ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 33 පරි. 80 පි.-81 පි. 7 ¶
  • යෙසායාගේ අනාවැකිය ඉටු කරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙසායාගේ අනාවැකිය ඉටු කරයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • යෙසායාගේ අනාවැකිය ඉටු කිරීම
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • ඔබ දුම් නඟින පහන්තිරයක් නිවා දමනු ඇද්ද?
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ධර්මිෂ්ඨකමට සහ යුක්තියට ප්‍රේම කරන යෙහෝවඃවහන්සේ
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “මාගේ සිතට ප්‍රියවූ මාගේ තෝරාගත් තැනැත්තා”
    යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන II
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 33 පරි. 80 පි.-81 පි. 7 ¶
වෙරළේ සිටි සෙනඟට යේසුස් බොට්ටුවකට නැඟ උගන්වයි

33වෙනි පරිච්ඡේදය

යෙසායාගේ අනාවැකිය ඉටු කරයි

මතෙව් 12:15-21 මාක් 3:7-12

  • සෙනඟ තෙරපෙමින් යේසුස් ළඟට එයි

  • ඔහු යෙසායාගේ අනාවැකිය ඉටු කරයි

පරිසිවරුන් සහ හෙරොද්ගේ පක්ෂයේ ඉන්න අය තමන්ව මරා දමන්න කුමන්ත්‍රණය කරනවා කියලා යේසුස්ට ආරංචි වෙනවා. ඒ නිසා තමයි ඔහු ගෝලයන් එක්ක ගලීල මුහුද වෙතට යන්නේ. ගලීලයෙන්, තීර් සහ සීදොන් යන මුහුදුබඩ නගරවලින්, යොර්දාන් ගඟට නැඟෙනහිර දෙසින්, යෙරුසලමෙන්, දකුණු දෙසින් පිහිටි ඉදුමයෙන් විශාල සමූහයක් යේසුස් වෙතට එනවා. ඒ අය අතරේ ඉන්න හුඟදෙනෙක්ව ඔහු සුව කරන නිසා බරපතළ අසනීපවලින් පෙළෙන අයත් තෙරපීගෙන ඔහු ළඟට එනවා. යේසුස් ඔවුන්ව ස්පර්ශ කරන්නත් කලින් ඔවුන් යේසුස්ව ස්පර්ශ කරන්න උත්සාහ කරන්නේ සුවය ලබාගන්න තියෙන දැඩි උවමනාව නිසයි.—මාක් 3:9, 10.

ලොකු සෙනඟක් ඇවිත් ඉන්න නිසා කුඩා ඔරුවක් සූදානම් කරලා තියන්න කියලා යේසුස් ඔහුගේ ගෝලයන්ට කියනවා. මොකද ඔරුවට නැඟලා වෙරළෙන් ටිකක් ඈතට ගියාම සෙනඟ තෙරපීගෙන තමන් ළඟට එන එක වළක්වගන්න යේසුස්ට පුළුවන් වෙනවා. ඒ වගේම ඔරුවේ ඉඳන් සෙනඟට උගන්වන්න එහෙමත් නැත්නම් ඔරුවෙන් වෙනත් තැනකට ගිහින් මිනිසුන්ට උදව් කරන්න ඔහුට පුළුවන්.

යේසුස් කරන දේවල් නිසා ‘අනාගතවක්තෘ යෙසායා මාර්ගයෙන් කියන ලද දෙය ඉටු වෙනවා’ කියලා යේසුස්ගේ ගෝලයෙක් වන මතෙව් සඳහන් කරනවා. (මතෙව් 12:17) ඒ විදිහට ඉටු වෙන්නේ යෙසායා කියපු මොන අනාවැකියද?

“මෙන්න! මාගේ අනුමැතිය ඇති මාගේ ප්‍රේමණීය සේවකයා! මා තෝරාගත් සේවකයා මොහුය. මම ඔහුට මාගේ බලය ලබා දෙන්නෙමි. ඔහු ජාතීන්ට යුක්තිය යනු කුමක්දැයි පැහැදිලි කරන්නේය. ඔහු දබර කරන්නේවත් කෑගසන්නේවත් නැත. ඔහුගේ හඬ ප්‍රධාන වීථිවල කිසිවෙකුට ඇසෙන්නෙත් නැත. ඔහු සාර්ථකව යුක්තිය ඉටු කරන තුරු තැළුණු බට ගසක් පොඩි කරන්නේවත් නිවී යන පහන් තිරයක් නිවා දමන්නේවත් නැත. නිසැකවම ජාතීන් තම බලාපොරොත්තු පදනම් කරගන්නේ ඔහුගේ නාමය මතය.”—මතෙව් 12:18-21; යෙසායා 42:1-4.

යේසුස් තමයි දෙවිගේ අනුමැතිය තියෙන ප්‍රේමණීය සේවකයා. ආගමික සම්ප්‍රදායන් නිසා යුක්තිය කණපිට පෙරළිලා තිබුණත් යුක්තිය මොකක්ද කියලා යේසුස් හැමෝටම පැහැදිලි කරනවා. තමන්ට ඕන විදිහට දෙවිගේ නීතිය වෙනස් කරගෙන අසාධාරණ නීති පනවපු පරිසිවරුන් සබත් දවසක අසනීපයෙන් ඉන්න කෙනෙකුට පිහිට වෙන්නවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒත් දෙවියන් මොන තරම් යුක්තිසහගතද කියලත් තමන්ට දෙවිගේ බලය ලැබිලා තියෙනවා කියලත් පැහැදිලිවම පෙන්වන යේසුස් අසාධාරණ ආගමික සම්ප්‍රදායන් නිසා පීඩා විඳින මිනිසුන්ට සහනයක් වෙනවා. ඒ නිසා තමයි ආගමික නායකයන් ඔහුව මරන්න හදන්නේ. මොන තරම් කනගාටුදායක දෙයක්ද!

යෙසායා කියපු මේ දේ ගැන ටිකකට හිතන්න. “ඔහු දබර කරන්නේවත් කෑගසන්නේවත් නැත. ඔහුගේ හඬ ප්‍රධාන වීථිවල කිසිවෙකුට ඇසෙන්නෙත් නැත.” ඒ අනාවැකිය ඉටු වුණේ කොහොමද? අසනීප අයව සුව කරපු අවස්ථාවලදී සුවය ලබපු අයටවත් භූතයන්ටවත් “තමන් කවුද කියා ප්‍රසිද්ධ” කරන්න යේසුස් ඉඩ දෙන්නේ නැහැ. (මාක් 3:12) වීථිවල ලොකුවට කරන ප්‍රචාරයන් මාර්ගයෙන්වත් කටකතා මාර්ගයෙන්වත් මිනිසුන් තමන් ගැන දැනගන්නවාට යේසුස් කැමති වෙන්නේ නැහැ.

තැළුණු බට ගසක් සහ නිවී යන පහන් තිරයක් වගේ පීඩිත තත්වයන් මැද ඉන්න අයටත් යේසුස් ශුභාරංචිය ගැන කියනවා. දුකින් මිරිකිලා ඉන්න ඒ මිනිසුන්ව යේසුස් තවත් තළන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ට ආදරයෙන් සලකමින් ඔවුන්ව සවිමත් කරනවා. ඇත්තෙන්ම යේසුස් ගැන සියලුම ජාතීන්ට බලාපොරොත්තුව තියන්න පුළුවන් කියලා හොඳින්ම පැහැදිලියි.

  • දබර කරන්නේවත් වීථිවල හඬ නඟන්නේවත් නැතුව යේසුස් යුක්තිය ගැන පැහැදිලි කළේ කොහොමද?

  • තැළුණු බට ගසක් සහ නිවී යන පහන් තිරයක් වගේ තත්වයක හිටියේ කවුද? යේසුස් ඒ අයට සැලකුවේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න