ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 91
  • යේසුස් කන්දක් උඩ උගන්වයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් කන්දක් උඩ උගන්වයි
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • ප්‍රේරිතයන්ව තෝරාගැනීම
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • යේසුස් නියෝජිතයන් දොළොස්දෙනෙක් තෝරාගනියි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • යේසුස් නියෝජිතයන් දොළොස්දෙනාව තෝරගත්තා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • යේසුස්ගේ ගෝලයන් වුණු අය
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 91
යේසුස් කන්ද උඩ දේශනාවේදී මිනිසුන්ට උගන්වමින්

කතන්දර 91

යේසුස් කන්දක් උඩ උගන්වයි

යේසුස් ඉඳගෙන ඉන්නවා ඔයාට මේ පින්තූරයෙන් පේනවාද? ගලීලයේ තියෙන කන්දක් උඩ ඉඳන් ඔහු මේ හැමදෙනාටම උගන්වනවා. ඔහු ළඟින්ම ඉඳගෙන ඉන්නේ ඔහුගේ ගෝලයන්. මේ අයගෙන් 12දෙනෙක්ව ඔහුගේ ප්‍රේරිතයන් වෙන්න ඔහු තෝරාගෙන තියෙනවා. ප්‍රේරිතයන් කියන්නේ යේසුස්ගේ විශේෂ ගෝලයන්ටයි. ඔයා ඒගොල්ලන්ගේ නම් දන්නවාද?

සීමොන් පේතෘස් හා එයාගේ සහෝදරයා අන්දෘ. එතකොට තව සහෝදරයන් දෙන්නෙක් ඉන්නවා, යාකොබ් සහ යොහන් කියලා. තව ප්‍රේරිතයෙක් ඉන්නවා යාකොබ් කියලා. සීමොන් කියලා තව එක්කෙනෙකුත් ඉන්නවා. යූදස් කියලා ප්‍රේරිතයන් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් යූදස් ඉස්කාරියොත්. අනික් යූදස්ට තද්දියස් කියලාත් කියනවා. තව ඉන්නවා පිලිප් හා නතානියෙල් (එයාට බර්තොලොමෙව් කියලත් කියනවා). අනිත් දෙන්නා මතෙව් හා තෝමස්.

සමාරියෙන් ආවාට පස්සේ, ‘ස්වර්ග රාජ්‍යය ළඟයි’ කියලා යේසුස් පළවෙනි වතාවට දේශනා කරන්න පටන්ගන්නවා. ඒ රාජ්‍යය මොකක්ද කියලා ඔයා දන්නවාද? ඒක දෙවිගේ සැබෑ ආණ්ඩුවක්. ඒකේ රජ යේසුස්. ඔහු ස්වර්ගයේ ඉඳන් පාලනය කරලා ලෝකයට සාමය ගේන්න යනවා. දෙවිගේ රාජ්‍යය මුළු ලෝකයම ලස්සන පාරාදීසයක් කරන්න යනවා.

දැන් යේසුස් මිනිස්සුන්ට රාජ්‍යය ගැන උගන්වනවා. ‘ඕගොල්ලන් මෙහෙමයි යාච්ඤා කරන්න ඕනේ’ කියලා ඔහු විස්තර කරනවා. ‘ස්වර්ගයේ වැඩසිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරවය වේවා. ඔබගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවෙහිද කරනු ලැබේවා.’ ගොඩක් අය මේකට කියන්නේ ‘ස්වාමීන්ගේ යාච්ඤාව’ කියලයි. තවත් අය මේකට ‘පරමණ්ඩලයේ යාච්ඤාව’ කියලත් කියනවා. ඔයාට මුළු යාච්ඤාවම කියන්න පුළුවන්ද?

කන්ද උඩ දේශනාවේදී යේසුස් කියලා දෙන දේවල් හැමෝම අහගෙන ඉන්නවා

මිනිස්සු එකිනෙකාට සලකන්න ඕනේ කොහොමද කියලාත් යේසුස් උගන්වනවා. ‘අනුන් ඔයාට යමක් කරනවාට ඔයා කැමති නම් ඒගොල්ලන්ටත් ඒකම කරන්න’ කියලා ඔහු කියනවා. අනික් අය ඔයාට හොඳින් සලකනවාට ඔයා ආසයි නේද? එහෙනම් අපිත් අනික් අයට හොඳින් සලකන්න ඕනේ කියලයි යේසුස් කියන්නේ. පාරාදීස පොළොවේදී හැමදෙනාම මේක කරනකොට කොච්චර ලස්සන වෙයිද!

මතෙව් පරිච්ඡේද 5 සිට 7 දක්වා; මතෙව් 10:1-4.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න