපු කෙනෙක් (නතානියෙල්) සහ නතානියෙල්ගේ යාළුවෙක් (ෆිලිප්) ඇතුළත්.

නියෝජිතයන් එකොළොස්දෙනෙක්ම හිටියේ යේසුස් හැදී වැඩුණු ප්‍රදේශය වන ගලීලයේ. නතානියෙල් හිටියේ කානා නුවරේ. ෆිලිප්, පේතෘස් සහ අන්දෘ හිටියේ බෙත්සයිදාවල. පේතෘස් සහ අන්දෘ ටික කාලෙකට පස්සේ කපර්ණවුමේ පදිංචියට ගියා. පෙනෙන විදිහට මතෙව් ඉඳලා තියෙන්නෙත් කපර්ණවුමේ. යාකොබ් සහ යොහනුත් කපර්ණවුමේ නැත්නම් ඒ කිට්ටුව ජීවත් වෙන්න ඇති. ඒ අවට තමයි ඒ අය ධීවර රැකියාව කළේ. පස්සේ කාලෙකදී යේසුස්ව පාවලා දෙන යූදස් ඉස්කාරියොත් විතරයි පෙනෙන විදිහට යුදයෙන් ඇවිල්ලා ඉන්නේ.

  • මුළු රැයක් පුරාම යාච්ඤා කරලා යේසුස් ගත්ත බැරෑරුම් තීරණය මොකක්ද?

  • යේසුස්ගේ නියෝජිතයන් කවුද? ඒ අයගේ නම් මතක තියාගන්න පුළුවන් කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න